කව් සිළුමිණ

සංස්කරණය - රත්න ශ්‍රී
විජේසිංහ

සටහන- කවිය යනු සැබෑ
ඩීවිතයෙන් ඈත් වූ සෞන්දර්යය යන ආචිර්ණ
කල්පිත මතය ප්‍රතික්ෂේප කරණරචනයකි
මේ.කවි ලිවීමට වඩා බොහෝ දේ ජීවිතයේදී ඇතැයි
කියන මුත් බන්දුල ජයවීරට කවියක් වන්නේ එකී
සිහින කවියම සැබෑවක් කරන ජීවිතයමය.
කවිය සහ දිවිය
සුසුදු
කැටි වලාකුළු පෙළින් ලංකෘත
අහස සරසන පොහොය සඳ යට
මුහුදු වෙරළක...
මගේ සිත කය භාවනාවෙක
දිව අවුත් රළ
සිප වැලඳ වෙරළට
සිනා පෙණ පිඬු විසුරුවාලන
හඬා වැලපෙන
ඉතින් සොඳුරිය
එක්ව දිවි කාලයම
ගෙවුව ද
පදයෙන් පදයගෙත්තම් වන කවිය මැද්දට
“තාත්තේ මට අයියා ගැහුවා”
කියාගෙන හඬාගෙන
පොඩි පුතා පැමිණ ඇත
බිරිඳ රැ වැඩට ගිය ගෙදරක
කවි ලියනවාට වඩා
කරන්නට බොහෝ වැඩ ඇත
බතින් කවි සිහිනයෙන් නික්මී
මහ පොළවට බැස...
සැබෑ ජීවිතය වෙත යමි
පියන්කාරගේ බන්දුල
කර සුවඳ
හැමදාම සම්බෝලෙ රහ දිවට දැන් අපුලයි
කට්ට කරවල සුවඳ එත් මිල වැඩියි හරි ඉහළයි
කමක් නැහැ දෙසිය පනහක් අදට සැහෙයි
මයියොක්කා අලේ තම්බලා ගමු
දිවිය බෝජන දෙවැනි තැනටයි
ඉහළ යන රස්සාවේ සුවඳ ගස් ගඳ වුණත්
දන්නවා නුඹට මං සුවඳයි
පැලට ආ පමාවට පුළුටු ගඳ දැනුණා මට
පෑළ දොර නැගුණු දුම නුහුරුයි
ඒ පාර..උඹෙ මුණ අඳුරුයි
කට්ට කරවල ඉතුරු අඟුරුයි
ඕපදුපෙට නොයන චැනල් ළඟ තනි නොෙවන
උඹට පොඩි පමාවක් වෙන්න ඇති
වරද පිළිගෙන සමා යදින දුක්බර දෑස
මගෙ කේන්තිය සැනින් නිවන්නැති
හෙනහුරා පැන්නේ දුප්පත් කටට
කොහෙද...ඌ අපේ ළෙහි පපුකමට
සම්බෝල එක්ක බත් අදට හොඳටෝම ඇකි
වගක් නැහැ දුක්මාංසිය හිතට
ජයන්ත නිමල් සිරි
උදා නව වසර සෙත් දේවා දැයට
බෙදා හැමට සම්පත සාමය සතුට
විදා කිරණ සොමි රැස් සනහස ලොවට
සදා සහන ලැබදී ඇති නැති තැනට
උදා නව වසර සෙත් දේවා දැයට
බිඳුන සිත් නැවත එකිනෙක බැඳෙමින
රිඳුන තැන් සුවව සැමදනගෙ වෙසෙසින
ඇදෙන මඟ නැඟෙන කම් කටොලු බිඳිමින
මිදෙන දෙසට එත්වා සියලු දුරු ගුණ
නිදහස් රටක ඉදිරයෙ සුබ ලකුණු දැන
අදහස් වුණ දෑ සමගියම වඬමින
මදහස් වාසනා හැම වතක රඳමින
දෙදහස් පහළොවින් ජය පතමු එළඹෙන
තෙප්පනාවේ ගුණවර්ධන
නුඹ
නුවරින් නුවර යසත් ඉසුරත් උපයන
හදකින් හදට ජිවිතය අයදින
පොහොසත් ම සිඟන්නාය නුඹ
සැනෙකින් සිතක සිනාවක් වි පිපෙන
තමන්ගේ කඳුළ වලාවක් කර මුදන
ඉපිලෙනම වැලපෙන්නාය නුඹ
සීරුවෙන් සිර කර ළයෙහි උණුහුම
වෑයමෙන් ජීවිතේ ලය මවන
විඳවනම වයන්නාය නුඹ
පෙම් අමා මී සිඳෙද්දිත් යළි මවන
දිවි බඳුන මදිරාවෙන්ම පුරවන
ආදරණීයම බේබද්දාය නුඹ
මඟ යමින් මඟ සොයා වෙහෙසෙන
සොරා ගනිමින් හිත් බෙදා බිඳලන
මං මුලා වූ මං පහරන්නාය නුඹ
උපෙකලා අතුකෝරළ
නව වසරට
දිවි නිලඹරෙහි උල්කා අකුණු හීනව
රස ලොල් බිඟු කැලට සිව් මියුරු දානව
