ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»

ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැන් හොඳයි

ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය දැන් හොඳයි

සෞදි අරාබියේ හිටපු තානාපති,
විදේශ අමාත්‍යාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ උපදේශක
නීතිඥ ජාවඩ් යූසුෆ්

රටක විදේශ ප්‍රතිපත්තිය සකස් විය යුත්තේ කවර මූලධර්ම මතද?

ජාතික අවශ්‍යතා තමයි එහිදී මූලික කර ගත යුත්තේ. දැන් ලෝකය ඉතා සංකීර්ණයි. ඒ නිසා රාජ්‍ය තාන්ත්‍රිකයින් තෝරා ගැනීමේදී විෂය දැනුම ඇති යම් දර්ශනයක් මත වැඩ කරන අය තෝරාගත යුතුයි. විදේශ ප්‍රතිපත්ති විෂයේදී අපේ රට අතීතයේදී ඉතාමත් සාර්ථකව එය ඉටු කළ රටක්. විශේෂයෙන් බණ්ඩාරනායක මැතිනිය කාලෙ අපි ඉහළම තත්ත්වයට ආවා.

ඒ කියන්නෙ ජාතික අවශ්‍යතාව පදනම් කරගෙන සෙසු රටවල් සමගත් අපි ගනුදෙනු කළා. නිදර්ශන ලෙස කච්චතිව් දූපත සාකච්ඡා කරලා අපේ භාරයට ගත්තා වගේ ම බලවත් ප්‍රශ්නයක්ව තිබුණු වතුකරයේ ජනයා සම්බන්ධයෙන් වූ ප්‍රශ්නයේදීත් සාකච්ඡාවෙන් පසුව සිරිමා - ශාස්ත්‍රී ගිවිසුම ගැහුවා.

හැබැයි ඒකට අත්සන් කරන්න මොහොතකට කලින් ඇය ඉන්දියාවේ සිටි විපක්ෂ නායක ඩඩ්ලිට කතා කරලා ඔහුගේ අදහසත් විමසුවා. සෞම්‍යමූර්ති තොණ්ඩමන්ට පාර්ලිමේන්තුවට ඡන්දයෙන් එන්න අවස්ථාව ලැබුණෙත් ඒ නිසයි.

අපි එසේ රටේ අවශ්‍යතා හඳුනාගෙන ක්‍රිය කළ ආකාරයට ම ඕනෑම රටක අන්තර්ජාතික භූමිකාව අසාධාරණයක් වූ විට ශ්‍රී ලංකාව ඒ ගැන කතා කරනවා. 56 දි වූවත් සූවස් ඇළේ ප්‍රශ්නයේදී බණ්ඩාරනායක මහතා අරාබි චුදිතයා වෙනුවෙන් කතා කළා. ඒ නිසාම තමයි බණ්ඩාරනායක මැතිනියටත් අරාබි ලෝකය තුළ මහත් ජනප්‍රියත්වයක් හිමි වුණේ. ඇත්තටම බණ්ඩාරනායක නම ලෝකයේ ප්‍රසිද්ධ වුණේ විදේශ ප්‍රතිපත්ති නිසයි. බණ්ඩාරනායක මැතිනිය ඉන්දු - චීන ප්‍රශ්නයටත් මැදිහත් වුණා.

පාකිස්ථානය සමඟ වගේ ම ඉන්දියාව සමඟත් ඇයට හොඳ මිත්‍රත්වයක් තිබුණා. බංග්ලාදේශය හා පාකිස්ථානය බෙදනකොට ඉන්දියාව ගත්තෙ බෙදෙන්න ඕන කියපු අයගෙ පැත්ත. ඉන්දියා පිහිටියේ නැ‍ඟෙනහිර පාකිස්තානය හා බටහිර පාකිස්ථානය අතර. රජය තිබුනේ බටහිර පාකිස්ථානයේ. ආණ්ඩුවෙ හොලිකොප්ටර් නැ‍ඟෙනහිර පාකිස්ථානයට යා යුතු වුණේ ඉන්දියාව උඩින්.

