මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»


සංක්‍රාන්තිය

සංක්‍රාන්තිය

උඩබැලි අතට දිගෑද්දී නළලේ සිට හිසකෙස් අතර අතඟැලි තුඩුවලින් පිරිමදිමින් සිටි තිස්ස තම පපුව මතින් රශ්මි ගේ අත ගෙන හෙමිහිට කොට්ටය මත තබා යහනේ වාඩි විය.

කිරිපාට කුඩා විදුලිය බුබුළින් නැගෙන එළියෙන් රශ්මි තවත් පැහැපත්ය. ඇය පැත්තකට හැරී වකුටු වී හොඳහැටියට නිදයි. යට ඇඳුම් රහිතව සුදු පැහැති දුහුල් ඇඳුමින් යුතු රශ්මිගේ නිරුවත හඳුනාගත හැකිය. යහනට තද වී ඇති අගේ එක් පියයුරක් කර වාඩිය උඩින් තෙරපෙයි. විදුලිය පංකාවේ සුළඟින් ඇඳුම ඇ‍ඟේ පසු පසටම ඇලිලාය.

උදේ සිට කොල්ලුපිටියේත් පිටකොටුවේත් තිස්ස සමඟ හක්කලංකර හෙම්බත්ව ගෙදර පැමිණි රශ්මි නාගත්තේ කරුවලේය. රාත්‍රියේ නෑවොත් ඇගේ පීනස් අමාරුව තද වේ. එවිට ඇය හුස්ම ගන්නේ කටින්ය. ගෘහ විද්‍යා ගුරුවරියකු වූ ඇය හෙට උදේ පාසල් යෑමට පෙර කිවිසුම් අරිමින් නැහැයත් උගුරත් සුද්ධ කිරීමට වැඩි කාලයක් ගත කරනු ඇත.

මැදියමට ළංව රාත්‍රියේ තවමත් සඳ පායා නැත. අඳුර හද්දා අඳුරේය. කුඩා නගරයේ සිට මඳක් දුර ප්‍රධාන පාරකට යා වෙන පටු පාරේ දැන් වාහනයක් නොයන තරම්ය. ඒ පාරේ බොහෝ තැන්වල ඇත්තේ මිනිස් වාසයෙන් තොර හැල්බිම්ය. ගංවතුරෙන් යටවෙන එහි කේඩෑරි ගස්වල එතීගිය වැල්ගාලින් යුතුය. පටුපාරේ තැනිතලාවේ තිස්ස ගේ නිවස පිහිටි වෙන්දේසිවත්ත පුරාම නිශාචර ඒකතානමය හඬින් නිශ්ශබ්දය. එහි ඇත්තේ අවිනිශ්චිත ප්‍රකම්පිත බවකි.

නොපැහැදිලි කිසිවක ආරම්භයක් සොයන්න මෙන් අතීරණාත්මක රශ්මි දෙස බලා සිටි තිස්ස හිතුවේ හීං සැ‍ෙර් කුස්සියට වැදී අමු කහට උගුරක් බී ඉස්තෝප්පුවට ගොස් සිගරැට් කෑල්ලක් බීම මැනවයි කියාය. ආදරය කරන කාලයේ රශ්මි තිස්සගේ දුම්බීම ගැන අනුකම්පා සහගත ලෙස ඉවසීමෙන් මැසිවිලි නැවත් විවාහ වී මාසයක් ගතවන විට ඇය එයට බොහෝ නිදසුන් සපයමින් හඬ නඟමින් එරෙහි වූවාය. එහෙයින් යළි ඇඳට යා යුත්තේ හොඳින් දත කට මැද පොඩි බුලත් විටකින්ද සප්පායම් වෙලාය. කොළඹ දී රශ්මි නිසා දුමක් නො ඇද කට සෙවල වූ නිසා ගත් බුලත් විටේ ඉතිරිය තවමත් සාක්කුවේ ඇත.

