මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»


 සාහිත්‍ය ප්‍රශ්න පත්ත­රය

පොත් කියැවීමේ පුරුද්ද විමසන මෙම ප්‍රශ්න මාලාව ඇරැඹෙන්නේ, පාඨක ඔබටත් ගත හැකි යමක් එහි ඇති බැවිනි.

නාලක ගුණවර්ධන

* ඔබේ ප්‍රියතම ප්‍රබන්ධ කෘතිය...

මා කියවා ඇති, ප්‍රියතම ගණයට වැටෙන ප්‍රබන්ධ කෘති රැසක් තිබෙනවා. ඒ අතරින් ඩබ්.ඒ. සිල්වා සූරින්ගේ ඓතහාසික හා අද්භූත කතා සියල්ලටම කැමැතියි. විජයබා කොල්ලය සහ ලක්ෂ්මි නවකතාත්, සයිමන් නවගත්තේගම සූරින්ගේ සියලුම කෙටිකතාත් මට ප්‍රියයි.

* ප්‍රබන්ධ නොවන කෘතිය...

බුද්ධිමතුන්ගේ, විද්වතුන්ගේ චරිත කතා කියවන්නට මා තුළ ඇති ඇල්ම නිසාම, නෙල්සන් මැන්ඩෙලාගේ සහ ඇපල් නිර්මාතෘ ස්ටීව් ජොබ්ස්ගේ චරිතාපදාන දෙකට මා බොහෝ සෙයින් ප්‍රිය කරනවා.

* මේ දිනවල ඔබ කියවන්නේ...

මා එක්වර පොත් කිහිපයක් කියවන කෙනෙක්. ලියනගේ අමරකීර්තිගේ ‘කුරුලු හදවත’ මා කාලෙකට පස්සෙ කියැවූ සිංහල නවකතාවක්. ඒ වගේම මා කියවන අනෙක් ඉංග්‍රිසි කෘතිය තමයි, ඩේවිඩ් සුසුකි නම් කැනේඩියානු විද්‍යාඥයාගේ චරිත කතාව.

* කෙනකුට කියවන්න යැයි ඔබ නිර්දේශ කරන කෘතීන් තුනක්...

ඒබ්‍රහම් ටී. කොවුර්ගේ ‘දෙවියෝ සහ භූතයෝ.

එස්.එම්. බන්දුසීල පරිවර්තනය කළ ආතර් සී. ක්ලාක් ‘අභ්‍යවකාශ චාරිකා’ නවකතා පෙළ.

බ්‍රිතාන්‍ය ජාතික රිචඩ් ඩෝකින්ස් ගේ මුල් කෘතියෙන් විජයානන්ද ජයවීර පරිවර්තනය කළ ‘ඇත්තක අරුමය.’

මේ කෘතීන්වලින් තර්කානුකූලව හා විවෘත මනසකින් යුතුව ජීවිතය දෙස බලන්න‍ පොළඹවන අතර, අභ්‍යවකාශ පරිණාමය පිළිබඳ දැක්මකින් මිනිස් වර්ගයා දෙස බැලීමට ඉහත කී දෙවැනි වර්ගයේ පොත් අප‍ පොළඹවනවා.

* පොතක ඔබ වැදගත්කොට සලකන්නේ රචනා ශෛලියද... අන්තර්ගතයද නැතිනම් අවසානයද...

මා වඩාත් සමීප විද්‍යාව, තාක්ෂණය හා සමාජ බලපෑම පිළිබඳ තොරතුරු ලියැවුණු පතපොත ගැන නිසා, ශෛලිය තමයි වැදගත්කොට සලකන්නේ. සරල සුගම බස්වහරකින් සිත් කාවදින, හදවතට මනසට කතා කරන බසකින් ලියැවුණු විට පොතක් සාර්ථකයි. එය මගේ විෂයේදී අත්‍යාවශ්‍ය දෙයක්.

* ඔබ ළමා කාලයේ කියැවූ හොඳම පොත...