හැබැයි යන්න බැහැ. ඉන්දියාව අවසර නොදෙන නිසා. ඉතින් ඔවුන්ට ලංකාව පැත්තෙන් යන්න වුණේ. ඒ ගමනට තෙල් ප්‍රමාණවත් නැති නිසා ලංකාවට ඇවිත් තෙල් පුරවාගෙනයි එම ගුවන් යානා නැ‍ඟෙනහිරට ගියේ. ඉන්දියාව මේ වැඩේට විරුද්ධ වී අමනාප විය යුතුයි. ඒත් එහෙම වුණේ නැහැ. දෙපාර්ශ්වය සමඟම ලංකාව මිතුරුයි. මේ වැඩේ මිතුරුකමට මිසක් ඉන්දියාවට තර්ජනයක් එල්ල කරන්න කරපු වැඩක් නෙමෙයි කියලා ඔවුන් තේරුම් ගත්තා. අපේ විදෙස් ප්‍රතිපත්තිය එහිදී බැබළුණා. විදේශ ප්‍රතිපත්ති ඉතා පරිස්සමින් හා කල්පනාකාරීව සකස් කළ යුතු දෙයක්.

රටක අභ්‍යන්තර දේශපාලනය විදේශ ප්‍රතිපත්ති වලට කොපමණ බලපානවාද?

ඇත්තටම අභ්‍යන්තර දේශපාලනය කරන ආකාරයට විදේශ ප්‍රතිපත්ති ගෙනියන්න බැහැ. පක්ෂ දේශපාලනයෙදි වගේ අපිට ඇඟිල්ල දිගු කරන්න එපා කියලා තව රටකට කියන්න විදේශ රාජ්‍ය තාන්ත්‍රික විෂයෙදි බැහැ. එවැනි දේවල් වුවත් කියන ශෛලියක් තිබෙනවා. අපේ ප්‍රතිරූපය අනුවත් මැනීමකට ලක්වෙනවා. 94 වන වි ලෝකය තුළ ලංකාවේ ප්‍රතිරූපය ඉතා පහළට වැටිලා තිබුණා. මානව හිමිකම් උල්ලංඝනය ඊට මූලික හේතුවක් වුවා.

මේ නරක ප්‍රතිරූපය වෙනස් කරන කටයුත්ත භාර වුණේ ලක්ෂ්මන් කදිර්ගාමර් මහතාට. හැබැයි කොපමණ දක්ෂ විදේශ ඇමැතිවරයෙක් සිටියත් රටෙහි අභ්‍යන්තර ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත්නම් ඔහුට ජාත්‍යන්තරයට මුහුණ දෙන්න අමාරුයි. ඇතුළෙ මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නම් එළියෙ මොනවද කතා කරන්න තියෙන්නෙ.

ඇත්තටම කදිර්ගාමර් මහතා ඇතුළෙ තිබෙන ප්‍රශ්න විසඳගන්න මැදිහත්වීමකුත් කළා. ජී.එල්. පීරිස්ට වැරදුණේ එතනදිනෙ. ඔහු දේශන කර කර යද්දි වෙන මන්ත්‍රිවරයෙක් තමයි විදේශ කටයුතු ගැන තීරණ ගත්තෙ. ඉතිං කදිර්ගාමර් මහතා මානව හිමිකම් පැත්ත දියුණු කරගන්න හුඟාක් මහන්සි ගත්තා. ඒක බාහිර රාජ්‍ය තාන්ත්‍රික ගෙනුදෙනුවේදී වැදගත්ම සාධකයක් බව කිව යුතුයි.

