රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Bollywood News

උපන් දින සාදය දා සුසෑන්, රිතික් මඟහරී

සුපිරි නළු රිතික් රෝෂන් සහ ඔහුගේ බිරිය සුසෑන් රෝෂන් පසු ගියදා නිල වශයෙන් වෙන් වුණා. . වසර 14ක යුග දිවිය එයින් අවසන් වූ බව මුළු ලොවම දන්නවා. සුසෑන් ගේ උපන් දිනය ද පසුගිය සතියේ යෙදී තිබුණා. මේ වෙනුවෙන් ඇය උපන් දින සාදයක් ද පැවැත්වූවා. දරු දෙදෙනා වන රෙහාන් සහ රෙදාන් සමඟ පවුලේ ඥාතීන් ද එක්වුණු මේ සාදය පැවැත්ව‍ුණේ මුහුදු වෙරළකදීයි. සුසෑන් ගේ හිත තුළ තෙරපෙමින් තිබුණු වේදනාව මඳකට ඉවත ලන්නට මේ උපන් දින සාදය සමත් වුණා.

තම දරුවන් සමඟ සතුටෙන් ගත කළ සුසෑන් එදින රාත්‍රිය හදිසියේ මුම්බායි බලා පිටත්ව ගියේ තම සොහොයුරිය, ෆාරා අලි ඛාන් සමඟයි. ඒ කුමක් වෙනුවෙන්දැයි කිසිවකු දැන සිටියේ නැහැ.

එදින රාත්‍රියේ රෙහාන් සහ රෙදාන් යන පුතුන් දෙදෙනා රැඳී සිටියේ සුසෑන්ගේ සොහොයුරු සායෙඩ් ඛාන් ගේ නිවෙසේයි. පුතුන් දෙදෙනාට ඒ මොහොතේ පණිවුඩයක් ලැබුණා. වෙන කාගෙන්වත් නොවෙයි. ආදරණීය පියා, රිතික් ගෙන්. ඔහු සායෙඩ්හට දැන්වූයේ තමන් පසුදා පුතුන් දෙදෙනා දැකගන්නට පැමිණෙන බවයි. රිතික් සුසෑන්ගෙන් වෙන්වී සිටියත්, ඇගේ දෙමවුපියන් සහ සහෝදර සහෝදරියන් සමඟ අමනාප වී නැහැ. ඔවුන් සමඟ ඉතාම සුහදව කතාබහ කරනවා. රිතික් තම පුතුන් දෙදෙනාව දැකගන්නට පැමිණියේ තරමක අපහසු ගතියකින්.

එයට හේතුව රූගත කිරීමකදී ඔහුගේ උරහිසක ආබාධයක් ඇතිවී තිබීමයි. ඒත් එය ගණන් නොගත් රිතික් තම දරු දෙදෙනා සමඟ ඉන්දියාවේ දර්ශනීය පළාතක් වන ගෝව ප්‍රදේශයේ සිරි නරඹන්නට පිටත්ව ගියා. රිතික් - සුසෑන් යුවළ ගැන තතු දන්නා ඇතැම් උදවිය කීවේ මේ දෙදෙනා මුහුණට මුණගැසීමට දැඩි අකැමැත්තක් දක්වන බවයි. ඒ නිසාලු, සුසෑන් රිතික්ව මඟහැර මුම්බායි වෙතට ගියේ.

රියැදුරු තනිකර ශ්‍රද්ධා මහ රෑ අතුරුදන්

අපි දෙන්නා පෙම්වතුන් නෙමෙයි. අපි අතරෙ තියෙන්නේ හිතවත්කමක් විතරයි” මේ කතා දැන් බොලිවුඩ්පුරයට අමුතු දේවල් නොවෙයි. මේක ‘පැරැණි තැටියක්'. මේ ‘තැටිය’ වාදනය වන විටම ශ්‍රවණය කරන අය දන්නවා, ඔහොම කියන දෙන්නා සැබැවින්ම පෙම්වතුන් බව. එවැනි පෙම්වතුන් යුවළක් තමයි, ආදිත්‍ය රෝයි කපූර් සහ ශ්‍රද්ධා කපූර්.

පසුගියදා ‍ෙම් දෙදෙනා සුපිරි නළු අමිතාබ් භච්චන්ගේ නි‍ෙවසට ගොඩවැදුණේ එහි පැවැත්වුණු දීපාවලී සාදයට සහභාගිවෙන්නයි. මේ සාදයට බොලිවුඩ්පුරයේ ජනප්‍රිය තරු රැසක්ම එක්වී සිටියා. අමිතාබ්ගේ නි‍ෙවසට සවස් යාමයේ මේ දෙදෙනා පැමිණියේ තම තමන් සතු මෝටර් රථවලින්.

ශ්‍රද්ධාගේ මෝටර් රථය පදවාගෙන ආවේ රියැදුරෙක්. ආදිත්‍ය තමන් විසින්ම මෝටර් රථය පදවාගෙන පැමිණියා. රාත්‍රිය එළඹී පැයක් දෙකක් ගතවෙද්දී, සාදයෙන් නික්ම යා යුතු යැයි ශ්‍රද්ධා සහ ආදිත්‍ය කතාකර ගත්තා. ඒ, තවත් මෙවැනිම සාදයකට සහභාගිවීමටයි. එය පැවැත්ව‍ුණේ සුපිරි නළු අමීර් ඛාන් ගේ නි‍ෙවසේදීයි. ‘වෙන වෙනම යමුද? එකටම යමුද?’ ශ්‍රද්ධාත් ආදිත්‍යත් පොඩි සාකච්ඡාවක් කළේ රහසින්මයි.

