සතර දිගන්තය
BPL පළමු ශතකය
ලුවිස්ගෙන්

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ පළමු ශතකය වාර්තා කිරීමට සමත්වූයේ
විසිතුන් වන වියේ පසුවන බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි එවන් ලුවිස්ය. ඔහු එකදු
ජාත්‍යන්තර තරගයකටවත් සහභාගි වී නැත.
බරිසාලේ බුල්ස් කණ්ඩායම නියෝජනය කරන ලුවිස් මේ ශතකය රැස් කළේ ඩකා ඩයිනමයිට්ස්
කණ්ඩායමට එරෙහිවය.
පන්දු 39 කදි අර්ධ ශතකය රැස් කළ ලුවිස් පන්දු 64 කදී ශතකය රැස් කළේය. ඔහුගේ ඉනිමට
හයේ පහර හයක් සහ හතරේ පහර හතක් ඇතුළත් විය.
සාග් තේරීමේදී
සුමේධට ඔලිම්පික් වරම්

සාග් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම තෝරා ගැනීමට පැවැති තේරීම්
තරගාවලියේදී නව ශ්‍රී ලංකා වාර්තා දෙකක් බිහි කිරීමට රිටි පැනීමේ ඉසව්වෙන් ඉසුරු
සඳරුවන් සහ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සුමේධ රණසිංහ සමත් වූහ.
මෙහිදී සුමේධ රණසිංහ මීටර් 83.04 ක දක්ෂතාවයක් දැක්වූ අතර මේ දක්ෂතාව ලබන වසරේ රියෝ
ද ජැනෙයිරෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් වරම් දිනා ගැනීමට ද හේතු විය. ඉසුරු සඳරුවන්
මීටර් 4.91 ක දක්ෂතාවයක් පෙන්නුම් කළේය.
මේ අනුව ශ්‍රී ලංකාවෙන් ඔලිම්පික් වරම් හිමි කර ගත් තෙවැන්නා සුමේධ වන අතර, ඊට පෙර
අනුරාධ ඉන්ද්‍රජිත් කුරේ හා නිලුකා ගීතානි රාජසේකර මැරතන් ඉසව්වලින් මේ කඩඉම පසු
කළහ.
මහනුවර - හැව්ලොක්ස්
අපරාජිතයි

අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සති අන්තය නිමා වන විට මහනුවර කණ්ඩායම සහ
හැව්ලොක්ස් කණ්ඩායම අපරාජිතව පෙරමුණේ පසුවේ. ප්‍රසාද ලකුණු සටහනේ මහනුවර පෙරමුණ ගෙන
තිබේ.
මහනුවර කණ්ඩායම මෙවර තමන් සහභාගි වූ තරග තුනේදී ම ප්‍රතිවාදීන්ට එරෙහිව තරග දෙකකදී
අඩ ශතක ඉක්මවා ලකුණු රැස් කර තිබෙන අතර පොලිස් කණ්ඩායම සමඟ පැවැති තරගයේදී ලකුණු 50
ක් රැස් කිරීමට ද සමත් විය. ප්‍රතිවාදීන්ට එරෙහිව තරග තුනේදී මහනුවර කණ්ඩායම ලකුණු
193 ක් රැස් කරද්දී, ප්‍රතිවාදීන් ඔවුන්ට එරෙහිව රැස් කර ඇත්තේ ලකුණු 28 ක් පමණි.
බන්ධුල ජයමාන්න
|