අගමැති මෝදිගේ ලංකා ආගමනය
අගමැති මෝදිගේ
ලංකා ආගමනය
පසුගිය සිකුරාදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි මහතා ලංකාවට සැපත්
විය. ඒ අවුරුදු විසි අටකට පසුව ඉන්දීය අග්‍රාමාත්‍යවරයකු ශ්‍රී ලංකාවට නිල
සංචාරයක් සඳහා පැමිණි ප්‍රථම අවස්ථාවයි.
පසුගිය වර්ෂයේ සැප්තැම්බර් මාසයේ දී චීන ජනාධිපති ෂි ජින්ග්පින්ග් මහතා ශ්‍රී
ලංකාවේ නිල සංචාරයක නිරත විය. ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය මත්තල ගුවන් තොටුපළ
නොරොච්චෝලේ විදුලි බලාගාරය කොළඹ දකුණ වරාය හා අධිවේගී මාර්ග ඉදිකරනු ලැබුවේ
චීනයේ ණය හා ආධාර ලබමිනි. එසේම චීනයට සින්නක්කර අයිතිය සහිත බිම් කොටසක් සහිත
පෝට් සිටි ව්‍යාපෘතියට පසුගිය රජය විසින් අස්සන් කිරීම ද සිදුවිය.
එසේම චීන
සබ්මැරීන් යාත්‍රාවක් ලංකාවට පැමිණීම පිළිබඳ ප්‍රශ්න ද මතුවිය. මේ තත්ත්වය
යටතේ ලංකාව ඉන්දීය විරෝධී හා චීනයට ලැදි අසමබර විදේශ ප්‍රතිපත්තියක්
අනුගමනය කරන්නේ ද යන්න සම්බන්ධයෙන් සැක සංකා මතුවෙමින් තිබිණි.
එවන්
තත්ත්වයක් යටතේ ඉන්දීය අගමැති මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ශ්‍රී ලංකාව නැවත මැද
මාවතට පැමිණීම සංකේතවත් කරයි. මෙය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ
ඉන්දීය සංචාරයෙන් ශ්‍රී ලංකාවට ලබාදුන් ජයග්‍රහණයකි.
ස්වකීය ශ්‍රී ලංකා සංචාරය තුළ දී අග්‍රාමාත්‍ය මෝදි මහතා ඓතිහාසික අනුරාධපුර
පූජා භූමියට පැමිණීමට ද නියමිතය. ශ්‍රී ලංකාව සංස්කෘතික උරුමයෙන් භාරතය හා
සම තත්ත්වයක සිටින බව පිළිගැනීමක් ලෙස මෙන් ම දෙරට අතර ඓතිහාසික නෑ සබඳකම්
නැවත වරක් තහවුරු වීමක් ලෙස ද මෙය සැලකිය හැකිය.
මේ සංචාරය ඉන්දීය අගමැතිවරයා පවත්වන්නේ සුපුරුදු පරිදි දකුණු ඉන්දීය
දේශපාලනඥයන්ගේ විරෝධතාව මැදය යන්න ද අමතක නොකළ යුතු කරුණකි.
පසුගියදා
දකුණු ඉන්දීය රූපවාහිනී සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබුණේ ඉන්දියාව එල්ටීටීඊ සංවිධානය මර්දනය
කිරීම සඳහා ශ්‍රී ලංකාවට සහාය ලබාදුන් බවය. දකුණු ඉන්දියාවේ විරෝධතා නිසා ආයුධ
ලබාදීමෙන් වැළකී සිටිය ද චීනයෙන් ආයුද ලබාගැනීමට ඉන්දියාව බාධා කළේ ද නැත.
දකුණු ඉන්දියා දේශපාලනඥයන් කුමක් කීව ද ඉල්ලා සිටිය ද කච්චතිවු දූපත ශ්‍රී
ලංකාව සතුවිය යුතු බව ඉන්දීය මධ්‍යම රජයේ ස්ථාවරයයි. දකුණු ඉන්දියාව ද හිමිකම්
කියන කච්චතිවු දූපත ලංකාවට ම තනි අයිතිය ලැබිය යුතු යැයි ඉන්දියාව කියන විට
චීනයේ ලංකාවේ මුහුදු ගොඩකර හදන භූමියක සින්නක්කර බිම් කොටසක් ලබාදීම පිළිබඳ
කරුණ නැවත සාකච්ඡාවට ලක්විය යුතු වේ.
