රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

.


Astrology - සතියේ කල දසාව

 

ශ. ව. 1936 ක්වූ තුලා රවි 23 භාග ඉල් මස අව තිය­වක තිථිය ලත් නොවැ­ම්බර් 09 ඉරිදා සිට 15 වැනි ශනිදා දක්වා...
.- හරිප්‍රිය ගුණසේකර

අධ්‍යා­පන කට­යු­තු­වල නියැළී සිටින අයට පල­දායි ප්‍රති­ඵල අත්කර ගත හැකි වෙයි. තම සහජ දක්ෂතා වැඩි දියුණු කැර ගැනී­මට අන් අය­ගෙන් උදව් ලැබේ. අස­ල්වා­සීන්ට සහ හිත­වත් අයට උදව් උප­කාර කිරී­මට ඔවු­නගේ අඩු­පාඩු සපුරා දීමට කාරු­ණික සිත් පහළ වෙයි. සමා­ජයේ වැඩි දෙන­කු­ගෙන් නිතර හොඳ අස­න්නට ලැබේ. ව්‍යාපා­රි­ක­යන්ට අලුත් ව්‍යාපාර කට­යුතු ආර­ම්භ­ය වෙනු­වෙන් වෙහෙ­සී­මට සිදු වෙයි. ලාබ ප්‍රයෝ­ජන පතා කරන කට­යු­තු­ව­ලින් අපේ­ක්ෂිත ප්‍රති­ඵල ලබා ගැනී­මට හැකි වෙයි.

ජය අංකය - 3
සුබ දවස - බදාදා

හිත­ව­තුන් හා ඥාතින් එකතු වන උත්සව කට­යු­ත්ත­කට සහ­භාගි වීමට ඇරැ­යුම් ලැබේ. තරග විභාග ආදි­යෙන් ජය­ග්‍ර­හණ අත්වෙයි. මෙතෙක් කර­ගෙන ආ වැඩ කට­යු­තු­වල වෙන­සක් ඇති­වී­මට ඉඩ ඇත. ක්‍රියා­ශීලි ගති පැවැ­තුම් නිසා අන් අය­ගෙන් ප්‍රශංසා ලැබී­මට ඉඩ ඇත. සති මැද දී මුදල් ගනු­දෙ­නු­වක් සම්බ­න්ධ­යෙන් ප්‍රශ්න­යක් ඇති­වනු ඇත. ගුරු වෘත්තියේ යෙදෙන අයට කාර්ය­බ­හුල වෙයි. දරු­වන්ගේ අනා­ගත අභි­වෘ­ද්ධිය වෙනු­වෙන් වෙහෙස මහන්සි වීමට සිදු වෙයි. වගා කට­යු­තු­වල යෙදෙන අයට බලා­පො­රොත්තු වන තරම් අස්වැ­න්නක් ලබා ගැනී­මට නොහැකි වෙයි.

ජය අංකය - 6
සුබ දවස - අඟ­හ­රු­වාදා

අපේක්ෂා නොකළ මාර්ග­ය­කින් ආදා­යම් ලැබී­මට ඉඩ තිබේ. අධ්‍යා­පන කට­යු­තු­වල නිරත ශිෂ්‍ය­යන්ට ජය­ග්‍ර­හණ අත්වී­මට ඉඩ තිබේ. උද්‍යෝ­ග­යෙන් යුතුව රැකියා කට­යු­තු­වල නිරත වීමට ඉඩ සැලැසේ. අලුත් මිතුරු මිතු­රි­යන් හඳුනා ගැනී­මට අව­ස්ථාව උදා වේ. විවිධ බාධක නිසා කල්ගිය ඉදි­කි­රීම් කට­යු­ත්තක් සාර්ථ­කව අව­සන් කර ගැනී­මට හැකි වෙයි. ශාස්ත්‍රීය කට­යු­තු­ව­ලට වැඩි නැඹු­රු­වක් ඇති වෙයි. ලේඛන අංශ­යෙන් ඉහ­ළට යාමට ඉඩ සැලැසේ. සෙම් අමා­රු­ව­ලට ප්‍රති­කාර ගැනී­මට සිදු වේ.