සිගරැට්ටුවෙන් කෑල්ලක් කඩා අනෙක් කෑල්ල ගිනි පෙට්ටියේ එබූ තිස්ස පෙණහළු පුරා දුම් උගුරු දෙකක් ඇද්දේය. දුරින් ගෙවල් පිහිටි වෙන්දේසි ඉඩමේ විදුලිය ලබාගෙන ඇත්තේ ගෙවල් දෙක තුනකට පමණි. කිසිදු පහන් එළියකින් තොරව හැම තැනම ඇත්තේ අඳුරය. එක් වරක් කොහෙන්දෝ නැණු බිලිඳු වැලපුම් හඬක් ඇසී නෑසී ගියේය. පුංචි උන් දකින ඇතැම් බිලිඳු හීනවලට ඔවුන් තිගැස්සෙන්නේය.

විසි අට හැවිරිදි තිස්ස පිරිවෙනක සිංහල ගුරුවරයෙකි. ඔහු කවියට වඩාත් කැමැතිය. ඔහු ප්‍රස්ථාර සහ සිත්තම් සහිත “ළමා ගී පොත් තුනක් පළකර තිබේ. අපවත් වූ හාමුදුරු දෙනමක් ද හැට විය සපිරුණු හාමුදුරු කෙනෙකුගේ ද චරිත කතා ඔහු ලියා තිබේ. ඉඳහිට පුවත්පතක පළවෙන ඔහු ගේ කවි මතක හිටින තරමේ ඒවාය. එහෙත් දැන් මාසයක හමාරක සිට ඔහුගේ සිතට කවි සිතිවිල්ලක් නූපදී.

රෑ දෙගොඩ හරියක් වෙනතුරු අනෙක් කාමරයේ මේසය ළඟ හිඳ තිස්ස කියවනවාට ලියනවාට දැන් රශ්මි විරුද්ධය.

“නිකං නිදිමරනවා. ඇයි නිදාගන‍්නෙ නැද්ද?” හරි හැටියට නිදි නොලත් රශ්මිගේ දෙනෙතින් නිදිමත බේරෙයි.

“කාලෙකින් ලියන්න බැරි වෙච්චි හින්ද පශ්චාත් නූතන වාදය ගැන අලුත් විදිහට කවි පන්තියක් ලිව්ව.”

“ඕව යැව්වැයි කියල වැඩැක් තියෙනවයැ. තඹ දොයිතුවක්වත් හම්බුණ එකක්යැ” රශ්මි පැමිණ අනෙක් පුටුවේ වාඩි වූවාය.

“මෙහෙම ඉඳල හරියන්නෑ. අපි ගෙයි ඉස්සරහ වෙනස් කරල මුළු ගේම ටයිල් කරමු.”

අතර මැද ගංවතුරට යටවෙන පාරක පිහිටි වෙන්දේසි වත්තේ එක ගෙයක්වත් වැඩ අවසන් කර නොමැත. බොහෝ ගෙවල්වල ජනෙල්වලට ගසා ඇත්තේ ඉටි කොළය. නැත්නම් පිටපලුය. අත්තිවාරමක් මත තැනූ ලෑලි ගෙයක් ද තිබේ. තවමත් විදුලිය ලබා නොගත් ගෙවල් හත අටක් තිබේ.

ඒ අතින් තිස්ස හැදූ ගේ ‍දොර ජනෙල් සහිතයි. ඇතුළත හුණු පිරියම් කර ඇත. එහෙත් මුළු බිමම කොන්ක්‍රීට් කළ ගමන්ය.

“සල්ලි තමයි ප්‍රශ්නෙ.” තිස්ස කීවේය.

“මාත් ඉතුරු කරපු ලක්ෂ තුනක් විතර තියෙනවනෙ. අපි අධ්‍යාපන සමූපකාරෙන් හවුසින් ලෝන් එකක් ගමු.”

දැන් රශ්මිට නිදිමත නැත. එහෙත් ඒ රාත්‍රියේ ම තිස්ස ගේ කවිකම සිඳී ගියේය.