ගුණයෙන් නැණෙන් මිහිරෙන් නිබඳ පීනව
සැරඳේ සමග්ගව සම්මෝද මානව
අසෝක ද සිල්වා
එදා සහ අද
තතනමින් විළි රුදා විඳ
එළි දුටු උල්පත
දෑළ'වුර සිප සිප
දඟ කරමින් මඟ තොට
ගලා ගිය ‘යුරු
හද බිතෙහි සිත්තමකි ඉඟිපාන
රැඳී රැඳී තැන තැන
රොඩු බොඩු එකතුකර
පල් වෙමින
ගලා යන දිය පාර
කරමලක් විය නිතර දුටු සැවුලාන
ඒ.ඒ බදුර්නිශා
දෙවි පැනයක්
වළාකුළු අතර හිඳ
බලා මහපොළව දෙස
සිනාසෙන දෙවියෙකුට
දැනේවිද කුස ගින්න
සුදත් ගාමිණි බණ්ඩාර
මහා භූමි පුජාව
උපන් ගම් බිම්වල
කුඹූරු වතුපිටි
ගෙවල් දොරවල්
පුජා කරන්නට පෙළ ගැසෙන
වෙසතුරු පරපුරේ
භුමී පුජා පෝලිම
සියැටල් ,
අනේ මෙතැනට එන්න
ගලන දිය පහරට
හමන මද සුළඟට
නිල්ම නිල් අහසට
වාගේම
මුල් සිදීමේ දුකටද
මිල නියම කළ නොහැකි බව
මේ මහත්තුරුන්ටත්
කියා දීලා යන්න.
කවම කවදාවත්
අධිවේගී ගමන්
සිහිනයෙන්වත් නොමදුටු
මේ අහිංසක සිත්
මුළු දිවිය පුරාවට හරි හම්බ කළ දේ
හැදු වැඩු ගහ කොළ
මෙන්න දන් දෙනවා
වේගයෙන් යන අයට
වාත වේගෙන් යන්න
හම්බ කරනා අයට
හිතූ හැටියට හම්බ කරගන්න
පැයට සීයේ වේගෙන්
අලුත ඇරෙනා පාරට
අජිත් කල්‍යාණ අමරසිංහ
නිහඬ වීම
නේක කුසුම් පිපී
සුනිල ජලාශේ
සුවඳ විහිද වු
අතීතයේ...
සිඳී ගිහින්අද
වැදී නියං සැර
මගෙ සිත වාගෙම
අකාලයේ...
කෙසේ කියන්නද
සිතේ තිබෙන දුක
අසා සිටින්නෙකු
නොමැති පැයේ...
විල් තෙර වාගෙම
මමත් නිහඩ වෙමි
මතකය ගොනුකර
තබා ඔහේ...
දිලංගනී ප්‍රනාන්දු
සැදෑ සමය
හදේ කම්පිත
සුසුම් මැද නුඹෙ
සොහොන් ගැබ ළඟ ඇන තියා
බලමි සොඳුරියෙ අප ෙදෙදන මැව්
සොඳුරු ලෝකය කොහි කියා
විසිරි නටඹුන්
කැරලි වී
හී තුඩග ඇමිණී නෙත වදී
උඹේ අතැඟිලි සෙනෙහෙ සොය සොය
ඉද්ද මල් තව කිරි වදී
මගේ උණූහුම
ගිනිහලක්වී
සිහිල ඉල්ලා හිරු රැසින්
අපේ ලෝකයෙ කිරුළ අතහැර
දරු පැටව් දුරු රට ගොහින්
ප්‍රගීත් කිරිඇල්ල

මේ විෂ ගස
විරසක
විමි මම මගෙ සකි සමඟින්
පැවසිමි තරහව නිවුන විගසින්
විරසක විමි මා මගෙ රුපු සමඟින්
නොකීමි ඒ ගැන වැඩිවිය ක්‍රමයෙන්
විෂ ගස තෙමුවෙමි බිය මුසු ජලයෙන්
රෑ සහ උදයෙහි කඳුළැලි අතරින්
හිරු රැස දුන්නෙම සිනහව සමඟින්
රුවටිලි සහගත සුදු මුදු ස්වරයෙන්
විෂ ගස වැඩුණා දහවල රැයකින්
දිලිසෙන තුරු රතු ඇපල් ගොඩක් මෙන්
බැබෙළන හැටි මගෙ රුපු ඒ එළියෙන්
ඔහු දැනගති එය මගෙ බව සැබවින්
සොරකම් කළ මගෙ වත්තේ ඇතුළෙන්
රැයෙහි දි ගස මිහිඳුමට වැසීමෙන්
සතුටු වුනෙමි උදයේ දුටු දසුනෙන්
ගස යට “මගෙ රුපු” වැතිරී තනියෙන්
(විලියම් බ්ලේක් ගේ
A POISON TREE
ආශ්රයෙනි)
පරිවර්තනය - තරුෂිනි
සඳුෂා ඕවිටිගල
කුසුමක් කියයි
සබඳ මා
සීත සඳ රැයක
පින්නෙන් පෙඟුණු
කුසුමියකි
නුඹ සිහිලඹ පෙරා
වෙලෙව් දෑතින්
දෝවනය කරනා සඳ
මන්දස්මිතිය සඟවා
නිහඬව සිටින!
