දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»
»
»


ගැමි රසකතා

ගැමි රසකතා

ඒක ෂර්! දෙයියො දෙන‍ දේ

මෙය කැකිරාව මැතිවරණ බල ප්‍රදේශයේ මුස්ලිම් ගම්මානයක් හා සම්බන්ධ කතාවකි. කතාව 1985 - 86 තරම් ඈතට දිව යයි. අපි ඔහුට අහමදු ලෙබ්බෙ යැයි කියමු. එවකට වයස අවුරුදු 40 ක් 45 ක් පමණ වූ ඔහුගේ ජීවිකාව වූයේ කුඹුරු ගොවිතැන ය. නි‍ෙවස තුළ ම කුඩා පරිමාණයේ සිල්ලර කඩයක් ද පවත්වා ගෙන යන ඔහු සමාජ සේවාවක් ව‍ශයෙන් තම ගම්මාන කොටස නියෝජනය කරමින් ස්වේච්ඡා සෞඛ්‍ය සේවකයකු වශයෙන් ද කටයුතු කළේ ය. එහෙයින් ම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා ප්‍රමුඛ ව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරි නිලධාරිනියෝ මොහු හා කුලුපග වූහ. වැඩි අධ්‍යාපනයක් නොලබා සිටි අහමදු ලෙබ්බේ විශේෂයෙන් ම රජයේ නිලධාරීන්ට ඉමහත් ගෞරවයක් ද දැක්වූයේ ය.

මොහු හැමවිට ම වාගේ පවුලේ අයට ප්‍රතිකාර ගැනීම සඳහා යනු ලැබූ‍යේ තම හිතවත් තරුණ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා වෙත ය. එසේ ගිය විට ආගිය තොරතුරුත් කතාබහ කරයි. දිනක් බිරියත් සමඟ ම අවුරුදු දෙකක් පමණ වූ දියණියට බෙහෙත් ගැනීමට ගිය විටදී ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා මොහු සමඟ වැඩිමනත් තොරතුරු කතා කළේ ය.

‘අහමදු, මේ කී වෙනි දරුවද?’

‘ෂර්1 මේ දහවෙනියා... ඔය හම්බවෙන්ඩ ඉන්නේ එකොළහ’

‘ආ.... එහෙම ද? දැන් ඉතින් ඇති නේද?’

‘මොකක් ද කිව්වෙ ෂර්?’

‘නෑ මං කිව්වෙ දරුවො හදන එක දැන් ඇති නේද කියල’

‘ෂේ ෂේ ෂර්! ඒක ඒම කරන්න හොඳ නෑ... ඒක ෂර්! දෙයියො දෙන දේ... ඒක අපි බාර ගන්ඩ ඕනෑ’

‘ආ එහෙම ද?... හොඳයි හොඳයි... එහෙනං ගිහිල්ල එන්නකො’
 

චන්ද්‍රපාල ලේකම්ගේ

අමුපිටිය - බළන්ගොඩ

බණ්ඩා රජවීම

පීටර් අයියා සිංහල අවුරුදු සමයට ටීටර් එකක් රඟ දැක්වීම පුරුද්දක් වශයෙන් අවුරුදු ගානක සිට කරගෙන ආවේය. ටීටර්වල රඟපෑම සඳහා ගමේ පිරිසක් සැදී පැහැදී සිටියහ. බොහෝවිට විහිළු චරිතය රඟපෑවේ මංචලෑනේ පැලිස් අයියාය. රජ චරිත හා ඇමැති චරිත වෙනුවෙන් ද එක එක අය කැපවී සිටියහ. බොහෝවිට ගැහැනු චරිත රඟපෑවේ ද තරුණයින්ය. තරුණයින් තරුණියන් සේ වෙස් ගැන්වීමට එකල ද ගම්වල දක්ෂ වේශනිරූපණ ශිල්පීහූ සිටියහ.

ටීටර්එකේ ප්‍රධාන සංගීත භාණ්ඩ 03 කි. සර්පිනාව, තබ්ලාව හා ජපන් මැන්ඩලීනය යන ඒවාය. කණ්ඩායමට වෙන්වූයේ ටීටර් මඩුවේ ඉදිරිපස අඩියක් පමණ ගැඹුරට කැපූ අඩි දොළහක් පමණ දිග අඩි හයක් පමණ පළල වළකි. එහෙයින් ප්‍රේක්ෂකයාට පහසුවෙන් වේදිකාව දර්ශනය වේ. ටීටර් එක පටන්ගත් වේලාවේ සිට එක එක දර්ශනවලට පෙනී සිටින තම නෑදෑ හිතවතුන්ට සල්ලි කොළ උඩු ඇඳුමේ කටුවලින් එල්ලීම කලින්ම සූදානම් කර ගැනීම ඇතැම් අයගේ සිරිතකි.

බණ්ඩාද ටීටර් එකේ රජකුමාරයකුගේ චරිතයක් රඟපෑවේය. “රෝහිනී” නම් වූ එම ටීටර් එකේ කුමාරවරු කිහිපදෙනෙක්ම සිටියහ. බණ්ඩාද ඉන් කෙනෙකි. බණ්ඩාගේ අක්කා කිරි මැණිකා ගමේ කටකාර තරුණියක් වූවාය. බණ්ඩාගේ ප්‍රථම දර්ශනය විවෘතවත්ම පත්තු කිරීම සඳහා රතිඤ්ඤා වැලක් ටීටර් මඩුව පිටුපස කුඹුක් ගසේ එල්වා එය පත්තු කිරීම මැන්ඩිස් අයියාට බාර කර තිබුණි. ඒ වනවිට මැන්ඩිස් අයියා පදමට වැදී සිටියේය. මැණිකා වේදිකාව අසලට ම වී මලයා රජ වෙනතුරු බලාසිටි අතර මැන්ඩිස් අයියාද ගිනි පෙණෙල්ලක ගින්න වරින්වර අලුත් කරමින් රතිඤ්ඤා වැල අසල සිටගෙන සි‍ටියේ ය.

