රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


මිනිසුන් හා සතුන් අතර අනවරත ගැටුම

මිනිසුන් හා සතුන් අතර අනවරත ගැටුම

ලොව පවතින්නේ අලි - මිනිස් ගැටුම් පමණක් නොවේ. වනාන්තරයේ වෙසෙන සතුන් හා එළිමහනේ වෙසෙන මිනිසුන් අතර ඇතිවන ගැටුම්වල තවත් පැතිකඩක් පෙන්වන බොලිවුඩ් චිත්‍රපටයක් පසුගිය 31 දා සිට ලොව පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වෙයි. ඒ කමල් සධානාගේ අධ්‍යක්ෂණයක් වූ ‘රෝර් - ටයිගර්ස් ඔෆ් සන්දර්බාන්ස්’ සිනමාපටයයි.

තරුණ ඡායාරූප ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන උදේ සන්දර්බාන්ස් වනාන්තරයට යන්නේ එහි සුන්දරත්වය ඡායාරූපයට නඟන්නටය. සතුන් ජාවාරම්කරුවන්ගේ උගුලකට හසුවී සිටින සුදු ව්‍යාඝ්‍ර පැටවකු දකින ඔහු ඌ බේරාගෙන තම නවාතැනට ගෙන එයි. ඉක්මනින්ම එතෙක් ගම්මානයේ තිබූ සාමකාමී බව බිඳී යයි. වන ආරක්ෂක නිලධාරීන් පැමිණ ව්‍යාඝ්‍ර පැටවා උදේ ගේ නවාතැනින් පිටතට ගෙන යන අතර එදින රැයේ බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක ගම්වදින්නේ සිය පැටවා සොයාය. පැටවාගේ ඉව අනුව උදේ ගේ නවාතැනට පිවිසෙන ව්‍යාඝ්‍ර ධේනුව තම පැටවා දැකගන්නට නොලැබුණු කල උදේ මරා දමා ඔහුගේ සිරුර ද ඇදගෙන යළි වනයට පලා යයි.

උදේ ගේ සොහොයුරු පණ්ඩිත් ගම්මානයට පිවිස විමසන්නේ තම සොයොහුරාගේ මළ සිරුර පිළිබඳය. පණ්ඩිත් එරට කොමාන්ඩෝ හමුදාවේ කපිතාන්වරයෙකි. වන ආරක්ෂක නිලධාරීන් ව්‍යාඝ්‍රයන්ට බියෙන් තම සොයුරාගේ මළ සිරුර සෙවීමට පිරිස් යවා නැති බව පණ්ඩිත් වටහා ගනියි.

කෝපයට පත්වන ඔහු තීරණය කරන්නේ තම සොයුරාට විණ කැටූ ව්‍යාඝ්‍ර ධේනුවගෙන් පළිගැනීමේ කාර්යය සියතට ගන්නට ය. ඔහු කොමාන්ඩෝ භට පිරිසක් ගම්මානයට කැඳවයි. එම භට පිරිස හා මධූ නමැති මඟපෙන්වන්නා සමඟ ඔහු ව්‍යාඝ්‍ර ධේනුව සොයා කැලයට ඇතුළු වෙයි.

සන්දර්බාන්ස් වනාන්තරයේ වගුරු බිම් වෙත ළඟා වන ඔවුන් ඉක්මනින්ම වටහා ගන්නේ එතෙක් තමන් ජනප්‍රවාදයන්ගෙන් පමණක් අසා තිබූ බොහෝ ‍දේ සත්‍ය බවය. තම රාජධානියට අනවසරයෙන් පිවිසි කිසිවකු පණපිටින් ආපසු යැවීමට ව්‍යාඝ්‍ර ධේනුව කැමැති වන්නේ නැත. තිරිසනකු වූවත් ඌ බුද්ධියෙන්, මිනිසාට වඩා ඉදිරියෙන් සිට කටයුතු කරමින් කොමාන්ඩෝ භට පිරිසට අඟවන්නේ ඉක්මනින්ම දඩයක්කාරයන් දඩයම් බවට පත්වන බවය. මෙය බොලිවුඩ් මසාලා සිනමාපටයක් නොවේ.

වෙනස් සිනමා අත්දැකීමක් බොලිවුඩ් සිනමා රසිකයන්ට ලබාදීමට සමත් ‘රෝර්’ චිත්‍රපටයේ ප්‍රකට නළු නිළියන් රඟපාන්නේ ද නැත. අධ්‍යක්ෂ කමල් සාධනාගේම තිර රචනයක් අනුව නිමැවුණ මෙහි අභිනව් ශුක්ලා, සුභාරත් දත්තා, අලි මිර්සා, ඇරන් චෞද්රි, ප්‍රානේ ඩික්සිත් වැනි නළු නිළියෝ රඟපාති.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්