මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


කොමර්ෂල් බැංකුවේ 150 වැනි පරිගණක මධ්‍යස්ථානය බෙලිගමුව කනිටු විදුහලට

කොමර්ෂල් බැංකුවේ 150 වැනි පරිගණක මධ්‍යස්ථානය බෙලිගමුව කනිටු විදුහලට

සිය ආයතනික සමාජ සත්කාර භාරය විසින් ක්‍රියාත්මක කරනු ලබන දීප ව්‍යාප්ත තොරතුරු තාක්ෂණ අධ්‍යාපන වැඩසටහන යටතේ 150 වැනි අංග සම්පූර්ණ පරිගණක මධ්‍යස්ථානය මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල පිහිටි බෙලිගමුව කනිෂ්ඨ විද්‍යාලයේදී නිල වශයෙන් විවෘත කරනු ලැබුවේ බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා විසිනි.

පරිගණක හතරක්, ඊට අදාළ අනෙකුත් සියලු උපකරණ හා ගෘහ භාණ්ඩවලින් නව පරිගණක මධ්‍යස්ථානය සමන්විත වේ.

බැංකුවේ සමාජ සත්කාර භාරය විසින් ලබාදෙන සියලුම පරිගණක මධ්‍යස්ථානවලට හිමි වන්නේ බලපත්‍රලාභී මෘදුකාංගවලින් සමන්විත නවීන පරිගණකයි. මීට අමතරව බැංකුව විසින් පාසල් සඳහා පරිගණක මේස, පුටු, මුද්‍රණ යන්ත්‍ර ඇතුළු පරිත්‍යාගයන් ද සිදු කරන අතර මෙවැනි පරිගණක මධ්‍යස්ථාන අනාගතයේ වැඩි සිසුන් පිරිසකගේ භාවිතය වෙනුවෙන් සුරැකීම සඳහා ඒවා නඩත්තු කිරීම හා වැඩි දියුණු කිරීම සඳහා ද බැංකුව සහයෝගය ලබා දෙයි.

ධර්ම ධීරසිංහ මහතා පැවසුවේ තොරතුරු තාක්ෂණ හැකියාවෙන් පරිපූර්ණ අනාගත පරම්පරාවක් බිහි කිරීම බැංකුවේ අභිලාෂය බවත් තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි අධ්‍යාපනය මඟින් ග්‍රාමීය පාසල්වල සිසු දරුවන්ට අවස්ථා ලබා දීමට බැංකුව කැපවී සිටින බවත්ය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්