කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»

ආණ්ඩු පෙරළන්නට ගොස් හිරේ ගිය පපා සේරම්

ආණ්ඩු පෙරළන්නට ගොස් හිරේ ගිය පපා සේරම්

කර්නල් ෆෙඩ්රික් සිරිල් ද සේරම් හෙවත් එෆ්. සී. ද සේරම් මෙරටින් බිහිවූ විශිෂ්ට දකුණත් පිතිකරුවෙකි. ලංකා කණ්ඩායම මෙහෙයවූ දක්ෂ නායකයෙකි. ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලීය නීල වර්ණ ප්‍රදානයෙන් සැලකුම් ලැබුවෙකි. එමෙන්ම 1962 වසරේ සිදුවූ කූප්‍රකට හමුදා කැරැල්ලේ වරදකරුවී සිර දඬුවම් වින්දෙකි. හමුදා කුමන්ත්‍රණයකට වරදකරුවී රාජ්‍ය ද්‍රෝහියකු ලෙස හංවඩු ගසනු ලැබූ එකම ලංකා ක්‍රිකට් නායකයාද ඔහුය.

1912 වසරේ සැප්තැම්බර් මස 5 වැනිදා උපත ලැබූ එෆ්. සී. ද සේරම්ගේ ආදර නාමය 'පපා' විය. මිතුරන් අතර 'පපා' වූ ඔහු ක්‍රිකට් ලෝලින් අතර 'පපා සේරම්' විය. හමුදා සගයන් අතර ඔහු කර්නල් සේරම් විය.

කොළඹ රාජකීය විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ එෆ්. සී. ද සේරම් සුප්‍රකට ක්‍රිකට් පවුලක සාමාජිකයෙකි ක්‍රීඩා කළේය. ඔහුගේ මාමලා දෙදෙනා (ෂෙල්ටන් සහ ඩග්ලස්) ද ක්‍රිකට් ක්‍රීඩකයෝ වූහ. රාජකීය විද්‍යාලයේ සෑම වයස් සීමාවකම කණ්ඩායම් නියෝජනය කළ ඔහු 1931 වසරේ රාජකීය විද්‍යාලීය කණ්ඩායමේ නායකත්වය දැරීය. නායකත්වය දැරූ වසරේ වෙස්ලි විද්‍යාලයට එරෙහිව ලකුණු 140 ක් ද සමඟ අර්ධ ශතක රැසක් රැස් කළ ඔහු විශිෂ්ටතම පාසල් ක්‍රිකට් ක්‍රීඩකයාට පිරිනැමෙන 'ඩෝර්න්හර්ස්ට්' අනුස්මරණ ත්‍යාගයද දිනා ගත්තේය. ඔහු හඳුන්වනු ලැබුවේ 'තධජචත ඛ්. ඕ. ජ්පර' ලෙසය. එංගලන්ත කණ්ඩායමට ක්‍රීඩා කළ සී. බී. ෆ්රයි එකල ලොව සිටි සුපිරි ක්‍රිකට් තරුවක් විය. රාජකීය විද්‍යාලයේදී ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට අමතරව ටෙනිස්, රගර් හා පාපන්දු ද ක්‍රීඩා කළේය. ක්‍රිකට් නායකයාට අමතරව ඔහු විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායකයාද විය.

වයස අවුරුදු 17 තරම් ළාබාල වයසකදී (1930) සිංහල ක්‍රීඩා සමාජයේ (එස්. එස්. සී.) පළමු පෙළ කණ්ඩායමට ඇතුළත්වීමට වරම් ලැබූ ඔහු බී. ආර්. සී. පිලට එරෙහිව ලකුණු 79 ක් රැස් කළේ තම පුහුණුකරුවා මෙන්ම ක්‍රිකට් ඇඳුරුතුමාද වූ එල්. ඩී. එස්. ගුණසේකර සමඟ පළමු කඩුල්ල සඳහා ලකුණු 178 ක් රැස් කරමිනි. ඔහු ඊළඟ තරගයේදී කැලණිවැලි ක්‍රීඩා සමාජයට එරෙහිව ලකුණු 187 ක් රැස් කළේය.