සේවා සැසියකදී හමුවී අවුරුද්දක් ආදරය කර ඔවුහු දෙපැත්තේම ආශිර්වාදයෙන් විවාහ වූහ. තිස්ස ගේ අක්කා වැන්දඹුවක්ව තම දරු තිදෙනා සමඟ සිටින්නේ මහ ගෙදරය. මල්ලී පරිගණක පාඨමාලාවක් හදාරයි.

රශ්මි නංගිලා දෙදෙනෙකුගේ යුතු පවුලේ වැඩිමලාය. තිස්ස ගේ පියා ගොවියකු වුවද රශ්මිගේ පියා තැපැල් පියුන් කෙනෙකි.

තිස්ස ගේ කවි සිතට ප්‍රථම දිනයේ රශ්මිව හැඟුණේ කවියක් වගේය. ඇය පිරිපුන්ය. පැහැපත්ය. කතාව කෝමල ස්වරයෙන් යුක්තය.

ඇතැම්විට එකල පුවත්පතක පළ වූ ඔහුගේ කවි පන්තියක් රශ්මිට පෙන්වීය. ගුරුවරුන් අතර තිස්ස ගේ නාමය අප්‍රකට නැතිබව රශ්මි දනී.

“ලස්සනයි. තව ලියන්න!” ඇය කීවාය.

එහෙත් විවාහයෙන් මාසයකට පසුව රශ්මි වෙනස් වූයේ හිතන්න බැරි විදිහටය. ඇය බෙහෙවින් කඩිසර විය. ඒ සමඟම ඇය කාර්ය බහුල විය. ගේ ඉදිරිපස දෙපැත්තේ අඹ ගසකුත් රඹුටන් ගසකුත් රෝපණය කළ ඇය පිටුපස කතුරු මුරුංගා රම්පේ කරපිංචා සහ මිරිස් සිටුවීය.

සෙනසුරාදා සහ ඉරිදා ඇය නිවසේ ගත කළේ ඇවිදින තෙල් බේත් සාප්පුවක් වගේය. තිස්ස නොදැන සිටි එහෙත් අවුරුදු ගණනාවක් තිස්සේ ඇය පීනස් අමාරුවට ලංකාවේ පමණක් නොව ඉන්දියාවේ ආයුර්වේද තෙල් ද ගැල්වූවාය. සුන්දර කවියක් සේ සිතූ රශ්මි බොහෝවිට ඇඟපතවත් නොසෝදා නිදි යහනට ආවේ පීනස් කරුමය නිසාය.

ඇතැම් සති අන්තයක තිස්ස කැටුව රශ්මි ලෑ නිවසට යන ඇය එහි දින දෙකක් ගත කරයි. රශ්මි ගේ නංගිලා දෙදෙනාම ලස්සනය. එයින් දෙවෙනි නංගී අරුණි කලා අංශයෙන් උසස් පෙළ හදාරන්නීය. ඇය තිස්සට සලකන්නේ ආදරණීය බැති සිතකිනි.

“අපේ සුනිල් සර් සිංහල පන්තියෙදි කිව්ව තිස්ස අයියගෙ කවි සුවිශේෂී වෙනව කියල.”

තිස්ස සුනිල් සර් හඳුනයි. ඔහු ප්‍රකට ගීත කීපයක රචකයෙකි. රැඩිකල් විදිහට සාහිත්‍ය විචාරයේ යෙදෙන්නෙකි.

“සර් දන්නවද මං නංගිගෙ මස්සිනා කියල.”

“නෑ. ඒත් ළමයි දන්නව.” සමහරවිට මේ කතාබහ මැද්දට රශ්මි ප්‍රවේශ වේ.

“කවි ලියල මක්කරන්නද නංගියෙ. තිස්සම කියනව කෝටි දෙකක් ඉක්මවන මිනිස්සු ඉන්න රටක කවිපොත් ගහන්නෙ දෙසියපනහයි කියල.”

