රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»

මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා නිෂ්ප්‍රභා කරන්න දැන් සිටම සූදානම් වීම අවශ්‍යයි

යුද අධිකරණයට දැක්කීමේ අනතුරක්

මානව හිමිකම් කවුන්සිලයේ චෝදනා නිෂ්ප්‍රභා කරන්න දැන් සිටම සූදානම් වීම අවශ්‍යයි

කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති

ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා

ලංකාවට විරුද්ධව ජගත් මානව හිමිකම් කොමිසම අනුමත කරගත් යෝජනාව අනුව දැන් එම ජගත් පරීක්ෂණ මණ්ඩලය හොර රහසේ වගේ ම නැතිනම් වැඩි ප්‍රසිද්ධියක් නැතිව එම කමිටුවේ කටයුතු සාක්ෂි විමසීම් විභාග කිරීම් දැන් වෙනකොට අවසන් කර තියනව. 2014 මාර්තු ජගත් මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී බටහිර රටවල මෙහෙයවීමෙන් අනුමත කරගත් යෝජනාව අනුව මේ පරීක්ෂණ පවත්වා අවසන් කර තිබෙන්නේ අප්‍රසිද්ධියේ. ‘කොමිෂන් ඔෆ් ඉන්ක්වයරීස්’ කියනකොට ප්‍රසිද්ධියේ කොමිසමේ කටයුතු කරන්න ඕන වුණත් කොහොමද සාක්ෂි එකතු කරන්නේ. කවුද සාක්ෂි දුන්නේ මේව ඔක්කොම අප්‍රසිද්ධියේ කෙරිල තියෙන්නේ.

මේ කොමිසමට ලංකාවට එන්න දුන්නේ නැහැ වගේ ම අප අවට රටවලට ඇවිල්ල සාක්ෂි විමසීම නොකළත් කොමිසමට දුන්න කිසිම තොරතුරක් එළියට ආවේ නැහැ. ඔක්තෝබර් 30 වෙ‍නකොට පරීක්ෂණ පැවැත්වීම සාක්ෂි කැඳවලා අවසන් කර තියනවා. ලිඛිතව නැතිනම් විද්‍යුත් තැපෑල, සැටලයිට් ෆැක්ස් දුරකථන මේ හැම මාර්ගයෙන් ම සාක්ෂි දෙන්න පුළුවන් කියල කොමිසම ප්‍රසිද්ධ කරල තිබුණා.

දැන් සාක්ෂි විමසුවට පස්සේ පෙබරවාරි මැදවෙනකොට මේ වාර්තාව හදල ඉදිරිපත් කරනව කියල කියනවා. අන්තර්ජාතික පරීක්ෂණයක් කිව්වට පෝරම පුරවල වෙබ් අඩවි විවෘත කරල මේ පරීක්ෂණයට පහසුකම් සපයන්නෙක් විදියට කෙළින් ම සම්බන්ධ වුණේ එල්.ටී.ටී.ඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව.

දෙමළ ඩයස්පෝරාවේ අත දැමීම අනුව කොහොමත් ලංකාවට විරුද්ධව එන මේ වාර්තාව තවදුරටත් දෙමළ අන්තවාදීන්ට වාසි සහගතවීම වළක්වන්න බැරි බව ජිනීවා ආරංචි මාර්ග කියනවා.

තව මාස දෙකක් තුළ මේ වාර්තාව එළියට එනවා. දැන් මේ වාර්තාව එළියට දාල කරන්න හදන්නේ මොකක්ද කියන එකයි ඊළඟට එන ප්‍රශ්නය. ලංකාවට විරුද්ධව ක්‍රියාත්මක බටහිර රටවල හා දෙමළ ඩයස් පෝරාවේ ඊළඟ ඉලක්කය ලංකාවට විරුද්ධව ආර්ථික ‍සම්බාධක වගේ දේවල් දැමීම නොව ඊට එහා ගිය ඉලක්කයක් බව කියවෙනවා.

පෙබරවාරි මාසය වෙනකොට මේ බටහිර රටවල් මේ වාර්තාව අරන් ලංකාවට විරුද්ධව යුද අපරාධ චෝදනා කළා කියල චෝදනා නඟන්න පුළුවන්. මෙරට හමුදා හා දේශපාලන නායකත්වය ඔවුන් මෙහිදී ඉලක්ක කර ගත හැකියි. වාර්තාව උපයෝගී කරගෙන සාක්ෂි සම්පිණ්ඩනයක් කරල ලංකාව යුද අපරාධ කළා කියල හේග් ජගත් යුද අපරාධ අධිකරණයට ගෙනියන්න ඉඩකඩක් විවෘත වෙලා තියනවා.

ලබන පෙබරවාරි වෙ‍නකොටත් මේ රටේ ඡන්ද උණුසුමක් තියෙනවා. එතකොට මේ හදාගත් වාර්තාව යුද අපරාධ කළා කියලා චෝදනා කරමින් එළියට ඒමේ අනතුර තියෙනවා. දැනටම යුරෝපා අධිකරණය මොන විදියෙන් හෝ එල්ටීටීඊ යට පනවා තිබුණ අවුරුදු අටක් තිස්සේ දාල තිබුණ තහනම ඉවත් කරල තියෙනවා. ශ්‍රි ලංකාවට විරුද්ධව මත්ස්‍ය තහනමක් පනවන්න යනවා. මේව පියවරෙන් පියවර කරගෙන යනවා. මේ ගේන්න යන වාර්තාවන් ලංකාව යුද්ධ අපරාධ කළාය, අන්තර්ජාතික මානව හිමිකම් නීතිය කැඩුවය කියල සාක්ෂි සම්පිණ්ඩනයක් ලෙස යොදාගත හැකියි.

