කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරග මාලාව:

ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරග මාලාව:

කොළඹ පාපන්දු කණ්ඩායම ශූරතාව දිනා ගනී

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය මෙහෙයවූ ඩයලොග් චැම්පියන්ස් ලීග් පාපන්දු තරග මාලාවේ ශූරතාව දිනා ගැනීමට කොළඹ පාපන්දු කණ්ඩායම සමත් විය.

එම තරගාවලියේ ශූරයන් තෝරා ගැනීම සඳහා පසුගියදා තුරඟ තරග පිටියේදී තරග 2 ක් පවත්වන ලදි. ලකුණු 14 ක් ලබාගත් රිනවුන් පිල හා ලකුණු 9 ක් ලබාගත් නාවික හමුදා පිල අතර එක් තරගයකුත් ලකුණු 15 ක් ලබාගත් යුද හමුදා පිල සහ ලකුණු 14 ක් ලබාගත් කොළඹ පිල අතර එක් තරගයකුත් පැවැත්විණි.

රිනවුන් සහ නාවික හමුදාව අතර තරගය

මෙම තරගය ආරම්භයේ සිටම කණ්ඩායම් දෙක දක්ෂ ලෙස ක්‍රීඩා කළහ. තරගයේ ප්‍රථමයෙන්ම ගෝල් ලබා ගත්තේ නාවික හමුදාවයි. එම ගෝලය තරගයේ 7 වැනි විනාඩියේදී එම්. චලන සමීර විසින් ලබාගත්තේය. තරගයේ 18 වැනි විනාඩියේදී රිනවුන් කණ්ඩායමේ එම්. රිෆ්ෂාන් ගෝලයක් ලබාගෙන ලකුණු තත්ත්වය සම කළේය. අනතුරුව තරගයේ 32 වැනි විනාඩියේදි නාවික හමුදාවේ නිර්මාල් විජේතුංග ගෝලයක් වාර්තා කළේය. තරගය විවේක කාලයට නතර කරන විට නාවික හමුදා පිල ගෝල් 2 - 1 කින් ඉදිරියෙන් සිටියේය.

විවේක කාලයෙන් අනතුරුව තරගය නැවත ආරම්භ කිරීමෙන් පසු නාවික හමුදා පිල තරගයේ 47, 77 යන විනාඩිවලදී තවත් ගෝල් දෙකක් ලබා ගත්තේය. එම ගෝල් දෙක මහේෂ් ප්‍රියදර්ශන හා එම්. චලන සමීර ලබා ගත්හ. විවේක කාලයෙන් අනතුරුව තරගයේ 50, 53, 64, 88 යන විනාඩිවලදි රිනවුන් කණ්ඩායම ගෝල් 4 ක් ලබාගත්තේය. එම්. රිෆ්ෂාන් ගෝල් 2 ක්ද එමානුවෙල් ඔදින්නියා සමිල් අහමඩ් ගෝලය බැගින් ලබාගෙන තරගයේ ජය වාර්තා කළේය.

කොළඹ සහ යුද හමුදාව අතර තරගය

මෙම තරගය ආරම්භයේ සිටම දෙපිලම උරෙන් උර ගැටි උණුසුම් අන්දමින් ක්‍රීඩා කළහ. තරගයේ 37 වැනි විනාඩියේදි කොළඹ කණ්ඩායමේ සර්වා ජොහාර් ප්‍රථම ගෝලය ලබා ගත්තේය. විවේක කාලයට තරගය නතර කරන විට කොළඹ පිල ගෝල් 1 - 0 කින් ඉදිරියෙන් සිටියේය. විවේක කාලයෙන් පසු තරගයේ 47 වැනි විනාඩියේද කොළඹ පිලේ ටී. එස්. බී. දිමිත්‍රි ගෝලයක් ලබා ගත්තේය. මේ අනුව තරගය අවසන් විට කොළඹ පිල ගෝල් 2 - 0 ක ජයක් වාර්තා කළේය. මෙම තරග දෙකේ ලකුණු මට්ටම අනුව ලකුණු 17 ක් ලබාගත් කොළඹ පිලට ශූරතාව හිමිවිය.