ජාතික ප්‍රශ්නයේදිත් ඒක විසඳන්න චන්ද්‍රිකා මැතිනිය යම් උත්සාහයක් ගත්ත බව ජාත්‍යන්තරය තේරුම් ගත්තා. එල්.ටී.ටී.ඊ ය රටවල් කිහිපයක තහනමට ලක් කරන්නත් කදිර්ගාමර් මහතාගේ ක්‍රියාවලිය හේතු වූවා. විදේශ සේවය වර්ධනය කිරීමට විදේශ සේවයෙන්ම 70% කුත් ඉන් බාහිරින් 30% කුත් වශයෙන් විදේශ සේවයට පත් කිරීමට ඔහු තීරණයක් ගත්තා. එමෙන්ම විශේෂඥයන්ගෙන් උපදෙස් ගත්තා. දේශපාලනය ඕනෙ කෙනෙකුට කළ හැකියි. ඒත් විදේශ සේවය එහෙම බැහැ. පසුගිය ආණ්ඩුවෙන් විදේශ සේවයේ අය ඉවත් කරලා ඒකට දේශපාලන හිතවතුන් පත් කෙරුවා. එයින් විදේශ සේවය සම්පූර්ණයෙන්ම කඩාගෙන වැටුණා.

වර්තමාන ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඔබට ඇති නිරීක්ෂණ මොනවාද?

දැන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, ඇමැති මංගල සමරවීර මහත්වරුන්ගේ ක්‍රියා පටිපාටිය තුළ ගෙවී ගිය මාස දෙකට රටෙහි ප්‍රතිරූපය සැලකිය යුතු මට්ටමකින් වෙනස් වෙලා තිබෙනවා. ඔවුන් මේ කෙටි කාලය තුළ රටවල් කිහිපයක් සමඟම සබඳතා තර කර ගත්තා. රට අභ්‍යන්තරිකව වෙනස් වෙලා තියනව කියලා ‍ලෝකය දැන් දන්නවා. ජිනීවා පරීක්ෂණය වුවත් කල් දැම්මනෙ. ඒ රටේ ප්‍රතිරූපය ගොඩ නැගපු නිසයි. ඒක ලොකු ජයග්‍රහණක්. ජනාධිපතිතුමා දක්ෂයො මේ කටයුත්තෙදි පාවිච්චි කරනවා.

ලෝක ප්‍රකට රාජ්‍ය තාන්ත්‍රිකයකු වන ජයන්ත ධනපාල මහතා උපදේශක තනතුරට පත් කරලා ඔහුගෙන් උපදෙස් ගැනීමම හරිම වැදගත් ක්‍රියාවක්. විදේශ සේවයේ බහුලම අත්දැකීම් ඇති නිලධාරියකු වන රොහාන් පෙරේරා මහතා එක්සත් ජාතීන්ගේ තානාපති සේවයට පත් කෙරෙනවා. මේ ආණ්ඩුව හැකියාව තිබෙන දක්ෂ අයගෙන් රටට උපරිම ප්‍රයෝජන ගන්න බවක් පේනවා. ඒකෙන් ලොකු වෙනසක් වේවි. හොඳ නායකත්වයක ලක්ෂණය තමයි වඩා දන්න අයගෙන් උපදෙස් ගෙන තීරණ තමන් අරන් වගකීමත් තමන් භාර ගැනීම.

රාජපක්ෂ රජය චීනය දෙසට නැඹුරු වූවා. වත්මන් රජය චීනයට විකල්පව ඉන්දියාව දෙසට වැඩි නැඹුරුවක් දක්වන බව පේනවා. ඒ තත්ත්වය තේරුම් ගන්න වෙන්නෙ කොහොමද?

මම ඒකෙ වරදක් දකින්නෙ නැහැ. අපි පෝර්ට්සිටි ව්‍යාපෘතිය ගනිමු. මගේ අදහස නම් ඒක රටට අනවශ්‍ය දෙයක්. හැමෝම දැන් බලන්න පාරිසරිකව බලපාන්නෙ කොහොමද, ඊට අනුමැතිය ලැබුණ ද වගේ දේවල්. ඒ සේරටම කලින් අපි බලන්න ඕනෙ මේක අවශ්‍යද කියායි.

මොනවද ඒකෙන් ලැබෙන්නෙ කියන එක ගැනත් අපිට අදහසක් නැහැ. හෝටල්, කාර් රේස්, කැසිනෝ ගැන විතරයි මීට අදාළව සාකච්ඡාවෙ තිබෙන්නෙ. කොහොම වුවත් චීන විදේශ ඇමැතිතුමා පවසා තිබෙනවා ආයෝජකයන්ගේ අයිතිවාසිකම් ගැන බලාගන්න ආණ්ඩුව බැඳිලා ඉන්නවා. ඒ නිසා ආණ්ඩුව ඒ ගැන සිතිය යුතුයි කියලා. ඒක ඇත්ත තමයි. නමුත් අයෝජකයන්ගේ ඕනෑකම් වලට වඩා ජාතික ඕනෑකම් වැදගත්. ඒක පළමුවැන්න. අපේ රටට හොඳ නැත්නම් ඒක වෙනස් කර ගන්න ඕන. ඉ

න්දියාවත් එහෙම කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමා කියලා තියනවා ඉන්දීය ධීවරයන් මෙහාට ආවොත් අපිට වෙඩි තියන්න අයිතියක් තියනවා කියලා. ඒක කිව්වට සීමාව පැනපු ගමන් වෙඩි තියන්න නෙවෙයි.

වළක්වන්න අවශ්‍ය පියවර අරන් බැරිම තැනදී කරන වැඩක් ගැන. හැබැයි අගමැතිතුමා ඉක්මන් නොවී අපිට මේ ගැන පියවරක් ගන්න වෙනවා කියලා විතරක් ‍ කිව්වා නම් ඇති. මොකද මේ අය අපේ මත්ස්‍ය සම්පත පැහැරගෙන යන්න ‍‍ෙබාටම් ට්‍රෝලින් පවා කරනවා. ඒක සියලු සම්පත් විනාශ වෙන ක්‍රමයක්. ඉන්දියාව එහෙම කළොත් අපි විරුද්ධ වෙන්නත් ලෑස්තියි කියායි අගමැති කිව්වේ. ඒකෙන් කියවෙන්නෙ අපි නොබැඳුණු ප්‍රතිපත්තියක් අනුගමනය කරනවා කියන එකයි. ජනාධිපතිතුමා කියා තියෙනවනෙ චීනයත් අපේ හොඳම මිතුරෙක් කියා. මිතුරන්ය කියා, අපේ සම්පත් සේරම ඔවුන්ට දීලා හරියනවාද? අපේ අයිතිවාසිකම් අපි බලාගතයුතුයි නේද? අනික ඒක ඉතින් ඔවුන් අපේ යාළුවො නම් ‍ඔවුනුත් අප ගැන සිතිය යුතුයි නේද?

Port City ප්‍රශ්නය සබඳතා වලට බලපාන්නට ඉඩ තිබෙනවාද?

අපි හිතමු බලපානවා කියා. ඒත් කරන්නට දෙයක් නැහැ. වරද නිවැරැදි කළ යුතු වෙනවා. අපි චීන ආයතනයට යම් ගෙවීමක් කළ යුතු නම් ඒක කරලා හරි වරද නිවැරදි කරගත යුතුයි. ස්වභාවයට හාත්පසින් ම වෙනස් දෙයක් ඇයි අපි කරන්නෙ. එහෙම කරලා පවතින්න පුළුවන් ද? ඩුබායිවලත් මේ වගේ දෙයක් කරලා දැන් පරිසර ප්‍රශ්න උග්‍රවෙලා තියෙනවා. මේක ඇත්තටම අපේ අවශ්‍යතාවකට වඩා ඔවුන්ගේ අවශ්‍යතාවට වෙච්ච වැඩක්. මොකෝ චීනයට 99 අවුරුදු බද්දකට මේ ඉඩම් හිමිවෙනවා. රටේ වැසියාට වැදගත් වන දෙයක් එතන වෙන්නෙ නැහැ. මේ ගැන යළි ඇගැයීමක් කළ යුතු තැනකයි දැන් ප්‍රශ්නය තිබෙන්නෙ.