මෝදි අනුරාධපුරයට
සැබවින්ම පෝට් සිටි යනු ලංකාවේ ආර්ථික සංවර්ධනය පිළිබඳ ප්‍රශ්නයක් නොවේ.
ආර්ථික සංවර්ධනය වෙනුවෙන් පෝට් සිටි හැදීම ද එක් අතකට වරදක් නොවේ යැයි කිව
හැකිය. අනූ නම අවුරුද්දක බද්දට ද චීනයට පෝට් සිටියේ බිම් කොටසක් පැවරීම වරදක්
නොවේ යැයි ද කිව හැකි. එහෙත් සින්නක්කර අයිතියට පෝට් සිටියෙන් හෙක්ටයාර තිහක්
චීනයට අයත් වේ යන්නෙන් නීත්‍යනුකූලව අදහස් වන්නේ කුමක් ද? එය ශ්‍රී ලංකාව නොව
චීනය බව ද?
හොංකොං දිවයින ද චීනය විසින් බ්‍රිතාන්‍යයට පවරා දී තිබුණේ අවුරුදු 99 ක
බද්දකටය. ඒ නිසා යළිත් හොංකො චීනය වෙත බාරදීමට බ්‍රිතාන්‍යයට සිදුවිය.ඒ අනුව
මින් අදහස් වන්නේ මේ හෙක්ටයාර 30 යළි කවදාවත් ලංකාවට නොලැබෙන බව ද? සැබවින්ම
මෙය චීනයේ වරදක් නොවේ. සමහරවිට චීනය මේ බිම සින්නක්කර අයිතියට ඉල්ලන්නට
ඇත්තේ දේශපාලන නොව වාණිජ පරමාර්ථ මුල් කරගෙන විය හැකිය. එසේ ද වුවත් ඉන් අදහස්
වන දේශපාලන අර්ථය කුමක්ද? එහි දේශපාලන ප්‍රතිඵල කුමක් විය හැකිද? රටේ
ස්වාධීනත්වයට එහි බලපෑම කුමක්විය හැකිද?
පෝට් සිටිය පැවරීම
මෙහිදී අපට වීරවංශ වැනි ඇතැම් දේශපාලනඥයන් භාවිත කරන ආකාරයේ වගකීම් විරහිත
ප්‍රකාශ කිරීමට නොකැමැත්තෙමු. මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය
ඉන්දියාවේ රෝ ඔත්තු සේවයේ කුමන්ත්‍රණයක් යැයි ඔහු ප්‍රකාශ කළේය. එහෙත් මේ
සංචාරය තුළ දී මෝදි මහතා මහින්ද රාජපක්ෂ මහතා ද හමුවීමට නියමිතව තිබේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ඇති දේශපාලන විරසකකම් ශ්‍රී ලංකාව
රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් අපහසුතාවට පත්වන ප්‍රකාශ කිරීමට යොදා ගැනීම එතරම්
දේශප්‍රේමී ක්‍රියාවක් නොවේ.
එසේ වෛරී දේශපාලනය මත පදනම් වන්නේ නම් මහින්ද
මහතා පෝට්සිටියේ භූමියෙන් කොටසක් චීනයට පැවරීම එදා කෝට්ටේ රජු විසින්
පෘතුගීසීන්ට ගෙරිහම් කඩක් එළාගන්නට බිම් දුන්නාට සමාන යැයි අපට ද කිව හැකිය.
එහෙත් එසේ නොකිව යුතු වන්නේ එයින් රටේ විදේශ ප්‍රතිපත්තිය හා විදේශ සම්බන්ධතා
අර්බුදයට යන බැවිනි. චීනය දීර්ඝකාලීන මිත්‍රයකුය යන්න එහිදී අමතක කෙරෙන
බැවිනි.
එහෙත් අමතක නොකළ යුතු නොඑසේ නම් ශ්‍රී ලංකාව හෝ වෙනත් ඕනෑම රටක් විසින් සැලසීමට
ගත යුතු කරුණු පවතියි. චීනය යනු අද ලෝකයේ දෙවෙනි බලවතාය. තව අවුරුදු කිහිපයක
දී ලොව මහබලවතා විය හැකිය. මහ බලවතුන් සමඟ කුඩා රටක් සම්බන්ධ වීමේ දී ආරක්ෂා
වීමේ හොඳම ක්‍රමය නොබැඳි පිළිවෙතය. එදා ඇෙමරිකා හා සෝවියට් මහබලවතුන් මැද
නොබැඳි පිළිවෙත කුඩා රටවල ආරක්ෂකයා විය.
