දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»


ප්‍රේත අසුරයකුට මනුෂ්‍ය ස්ත්‍රියක් අහු‍වුණොත් භාර්යාව කරගන්නවා

ප්‍රේත අසුරයකුට මනුෂ්‍ය ස්ත්‍රියක් අහු‍වුණොත් භාර්යාව කරගන්නවා

බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහ නාහිමි

ඈත අතීතයේ සිට ම අපේ පියවි ඇසට නො පෙනෙන, එහෙත් විශ්වයේ පවතින ගුප්තමය, අද්භූතමය දේ පිළිබඳ අසන්නට, කියවන්නට, සොයා බලන්නට මිනිසා මහත් රුචියක් දක්වයි. පේත වත්ථු කථා, විමාත වත්ථු කථා මෙන් ම ඇලඩින්ගේ පුදුම පහන වැනි අද්භූත කථා ද ජන විඤ්ඤාණයෙන් තවමත් ප්‍රතික්ෂේප වී නැත. මේවා පිළිබඳ ශාස්ත්‍රීය දැනුමක් හැදෑරීමක් නැති අය මෙවැනි දේ මිථ්‍යා කථා ලෙස උපහාසයට ලක් කරති.

අකුසල් කරන්නෝ අපාගත වන බව සෑම ආගමකම පිළිගැනීමය. ත්‍රිපිටකයත්, බයිබලයත්, කුරානයත් ඊට සාධක සපයයි. මෙසේ අපාගත වන සත්ත්වයන්ගෙන් තිරිසනුන් හැර අනෙක් සත්ත්වයන් භූතාත්ම ලබා සමහරු මිනිසුන් සමඟ යම් යම් ක්‍රියාකාරකම්වල යෙදෙන බව සමාජයේ පිළිගැනීමයි. එය ආගමික පොත් පත්වල ද සඳහන් වේ. එහෙත් කෙනෙක් මේවා ප්‍රතික්ෂේප කරති.

අභිධජ මහා රට්ඨ ගුරු, අග්ගමහා පණ්ඩිත, මහාචාර්ය ආදී දේශීය විදේශීය සම්මානයෙන් බුහුමන් ලද, එහෙත් පැසුණු ධාන්‍ය කරලක් මෙන් නිහතමාන‍ි වූ අතිපූජනීය බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහා නාහිමිපාණන් වහන්සේ මහා ප්‍රඥා දැනුමෙන් හා ධ්‍යාන භාවනාදී ප්‍රායෝගික අවබෝධයෙන් අභියෝගාත්මක විෂයයන් පිළිබඳ නිර්භීතම අදහස් දැක්වූහ. අන්තරාභවය හා භූත ලෝකය පිළිබඳ ප්‍රායෝගික කාරණා සහිතව ලියූහ. දේශනා කළහ. උන්වහන්සේගේ සමකාලීන‍යන් වූ අග්ගමහා පණ්ඩිත රේරුකානේ චන්දවිමල මහා නාහිමිපාණන් වහන්සේ හා අග්ගමහා පණ්ඩිත බෙල්ලන ඤාණවිමල මහා නාහිමිපාණන් වහන්සේ ද බළන්ගොඩ නාහිමියන්ගේ කල්‍යාණ මිත්‍රයන් වහන්සේ වූහ.