අපි රෝම ප්‍රඥප්තියට අස්සන් තියල නැති නිසා අපිට මේ අනතුරෙන් ගැලවිය හැකි බව කියනවා. අනෙක් පැත්තට අපට දඬුවම් කරන්න මේ වාර්තාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට ගෙනාවම එතනයි අපේ මිතුරු රාජ්‍ය චීනය රුසියාව වගේ රටවල් යොදාගෙන නිෂේධ බලය යොදවල මේ වාර්තාව පැත්තකට දාන්න පුළුවන්.

මෙතන තවත් ඉතුරු වුණ පියවරක් තියෙනවා. ඒක තමයි මේ හැම පියවරකටම පස්සේ මෙතන අපට විරුද්ධව හදාගත්ත පරීක්ෂණ වාර්තාවක් තියන නිසා එය හේග් නුවර යුද අධිකරණයේ අභිචෝදකට (පොසිකියුටර්) යොමු කළ හැකියි. ඔහුට පුළුවන් අපට අපේ රටට විරුද්ධව ප්‍රමාණවත් සාක්ෂි තියනව කියල හිතනව නම් හේග් අන්තර්ජාතික යුද අධිකරණය ඉදිරියේ නඩු පවරන්න.

මේ අනතුරට විරුද්ධව රටක් හැටියට අපේ සූදානමක් ඕන. මේ එල්ටීටී නායකයන් යුද්ධයේ අවසාන අවස්ථාවේ නැව් එවල බේරා ගැනීමට බටහිර රටවල් ගත් උත්සාහයට ඉඩනොදීමට දඬුවම් කරන්නයි මේ වෙලාවේ බටහිර රටවල උත්සාහය වී තියෙන්නේ.

ත්‍රස්තවාදය පරාජය කළා වගේ මේ වෙලාවේ මේ දරන උත්සාහයත් අපි පරාජය කළ යුතුයි.

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ පැවැති සැප්තැම්බර් සාකච්ඡාවේදී අපිට හිතවත් රටවල කණ්ඩායමක් අපි ගොඩනඟා ගත්තා. අපි මෑතදී උගත් පාඩම් කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කරන්න බියුරෝවක් පත්කරගත්තා. අතුරුදන් වූවන් පිළිබඳ සොයන කොමිසම දැන් අර ජගත් විශේෂඥයන්ගේ ද උපදෙස් ඇතිව තමන්ගේ පරීක්ෂණ කරගෙන යනවා.

කොටි සංවිධානය මේ රටේ මිනිසුන්ගේ මානව හිමිකම් කැඩූ හැටි ගැන හමුදාවෙන් ශ්‍රව්‍ය දෘෂ්‍ය පටිගත වාර්තාවක් හදල තියනවා. ඒව එළියට දාන්න ඕන. උගත් පාඩම් කොමිසමේ නිර්දේශ එකින් එක ක්‍රියාත්මක කරල තියනවා. අද උතුර යථා තත්ත්වයට පත්වෙමින් එහි මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පුළුල් වෙමින් තිබෙනවා.

මේ මානව හිමිකම් ප්‍රගතිය අතුරු වාර්තාවක් හැටියට 2015 මාර්තු මානව හිමිකම් සමුළුව එන්න කලින් එළියට දාන්න ඕන. අද වෙනකොට අපිට විරුද්ධ හඬ නැඟූ ජයලලිතා නිහඬයි. වයිකෝ පමණයි අද අපට විරුද්ධව හඬ නඟමින් ඉන්නේ.

කැනඩාවේ ත්‍රස්තවාදියකු පාර්ලිමේන්තුවට ඇතුළු වෙලා වෙඩි තැබී‍මෙන් ත්‍රස්තවාදයේ අත්දැකීම් ලබල ඉන්නේ. ඇමෙරිකාව 9 (11) සිද්ධියෙන් විනාශ කරගත් ලෝක වෙළඳ මධ්‍යස්ථානය හදාගන්න අවුරුදු 15 ක් ගියා.

මේ අනතුර තේරුම් අරන් එය අමතක නොකර අපේ පැත්තෙන් යොදාගන්න පුළුවන් හැම සාධකයක් ම රට බේරා ගත්ත යුද්ධයට නායකත්වය දුන් නායකයන් බේරා ගන්න හමුදා නිලධාරීන් බේරා ගන්න කළ යුතුයි. එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ නිලධාරීන් පවා අද වෙනකොට උතුරේ‍ ගොඩනැගෙමින් පවතින ජාතික සංහිඳියාව පිළිගන්නවා. අද වෙනකොට උතුර දකුණ එකතු වෙමින් තිබෙන්නේ. දුම්රිය සේවය නැවත ගොඩනගල තියෙනවා. පොදු රාජ්‍ය මණ්ඩල මහලේකම් කම්ලේෂ් ෂර්මා මහත්මයත් උතුරට ගිහින් ඇතිවෙලා තියන ප්‍රගතිය පිළිගත්තා. තව කරන්න ඕන දේවලුත් කිව්වා.

ජාතික මානව හිමිකම් සැලැස්ම, විශ්ව කාලාන්තර සමාලෝචන වාර්තාව අපි ක්‍රියාත්මක කරන ආකාරය ලබා ඇති ප්‍රගතිය නීතිය ක්‍රියාත්මක කරන්න ගෙන ඇති පියවර අපි ජගත් මානව හිමිකම් කවුන්සිලය හමුවේ තියල අපේ පැත්තට ලෝක දිනාගන්න කටයුතු කළ යුතුයි.

 


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්