බස්නාහිර පළාත් ශ්‍රේණිගත මේසපන්දු ශූරතාවලිය

නුගේගොඩ මේසපන්දු සමාජය සංවිධානය කළ බස්නාහිර පළාතේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පමණක් සහභාගි වූ බස්නාහිර පළාත් ශ්‍රේණිගත මේසපන්දු ශූරතාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ හේලිත හෙන්දාවිතාරණ සහ දක්ෂතම ක්‍රීඩිකාව ලෙස කොළඹ මියුසියස් විද්‍යාලයේ දෙව්මිනි වීරසිංහ සම්මාන දිනාගත් අතර තරගාවලියේ නැඟී එන ක්‍රීඩිකාව ලෙස කොළඹ රෝයල් ඉන්ස්ටිටියුට් හි පාත්මාත් ඩීමා අලි සම්මාන හිමිකර ගත්තාය.

දෙව්මිනි වීරසිංහ විවෘත කාන්තා, අවුරුදු 21 න් පහළ බාලිකා කේවල/ද්විත්ව ශූරතා දිනා ගැනීමට සමත් වූවාය. මීට අමතරව ඇය අවුරුදු 18 න් පහළ කේවල අනුශූරතාවද හිමිකර ගත්තාය.

දක්ෂතම ක්‍රීඩකයා වූ හේලිත හෙන්දාවිතාරණ පිරිමි විවෘත සහ අවුරුදු 18 න් පහළ බාලක කේවල ශූරතා හිමිකර ගත්තේය. ඔහු අවුරුදු 15 න් පහළ යුගල අනුශූරතාවටද හිමිකම් කීවේය. ඩීමා අලි අවුරුදු 8 න් පහළ සහ 10 න් පහළ බාලිකා කේවල ශූරතාව දිනා ගත්තාය.

ක්‍රීඩක ක්‍රීඩිකාවන් 300 කට අධික පිරිසක් සහභාගි වූ මෙම තරගාවලිය ගල්කිස්ස ශාන්ත තෝමස් ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැති අතර ත්‍යාග ප්‍රදානෝත්සවයේ විශේෂ ආරාධිතයා ලෙස හැටන් නැෂනල් බැංකු කාඩ් අංශයේ ෂාශින්ත නක්කාරිට මහතා සහභාගි විය.

කනිෂ්ඨ විවෘත ගොල්ෆ් ශූරතාවලිය

15 වැනි දා සිට 17 වැනි දා දක්වා

2015 ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය මේ මස 15 වැනි දා සිට 17 වැනි දා දක්වා රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

වසරේ විශිෂ්ටතම කණිෂ්ඨ තරගාවලිය ලෙස පැවැත්වෙන මෙම තරගාවලිය කාණ්ඩ තුනකින් හා විවෘත තරගයකින් සමන්විත වේ.

මහනුවර, නුවරඑළිය හා කොළඹ යන ප්‍රදේශ නියෝජනය කරමින් තරග කරුවන් තරගාවලිය නියෝජනය කිරීමට නියමිත අතර කාණ්ඩ තුනක් යටතේ හා විවෘත තරග සංවිධාන කර ඇත.

පළමු කාණ්ඩය වයස අවුරුදු 15-17 (Gold divison) දෙවන කාණ්ඩය, වයස අවුරුදු 12-14 (Silver Division) තුන්වන කාණ්ඩය වයස අවුරුදු 10-11ත් අතර (Bronze Division)  වයස අවුරුදු 18 කාණ්ඩයේ විවෘත තරගයකින් තරගාවලිය සමන්විත වේ.

තරගාවලියේ සමස්ත ශූරයා 2015 කනිෂ්ඨ ගෝල්ෆ් ශූරයා ලෙස ශූරතාවට හිමිකම් කීමට නියමිතය.

පී‍්‍රමා සන්රයිස් ගොල්ෆ් කනිෂ්ඨ තරගාවලිය ලෙස නම් කර ඇති මෙම තරගාවලිය ශ්‍රී ලංකා ගොල්ෆ් සම්මේලනයේ පූූර්ණ අධීක්ෂණයෙන් පී‍්‍රමා සන්රයිස් නව වෙනි වතාවටත් අනුග්‍රහකත්වය දක්වයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්