අන්‍යාගමික නායකයෝ ද උන්වහන්සේට ගරු කළහ. එපමණක් ද නොව මහා ධනවතුන්, බලවතුන් හා කුලවතුන්ගේ එවකට අධිරාජ්‍යයක් හා සමාන වූ බළන්ගොඩ, මහවලතැන්න ප්‍රදේශයට සමීප කුලහීන යැයි සම්මත සැඩොල් ගමක මිනිසුන්ට දනක් පිරි නමන්නට කිසිදු පන්සලකින් ආරාධනා බාර නොගත් අවස්ථාවක බළන්ගොඩ හාමුදුරුවෝ ඒ ගමට වැඩම කොට දන් වැළඳූහ. දුප්පත්, පිටිසරබද භික්ෂුවක් පරණ, අණ්ඩ දැමූ, කිලිටි, ගඳ ගහන, සිවුරක් හැඳ නගරයේ ගමන් කරනු දැක ඒ භික්ෂුව මුවාවකට කැඳවා තමන් වහන්සේ පොරවා සිටින වටිනා සිවුර ඒ භික්ෂුවට දී ඒ භික්ෂුව හැඳ සිටි කිලිටි සිවුර හැඳ ගෙන පන්සලට වැඩම කොට නා පිරිසුදු වූහ. මේ පාරමිතා පුරණ මහා සත් පුරුෂ චර්යාවන් ය.

අද මුද්‍රිත හා රූප මාධ්‍යයන්හි භූත ලෝකයේ ක්‍රියාකාරකම්වලට විශේෂත්වයක් දක්වන්නේ අද්භූත දේ පිළිබඳ ජන විඤ්ඤාණයේ ඇති අවධානය හා පිළිගැනීම හේතු කොට ගෙන ය. හඳුනාගෙනය. බොහෝ දෙනා පිළිගන්නා හෙයින් සම්මුතිය ද සත්‍යයෙකැයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේත් ඊට අනුව ක්‍රියා කළේත් ඒ නිසා ය.

භූතයාත්, තිරිසනාත් මනුෂ්‍යයාත්, දෙවියත්, බ්‍රහ්මයාත් නාම - රූප දෙකෙන් යුක්ත පුද්ගලයෝ ය. වෙනසකට ඇත්තේ රූපයේ ඝනත්වය හා සියුම් බව ය. නාමයේ (චින්ත චෛතසික) ඇති නොදියුණු හා දියුණු බව ය.

බළන්ගොඩ ආනන්ද මෛ‍ෙත්‍රය මහා නාහිමියෝ කෙනෙක් ප්‍රශ්න කරන්නේ කිනම් විෂය ද ඊට පිළිතුරු දෙන්නට සමත් වූහ. කල් නොදැමූහ. ඒ සමයාන්තර දැනුම ය. ත්‍රිපිටක විශාරදත්වය දෙස් විදෙස්හි ඇසූ පිරූ තැන් ඇති බව ය. වේද ග්‍රන්ථවල සිට ඩයිජස්ට් සඟරා පවා අත් නොහැර කියැවූ දැනුම ය. හිමාලයේ දුෂ්කර ප්‍රදේශවල පවා යෝග - භාවනා වැඩූ ශක්තිය ය. මේ වැනි නිහතමානී, සුන්දර, අභීත, උදාර පඬිවරුන් ‘දැන් උපදින්නෙම නැද්ද උපුල්වන් දෙව් රජුනේ මේ රට රක්නා.’ මෙවැනි මහා ප්‍රාඥයන් වහන්සේ දුර සිට හෝ කෙනෙක් දැක වැඳ පුදා ගත්තේ නම් එයත් මේ මිනිසත් බවේ වාසනාවකි.

බළන්ගොඩ හාමුදුරුවෝ භූත ලෝකය පිළිබඳ අදහස් දැක්වූයේ මෙසේ ය.

* ප්‍රශ්නය - ස්වාමිනි අමනුෂ්‍යයෝ නම් කවරහු ද?

පිළිතුර - යක්ෂ, ප්‍රේත, දේව, බ්‍රහ්ම ආදී සියලු දෙනා අමනුෂ්‍යයන් ලෙස සැලකෙනවා. මනුෂ්‍ය නොවූ බැවින් තිරිසන් සතුන් පවා අමනුෂ්‍ය ගණයට අයත් වෙනවා. ඒත් ව්‍යවහාර සමාජයේ අමනුෂ්‍යයන් යැයි සලකන්නේ භූත කොට්ඨාසයටයි. අද මේ රටේත්, ඊටත් වඩා ඉන්දියාව, එංගලන්තය, ඇමෙරිකාව ආදී රටවලත් දේවාරූඪයෙන් ශාස්ත්‍ර කියන ස්ථාන බහුල ය‍. දේවත්වය නොලැබූ භූතයන් දෙවියන් ලෙසින් පෙනී සිටින අවස්ථා තියෙනවා. ඒ එසේ ම පහත් ආත්මවල උපන් භූතයන් දෙවියන් සේ සැලකිලි ලැබීමට කැමැත්තක් දක්වන්නට පුළුවන්්‍.

