X
Loading Image...
 
 

දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»


සිළුමිණ: සිත්මල්යාය - තල්මසුන් හා ඩොල්ෆින් රැකගෙන සංචාරක කර්මාන්තය නැංවීමට පියවර ගන්නවා

සිළුමිණ පුවත අමාත්‍යවරයාගේ අවධානයට

තල්මසුන් හා ඩොල්ෆින් රැකගෙන සංචාරක කර්මාන්තය නැංවීමට පියවර ගන්නවා

“අද මිරිස්ස ප්‍රදේශයේ සිදු වන්නේ තල්මසුන් නැරැඹීමට වඩා නැති කිරීමේ වැඩ සටහනක්. අද මම එය සියැසින්ම නිරික්ෂණ කළා .සිළුමිණ පුවත්පතෙන් හෙළි කළ ප්‍රවෘත්තිය නිවැරැදියි කියා මට අද දැකගන්න ලැබුණා. මේ නිසා මගේ අමාත්‍යාංශය හරහා අද සිට මේ ගැටලුව විසඳීම සඳහා විශේෂ වැඩ සටහනක් සැලැසුම් කළා.“ එහිදී නාවික හමුදාව, පොලිසිය හා අපේ අමාත්‍යංශයේ මැදිහත් වීම යටතේ විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙළක් සකස් කිරීමට මුලික වශයෙන් පියවර ගන්නවා යැයි වනජීවී හා තිරසාර සංවර්ධන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවැසිය.

මිරිස්ස සංචාරක කලාපයේ මුහුදු තීරයේ තල්මසුන් හා ඩොල්ෆින් මසුන්ට සිදුවන හිරිහැර පිළිබඳව විසඳුම් සෙවීම සඳහා තල්මසුන් නිරීක්ෂණයට එක්වෙමින් අමාත්‍යවරයා මේ අදහස් පළ කළේය.

“මේ මුහුදු කලාපයේ ඉතා අවාසනාවත්ත අයුරින් මේ සතුන්ට හිරිහැර සිදු වෙමින් පවතිනවා. මේ නිසා උන්ගේ පැවැත්ම සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් ඇති වෙලා තියෙන්නේ.මේ සඳහා අමාත්‍යංශයක් විදිහට අපි නව පනත් කිහිපයක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. මේ තත්ත්වය වළක්වා ගත නොහැකි වුවහොත් මේ සතුන් අපේ සාගර කලාපයෙන් නැත්තට නැතිවී යා හැකියි. ඉන් මිරිස්සේ සංචාරක කර්මාන්තය ද නැත්තටම නැති වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මෙය වහා නතර කිරිමට අවශ්‍ය පියවර ගන්නවා. බෝට්ටු හිමියන් , ධීවරයන් පොලිසිය, නාවික හමුදාව ඇතුළු සියලු දෙනාම එකතුවෙලා මේ තත්ත්වය ගැන සාකච්ජා කර ගැටලු හඳුනා ගෙන ඊට විසඳුම් ලබා දීම තමයි අපේ මුලික අරමුණ වෙලා තියෙන්නේ .

“මේ සංචාරයේ යෙදෙන පිරිසට අපි මූලික වශයෙන් පුහුණුවීමක් ලබා දෙනවා. ඊට විදේශීය විශේෂඥ සහයෝගය ද ලබා ගෙන සාර්ථක විසඳුමක් සෙවීම තමයි කළ යුතු වන්නේ. ඒ වගේම මේ තල්මසුන් ඉන්න ස්ථානවල කිමිදීම ඒ සතුන්ට කරන විශාල හිරිහැරයක්. අපි අමාත්‍යංශයක් විධියට පර්යේෂණ කටයුතුවලට හා අනෙක් විශේෂ කාරණයකට හැර මේ ප්‍රදේශවල කිමිදිලා මේ සතුන්ට කරදර කරන්න මින් පසුව ඉඩ දෙන්නේ නැහැ.එය අපගේ වගකීමක්.

“අනෙක් කාරණය තමයි මුහුදු මාර්ගය හේතු කර ගෙන තල්මසුන්ගේ පැවැත්ම හානි වෙනවා කියන කාරණය. එහිදී නැව්වල වැදීම නිසා තල්මසුන් මරණයට පත් වෙනවා කියන කාරණය සම්බන්ධයෙන් නාවික හමුදාව හා අදාළ අංශ සමග වැඩිදුරටක් සාකච්ජා කරලා තීරණයක් ගන්නවා.

“මේ ආකාරයෙන් හෙට පරපුරට මේ සම්පත ආරක්ෂා කර ගැනීමට අදාළ සියලු කටයුතු අපගේ අමාත්‍යංශය යටතේ සිදු කරනවා“ යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවැසීය. මේ අවස්ථාවට රියර් අද්මිරාල් සිසිර ජයකොඩි සහ ආචාර්ය පිලපිටිය යන මහත්වරුද එක් වූහ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්