ජය අංකය - 8
සුබ දවස - සඳුදා

කලක සිට බලා­පො­රොත්තු වූ තන­තුරු ලාබ­යක් පහ­සු­කම් සහි­තව හිමි වේ. පදිංචි ස්ථාන­යෙන් බැහැ­රව රාජ­කාරි කට­යු­තු­වල නිරත වීමට පරි­ස­රය සැකැසේ. විටින් විට බාධක මතු වුවත් තම අර­මුණු ඉටු කැර ගැනී­මට වට­පි­ටාව සකස් කැර ගැනී­මට හැකි වෙයි.
පවුලේ සුහ­ද­තා­වට තිබූ අව­හි­රතා මඟ හැරේ. දරු­වන් වෙනු­වෙන් වැඩි කාල­යක් කට­යුතු කිරී­මට කාලය ලැබේ. ආදා­යම් තත්ත්වය යහ­පත් වෙයි. එහෙත් විවිධ අව­ශ්‍යතා වෙනු­වෙන් මුදල් විය­දම් වැඩි වීමට බොහෝ දුරට ඉඩ තිබේ

ජය අංකය - 7
සුබ දවස - සෙන­සු­රාදා

වාහ­න­යක් හෝ ඉඩ­මක් මිලට ගැනීම පිළි­බ­ඳව තිබූ බලා­පො­රොත්තු ඉටු­වන ලකුණු පහළ වෙයි. ඉදි­රි­පත් වූ සම්මුඛ පරී­ක්ෂ­ණ­ය­කින් ජය ගැනී­මට හැකි වෙයි. අති­රේක ආදා­යම් මාර්ග ලැබීම් ඉහළ යයි. රැකියා ස්ථානයේ අති­රේක වග­කීම් ආදිය පැව­රීම නිසා රාජ­කාරි බහුල විය හැක. පරි­ග­ණක අංශ­ව­ලින් තම හැකි­යා­වන් එළි­දැ­ක්වී­මට හැකි වෙයි. ව්‍යාපා­ර­ව­ලට හවු­ල්ක­රු­වන් සම්බන්ධ කර ගැනී­මට හැකි වෙයි. සති අන්තයේ ප්‍රිය සම්භා­ෂ­ණ­ය­කට හෝ උත්ස­ව­යක් වෙනු­වෙන් වෙහෙස මහන්සි වීමට සිදු වේ.

ජය අංකය - 1
සුබ දවස - බදාදා

බුද්ධිය මෙහෙ­යවා කට­යුතු කරන අයට ජය­ග්‍ර­හණ අ‍ත්කර ගත හැකි වේ. කාල­යක් තිබු හිරි­හැර කර­දර දුරු වී හිතට සහ­නය උදා­වන කාල­යක් උදා වෙයි. වැඩි­හිටි ඥාති­ය­කුගේ හදිසි අස­නීප තත්ත්ව­යක් වෙනු­වෙන් විය­දම් දර­න්නට සිදු­විය හැක.
සංචා­රක කට­යු­තු­ව­ලට සම්බන්ධ රැකි­යා­වල නිරත අයට දුර පළා­ත­කට යාමට සිදු වෙයි. මත ගැටුම් ඇති­විය හැකි හෙයින් තමා යටතේ සේවය කරන සේව­ක­යන් හා ඉව­සී­මෙන් යුතුව කට­යුතු කිරී­මට උනන්දු විය යුතුය. අවි­වා­හක අයට මංගල යෝජනා ඉදි­රි­පත් වෙයි. ආදා­යම් හා විය­දම් කට­යුතු කළ­ම­නා­ක­ර­ණය සාර්ථ­කව සිදු­කැර ගැනී­මට හැකි වෙයි. වාතා­බාධ හා උද­රා­බාධ ඇති­විය හැක.