සුමනා රූපලතා
කවි සුමිතුරන්ට...
නොනැවතී කවි අහසේ පියාඹන විහඟුන්ට
සරන්නට සුවඳ දී පිපේ මල් මකරන්ද
දහසකුත් දුක් තැවුල් යනෙන මග අතරතුර
සිටීවිය සුමිතුරන් මඟ අරා නිරන්තර
තබා ඇත කවි පිටුව පත් රැඳුනු මේස මත
ඉරා එය බත් ඔතන්නට තබයි කවි පිටුව
නොපෙනේ ය කිවිඳියක කඳුළු විය එහි රැඳුණ
කියන්නට ඇවැසි නැත කොපුළ පිනි ඉසුලු බව
පරව ගිය කවි කැකුළු හදවතේ පුදසුනට
ළිපේ ගිනි ඇවිලේය කුසේ ගිනි සකසුනුව
යළිත් කවි දියැල්ලක ගිලෙන්නට ඇවැසි විට
යා යුතුයි සිතැත්තන් ඇති සොඳුරු හමුවකට
උත්‍රා කුමාර් රණසිංහ

රැවුලක් උවමනාකර තිබේ
කර්තෘ
- නිලුපුල් දිල්ශාන් කාරියප්පෙරුම
ප්රකාශනය - කර්තෘ ප්රකාශනයකි
පාසල් ශිෂ්‍යයකු ගේ පළමුවන අභ්‍යාසය
වුවද “ රැවුලක් වුවමනා කර තිබේ” නම් කවි
සරණියෙහි නිලුපුල් දිල්ශාන්ගේ සියුම්
ප්‍රතිභාව ද හඳුනාගත හැකිය.ආධුනිකත්වය
විසින් සඟවන්නට තැත් කළ ද නිලුපුල් සතු කවි
ශක්තිය එහි රචනා කීපයකට හමු වේ.
“වඳිමි පිහිටුවමින් පසඟ
තවමත් කිරි පොල් කට්ට
ඉවත් නොකළ ගසට
බුද්ධිය වසා නැගුණු
අන්ධ භක්තිය නිසා නොව
අම්මාගේ දෑත් පහස ලද
අවසන් කිරි ගස නුඹ බැවිනි.”
නිලුපුල්ගේ , සුලභ නොවන අත්දැකීමක් ඇසුරු
කරන එක් කාව්‍ය පාඨයකි ඒ.එය අපුරුය.එහෙත්
“අන්ධ භක්තිය නිසා නොව “වැනි අනවශ්‍ය විවරණ
නිසා එහි වින්දනය අඩාල වෙයි. කවියකු එබදු
විස්තර කථනවලට යා යුතු නැත.
“ෙතරපී ලංගම බසයක මම
යමි වංක ගිරියට සතියකට වරක්
අත්සන් කරන්න පොලිස් පොත
සිල් රකින බමුණකුගෙ වත්තේ
පොල් ගෙඩියක් කැඩුවාට නොකියාම”
විවේචක දෘෂ්ටියක පිහිටා නිලුපුල් සිය
අත්දැකීම් එසේ කවියට නඟද්දී ඇතැම් විට
කාව්‍ය භාෂාව පිළිබඳ ගැටලුවලට ඔහු මුහුණ
දෙන බව පෙනේ. සංකල්ප රූප ඕනෑ කරන්නේ කවියකුට
වචන පිරිමසා ගන්නට ය. එබඳු කාව්‍යෝචිත
භාෂාවක් පිළිබඳ කුසලතා නිලුපුල් සතු බවට
නිදසුනකි මේ.
“බිඳී බිසෝ කොටු
සිඳී දිය කඳුර
වියපත්වී වැව් විදානෙලා
වැසුණු පිටවාන
කැඩුණු වෑ කන්ද
පැරකුම් සෙනෙහස සිහි කළා
අභිනව ගුප්ත
|