දෙදෙනා තීරණයකට එළඹුණා. ශ්‍රද්ධා, ආදිත්‍යගේ රථයට නැඟුණා. රථය ඇදී ගියේ විදුලි වේගයෙන්. මෙතැනදී ශ්‍රද්ධාට වැදගත් දෙයක් අමතක වුණා. ඒ, තම රියැදුරාට මේ බව දැන්වීමට. ශ්‍රද්ධා ආදිත්‍ය සමඟ පිටත්ව ගිය බව ඔහු දැන සිටියේ නැහැ. මැදියම් රැයටත් ආසන්න වෙද්දී ශ්‍රද්ධාගේ රියදුරා තරමක කලබලයට පත්වුණා.

ඔහු එහෙ මෙහෙ ඇවිදිමින් ‘ශ්‍රද්ධා මැඩම් කෝ? එයා ගිහින්ද?” වැනි ප්‍රශ්න අසන්නට පටන් ගත්තා. රියැදුරාගේ මේ කලබලය නිසා කවුරුත් ඇයව සෙව්වා. මඳ වේලාවකින් කාටත් සිදුවූ දෙය පැහැදිලි වුණා. රියැදුරා තනිවම ශ්‍රද්ධාගේ නි‍ෙවසට වාහනය පදවාගෙන ගියේ මොන මොනවා හරි කියමින් වෙන්න ඇති.

මේ අතර අමීර් ඛාන් ගේ නි‍ෙවසට ගිය ශ්‍රද්ධා සහ ආදිත්‍ය, එතැනින් ආපසු පිටත්වුණේ අලුයම් කාලයේදීලු.

ප්‍රේම ජවනිකා නිසා බිපාෂාට තවත් ‘කතන්දරයක්’

ලව් ස්ටෝරි 2050’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයක් රඟපාමින් බොලිවුඩ් සිනමාවේ නමක් හදාගත් හාර්මන් බවේජා දැන් සෑහෙන දුරක් ගමන් කරලා. නළුවකු හැටියට විතරක් නොවෙයි, පෙම්වතකු හැටියටත් ඔහු ලබා ඇත්තේ ‘සැලකිය යුතු’ ජනප්‍රියත්වයක්. හාමන්ට දැන් පෙම් කරන්නේ ජනප්‍රිය නිළි බිපාෂා බාසුයි. මේ පෙම්කතාව පසුගිය මාස කිහිපය තිස්සේ දිගහැරුණේ කිසිදු ගැටුමකින් තොරවයි.

ඒත්, පසුගිය සතියේ බොලිවුඩ් ආරංචිවලින් කියවුණේ බිපාෂා සහ හාමන් අතර වරින් වර ගැටුම්කාරී වාතාවරණයක් මතුවූ බවයි. මේ හේතුවෙන් දෙදෙනාගේ ආදරය පලුදු වී ඇතැයි පැවසෙනවා. හාමන් - බිපාෂා පෙම් පාරාදීසය අවලස්සන වන්නට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ අලුතින් රූගත වන චිත්‍රපටයක්.

මෙහි රූගත කිරීම් කීපයක් පසුගිය මාසයේ මුල් භාගයේ දී කේරළ ප්‍රාන්තයේ දී සිදු කෙරුණා. සංත්‍රාසය කැටි වූ කතාවක් රැගත් මේ චිත්‍රපටයේ බිපාෂාගේ පෙම්වතා ලෙස රඟන්නේ ඉන්දීය ටෙලිනාට්‍ය ලෝකයේ අතිශය ජනප්‍රිය නළුවෙක්. ඔහුගේ නම මෙතෙක් හෙළිදරව් වී නැහැ.

බිපාෂා මේ කඩවසම් නළුවාත් සමඟ ඕනෑවට වඩා කුලුපග වී ඇති බවට ඕපාදූප පැතිරී ගොස් තිබෙනවා. හාමන් සහ බිපාෂා අතර විරසකයකුත් ඇතිවී තිබෙන්නේ ‍මේ හේතුව නිසාලු. ඒ වුණත් කේරළයේ රූගත කිරීම් සිදුවෙද්දී බිපාෂා, හාමන් සමඟ නිරතුරුවම දුරකථනයෙන් කතාබහ කර ඇති බවයි සමහරු පවසන්නේ. මේ බව තහවුරු කරන හාමන් සහ බිපාෂා ගේ හිතවතුන් කියා සිටින්නේ බිපාෂා මේ කියන ටෙලි තරුව සමඟ ඇඟෑලුම්කමක් දක්වන බවට පැතිරෙන කතාවල ඇත්තක් නොමැති බවයි. මේ කටකතාවලට මුල් වී ඇත්තේ බිපාෂා සහ ඔහු අතර ප්‍රේම ජවනිකා කිහිපයක්ම රූගත වීම නිසා බවත් ඔවුන් පවසනවා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්