මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


HDFC බැංකුවේ නව ශාඛාව නිට්ටඹුවට

HDFC බැංකුවේ නව ශාඛාව නිට්ටඹුවට

HDFC බැංකුවේ 34 වන ශාඛාව නිට්ටඹුව නගරයේ පසුගිය දා විවෘත කෙරුණි. මෙම නව ශාඛා පරිශ්‍රය විවෘත කිරීම HDFC බැංකුවේ සභාපතිනිය සිරෝමි වික්‍රමසිංහ මහත්මිය විසින් සිදු කෙරුණි.

මෙම අවස්ථාවට HDFC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී සහ සාමාන්‍යාධිකාරී නිමල් මාමඩුව මහතාත් ප්‍රධාන මෙහෙයුම් නිලධාරී එස්. දිසානායක මහතා, ප්‍රධාන මූල්‍ය නිලධාරී ඩී. වී. පතිරණ මහතා, අලෙවි හා ව්‍යාපාර ප්‍රවර්ධනය අංශයේ ප්‍රධාන කළමනාකාරිනී හිමාලි ගුණතිලක මහත්මිය, බස්නාහිර පළාත් ප්‍රාදේශීය කළමනාකාරිනී රම්‍යා ගුණවර්ධන මහත්මිය, ශාඛා කළමනාකර යූ එස්. බී. අත්තනායක මහතා ඇතුළු බැංකුවේ නිලධාරී මණ්ඩලයත් විශාල පාරිභෝගික පිරිසක් ද සහභාගි වූහ. එමෙන්ම නිට්ටඹුව වෙළෙඳ සංගමයේ සභාපති චන්දන කුමාර මහතා ද මෙම අවස්ථාවට සහභාගි විය.

HDFC බැංකුව නිවාසමය අවශ්‍යතා සඳහා ණය පහසුකම් ලබා දෙන විශේෂිත බැංකුවක් වන අතර ඒ සඳහා හඳුන්වා දී ඇති කඩිනම් ණය සැලසුම් ගණනාවකි. සේවක අර්ථ සාධක අරමුදලේ ශේෂය අනුව ලබාගත හැකි ශ්‍රම උදාන ණය වැඩසටහනත්, දේපල සුරැකුම් මත ලබා දෙන කැදැල්ල ණය ක්‍රමයත් ඉන් ප්‍රධාන වේ, එමෙන්ම HDFC බැංකුව විසින් පසුගිය කාලයේ සිදු කෙරුණ විවිධාංගීකරණය යටතේ සුළු ව්‍යාපාර හා අධ්‍යාපන ණය, කල්බදු (ලීසිං) පහසුකම් ලබාදීම, ක්ෂුද්‍ර මූල්‍ය ණය, රන් ණය මෙන්ම කිරි ගොවින් සඳහා මූල්‍ය පහසුකම් ලබා දීම දිවයින පුරා පිහිටි සියලු ශාඛා හරහා සිදු කෙරේ. එමෙන්ම ළමුන්ගේ සිට වැඩිහිටියන් සඳහා වන තැන්පතු ක්‍රම රැසක්ම හඳුන්වා දී තිබේ.

කාර්යක්ෂම පාරිභෝගික සේවාවන් ලබාදීම පිළිබඳව කීර්තියක් දිනා සිටින HDFC බැංකුව, විධිමත් බැංකු සේවා සමඟ සම්බන්ධ නොවන විශාල පිරිසක්ට ජංගම බැංකු ක්‍රමය හරහා සේවය සැලසීම විශේෂත්වයකි. දිවයින පුරා පිහිටි සියලු ශාඛා මඟින් Palm Top පරිගණක බැංකු සේවය ක්‍රියාත්මක කරන අතර, පාරිභෝගිකයන් සමීපයට ගොස් බැංකු සේවා ලබාදීම මෙමඟින් සිදු කෙරේ. නිට්ටඹුව නව ශාඛාව තුළින් ද එම අවට ප්‍රදේශවල ජනතාව වෙත ජංගම බැංකු සේවා පහසුකම් ලබාදීමට කටයුතු යොදා ඇත.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්