රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»

ජනාධිපතිට තුන් වරක් ඉල්ලිය හැකි බව රනිලුත් පිළිගත්තා

ජනාධිපතිට තුන් වරක් ඉල්ලිය හැකි බව රනිලුත් පිළිගත්තා

ඇමැති නිමල් සිරිපාල

මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග වැදිය හැකි බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම එක්සත් ජාතික පක්ෂය ද එකම මතයක් දරන බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ‍පවසයි.

ජනාධිපතිවරයාගේ දෙවැනි ධුර කාලයට වසර හතරක් ගතවීමෙන් පසු නැවත ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත්කිරීම ජනාධිපතිවරයාට අයත් කාර්යයක් බවත් එය පැවැත්වීමේ දිනය තීරණය කිරීම මැතිවරණ කොමසාරිස්වරයාට අයත් කාර්යයක් බවත් විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 3 වැනිදා පාර්ලිමේන්තුවේදී පැවසු බව ද මේ ප්‍රකාශය හැන්සාඩ් වාර්තාවේ ද පැහැදිලිව සඳහන් වන බව ද නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ සිකුරාදා පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129-1 වගන්තිය අනුව ජනාධිපතිවරයාට මෙලෙස තුන්වැනි වරටත් ජනාධිපති ධුරය සඳහා තරග වැදිය හැකි ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටිය හැක්කේ ජනාධිපතිවරයාටම පමණක් බවත් ඒ අනුව යමින් ජනාධිපතිතුමා මේ වන විට කටයුතු කර තිබෙන බවත් ශ්‍රේෂ්ඨාධිකරණයේ එම තීන්දුව 10 වැනිදා වන විට ජනාධිපතිතුමාට ලබා දෙනු ඇතැයි ද ඇමැතිවරයා කීය.

මෙහිදී ශ්‍රේෂ්ඨාධිකරණය තමන් දරන මතය හා ස්ථාවරය අනුමත කොට දැනුම් දෙනු ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

මේ අනුව එළඹෙන 19 වැනිදායින් පසුව ඕනෑම අවස්ථාවක ජනාධිපතිවරණයක් කැඳවිය හැකි බව ද ඇමැතිවරයා වැඩිදුරටත් කීය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්