චීනය ලෝකයේ බලවතා වන ඉදිරි අනාගතය
තුළ රාජ්‍යයේ ස්වාධීනත්වය රැක ගැනීම උදෙසා අපේ ක්‍රියා පිළිවෙත කෙබඳු විය යුතු
ද? සැබවින්ම යුරෝපීය හා එක්සත් ජාතීන්ගේ කුමන්ත්‍රණ ගැන කියද්දී එය මේ මොහොත දෙස
බලා දේශපාලන වාසි ලබාගැනීමේ වැඩි අදහසින් මතු කෙරෙන්නෙකි.
එහෙත් අනාගතය
සම්බන්ධ ගැටලුව වන්නේ මහ බලවතෙකු ලෙස මතුවන චීනය සමඟ කටයුතු කිරීමේ දී නොබැඳි
දේශපාලන පිළිවෙතක අවශ්‍යතාවයි. සැබවින් ම චීනය මහ බලවතා ලෙස මතුවන ඉදිරි
අනාගතයේ යම් කාලයක ඉන්දියාව ද ලෝකයේ දෙවන තුන්වන මහ බලවතා ලෙස මතුවීමට ඉඩ
ඇත. මේ තත්වය තුළ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා වැදගත් වන්නේ කිසිදු රටකට නොබැඳී
ස්වාධීන හා මිත්‍රශීලී විදේශ පිළිවෙතක් අනුගමනය කිරීමයි.
ඉන්දීය
අග්‍රාමාත්‍යවරයාගේ මෙම ශ්‍රී ලංකා සංචාරය ඉතා වැදගත් හා ඓතිහාසික වන්නේ ඒ
අනුවය. මෙය අපේ විදේශ ප්‍රතිපත්තියේ ස්වාධීනත්වය තහවුරු කෙරෙන්නා වූ
මොහොතකි. චීනය ද අපේ පෞරාණික මිතුරෙකි. මේ මිත්‍ර සම්බන්ධතාව අනවශ්‍ය ප්‍රශ්න
හා කෙටි කාලීණ වාසි පතා අවුල් කිරීම පසුගිය රජය විසින් කරන ලද දේශපාලන
රාජ්‍යතාන්ත්‍රික වැරැද්දකි. මේ වැරැද්ද නිවැරැදි කිරීමට ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතාෙග් ඉන්දීය සංචාරය මෙන් ම දැන් සිදුවෙන අග්‍රාමාත්‍ය
නරේන්ද්‍ර සිං මෝදිගේ ශ්‍රී ලංකා සංචාරය ද ඉවහල් වෙයි.
මෛත්‍රීපාල සිරිසේන මහතා බීබීසී ගුවන් විදුලිය සමඟ සාකච්ඡාවේදී ශ්‍රී ලංකාව
යුද අපරාධ සම්බන්ධයෙන් විදේශ පරීක්ෂණයට ඉඩ නොදෙන බව පැහැදිලිව ප්‍රකාශ
කිරීම ද පසුගිය සතියේ වැදගත් දේශපාලන සිදුවීමකි. අග්‍රාමාත්‍ය රනිල්
වික්‍රමසිංහ මහතා ද ඒ බව පැහැදිලිව ම ප්‍රකාශ කර ඇත.
ජනපතිගේ බීබීසී සාකච්ඡාව
එසේම මහින්ද රාජපක්ෂ මහතා කොතරම් නිර්භය නායකයෙකු යැයි කීව ද එතුමන් පවා
ඉදිරිපත් නොවූ ආකාරයෙන් ශ්‍රී ලංකා මුහුදු තීරයේ අයිතිය රැකීමට රනිල්
වික්‍රමසිංහ මහතා ඉදිරිපත්ව සිටියි. අනෙක් අතට මහින්ද රාජපක්ෂ මහතාට සංවර්ධන
කටයුතු සඳහා චීන ආධාර ලබාගැනීම හා ලංකාවේ භූමියෙන් කොටසක් චීනයට පැවරීම අතර
වෙනස දැක ගැනීමට නොහැකි වූයේ මන්ද යන්න ද විමසිය යුතුය.
ඒවා අත්වැරැදි නම් ඉතා
භයානක අත්වැරදි වේ. මේ අත්වැරදි හදාගෙන ඉන්දියාව සමඟ මෙන් ම චීනය සමඟ ද
අඛණ්ඩව ශක්තිමත් මිත්‍ර සම්බන්ධතා පවත්වාගන්නේ කෙසේද යන්න මෛත්‍රීපාල
සිරිසේන ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මුහුණ දී
සිටින අභියෝගයයි.
