මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


පීපල්ස් ලීසිං සමාගමට රිදී සම්මානය

පීපල්ස් ලීසිං සමාගමට රිදී සම්මානය

මහජන බැංකුවට අනුබද්ධිත ප්‍රමුඛතම බැංකු නොවන මූල්‍ය සමාගමක් වන පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පසුගිය දා කොළඹ ගලදාරී හෝටලයේ පැවැති SLITAD People Development Awards - 2014 සම්මාන උලෙළේ දී රිදී සම්මානයෙන් පිදුම් ලැබීය.

මානව සංවර්ධනයේ යහක්‍රියාකාරීත්ව ප්‍රවර්ධනයට කැප වූ ශ්‍රී ලංකාවේ එකම ආයතනය වන ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනය විසින් වාර්ෂිකව සංවිධානය කරන මෙම සම්මාන උලෙළේ සම්මාන සඳහා සුදුස්සන් තෝරා ගැනීමේ නිර්ණායක වන්නේ රාජ්‍ය අංශය හා පෞද්ගලික ව්‍යාපාරික ආයතන තම මානව සංවර්ධනය වෙනුවෙන් සපයන දායකත්වය හා අදාළ ආයතනයන්හි මූලෝපායන් සමඟ මානව සංවර්ධන ප්‍රතිපත්ති හා ක්‍රියාකාරකම් සෘජුව සම්බන්ධ වන ආකාරයය.

පීපල්ස් ලීසිං සමාගම් සමූහයෙහි මානව සම්පත් අංශයේ ප්‍රධාන කළමනාකරු, යුරේෂ් ජයසේකර මහතා මෙම සම්මානය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, ‘මෙම සම්මානය හිමි වීමෙන් අප සමාගම කෙරෙහි කාර්ය මණ්ඩලය තුළ වූ දැඩි විශ්වාසය තවදුරටත් ශක්තිමත් වූවා. ජන හිතකාමී ලීසිං සමාගමක් ලෙසින් ප්‍රකට අප සමාගම, කාර්ය මණ්ඩලයේ සිට කුඩාම ගනුදෙනුකරුවා දක්වාම දැඩි ළෙන්ගතු හැඟීමකින් කටයුතු කිරීමෙන් පසුගිය දශක කිහිපයේදී ජයග්‍රහණ රැසකට හිමිකම් කීමට අපට හැකි වුණා. පීපල්ස් ලීසිං හි ශක්තිය වන්නේ අපේ කාර්ය මණ්ඩලයයි. එහෙයින් ඔවුන්ට යහපත් අනාගතයක් හිමි කරදීමට මෙන්ම අනාගත කළමනාකරුවන් බවට පත්වීමට අවශ්‍ය සියලු පහසුකම් හා දිරිදීම් සැපයෙනවා. අපේ මානව සංවර්ධන අංශයේ මූලෝපාය වන්නේ පුහුණුව, සංවර්ධනය හා සුබසාධනය’ යන්නයි.

ශ්‍රී ලංකාවේ විශාලතම රාජ්‍ය බැංකුවක් වන මහජන බැංකුවට අනුබද්ධිත සමාගමක් ලෙසින් 1995 දී ඇරඹු පීපල්ස් ලීසිං සමාගම මේ වන විට අඛණ්ඩව 13 වසරක් පුරාවට මෙරට ලීසිං ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා ලෙස පිළිගැනීමට ලක්වී ඇත. පීපල්ස් ලීසිං සමාගම ෆිච් රේටිංස් ලංකා දේශීය ණය ශ්‍රේණිගත කිරීම් අනුව AA - (lka) ඉහළම ණය ශ්‍රේණිගතය හිමි මූල්‍ය සමාගමක් වේ. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් 2 ක් හිමි එකම මූල්‍ය සමාගම මෙන්ම ආසියාවේ වඩාත් විශ්වසනීය මූල්‍ය සන්නාම අතරට එක්වීමට ද පීපල්ස් ලීසිං සමාගම සමත්ව සිටී.

රිදී සම්මානය, පීපල්ස් ලීසිං සමාගම් සමූහයෙහි මානව සම්පත් අංශයේ ප්‍රධාන කළමනාකරු, යුරේෂ් ජයසේකර මහතා වෙත ශ්‍රී ලංකා පුහුණු හා සංවර්ධන ආයතනයේ උප සභාපති පද්මසිරි රණවකආරච්චි මහතා විසින් පිරිනමනු ලැබීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්