රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


උදුම්බරාගේ ‘අරංගේත්‍රම්’ 15 දා ටවර් රඟහලේදී

උදුම්බරාගේ ‘අරංගේත්‍රම්’ 15 දා ටවර් රඟහලේදී

වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණාට පසුව මට හිතුණා නර්තනය විෂයයක් විදිහට හදාරන්න. ඒ සඳහා මම ප්‍රවීණ නර්තන ආචාරිනී මිරැන්ඩා හේමලතා මහත්මිය ළඟට ගියා.

වසර 7 ක් තිස්සේ එතුමියගෙන් මට නර්තනය ඉගෙන ගත්තා. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ සහ නර්තනය ඉගෙන ගන්න අතරේ භාත් ඛණ්ඩ නර්තන විශාරද උපාධි විභාගයට මුහුණදුන්නා. එයින් මම සමත් වුණා.

ඇය වෛද්‍යවරියකි‍; එසේ ම දක්ෂ නර්තන ශිල්පිනියකි. නර්තන විශාරද වරියකි. ඇය උදුම්බරා සෙව්වන්දි කුමාරිය. වෛද්‍ය උදුම්බරා මේ දිනවල තම නර්තන දිවියේ සුවිශේෂී කඩ ඉමක් වන අරංගේත්‍රම් කලඑළි මංගල්‍යයට සූදානම්වන්නීය. මේ උදුම්බරා තම කලා දිවිය පිළිබඳවත් වෘත්තීය ජීවිතය පිළිබඳවත් ‘රසඳුන’ වෙත පළ කළ අදහස් ය.

“මගේ ගම නුගතලාව. වැලිමඩ ප්‍රාථමික විද්‍යාලයෙන් තමයි මම මූලික අධ්‍යාපනය ලැබුවේ. 5 වසර ශිෂ්‍යත්වයෙන් දිස්ත්‍රික්කයෙන් වැඩිම ලකුණු ලබා ගෙන උසස් පෙළ විභාගය කරන්න වැලිමඩ මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළත් වුණා.

ඉන්පසුව උසස් පෙළ සමත්වෙලා වෛද්‍ය විද්‍යාව හදාරන්න ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් වුණා.

“පුංචි කාලෙ ඉඳලම මම කලාවට ආසයි. නැටුම් විෂයට විශේෂ ඇල්මක් තිබුණා. නමුත් විෂයක් ලෙස පාසලේදී නැටුම් ඉගෙන ගන්න අවස්ථාව ලැබුණේ නෑ. පාසල් කාලයේ පටන් කාව්‍ය රචනා කිරීමට ගීත රචනා කිරීමට විශේෂ කැමැත්තක් දක්ෂතාවයක් මට තිබුණා. ඒ නිසා එවන් තරගවලින් සමස්ත ලංකා මට්ටමෙන් ජයග්‍රහණ ලබන්න මට හැකි වුණා.

මා තුළ තිබුණු කලා හැකියාව හැඳිනගෙන ඒ හැකියාව දියුණු කරගන්න මාව පෙලඹෙව්වේ පාසල් ගුරුවරියක් වුණු මගේ අම්මා. අද වනවිට ඇය ‍ජීවතුන් අතර නැති වුවත් මා ළඟින් ඇය සැමවිටම සිටින බව මට දැනෙනවා.”

“රුහුණු වෛද්‍යපීඨයට ඇතුළත් වුණාට පසුව එහි තිබුණු සෑම කලා උලෙළකදීම නර්තන අංගයක් ඉදිරිපත් කරන්න මට හැකි වුණා‍.

වෛද්‍ය පිඨයේ පැවැත්වුණු ‘සිතුම් සිතුවිලි’ කලා උලෙළේදී නර්තනය, ගීත රචනය, කාව්‍ය රචනය යන අංශ තුනෙන් ම පළමු ස්ථාන ලබාගන්න මට හැකි වුණා.”

“වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වුණාට පසුව මට හිතුණා නර්තනය විෂයක් විදිහට හදාරන්න. ඒ සඳහා මම ප්‍රවීණ නර්තන ආචාරිනී මිරැන්ඩා හේමලතා මහත්මිය ළඟට ගියා.

වසර 7 ක් තිස්සේ එතුමියගෙන් මට නර්තනය ඉගෙන ගත්තා. වෛද්‍ය විද්‍යාලයේ ඉගෙන ගන්න අතරේ සහ නර්තනය ඉගෙන ගන්න අතරේ භාත් ඛණ්ඩ නර්තන විශාරද උපාධි විභාගයට මුහුණදුන්නා. එයින් මම සමත් වුණා.”

“මගේ නර්තන දිවියේ උතුම්ම අවස්ථාව 15 වැනිදා උදාවෙනවා. එදින සවස 6.00 ට මරදාන ටවර්හෝල් රඟහලේදී මගේ අරංගේත්‍රම් කලඑළි මංගල්‍යය ඉදිරිපත් කිරිමට මම සූදානම්. 15 වැනිදා සුවිශේෂී දිනයක්. එදින තමයි මිරැන්ඩා හේමලතා ගුරුතුමිය 76 වියට පා තබන්නේ.

“මගේ නර්තන කල එළි මංගල්‍යය උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තිය වන්නේ ජනාධිපති ආර්යා ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ මැතිනියයි. මේ වනවිට මම රිජ්වේ ආර්යා ළමා රෝහලේ හෘද රෝග අංශයේ වෛද්‍යවරියක ලෙස කටයුතු කරනවා. වෛද්‍ය වෘත්තියේ යෙදෙන ගමන් නර්තන අංශයෙනුත් ඉදිරියට යාමයි මගේ බලාපොරොත්තුව.”


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්