ඉන්දීය අගමැති න‍රේන්ද්‍ර මෝදි මාර්තු 13 දා ලංකාවට පැමිණියා. මේ රාජ්‍ය තාන්ත්‍රික ගමනෙහි සංඥාව කුමක්ද?

මේක ලංකාව පැත්තෙන් හරිම වැදගත් සංචාරයක්. අපි ඉකුත් ආණ්ඩුව සමයට ගියොත් ඉන්දීය නායකයෙක් ලංකාවට සුහද සිතින් එන තත්ත්වයක් දුටුවෙ නැහැ. ඒ අපේ රට තුළ තිබුණු පාලනයෙහි අඩුපාඩු කම් නිසා ඇතිවූ ප්‍රතිඵලයක්. දැන් තත්ත්වය හුඟක් වෙනස්‍. මෙරට විදේශ ඇමැතිවරයාගේ මුල් ම නිල සංචාරය ඉන්දියාව. ජනාධිපති තුමාගෙත් එ‍ෙහමයි. මේක විශාල වැඩක්. ඒ මිත්‍රත්වය ගොඩනඟා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස තමයි මෝදි මහතා ලංකාවට එන්නෙ. ලංකාවත් ඉන්දියාවත් කියන්නෙ එකිනෙකින් වෙන්ව පවතින්න බැරි රටවල්. අපි දෙපිරිසටම තද සම්බන්ධයක් ‍ ඕනෙ.

සංස්කෘතියේ ඉඳලා දේශපාලනයේ ඉඳලා ඒ සම්බන්ධය පවතිනවා. රටවල් දෙක අතර ධීවර ප්‍රශ්නය වුණත් බරපතළ විය හැකි එකක් නිසා කාටවත් අසාධාරණයක් නොවන ලෙස ඒක විසඳාගන්නත් මෝදිගේ ආගමනය වැදගත් වෙනවා. ඇත්තටම මේ රටවල් දෙක අවංක මිත්‍රත්වයකට පා තැබිය යුතුයි. එහෙම වුණොත් ඉන්දියාව අපිට ශක්තිමත් මිතුරෙක්්‍. දේශපාලනිකව ගතහොත් මේ සබඳතා වර්ධනය රටවල් දෙකෙහිම කලාපීය ස්ථාවරත්වයට හරිම වැදගත්.

රාජපක්ෂ රජය විදෙස් සබඳතා විෂයේදි බටහිර රටවල්වලට ඇති කවුළු සම්පූර්ණයෙන් ම වසා දමා තිබුණා. මෛත්‍රි ආණ්ඩුව බටහිර සමඟ සබඳතා වලට කවර ප්‍රවේශයක් ගත යුතු ද?

විමල් වීරවංශ නුවරදි ප්‍රකාශයක් කරලා තිබුණා වරාය නගරය නවත්වන්න හදන්නෙ ඉන්දියාවෙත් බටහිර රටවලත් වුවමනාවට කියලා. ඔහුගේ දේශ හිතෛෂීකම අනුව port city රටට අවශ්‍ය ද නැද්ද කියලා කියන්නෙ නැහැ. අපි කාට වූවත් පෙන්නුම් කරලා දෙන්න ඕන අපි තීරණ ගන්නෙ රට ගැන හැඟීමෙන් හා සද්භාවයෙන් කියලා. එතකොට ඔය ඕනෙම‍ කෙනෙක් ලංකාව ගැන තේරුම් ගනීවි. ඉන්දියාව සතුටු කරන්නයි අපි පෝට්සිටි නැවැත්තුවෙ කියන එක වැරදිම මතයක්.‍‍