* ප්‍රශ්නය - එහෙමයි ස්වාමීනි, සතර අපායත්, මිනිස් ලෝකයත්, දිව්‍ය ලෝක හයත් කාමාවචර ලෝක බැවින් මේ හැම කෙනෙකුගේ ම සිත තණ්හා ආසාවලින් යුක්තයි. ලෝභ, ද්වේෂ, මෝහ, ක්‍රියාත්මක නිසා බුදු දහමේ සඳහන් වෙනවා. දෙවියන් නමින් පෙනී සිට ගරු සැලකිළි පුද පූජා ලබන්න ප්‍රේතයන් කැමැති බව ඔබ වහන්සේ පැහැදිලි කළා. ඉතින් ස්වාමීනි; මේ භූතයෝය කියන්නේ කාටද?

පිළිතුර - මේ පොළොව යටත්, පො‍ෙළාව උඩත් අප්‍රමාණ භූතයෝ ඉන්නවා. ඒ භූතයන්ගෙ ශරීර හැදිලා තියෙන්නේ අපේ ඇසට නොපෙනෙන ඉතාම සියුම් ද්‍රව්‍යවලින්. මේ සියුම් ද්‍රව්‍යවලට කියන්නේ “තන්මාත්‍ර’ කියලයි. තන්මාත්‍ර කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාශ පංච මහා භූත කොට්ඨාසවල ඉතා සියුම් අවස්ථාවටයි, ඒක අපේ ඇහැට පෙනෙන්නේ නැහැ. ඔය භූතයන්ට තන්මාත්‍රමය සියුම් ශරීර තිබුණාට උන්ගේ විවිධතා බොහොමයක් තියෙනවා.

* ප්‍රශ්නය - ඒ කොහොමද ස්වාමීනි?

පිළිතුර - ඒ විවිධතා ඇති වෙන්නේ ඒ ඒ අයගෙ කර්ම ශක්තිය අනුවයි, ඒවා වෙනස් වෙන්නේ. දැන් අකුසල කර්ම කැර ඒ අකුසල විපාක වශයෙන් උපන් භූතයන්ට ප්‍රේතයොය කියනවා. දෙවියොයි කියන්නේ ඒකෙ ප්‍රතිවිරුද්ධ පැත්ත. කරන ලද කුසල කර්මවල විපාක වශයෙන් උපන් අයට දෙවියොයි කියනවා. මේ අය අතරත් විවිධතා තියෙනවා.

* ප්‍රශ්නය - ස්වාමීනි, එතකොට මේ ප්‍රේතයොයි කියන්නෙත්, යක්ෂයොයි කියන්නෙත්, කුම්භාණ්ඩයොයි කියන්නෙත්, පිසාචයොයි කියන්නෙත් භූතයොයි කියන්නෙත් එකම සත්ත්ව කොට්ඨාසයක්.

පිළිතුර - ඔව්. ඒ ඒ සත්ත්වයන්ගෙ කර්ම ශක්තිය අනුවයි. මේ වෙනස වෙලා තියෙන්නේ බොහොම ඉහළ මට්ටමේ අයට දෙවියොයි කියා හඳුන්වනවා. පහළ මට්ටමේ අයට ප්‍රේතයොයි කියලා කියනවා. ප්‍රේතයන්ට වඩා ටිකක් ඉහළ අයට අපි කියන්නේ බූමාටු දෙවියොයි කියලා. ඒ අයත් පොළවට සම්බන්ධයි.