අරුණි නංගිගේ දෙනෙතට නැගුණේ සංවේගයකි. එහෙත් එය වඩාත් අර්ථ නිරූපණය කරන්න තිස්ස වෑයම් නො කළේය. තිස්ස එසේ කීවේ දේශයේ පොදු වින්දනය හීන වීම පිළිබඳවය. හැබෑ සාහිත්‍ය කලාවට ඇත්තේ මිළ කළ නොහැකි වින්දනීය වටිනාකමකි.

රශ්මි සොඳුරු ආදරණීය මව බැහැර කරදමා අර්ථ සංවර්ධිත කුටුම්භයකට ලොබ බැඳ අහවරය. ඇය දරුවෙකු පිළිබඳව සිතන්නේ ‍ගේ දොර හදා අහවර වීමෙන් අනතුරුවය. ඇය දැන් නිදි යහනේදී පවා කතා කරන්නේ භෞතික සම්පත්වලින් යුතු ජීවිතයක් පිළිබඳවය. ඇය සොඳුරු ප්‍රේම රාග සිතිවිල්ලෙන් බොහෝ දුරස්ය. තමාව උණුසුම් ලෙස සිප ගැනීමට යත්ත දරන තිස්සට රශ්මි විටෙක මෙසේ කියයි.

“අද ඉස්කෝලෙ බෙඩ් ෂීට් සීට්ටුවක් දැම්ම. මං කෑලි දෙකක්ම ගත්ත.”

තමා ප්‍රථමයෙන් දකින විට සිටි රශ්මි ගේ රුවෙන්ම යුතු දෙවෙනි නංගි අරුණි එයට හාත්පසින් ම වෙනස් චරිතයක් වූයේ කෙසේ ද? ඇය තිස්සට දිගටම ලියන්න බල කරන්නීය. ඒ හැම දෙයක්ම අගය කරන්නීය. තිස්ස ලියන බොහෝ කවි ඇය එකතු කරන්නීය.

“නංගිලට රිවිෂන් පටන් ගන්න කොට ඇවිත් අපේ ගෙදර නතර වෙන්න. තිස්ස අයියගෙන් පාඩම් අහගන්නත් බැරියැ.” රශ්මි නංගිගේ විභාගය ගැන උනන්දුය.

අවපසට බො‍හෝ ළඟින් කුඩා සඳ පළුවක් නැගෙනහිරින් පායා එයි. අහසේ මූසල අඳුර හෙමිහිට තුනී වේ. මඳ සඳ එළියේ සුළඟ ප්‍රණීතය. එහි ඇත්තේ ගොයම් කපා පෑගූ අලුත් මැඩුවන් සුවඳය.

යළිත් නිදන කාමරයට ගිය තිස්ස දුටුවේ රශ්මි උඩබැලි අතට දිගෑද්දී හඬ නගමින් කටින් ආශ්වාස ප්‍රශ්වාස කරන බවය. ඇගේ නිදන ඇඳුම බෙහෙවින් උඩටම වෙලාය. රශ්මි නිදා ගන්නා විට කිසිම පිළිවෙළක් නැත. නිවසේදී කොතෙකුත් දකින ඇගේ නිරුවතේ ආගන්තුක නැවුම් සුන්දරත්වයක් ඇත්තේ ම නැත.

රශ්මි ගේ නිරුවත වසා ඇඳුම සකස් කර යහනේ අනෙක් පසට හැරී නිදන්න ගිය තිස්සට සිතෙන්නේ අද අධ්‍යාපන සමූපකාරයෙන් අනුමත කළ ණය මුදලින් ගෙයි වැඩ ඉක්මණින් අහවර කිරීම මැනවයි කියාය. තමාගේ පොත් කාමරය ද මැනවින් සකස් කළ යුතුය. ඒ කාමරයේ විදුලිය බල්බය පිච්චී ගියේ දින දෙකකට පෙරයි. වඩා ආලෝකයෙන් යුතු බල්බයක් එහි සවි කළ යුතුය. රශ්මි ගේ දෙවෙනි නංගී අරුණි පාඩම් කිරීම සඳහා නතර වන්නට එන්නේ ඒ කාමරයටය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්