රාජපක්ෂලා බටහිර රටවල් වලට දොර වැසුවෙ මානව හිමිකම් පිළිබඳව ප්‍රශ්න කරන තත්ත්වය තුළයි. සාමාන්‍යයෙන් බටහිර සාමාන්‍ය ජනයා අයුක්තියට අසාධාරණයට ලක්වන පිරිසගේ පැත්ත ගන්නවා. ඒක ඔවුන්ගේ ස්වභාවය. උදාහරණයක් වශයෙන් ඉරාක යුද්ධය වෙලාවෙ ලන්ඩන් නුවර ලක්ෂ 10 ක ජනතාවක් පෙළපාළියේ ආවා.

ඒ යුද්ධය කරන්න එපා කියලා. බ්‍රිතාන්‍ය රජය ඒ ජනයාට කිව්වෙ නැහැ දේශද්‍රෝහීන් කියලා. ජනතාව තම මතය ප්‍රකාශ කළා. ආණ්ඩුව ඉරාකයට ඇඟිලි ගසන එක නැවැත්තුවෙත් නැහැ. අපි ඔහොම දෙයක් වූවා නම් පළමුව පෙළපාළියේ ආපු අයට දේශද්‍රෝහියෝ කියනවා නෙ. බටහිරදි සාමාන්‍ය ජනයාට ආණ්ඩුවලට බලපෑම් කිරීමේ ඉඩ ලැබෙනවා.

සාමාන්‍ය ජනයා හැම විටම දුකට පත් ජනයාගේ පැත්ත ගන්නවා. මේ සංස්කෘතික ලක්ෂණය අපි බටහිර සමඟ ගන‍ුදෙනු කිරීමේදී ‍තේරුම් ගත යුතුයි. ඊළඟට තව කාරණයක් තියෙනවා. දෙමළ ඩයස් පෝරාව ගනිමු. ඩයස් පෝරාවේ වියපත් අයගේ ලංකාව පිළිබඳ අත්දැකීම් හොඳ එකක් නෙමෙයි.

අපි හිතමු කළු ජූලිය නිසා රටින් ගිය කෙනෙකුගේ මතකය ‘83 තමන් වින්ද අත්දැකීම ළඟ නැවතිලා තියෙනවා. එයා තමන් ඉන්න බටහිර රටට කියන්නෙ ඒක. ඒ අනුවත් බටහිර අපි ගැන සමස්තයක් ලෙස තීරණය කරන්න ඉඩ තිබෙනවා. බටහිර සමඟ ගනුදෙනුවේදී ඉවසීමෙන් මේ සියලු පැති මැදහත් ලෙස බැලිය යුතු වෙනවා. වැරදි අවබෝධය සමනය කරන්න නම් අපි රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් විවෘත ගනුදෙනුවකට යා යුතුයි. මම හිතන්නෙ දැන් ඒක කෙරෙමින් පවතිනවා.

මෙරට ජනයාගේ ප්‍රශ්නය සතුටුදායක වන විට බටහිර අපේ ප්‍රශ්නයත් විස‍‍ඳෙනවා. විශේෂයෙන් බටහිරින් එන බලපෑම හා පීඩනය ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳවයි. මෙතන ප්‍රජාතන්ත්‍රවාදි රාමුව ශක්තිමත් වෙන‍කොට පීඩනය අඩු වෙනවා. පණිවිඩය හරියට එළියට යන්නත් ඕනෙ. ඒ සඳහා තමයි විදේශ සේවයේ සිටින අත්දැකීම් ඇති අය පාවිච්චි කරන්න ඕනෙ. විශේෂයෙන් ම රට අභ්‍යන්තරයේ සමාජ ප්‍රතිසංස්කරණ කිහිපයකුත් සිදුවෙමින් පවතින නිසා බාහිර ප්‍රශ්නය ජය ගන්න මේ ආණ්ඩුවට හැකි වේවි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්