ජය අංකය - 4
සුබ දවස - බ්‍රහ­ස්ප­තින්දා

ගුරු වෘත්තියේ නිරත අයට තම වෘත්ති­යට අදාළ වැඩි­දුර පුහු­ණුව ලැබීමේ සම්ම­න්ත්‍රණ ආදි­යට සහ­භාගි වීමට හැකි වෙයි. දරු­වන්ගේ අධ්‍යා­ප­නික හා කලා හැකි­යා­වන් දියු­ණුව වෙනු­වෙන් වැඩි කාල­යක් ගත කිරී­මට සිදු වෙයි.
උරුම වීමට තිබු නිවෙ­සක් දේප­ළක් පිළි­බඳ ස්ථිර තීර­ණ­යක් නොලැ­බීම නිසා සිතේ කන­ස්සලු ගති­යක් මතු විය හැක. සිතේ මන්දෝ­ත්සාහ ගතිය හේතු­වෙන් එදි­නෙදා කට­යුතු අඩාළ වීමට ඉඩ ඇත. සමාජ මෙහෙ­වර වෙනු­වෙන් වග­කීම් පැවැරේ. ආග­මික කට­යුතු කෙරෙහි වැඩි අව­ධා­න­යක් යොමු වෙයි. පදිංචි ස්ථාන­යෙන් බැහැර ස්ථාන­ය­කට ස්ථාන මාරු­වක් ලැබී­මට ඉඩ තිබේ. සෞඛ්‍ය තත්ත්වය ගැන වැඩි සැල­කි­ල්ලක් යොමු කළ යුතුය.

ජය අංකය - 5
සුබ දවස - ඉරිදා

ණය මුද­ලක් අය­දුම් කළ අයට එම ණය මුදල අනු­මත වීම නිසා මේ සතියේ සිතට සහ­න­යක් ලැබේ. මෙයින් පැවැති අඩු­පාඩු කීප­යක් සාර්ථ­කව සකසා ගැනී­මට හැකි­යාව ලැබේ. අන් අයගේ හොඳ­හිත දිනා ගැනී­මට හැකි වෙයි. රැකියා ස්ථානයේ ප්‍රධා­නීන්ගේ හොඳ හිත දිනා ගැනී­මට ඉඩ සැලැසේ. විදේශ රැකියා සඳහා අය­දුම් කළ අයට ඒ සඳහා පැවැ­ත්වෙන සම්මුඛ පරී­ක්ෂ­ණ­ව­ලට සහ­භාගි වීමට සිදු වෙයි. දරු­ව­කුගේ මංගල කට­යු­ත්තක් වෙනු­වෙන් වෙහෙ­සෙයි. මේ සඳහා අවශ්‍ය මුදල් සපයා ගැනී­මට හැකි වෙයි. අස­ල්වැ­සි­යන් අතර හොඳ හිත වර්ධ­නය කැර ගැනී­මට හැකි වෙයි.

ජය අංකය - 9
සුබ දවස - අඟ­හ­රු­වාදා

හිතු­ව­ක්කාරි ගති ලක්ෂණ නිසා පාඩු සිදු­වී­මට ඉඩ තිබේ. නීති ගැටලු ආදි­යට මුහුණ පෑමට සිදු වෙයි. මූල්‍ය අංශයේ රැකි­යා­ව­ලට සම්බන්ධ අය කල්ප­නා­කා­රීව කට­යුතු කිරී­මට උනන්දු විය යුතුය. ව්‍යාපාර කට­යු­ත්තක් වෙනු­වෙන් කෙටි විදේශ සංචා­ර­ය­කට අව­ස්ථාව උදා වෙයි.
මේ නිසා තම ජීවන මාර්ගය සාර්ථක කැර ගැනී­මට හැකි වෙයි. ගනු­දෙ­නු­වක අඩු­පාඩු නිසා ව්‍යාපා­රි­ක­යන්ට සිය ව්‍යාපා­ර­වල හවු­ල්ක­රු­වන් සමඟ සාර්ථ­කව කට­යුතු කිරී­මට අප­හසු වෙයි. දරු­ව­කුගේ අස­නීප තත්ත්ව­ය­කට ප්‍රති­කාර ලබා ගැනී­මට වෙහෙ­සී­මට සිදු වෙයි. දුර බැහැර ඥාති­ය­කුගේ පැමි­ණීම සති අන්තයේ සිදු­විය හැක

