කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»

එදා මයික් ටයිසන් මෙදා ටයිසන් ෆියුරි

එදා මයික් ටයිසන් මෙදා ටයිසන් ෆියුරි

ඉකුත් නොවැම්බර් මස 28 වැනි දින ජර්මනියේ ඩුසෙල්ඩෝර්ෆ් නුවරදී ඉතා වැදගත් බොක්සිං තරගයක් පැවැත්විණි. ඒ ලෝක හෙවිවේට් ශූරතාව සඳහාය. එහිදී තරග කළේ ඒ වන විට එහි හිමිකරුවා වූ යුක්රේනයේ ව්ලැදිමිර් ක්ලිට්ස්කෝ සහ බ්‍රිතාන්‍යයේ ටයිසන් ෆියුරිය.

එම තරගයට පෙර බොහෝ දෙනාගේ මතය වූයේ ක්ලිට්ස්කෝ පහසුවෙන් නැවත වතාවක් සිය කිරුළ රැක ගනු ඇති බවය. මෙම දෙදෙනා අතරින් වඩා අත්දැකීම් බහුලතම ක්‍රීඩකයා වූයේ ක්ලිට්ස්කෝය. හෙතෙම 1976 මාර්තු මස 25 වැනි දින උපත ලැබූ 39 හැවිරිදි වියේ පසුවිය. 1988 අගෝස්තු 12 උපන් ටයිසන් 27 හැවිරිදිය. ක්ලිට්ස්කෝ මීටර් 1.98 ක් හෙවත් අඩි 6 අඟල් 6 ක් උසැතිය. ටයිසන් මීටර් 2.06 ක් හෙවත් අඩි 6 අඟල් 9 ක් උසැතිය.

බොහෝ දෙනා බලාපොරොත්තු වූ ප්‍රතිඵලය තරගය අවසානයේදී ලැබුණේ නැත. ඒ වෙනුවට බොක්සිං ක්‍රීඩා ඉතිහාසයේ විශාලතම පෙරළියක් කරමින් ටයිසන් ෆියුරි විසින් ව්ලැදිමිර් ක්ලිට්ස්කෝව පරාජය කිරීමට සමත් වූයේය. ඒ ලකුණු 115 - 112, 115 - 112 සහ 116 - 111 ක් වශයෙනි. ඒ සමඟම හෙවිවේට් ලෝක ශූරතාව හිමිකර ගත් 05 වැනි බ්‍රිතාන්‍ය ජාතිකයා බවටත් ටයිසන් පත් වූයේය. ඔහුට පෙර බොබ් ෆිට්ස්සිමන්ස් , ලෙනොක්ස් ලුවිස්, ෆ්‍රෑන්ක් බෲනෝ සහ ඩේවිඩ් හේයි හෙවිවේට් බොක්සිං ලෝක ශූරයෝ වූ බ්‍රිතාන්‍ය ජාතිකයෝ වෙති.

මෙම ජයග්‍රහණයත් සමඟම ලෝක බොක්සිං සංගම් (සුපර්), අන්තර්ජාතික බොක්සිං සම්මේලනය, ලෝක බොක්සිං සංවිධානය, අන්තර්ජාතික බොක්සිං සංවිධානය සහ ද රිංග් සඟරාවේ ලෝක හෙවිවේට් ශූරයා බවටත් ටයිසන් පත්විය. මීට පෙර හෙතෙම බ්‍රිතාන්‍ය, එංගලන්ත, යුරෝපීය, පොදුරාජ්‍ය මණ්ඩලීය සහ අයර්ලන්ත හෙවිවේට් ශූරතාද ජය ගෙන තිබේ.

ක්ලිට්ස්කෝව පරාජය කිරීමත් සමඟම ටයිසන් වෘත්තීමය තරග 25 ක්ම ජයගෙන ඇත. මින් නියමිත කාලයට පෙර ලැබූ හෙවත් නොක්අවුට් ජයග්‍රහණ 18 කි. සතුව මේ වන විට අපරාජිත වාර්තාවක් සතුය.

ටයිසන් බොක්සිං ක්‍රීඩාවට සම්බන්ධ පවුලක සාමාජිකයෙකි. ඔහුගේ පියා හිටපු ක්‍රීඩකයෙකි. ටයිසන්ගේ ඥාතියෙක් වන ඇන්ඩි ලී මිඩ්ල්වේට් ලෝක ශූරයෙකි. තවත් ඥාතියෙක් වන හියු ෆියුරි හෙවිවේට් ක්‍රීඩකයෙකි. ටයිසන් උපත ලබන කාලයේදී ලොව සුපිරිතම හෙවිවේට් බොක්සිං ශූරයා වූයේ ඇමෙරිකාවේ මයික් ටයිසන්ය. එම නිසාම සිය පුත්‍රයාට ටයිසන් නම තැබීමට පියා තීරණය කළේය. ඒ තම පුත්‍රයාත් යකඩ මයික් වැනි ශූරයෙක් වනු ඇති බවට පියා බලාපොරොත්තු වූ බැවිනි. අද වන විට එය ඉටු වී තිබේ.

ටයිසන් ෆියුරිගේ පුහුණුකරුවෙක් ලෙසට හියු ෆියුරිගේ පියා වන පීටර් ක්‍රියා කරයි. ටයිසන් 2009 වසරේදී විවාහ වූයේය. ඔහුගේ බිරියගේ නම පැරිස් වේ. මෙම යුවළට දු දරුවන් දෙදෙනෙකි. ඒ පස් හැවිරිදි වෙනිසියුලා සහ තෙහැවිරිදි ප්‍රින්ස්ය. බොක්සිං ක්‍රීඩාවට අමතරව ටයිසන් දැඩි පාපන්දු ක්‍රීඩා ලෝලියෙකි. ඔහුගේ ප්‍රියතම පාපන්දු කණ්ඩායම වන්නේ සුප්‍රකට එංගලන්තයේ මැන්චෙස්ටර් යුනයිටඩ්ය.

ව්ලැදිමිර් ක්ලිට්ස්කෝ මීට පෙර දෙවතාවක්ම හෙවිවේට් ලෝක ශූරයා වී සිටියේය. ඒ 2000 - 03 සහ 2004 - 15 දක්වාය. ඔහු මේ වන විට වෘත්තීමය තරග 68 කට සහභාගි වී තිබේ. එහිදී ලැබූ ජයග්‍රහණ ගණන 64 කි. නොක්අවුට් ජය 53 කි. පරාජය වී තිබෙන්නේ තරග 04 ක් පමණකි. කෙසේ වෙතත් නැවතත් ලෝක ශූරයාවීමට ඔහුට අවස්ථාවක් උදා වී තිබේ. ඒ ලබන වසරේදී ටයිසන් සහ ක්ලිට්ස්කෝ අතර තවත් තරගයක් පැවැත්වීමට තීරණය වී ඇති බැවිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්