මේ අතර හිටිහැටියේ මහත් අත්පොළසන් හඬක් ප්‍රේක්ෂකාගාරයෙන් නිකුත් විය. මැන්ඩිස් අයියා වහා දුවවිත් වේදිකාවට එබී බලද්දී දුටුවේ සිහසුනේ වාඩි වී සිටින රජකුමරෙකි. වහා ක්‍රියාත්මක වූ ඔහු රතිඤ්ඤා වැලට ගිනි තැබීය. මහා හඬින් රතිඤ්ඤා පත්තු වෙන්නට විය. රතිඤ්ඤා හඬින් කලබල වූ මැණිකා වේදිකාව පැත්තට දුව ගියාය. රජ වී ඇත්තේ බණ්ඩා නොව පොඩියාය. මැණිකාට යක්ෂයා ආරූඪ විය.

“ඈ යකෝ බණ්ඩා රජ වෙනකොට පත්තු කරන්නෙ තොගෙ අහවල් එකද?”

තවත් හොඳ හරුප ටිකක් මැන්ඩිස් අයියා පැවසු මැණිකා නෑදෑ කොලුවකුත් සමඟ මහකඩයට බයිසිකලය පැද්දේ බණ්ඩා රජවීමට පෙර තවත් රතිඤ්ඤා වැලක් ගෙන ඒම සඳහාය.
 

ඊ.එෆ්. කෲස්

කුමාරකට්ටුව

හුළං බටය

නිකවැරටිය ප්‍රදේශයේ හුලව මින් පිටිසර ගමක් විය. එගමෙහි අවුරුදු 65 ක් පමණ වයසැති අප්පුහාමි නමින් වහා කිපෙනසුලු පුද්ගලයකු ජීවත් වී ඇත. මොහුගේ ගෙදර හුළං බටයක් තිබිණ. එවකට සුළු පිරිසක් ගමන් බිමන් යෑමට පාවිච්චි කළ පාපැදිවල (බයිසිකල්වල) හුළං බැස ඇති විට අප්පුහාමිගේ නිවෙසට ගොස් හුළංබටය ඉල්ලාගෙන හුළං ගසාගෙන ගියහ. ගමෙන්ම තමන්ට පමණක් හුළං බටයක් තිබීම ගැනත් මිනිසුන් හමුවීමට ඒම ගැනත් අප්පුහාමිට වූයේ ආඩම්බරයකි.

ටික කලක් ගියවිට හුළං ගසා ගැනීමට පැමිණි අයකු අතින් හුළං බටය කැඩී ඇති බව දැක මහත් කෝපයට පත් අප්පුහාමි දිනක “වරෙල්ලකො හුළං බටේ ඉල්ලන්ට” යැයි මහ හඬින් කෑගැසීය. මේ කෑ ගැසීම ඇසී එතැනට පැමිණි තම බිරියට හුළං බටය ඉල්ලන්නට එන අය එළවා ගන්නා ලෙස ද පැවසීය. ඔය අතර වාරයේ ගමේ කීපදෙනෙක් අප්පුහාමිගෙ හුළං බටය කැඩී ගොස් ඇති බව නොදැන පාපැදිවලට හුළං ගසා ගැනීමට පැමිණ එය ඉල්ලා බැණුම් අසාගෙන ගියහ.

හුළං බටය ඉල්ලා ගන්නට ගිය විට අප්පුහාමිට මාර ජුවල් නගින බව ගමේ කොලු පැටව් ද වැඩිහිටියන්ගෙන් දැනගෙන සිටියහ. ඔවුහු පාපැදිවලට හුළං ගැසීමට අවශ්‍යතාවක් නැතිවත් අප්පුහාමි ගේ ගෙදර ගේට්ටුව ළඟට ගොස් ඔහු අවුස්සා ගැනීමට හුළං බටේ හුළං බටේ යැයි කවට කමට පවසති.

දිනක් දෙහි මිලදී ගැනීමට පැමිණි වෙළෙන්දකු තම පාපැදිය හුළං බැස තල්ලුකරගෙන එනු දුටු කොලු පැටවෙක් අප්පුහාමි අවුස්සාගෙන සියුම් වින්දනයක් ලබා ගැනීමට ආං අරගෙදර නම් හොඳ හුළං බටයක් තිබෙනවා. ගිහින් ඉල්ලාගෙන හුළං ගහගන්න පුළුවන්”යැයි පැවසීය. බොහෝ දුරක් පාපැදිය තල්ලුකරගෙන පැමිණ වෙහෙසට පත්වී සිටි දෙහි මුදලාලි ද “හොඳයි ළමයා හුළං බටය ඉල්ලා ගන්නම්” යැයි කියා අප්පුහාමිගේ ගෙදරට ගියේය. කිසිවක් නොදත් දෙහි මුදලාලි පාපැදියට හුළං ගසා ගැනීමට හුළං බටය ඉල්ලද්දී යක්ෂාවේශ වූ අප්පුහාමි වෙළෙන්දා පන්නා ගත්තේ හොඳ පද දෙක තුනක් ද පවසමිනි.
 

ඒ. ඇම්. නවරත්න බණ්ඩා

නිකවැරටිය


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්