ජය අංකය - 2
සුබ දවස - සිකු­රාදා

ග්‍රන්ථ­ක­ර­ණයේ යෙදෙන අයට සිය නව නිර්මාණ එළි­දැ­ක්වී­මක් සිදු කිරී­මට අව­ස්ථාව උදා වෙයි. රාජ්‍ය අංශයේ රැකි­යාව කරන අයට උසස් නිල­ධා­රීන්ගේ ප්‍රශංසා ලබා ගැනී­මට හැකි වෙයි. කාර්මික ක්ෂේත්‍ර­යට සම්බන්ධ රැකි­යා­වල නිරත අයට අති­රේක ආදා­යම් මාර්ග උදා වේ. ව්‍යාපාර දියු­ණු­වට උප­දෙස් හා මූල්‍ය පහ­සු­කම් අත්කැර ගැනී­මට හැකි වෙයි. ස්වයං රැකි­යා­වල නිරත අයට තම නිෂ්පා­දන සඳහා හොඳ මිලක් ලබා ගැනී­මට හැකි වෙයි. ආග­මික අංශ­යට නැඹු­රු­තා­වක් දක්වයි.
ප්‍රේම සම්බ­න්ධ­තා­වක් බිඳී යාමට කරුණු මතු විය හැක. සිතට නැ‍ඟෙන අද­හස් එක්වර ක්‍රියා­ත්මක කිරී­මෙන් වැළ­කිය යුතුය. වැඩි­හිටි අයගේ හා විරුද්ධ මත දර­න්නන් සමඟ කථා­බ­හේදී වඩාත් කල්ප­නා­කාරී විය යුතුය. උෂ්ණා­ධික රෝග ඇති­විය හැකි හෙයින් ආහා­ර­පාන ගැනී­මේදී විශේ­ෂ­යෙන් සැල­කි­ලි­මත් විය යුතුය.

ජය අංකය - 3
සුබ දවස - සඳුදා

නිවා­සයේ අලු­ත්වැ­ඩි­යා­වක් හෝ අලු­තින් කොට­සක් එකතු කිරී­මට හැකි වෙයි. මේ සඳහා තැන්පත් මුද­ලක් විය­දම් කිරී­මට සිදු­වනු ඇත. ගුප්ත විද්‍යා කට­යුතු කෙරෙහි ඇති උන­න්දුව වැඩි වෙයි. නව නිර්මා­ණ­වල යෙදෙන අයට යහ­පත්ය. ව්‍යාපා­රි­ක­යන්ට ව්‍යාපාර අංශයේ සාර්ථක ප්‍රති­ඵල ළඟා­කර ගැනී­මට හැකි වෙයි.
මාණ්ඩ­ලික ශ්‍රේණියේ තන­තුරු හොබ­වන අයට අති­රේක රාජ­කාරි බහු­ලව යෙදේ. සති අන්තයේ මංගල උත්ස­ව­ය­කට හෝ ප්‍රිය සාද­ය­කට සහ­භාගි වීමට අව­ස්ථාව යෙදේ.

ජය අංකය - 1
සුබ දවස -  සෙන­සු­රාදා

ප්‍රේම සබ­ඳ­තා­ව­ලට වැඩි­හිටි පක්ෂ­යෙන් බාධා එල්ල විය හැක. මුදල් ලාභ­යක් හිමි­වී­මට ඉඩ ඇත. සතියේ මැද භාගයේ විය­දම් අධික වෙයි. නව තන­තුරු ලාභ­යක් අත්වී­මට හැක. දරු­ව­කුගේ අධ්‍යා­ප­නික ජය­ග්‍ර­හ­ණ­යක් පිළි­බඳ ප්‍රීති­දා­යක අව­ස්ථා­ව­කට සහ­භාගි වීමට හැක.
කෙටි ගමන් බිමන් යෙදේ. නිවෙසේ සාමය රජ­යන සති­යකි. තමා සතු වාහ­නය වෙනු­වට නව වාහ­න­යක් මිලදී ගැනීම සඳහා ගන්නා උත්සා­හය සාර්ථක වෙයි. සියලු දෙනා සමඟ සහ‍යෝ­ගීව කට­යුතු කිරී­මට උත්සාහ දරයි. මැණික් කර්මා­න්තයේ යෙදෙන අයට වාසි අත්වේ. සිතට සතුට ගෙන දෙන පුව­තක් සති අන්ත­යේදී අස­න්නට ලැබේ.

ජය අංකය - 5
සුබ දවස -  බ්‍රහ­ස්ප­තින්දා
 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්