1932 වසරේදී නීති අධ්‍යාපනය සඳහා එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ 'කෙබ්ලි' විද්‍යාලයට ඇතුළත් වූ ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් විශිෂ්ට දස්කම් දැක්වීමට සමත් විය. තම විශ්ව විද්‍යාලය වෙනුවෙන් ටෙනිස් ක්‍රීඩාවේද නිරතවූ ඔහු එහි දක්ෂතම ක්‍රීඩකයන් වෙත පිරිනැමෙන නීල වර්ණ (බ්ලූ) සම්මානයෙන් පිදුම් ලැබීය. වරක් ඔහු ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය වෙනුවෙන් ද්විත්ව ශතකයක්ද ලබා ගත්තේය. 1934 තරග වාරයේ ඔහු ලකුණු දහසේ සීමාව ඉක්මවීය. ඔස්ට්‍රේලියානු පිලට එරෙහිව ලබාගත් ලකුණු 128 ද එයට ඇතුළත්ය.

ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයට ක්‍රීඩා කරන අතරතුර 'හාර්ට්ෆෝඩ්ෂයර්' සුළු ප්‍රාන්ත කණ්ඩායම වෙනුවෙන්ද එෆ්. සී. ද සේරම් දැක්වූ දස්කම් කැපී පෙනේ. ඔහු එම කණ්ඩායම වෙනුවෙන් ඉනිම 8 ක් ක්‍රීඩා කොට ලකුණු 479 ක් රැස්කළ අතර එහි සාමාන්‍ය 68.42 ක් විය.

නීති උපාධියක්ද සහිතව පෙරළා මවුබිමට පැමිණි එෆ්. සී. දෙවැනි ලුතිනන්වරයකු ලෙස නාගරික කාලතුවක්කු හමුදාවට බැඳිණි. දෙවැනි ලෝක යුද්ධයට ලංකා හමුදාව වෙනුවෙන් ක්‍රියාන්විතව සහභාගි වූ ඔහු ඒ වන විට මේජර් නිලයට උසස්වී සිටියේය. 1942 වසරේ අප්‍රේල් මස 9 වැනිදා ත්‍රිකුණාමලය වරායට ජපනුන් බෝම්බ දැමූ අවස්ථාවේ එහි සේවයේ නියුතුව සිටි ඔහු ජපන් ප්‍රහාරක යානාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නායකත්වය ලබා දුන්නේය. සාගෝ ජයවික්‍රමගෙන් පසු 1949 වසරේදී 37 හැවිරිදි වියේ සිටි එෆ්. සී. ට ලංකා කණ්ඩායමේ නායකත්වය හිමි විය. එම වසරේ ඔහු පාකිස්තානයට එරෙහිව ලකුණු 118 ක් රැස් කළේය.

1940 සිට 1949 දක්වා ටෙනිස් ශූරතාව හා අනු ශූරතාව දිනූ පපා ද සේරම් 1971 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ හි පැවැති ලෝක ගොල්ෆ් ශූරතාවලිය සඳහා ලංකාව නියෝජනය කළේය. මේ අනුව ඔහු ක්‍රීඩා ඉසව් තුනක් සඳහා මවුබිම නියෝජනය කළ ක්‍රීඩකයකු (ඊපඪනතඥ ධ්දබඥපදචබඪධදචත) ලෙස ඉතා දුලබ දස්කමක් දැක්වූවෙකි.

1962 වසරේ සිදුවූ 'හමුදා කුමන්ත්‍රණය' මෙරට දේශපාලන ඉතිහාසයේ වැදගත් සිදුවීමක් ලෙස සටහන් වී ඇත. එහිදී එම කුමන්ත්‍රණයට නායකත්වය දුන් පුද්ගලයකු ලෙස කර්නල් එෆ්. සී. ද සේරම් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කරනු ලැබීය. කුමන්ත්‍රණකරුවන්ගේ අරමුණ වූයේ රොස්මිඩ් පෙදෙසේ නිවස වටකොට එවකට අගමැති පදවිය දැරූ බණ්ඩාරනායක මැතිනිය අත්අඩංගුවට ගෙන හමුදා පාලනයක් ගෙන යෑමයි. එවකට පොලිස්පති පදවිය දැරූ සී. සී. දිසානායකද මේ කුමන්ත්‍රණයේ චූදිතයකු විය. කෙසේ වුවද එෆ්. සී. ද සේරම් මෙරටින් බිහිවූ විශිෂ්ට කිකට් ක්‍රීඩකයකු ලෙස අදත් බුහුමනට ලක් වෙයි.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්