රට තුළ දී අප ගැටුණත් රට තුළ දේශපාලන ගැටුම්වලට විදේශයන් සම්බන්ධ කර නොගත
යුතුය. ලංකාවේ ආණ්ඩු වෙනස සම්බන්ධයෙන් රෝ ඔත්තු සේවයට දොස් නැගීම දේශප්‍රේමී
ක්‍රියාවක් යැයි සැලකිය නොහැක්කේ ඒ නිසාය.
ශ්‍රී ලංකාව භූමියෙන් කුඩා වුවත් රටක් හැටියට චීනයට හෝ ඉන්දියාවට දෙවැනි නොවේ.
එවන් අනන්‍යතාවක් හා ඉතිහාසයක් ශ්‍රී ලංකාවට හිමිය. ඒ නිසා අප කිසිදු රටක හෝ
අනුගාමිකයෙකු හෝ උදව්කරුවෙකු විය යුතු නොවේ. අපේ මාතෘභූමියට වඩා උතුම්
රටක් අපට වෙනත් නැත. ඒ ස්වාධීනත්වය ආරක්ෂා කර ගැනීම අපේ පෙර රජදරුවන් විසින්
සිදුකරන ලදී. වර්තමානයේ දී රණවිරුවන් විසින් සිදුකරන ලදී, ඇත්තටම
ඉන්දියාව ද එල්ටීටීඊ යට විරුද්ධව අපට උපකාරී කරමින් කළේ ශ්‍රී ලංකාව නමැති
භූමියේ සුවිශේෂී අනන්‍යතාවට ඇති අයිතිය පිළිගැනීමය.
ස්වාධීනත්වය සුරැකීම
චීනය ද අපට යුද්ධයේදී විශාල වශයෙන් උදව් කළේය. ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අද
දෑසින් ම දැක සාක්ෂාත් කරගනිමින් ඇත්තේ ශ්‍රී ලංකාව භූමියෙන් කුඩා වුව ද
ඓතිහාසික උරුමයෙන් අනන්‍යතාවයෙන් හා ස්වභාව ධර්මයේ ආශීර්වාදයෙන් කුඩා
නොවන බවය. නෙළුම් කුලුනු නැතිව වුව ද මේ රට ලස්සනය. අද්විතීයය.
ඒ උරුමය තවත් චිරාත් කාලයක් රැකගැනීම උදෙසා ශක්තිමත් පදනමක් ලැබෙන
අවස්ථාවක් බවට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදිගේ මෙම ශ්‍රී ලංකා සංචාරය
පත්කරගැනීම සියලු දේශප්‍රේමී ශ්‍රී ලාංකිකයන්ගේ වගකීමයි. ඒ නිසා මේ සංචාරය
තුළ දී අප පෙන්විය යුත්තේ කොතරම් මත ගැටුම් තිබුණත් ජාතියක් වශයෙන් අපට රට තුළ
දී කොතරම් එක්සත් ද එකමුතු ද යන්නයි. එය දකුණේ පමණක් නොව උතුරේ
දේශපාලනඥයන්ගේ ද වගකීමයි. විශේෂයෙන් ම උතුරු පළාත් සභාව මෙය බෙදීම් නොව
ශ්‍රී ලංකාවේ එකමුතු බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයාට පෙන්නුම් කරන අවස්ථාවක්
බවට පත්කරගත යුතුය.
අප දඹදිව වන්දනාවේ යන අතර ඉන්දියාවේ අග්‍රාමාත්‍යවරයකු අනුරාධපුරය
වන්දනාවේ පැමිණීම ම අපේ අගනා සංස්කෘතික උරුමය පෙන්වයි. ඒ උරුමය මත අපට සියලු
රටවල් අතර නොබැඳි රටක් ලෙස නැගී සිටීමේ ශක්තිය ඇත. ජාත්‍යන්තර කුමන්ත්‍රණ
ඔත්තුසේවා කුමන්ත්‍රණ හෝ වෙනත් කුමන්ත්‍රණ ගැන නොසිතා එක රටක රට වැසියන් ලෙස රට
ගොඩනගාගැනීම ගැන අවංකව සිතීමට බහුතර ජනතාවට හැකි නම් ශ්‍රී ලංකාව
කිසිවකුට බිය විය යුතු නොවේ.
දේශපාලන ලියුම්කරු විසිනි
|