මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


සිංගප්පූරුවේ රැකියා අවස්ථා තවත් පුළුල් වේ

සිංගප්පූරුවේ රැකියා අවස්ථා තවත් පුළුල් වේ

සම්මුඛ පරීක්ෂණ සඳහා ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු වරාය අධිකාරියෙහි නියෝජිත පිරිස අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ කළමනාකාරිත්වය විසින් පිළිගත් අයුරු.

ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් තෝරා ගැනීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි සිංගප්පූරු වරාය අධිකාරියේ නිලධාරීන් විසින් තවත් ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකු සඳහා සිංගප්පූරු වරාය ආශ්‍රිතව රැකියා අවස්ථා ලබාදීමට තීරණය කර ඇත.

ලෝකයේ තෙවන විශාලතම වරාය ලෙස සැලකෙන සිංගප්පූරු වරාය මේ දිනවල තවත් පුළුල් කරමින් පවතින අතර, අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික ආයතනය හරහා ශ්‍රී ලාංකිකයන්ට ද මෙම රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කිරීමේ අවස්ථාව උදාකර දී ඇත. “මුල් අවස්ථාවේදී සිංගප්පූරු වරාය අධිකාරියේ නිලධාරීන් විසින් ශ්‍රී ලාංකිකයන් 200 කට අධික පිරිසකට සිංගප්පූරු වරාය ආශ්‍රිතව රැකියා අවස්ථා ලබා දුන්නා. දෙවන හා තෙවන කණ්ඩායම් වශයෙන් තවත් ශ්‍රී ලාංකිකයන් 130 දෙනෙකු සම්මුඛ පරීක්ෂණ මගින් තෝරාගනු ලැබුවා. හතරවන කණ්ඩායම වශයෙනුයි තවත් ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකුට සිංගප්පූරුවේ රැකියා අවස්ථා ලබාදීමට සූදානම් කර තිබෙනවා. ලැෂීන් වර්කර් සහ කන්ටේනර් රියැදුරන් වශයෙනුයි මේ සියලු බඳවා ගැනීම් සිදුකරන්නේ. ශ්‍රී ලංකා මුදලින් අවමය රුපියල් 105,000 සිට උපරිමය රුපියල් 136,500 ක් දක්වා උපයන්නට මෙම රැකියා මඟින් අවස්ථාව සැලසෙනවා.”

අමාකි ඉන්ටර්නැෂනල් පුද්ගලික සමාගමේ විධායක අධ්‍යක්ෂ පී.කේ. සිරිමත් මහතා කියයි.

“ශ්‍රී ලංකා රජයේ සහ සිංගප්පූරු රජයේ පිළිගත් කම්කරු නීතිරීතිවලට අනුකූලවයි සියලු බඳවා ගැනීම් සිදුකරන්නේ. 2015 ජනවාරි අවසන් සතියේ ලැෂීන් සේවකයන් සහ කන්ටේනර් රියැදුරන් බඳවා ගැනීම සඳහා තවත් සම්මුඛ පරීක්ෂණයක් පැවැත්වෙනවා. දුරකථන අංක 011 - 2771965, 077-5456440 න් වැඩි විස්තර ලබාගත හැකියි” යැයි කියයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්