ගණනාවක් තිබුණා. ඒ අතරින් 1841 බ්‍රිතාන්‍ය ලේඛක ෆ්‍රෙඩ්රික් මැරියටි අතින් ලියැවුණු මාස්ටර්මන් රෙඩී කෘතියෙන් පී.බී. සේනානායකයන් පරිවර්තනය කළ ‘රණ රාළ’ ප්‍රමුඛයි. ඒ වගේ ම ජවහර් ලාල් නේරුගේ ‘පියකු දුවට ලියූ ලියුම්’ කෘතියත් මට ප්‍රියයි. මේ පොත් කියවන විට වයස 12 - 13 ක් ඇති.

* ඔබ කියැවීමට කැමැති විශේෂ වර්ගයක පොත් තිබෙනවාද...

විද්‍යා ප්‍රබන්ධවලට සහ චරිතාපදාන වලට. මේ සියලු පොත් මෙතෙක් මා කියවා ඇත්තේ ඉංග්‍රීසි මුල් කෘතීන්.

* මෙතෙක් කියැවූ පොත්වලින් ජීවිතයට ලැබුණු දේ...

පොත් හරියට කාල යන්ත්‍ර වගේ. අතීතය වර්තමානය සහ අනාගතය අතර පහසුවෙන් සැරිසරන්නට පුළුවන් පොත් මගින්. සියවස් ගණනකට එපිට හුන් ලේඛකයන් අප අමතන්නේ, අපට මුණ ගැසෙන්නේ පොත් මගින්. ඔවුන් ලියා තබා ගිය දේ අතර අපට ජීවිතය මුණ ගැසෙනවා. අන්තර් පරම්පරා දැක්මක් ලැබෙනවා. මේ සියල්ල මා අත්විඳින්නේ පොත් කියැවීමේ පුරුද්ද මගින්.

* ඔබට අනුව පොතකින් තැනුණු හොඳම චිත්‍රපටය...

1964 - 68 වකවානුව තුළ ස්ටැන්ලි කුබ්‍රෙක් චිත්‍රපට අධ්‍යක්ෂවරයාත් ආතර් සී. ක්ලාක් මහතාත් එක්ව ‘2001’ නවකතාව සහ චිත්‍රපටය කළා. මේ දෙදෙනා‍ෙග් සුසංයෝගයෙන්, වසර හතරක ප්‍රයත්නයකින් පසු එළි දුටු ‘2001’ නවකතාවක් හැටියටත් චිත්‍රපටයක් හැටියටත් සාර්ථක නිර්මාණයක් ලෙසයි මා දකින්නේ. මෙය නවකතාවක් හා චිත්‍රපටයක් එකම අවස්ථාවක බිහිවූ විරල අවස්ථාවක් ලෙසත් හැඳින්විය හැකියි.

* ඔබ ඉහළින් ම අගයන කතුවරයා...

මා බොහෝ ආසාවෙන් කියැවූ ඉංග්‍රීසි ප්‍රබන්ධ රැසක් රචනා කළ ඉන්දියානු ප්‍රබන්ධ ලේඛක ‘අමිතාබ් හෝෂ්'. ඔහුගේ සියලුම කෘතීන් මට ප්‍රියයි.

* ඔබේ ප්‍රියතම සම්භාව්‍ය කෘතිය...

මං නිර් ආගමිකයි. ඒ නිසා ආගමික පතපොත කියවා, මා මගේ මනස කිළිටි කරගන්නේ නැහැ. නමුත් නිර් ආගමික ලේඛකයන් වන බර්මුන්ඩ් රසල්, ජවහල් ලාල් නේරු වැන්නවුන් ලියූ පොත් මට බොහෝ සම්භාව්‍යයයි.

* ඔබේ ප්‍රියතම පරිවර්තන කෘතිය...

මා කුඩා කල කියැවූ ‘රණ රාළ’ මයි. ලංකාවේ පරිවර්තන පතපොත හුඟක් දුර්වලයි. ඒ නිසා මං නිතර කියවන්නේ ඉංග්‍රීසි මුල් කෘතිය පමණයි. නමුත් එස්.එම්. බන්දුසීල සහ සිරිල් සී. පෙරේරා වැන්නවුන්ගේ කෘතීන් පමණක් සාර්ථකව ලියැවෙනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්