පොත් පුවත්
 සසුන'ඹර ගුරු තරුව - 2
“සමිඳුනි අවසරයි” 06 දා දොරට වඩී
මතුගම මහින්ද විජේතිලක සහ දියගම ඩබ්ලිව්. ජී. වීරවර්ධන යන මහත්වරු විසින්
සම්පාදනය කරන ලද ‘සසුන'ඹර ගුරු තරුව (2) - සමිඳුනි අවසරයි’ ග්‍රන්ථයේ නවතම
මුද්‍රණය මේ මස 06 වැනිදා අඟහරුවාදා උදේ 10.00 ට කොළඹ මරදානේ, දයාවංශ ජයකොඩි
සහ සමාගමයේ නව පොත් ප්‍රදර්ශනාගාරයේ දී දොරට වඩී.
බළංගොඩ නාහිමිපාණන් වහන්සේ ඉතා ළඟින් ඇසුරු කළ අයවලුන් වන මෙහි කර්තෘවරු
දෙදෙනා උන්වහන්සේගේ ජීවන තොරතුරු ඉතා හොඳින් දැන සිටියෝය. එමඟින් දැනගත්
විශේෂ තොරතුරු බෞද්ධ ලෝකයා හමුවේ තැබීමට ‘සසුන'ඹර ගුරු තරුව (2) - සමිඳුනි
අවසරයි’ ග්‍රන්ථය රචනා කොට ඇත.
People Engineering
Conversations on a Caring Craft
ආචාර්ය අජන්තා ධර්මසිරි ගේ
People Engineering Craft සමාජ වටිනාකම් පිළිබඳ
ලියැවුණු අගනා ග්‍රන්ථයකි. කතුවරයා පාඨකයාට උපදෙස් දෙන්නේ මිනිසාගේ හදවතට
හා බුද්ධියට ආමන්ත්‍රණය කරන අන්දම ගැනයි. ඔහු මේ සඳහා විවිධ උපාය මාර්ග ගෙන ඇත.
මිනිසුන් නිවැරැදිව හඳුනා ගැනීම, පුද්ගලයන් පාලනය කිරීම, ඔබ රැකියාව කරන
ස්ථානයේ ව්‍යාපාරික හා පුද්ගල ගැටළු නිරාකරණය හා ඒ අය පිළිබඳව වෘත්තීය
මට්ටමින් ක්‍රියා කරන අන්දම මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.
ව්‍යාපාර ක්ෂේත්‍රයේ සෑම මට්ටමකම සේවයේ යෙදෙන්නට සේම සාමාන්‍ය පාඨකයාට ද මෙම
ග්‍රන්ථයෙන් විපුල ඵල නෙළාගත හැකිය.
ගුණසේන ප්‍රකාශනයක් වන මෙහි මිල රු. 600/-
ආර්ය සැපය
කර්තෘ -
පූජ්‍ය පොල්ගහවෙල මිතභාණී හිමි
මිල - රු. 190
ප්‍රකාශනය - සාහිත පොත් පියස
නිකෙලෙස් උතුමන් විසින් අත්විඳින සැනසිල්ලක් ෙව් නම් එය ආර්ය සැපයම වන අතර
එය තෙවැදෑරුම් වේ. එනම් ආර්ය ධ්‍යාන සම්පත්තිය, ඵල සමාපත්තිය, සංඥා වේධිත
සමාපත්තිය වශයෙනි. මෙය තථාගතයන් වහන්සේලා දෙසූ දහමයි. සැපයට කැමති වූ
සමිජ්ජිත තෙරුන් වහන්සේ ආදර්ශයට ගෙන අප්‍රමාද දහම ඔස්සේ ආර්ය සැපතට පත්වීමට
මේ කෘතිය පරිශීලනය කිරීම වටී.
කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ
මන්තර පොත
මෙරට හැම ගම්මානයකම සිටින වැඩිහිටි පරපුර කොණ්ඩදෙණිය හාමුදුරුවන්ගේ
යන්ත්‍ර මන්ත්‍ර හැකියාව ගැන දැන සිටිති. උන්වහන්සේගේ එම හැකියාව පිළිබඳව
තොරතුරු කෘතියකට ගොණු කළ නන්දසේන සූරියආරච්චි මහතා මෙරට ප්‍රවීණ
මාධ්‍යවේදියෙකි. ඔහු රිවිර පුවත්පතට කොටස් වශයෙන් සැපයු කොණ්ඩදෙනියේ
හාමුදුරුවන් පිළිබඳ ලිපි පෙළ කෘතියක් ලෙස එළිදක්වා ඇත.
සමාජීය විද්‍යා ලිපි
කර්තෘ - නදීරා ජයතුංග
මිල - රු. 450
ප්‍රකාශනය - නුවණී ප්‍රකාශන
සමාජ විද්‍යාව යනු සමාජයේ සියලු පැතිකඩයන් න්‍යායාත්මක සහ ප්‍රායෝගික ලෙස
අධ්‍යයනය කළ හැකි පුළුල් විෂය පරිපතයකට අදාළ විෂයකි. මෙම අදහස පෙරදැරිව
ලියන ලද මේ කෘතිය තුළින් අපරාධ විද්‍යාව, සමාජ මනෝ විද්‍යාව, වෛද්‍ය සමාජ විද්‍යාව
යන විෂය ක්ෂේත්‍රයන්ට අදාළ වූ විවිධ මාතෘකා රාශියක් පෙළගස්වා ඇත.
Vignettes
of life
කර්තෘ - ආර්. ඇස්. කරුණාරත්න
මිල - රු. 400
ප්‍රකාශනය -
ස්ටැම්ෆෝර්ඩ් ලේක් ප්‍රකාශන
මේ කෘතිය මඟින් අපේ ජීවිතයට අදාළ ප්‍රශ්න පිළිබඳව දර්ශනාත්මක හා
මනෝවිද්‍යාත්මකව සාකච්ඡා කෙරේ. චාල්ස් ලෑම්බ් හා විලියම් හැස්ලිට් ගේ රචනා
ආකෘතිය අනුව ලියැවී තිබේ. අධ්‍යාපනය, ළමයින් හැදීම, සුබවාදී ආකල්ප, ආත්ම
විශ්වාසය, මුහුණ කියැවීම, විශ්වාසය හා භක්තිය, පුවත්පත් අනාගතය, වියරණ හෝ
වටිනාකම් නිර්මාණශීලිත්වය ආදි විවිධ මාතෘකා රාශියකින් ලියූ ලිපි මෙහි
ඇතුළත්ය.
අහසට සරුංගලෙන්
කර්තෘ - සිරී අබේසේකර
මිල - රු. 100/-
ප්‍රකාශනය - ඉසුරු ප්‍රකාශනයකි
වයස අවුරුදු 10 - 12 වයස් සීමා අතර ළමා මනසට උචිත වන ලෙස ලියා ඇති මේ ළමා කතාව
විද්‍යාත්මක පදනමක් ද සහිතව ලියා තිබීම විශේෂයකි. විද්‍යා ළමා කතා විරල
යුගයක මේ කතාව දරුවන්ට විද්‍යාව පිළිබඳව ද යමක් කියා දෙයි.
|