කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»

කුසල් වෙනුවෙන් උපරිම දේ කරනවා

කුසල් වෙනුවෙන් උපරිම දේ කරනවා

කාල්ටන් බර්නාඩ්
ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් විධායක

තහනම් උත්තේජක චෝදනා එල්ලවීම නිසා කුසල් ජනිත් පෙරේරා නවසීලන්ත සංචාරය ආරම්භයේදීම සිය රට පැමිණීමට සිදු විය.

ශ්‍රී ලංකා - පාකිස්තාන් තරගාවලිය අවසානයේ පැවැති බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලියේ ගාල්ලේ පැවැති තරගයට පෙර පැවැති පුහුණු සැසිය අතරතුරදී ක්‍රීඩකයන්ගෙන් ලබාගත් මුත්‍ර සාම්පල පරීක්ෂණයේදී කුසල් ජනිත්ට මේ පිළිබඳ චෝදනා එල්ල විය.

මෙම තහනම් උත්තේජක පරීක්ෂණයේදී ඇනබොලික් ස්ට්‍රිරයිඩ් සංඝටකය කුසල්ගේ ඒ මුත්‍ර සාම්පලයේ අඩංගුව තිබූ බව හෙළි වී තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වන ශ්‍රී ලංකා උත්තේජක මර්ධන නියෝජිතායතනයේ ප්‍රධානී මහාචාර්ය අර්ජුන ද සිල්වා මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ මෙම සංඝටකය ලෝක තහනම් උත්තේජක නිවාරණ ඒජන්සියේ තහනම් කරන ලද ලැයිස්තුවට ඇතුළත් බවය.

ඇනබොලික් ස්ට්‍රිරයිඩ් අඩංගු කිසිම දෙයක් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පාවිච්චි කරන එක තහනම්. ඒක ලෝකයම පිළිගත් මතයක්. මේ චෝදනාව ප්‍රතික්ෂේප කරනවා නම් බී සාම්පල පරීක්ෂාවට යනවා.

නිදහසට කරුණු කීමට කිසිම අවස්ථාවක් නැති බව පවසන මහාචාර්යවරයා වැඩිදුරටත් පවසන්නේ, තහනම් උත්තේජක චෝදනා එල්ල වූ විට කිසිම කෙනකුට දන්නේ නෑ කියන උත්තරය නිදහසට කිව්වට පලක් නොවන බවයි. "අද ක්‍රිකට් ක්‍රීඩාවේ විතරක් නොවෙයි හැම ක්‍රීඩාවකම තියෙන තරගකාරිත්වය එක්ක හැම කෙනෙක්ම හැම වෙලාවෙම සියයට දහස් වාරයක් ප්‍රවේශම් වෙන්න ඕනෑ".

වත්මන් තහනම් උත්තේජක නීතිය පිළිබඳ සඳහන් කරන මහාචාර්යවරයා, "උපරිමය අවුරුදු 4 ක් දක්වා දඬුවම් නියම කරන්න පුළුවන්. කුසල් මේකට දඬුවම් ලැබුණොත් ලබන ලෝක කුසලානය දක්වාම තරග කරන්න බැරි වෙනවා".

කුසල් ජනිත් පෙරේරාට පෙර උපුල් තරංගට ද තහනම් උත්තේජක චෝදනා එල්ල වී මාස තුනක තරග තහනමක් ධ්ඛ්ඛ් පැණවිය. නමුත් උපුල් තරංගගේ ශරීරගත වී තිබුණේ ඇනබොලික් ස්ට්‍රිරයිඩ් නොවේ.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු ජෙරොම් ජයරත්න මාධ්‍යයන්ට ප්‍රකාශ කර තිබුණේ මෑතකදී සතෙකු සපා කෑම නිසා කුසල් ජනිත් පෙරේරා බෙහෙත් ලබාගෙන ඇති බවත්, ඒ තුළ තහනම් උත්තේජක අඩංගු දැයි තමා හෝ කුසල් ජනිත් දැන නොසිටි බවයි.

අහඹු ලෙස මුත්‍ර සාම්පල ධ්ඛ්ඛ් ගන්නවා කියලා ක්‍රීඩකයන් දන්නවා. ඒ නිසා දැන් අපට තියෙන්නේ ඉදිරියේ මොනවද වෙන්නේ කියලා බලා ගෙන ඉන්න එකයි.

මේ අතර මහේල ජයවර්ධන ප්‍රකාශ කර ඇත්තේ, "බී සාම්පලය" පරීක්ෂණයක් තියෙන නිසා දැන්ම කලබල විය යුතු නොවන බවය.

මේ පිළිබඳ ශ්‍රී ලංකා ක්‍රිකට් මෙහෙයුම් විධායක කාල්ටන් බර්නාඩ් ගෙන් විමසූ විට, "අපි මේ සම්බන්ධයෙන් ඉදිරියේ ගන්න තියෙන හැම ක්‍රියාමාර්ගයක්ම ගන්නවා. ඔහු දක්ෂ ක්‍රීඩකයෙක්. ජෙරම් කියන කතාව ඇත්ත. සතකු හපා කාපු එකට තමයි බෙහෙත් වගයක් අරගෙන තියෙන්නේ. හැබැයි ඒකේ තහනම් උත්තේජක සංඝටක තියෙනවා කියලා කුසල් හෝ පුහුණුකරුවා දැන ඉඳලා නෑ".

"කුසල් අද උදේ ආවේ. (මේ සටහන තබන දිනයේ) ඔහු එක්ක ඉස්සෙල්ලා කතා කරන්න ඕනෑ. ඊට පස්සේ "බී සාම්පල" පරීක්ෂණයකට යනවද නැද්ද කියලා තීරණය කරනවා. මොනව වුණත් කුසල් පැත්තෙන් ගන්න තියෙන උපරිම ක්‍රියාමාර්ගය අපි ගන්නවා".

25 වන වියේ පසුවන කුසල් ටෙස්ට් - 3, එක්දින - 51, විස්සයි 20 - 22 කට ක්‍රීඩා කර තිබේ.

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්