ප්‍රශ්නය - ස්වාමීනි, ඔය භූතයන් සමහර අයට පෙනෙනවාය කියන්නේ කොහොමද?

පිළිතුර - සමහර භූතයන්ට තමන්ගෙ ශරීර ඝන එකක් කරගන්න පුළුවන්. හැමෝටම එහෙම බැහැ. දු‍ර්වල භූතයොත් ඉන්නවා. සමහර ඝන ශරීර තියෙන භූතයන්ට නොපෙනී ඉන්නත් පුළුවන්. උන්ගේ ශරීරවල හා මුහුණේ ඇති අවලස්සනකම නිසා උන් තවත් කෙනෙකුට පෙනෙන්න ඉන්න කැමැති නැහැ. ඒ වගේ ඝන ශරීරවලින් යුක්ත ප්‍රේතයන්ට කියන්නේ ප්‍රේත අසු‍රයෝ කියලයි. ඒ දේව අසූරයෝ නොවෙයි. මේ ප්‍රේත අසුරයන් පිළිබඳ අන්නසාර සංග්‍රහයේ හොඳම විස්තරයක් කර තියෙනවා. අටුවා ටීකා සහිතව.

ප්‍රශ්නය - ස්වාමීනි, ඒ ප්‍රේත අසුරයන්ගේ විශේෂත්වය මොකක්ද?

පිළිතුර - ප්‍රේත අසුරයෝ බාගෙට මිනිස්සු වගෙයි. උනුත් මිනිස්සු වගේ ළමයි වදනවා. දරුවො හදනවා. අපේ ආහාර පාන උන්ටත් හරියනවා. අපි පාවිච්චි කරන බේත් හේත් උන්ටත් හරියනවා. උන්ගේ රෝගවලටත් අපේ බේත් හරි යනවා. උන්ට මනුෂ්‍යයෝ එක්ක මිශ්‍ර වෙන්නත් පුළුවන්. මනුෂ්‍ය ස්ත්‍රියක් උන්ට අහු‍වුණොත් භාර්යාව කරගන්නවා. අපේ මිනිස් සමාජයේ වගේ ම උන්ගෙත් දුප්පත් පොහොසත් දෙගොල්ලම ඉන්නවා. සංයුක්ත නිකායේ නන්ද මාතා යක්ඛණීගේ කතාව කියවලා බලන්න. පුතා නන්ද නමින් මහණ වුණා. අම්මා අසුර නිකායේ ප්‍රේතියක් වෙලා උපන්නා. ඒ ප්‍රේතිය සෝවාන් වෙච්ච කෙනෙක්. එහෙත් දුක් විඳිනවා. දුප්පත් මිනිස්සු වාගෙම‍‍. සමහර අසුර ප්‍රේතයන්ට ත්‍රිහේතුක උප්පත්ති පවා තියෙනවා. සමහරු අහේතුකයි.

* ප්‍රශ්නය - ස්වාමීනි, සමහරු භූතයන් සම්බන්ධ කරගෙන ශාස්ත්‍ර කීම් වගේ දේවල් කරනවා. ඒ ගැන ඔබ වහන්සේගේ අදහස කොහොමද?

පිළිතුර - ඕවා කරනවා නම් බොහෝම පරෙස්සමෙන් කරන්න ඕනෑ. තමන්ට මිතුරු භූතයා හතුරු වුණොත් විනාශයි. සමහර භූතයෝ එයා අකමැති වෙලාවට බොරු කියලා අමාරුවේ දානවා. එංගලන්තය වගේ රටවල ඕවාට ලැහැස්ති වුණ අය දහස් ගණන් ඉන්නවා. ඒත් භූතයන් එක්ක සම්බන්ධය අනතුරු දායකයි. පොඩ්ඩ වැරදුණොත් භූතයාට තරහ ගිහින් මහා දරුණු විදිහට පළිගන්නවා. ඕක මහා නරක වැඩක්’’ යැයි ද බළන්ගොඩ මහා නාහිමියෝ පැවසූහ.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්