![]() ![]() |
||
මිනිසුන් හා සතුන් අතර අනවරත ගැටුමලොව පවතින්නේ අලි - මිනිස් ගැටුම් පමණක් නොවේ. වනාන්තරයේ වෙසෙන සතුන් හා
එළිමහනේ වෙසෙන මිනිසුන් අතර ඇතිවන ගැටුම්වල තවත් පැතිකඩක් පෙන්වන තරුණ ඡායාරූප ශිල්පියකු හා මාධ්‍යවේදියකු වන උදේ සන්දර්බාන්ස් වනාන්තරයට යන්නේ එහි සුන්දරත්වය ඡායාරූපයට නඟන්නටය. සතුන් ජාවාරම්කරුවන්ගේ උගුලකට හසුවී සිටින සුදු ව්‍යාඝ්‍ර පැටවකු දකින ඔහු ඌ බේරාගෙන තම නවාතැනට ගෙන එයි. ඉක්මනින්ම එතෙක් ගම්මානයේ තිබූ සාමකාමී බව බිඳී යයි. වන ආරක්ෂක නිලධාරීන් පැමිණ ව්‍යාඝ්‍ර පැටවා උදේ ගේ නවාතැනින් පිටතට ගෙන යන අතර එදින රැයේ බෙංගාල ව්‍යාඝ්‍ර ධේනුවක ගම්වදින්නේ සිය පැටවා සොයාය. පැටවාගේ ඉව අනුව උදේ ගේ නවාතැනට පිවිසෙන ව්‍යාඝ්‍ර ධේනුව තම පැටවා දැකගන්නට නොලැබුණු කල උදේ මරා දමා ඔහුගේ සිරුර ද ඇදගෙන යළි වනයට පලා යයි. උදේ ගේ සොහොයුරු පණ්ඩිත් ගම්මානයට පිවිස විමසන්නේ තම සොයොහුරාගේ මළ සිරුර පිළිබඳය. පණ්ඩිත් එරට කොමාන්ඩෝ හමුදාවේ කපිතාන්වරයෙකි. වන ආරක්ෂක නිලධාරීන් ව්‍යාඝ්‍රයන්ට බියෙන් තම සොයුරාගේ මළ සිරුර සෙවීමට පිරිස් යවා නැති බව පණ්ඩිත් වටහා ගනියි.
කෝපයට පත්වන ඔහු තීරණය කරන්නේ තම සොයුරාට විණ කැටූ
ව්‍යාඝ්‍ර ධේනුවගෙන් ප සන්දර්බාන්ස් වනාන්තරයේ වගුරු බිම් වෙත ළඟා වන ඔවුන් ඉක්මනින්ම වටහා ගන්නේ එතෙක් තමන් ජනප්‍රවාදයන්ගෙන් පමණක් අසා තිබූ බොහෝ දේ සත්‍ය බවය. තම රාජධානියට අනවසරයෙන් පිවිසි කිසිවකු පණපිටින් ආපසු යැවීමට ව්‍යාඝ්‍ර ධේනුව කැමැති වන්නේ නැත. තිරිසනකු වූවත් ඌ බුද්ධියෙන්, මිනිසාට වඩා ඉදිරියෙන් සිට කටයුතු කරමින් කොමාන්ඩෝ භට පිරිසට අඟවන්නේ ඉක්මනින්ම දඩයක්කාරයන් දඩයම් බවට පත්වන බවය. මෙය බොලිවුඩ් මසාලා සිනමාපටයක් නොවේ. වෙනස් සිනමා අත්දැකීමක් බොලිවුඩ් සිනමා රසිකයන්ට ලබාදීමට සමත් ‘රෝර්’ චිත්‍රපටයේ ප්‍රකට නළු නිළියන් රඟපාන්නේ ද නැත. අධ්‍යක්ෂ කමල් සාධනාගේම තිර රචනයක් අනුව නිමැවුණ මෙහි අභිනව් ශුක්ලා, සුභාරත් දත්තා, අලි මිර්සා, ඇරන් චෞද්රි, ප්‍රානේ ඩික්සිත් වැනි නළු නිළියෝ රඟපාති.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2012 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |