රනිල් - සජිත් හවුල බලවත්වෙයි

 
 

රටේ ස්ථාවරභාවයට 'ෆෝබ්ස්’ සඟරාවෙන් සහතිකයක්

 
 

සරල ප්‍රශ්නයක් සංකීර්ණ කළත් අධිකරණය නොමඟ යැවීමට නොහැකියි

 
 

ගඩොල් ලක්ෂ 260 ක් බැඳ සඳ හිරු සෑය හදන හැටි මෙන්න

 
 

ශිෂ්‍යත්ව විභාග ඉහළින් සමත්වී රටෙන්ම පෙරමුණ ගත් එකම පවුලේ අක්ක - මලෝ

 
 

මුල් පිටුව

 
 

අම්මාගේ මිනිය ගෙදර තියෙද්දි මං පාසල් නාට්‍යයේ රඟපෑවා

 
 

වාල්වට්ට්‍ර වාල්ලු

 
 

ඒෂියන් එලායන්ස් - විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව සමඟ අත්වැල් බැඳගනී

 
 

මං ආවෙ උදව් කරන්න ඒත් වැරැදි වැඩ කරද්දී මට බලන් ඉන්න බෑ

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


Hollywood News

හිතන තරම් ලේසි නැහැ

හොලිවුඩයේ ජනප්‍රිය තරු යුවළක් වන ජස්ටින් ටිම්බර්ලේක් සහ ජෙසිකා බීල් මෑතකදී සිය විවාහ ජීවිතයේ දෙවැනි සංවත්සරය සැමරුවේ නවසීලන්තයේ දීයි. මේ වෙනුවෙන් පැවැත්වූ සාදයට ජස්ටින් සහ ජෙසිකාගේ සමීප මිතුරු මිතුරියන් රැසක්ම සහභාගි වුණා.

නවසීලන්තයේ ඕක්ලන්ඩ් ප්‍රදේශයේ මුහුදු වෙරළක් සමීපයෙහි පැවති මේ සංවත්සර සාදයේ දී ජස්ටින් සහ ජෙසිකා නව පෙම් යුවළක් ලෙස පෙනී සිටිමින් ඡායාරූප රැසක් ගත් බවයි පැවසෙන්නේ. මේ ඡායාරූප අන්තර්ජාලයේ ඇති ජස්ටින්ගේත් ‍ෙජසිකාගේත් ‘ඉන්ස්ටර්ග්‍රෑම්’ අඩවිවලට එක්කර තිබෙනවා.

මේ අතර ලැබුණු තවත් ආරංචියක සටහන් වී තිබුණේ ජෙසිකා මවු පදවිය ලැබීමට සූදානමින් සිටින බවයි. ඇයට දරුවා ලැබීමට නියමිතව ඇත්තේ ලබන වසරේ අප්‍රේල් මාසයේදීලු. මවු පදවිය ලැබීම හිතන තරම් ලෙහෙසි පහසු දෙයක් නොවේය කියලයි ජෙසිකා කියා සිටින්නේ.

පැටින්සන්ගේ අලුත්ම කෙලි පැටික්කි

ජනප්‍රිය නළු රොබට් පැටින්සන් පසුගියදා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර සිට එංගලන්තයේ ලන්ඩන් නුවර බලා පිටත්ව ගියා. තනිවම නොවෙයි.

තම පෙම්වතිය වන සුපිරි ගායිකා එෆ්.කේ.ඒ.ට්විග්ස් එක්කයි. (ගායන ලෝකයේ දී මේ නම භාවිතා කළත්, ඇයට දෙමවුපියන් තැබූ නම තමයි, ටාලියා - ඩෙබ්‍රෙට් බානට්. බ්‍රිතාන්‍ය ජාතික යුවතියක වූ 26 වැනි වියැති ඇය ගීත රචිකාවියක් මෙන්ම නර්තන ශිල්පිනියක්.

රොබට් පැටින්සන් ලන්ඩන් නුවරට ගියේ අලුත් නිවසක් මිලදී ගන්නටයි. ඔහු මීට කලින් පවසා තිබුණේ පදිංචියට සුදුසු ලොස් ඇන්ජලීස් නුවර බවයි.

ඒත් ඒ අදහස ඔහු වෙනස් කරගන්නට ඇත්තේ තම පෙම්වතියගේ මවු රට ‍එංගලන්තය නිසා වෙන්න ඇති. “රොබ්ගේ මේ තීරණය පිටුපස ඉන්නෙ ටාලියා තමයි. රොබ් දැන් එයාට ඕනෑ හැටියට තමයි හුඟක් වෙලාවට වැඩ කරන්නෙ” මෙලෙස කීවේ රොබට්ගේ හිතවත් අයෙක්.

රොබට් මීට කලින් පෙම් කළේ ජනප්‍රිය නිළි ක්‍රිස්ටීන් ස්ටුවර්ට්ටයි. මෑතකදී ඔවුන්ගේ ආදර කතාව නිමාවට පත්වුණා. “දැන් රොබ් සහ ටාලියා හරිම සතුටෙන් සිටිනවා.

දෙන්නම අලුත් ආදරයකට මුල පුරලා. මේ දවස්වල දෙන්නාම කාර්ය බහුලයි. චිත්‍රපටවල, ප්‍රංසගවල වැඩ. අනාගතය ගැන සිතලාලු ලන්ඩන් යන්න තීරණය කළේ” රොබට් ගේ තවත් හිතවතෙකු එලෙස කීවා.

රැප් ගීය හරියටම හරි

යොවුන් පරපුරේ ආදරය දිනාගත් ඩැනියල් රැඩ්ක්ලිෆ් දක්ෂ රංගන ශිල්පියකු හැටියටයි කවුරුත් හඳුනන්නේ. ඔහු රංගනයට විතරක් නොවෙයි ගායනයටත් දක්ෂයි.

මෑතකදී විකාශය වූ ‘ද ටූ නයිට් ෂෝ’ නම් වූ ඇමෙරිකානු සාකච්ඡාමය රූපවාහිනී වැඩසටහනකදී තමන්ට ගී ගැයීමේ හැකියාවක් තිබෙන බව මේ ‘හැරී පොටර්’ ඔප්පු කර පෙන්නුවා.

ඔහු ඒ වැඩ සටහනට සහභාගි වුණේ ‘හෝන්ස්’ නම් වූ අලුත්ම චිත්‍රපටය ගැන කතා කරන්නයි. (මේ චිත්‍රපටයේ ඩැනියල් ප්‍රධාන චරිතයක් රඟපානවා.) වැඩ සටහන මෙහෙය වූ නිවේදක ජිම් ෆොලන්, ඩැනියල් ගෙන් ගීත ගායනය පිළිබඳව යම් විමසීමක් කළා. එහිදී මේ යොවුන් රංගන ශිල්පියා කීවේ, තමන්ට රැප් ගීත පවා ගායනා කළ හැකි බවයි.

මේ බව ඔප්පු කරන්නට ඔහු ජනප්‍රිය රැප් ගීයක් ගායනා කළා. ඔහු ගැයුවේ ඇමෙරිකානු හිප්-හොප් ගායක යුවළක් වන බ්ලැකලිෂස් ගේ ‘ඇල්ෆබට් එරෝබික්ස්’ නම් වූ ගීයයි.

මෙම ගීයේ පදවැල ලෙහෙසියෙන් මතක තබා ගැනීම නම් අතිශය අසීරු දෙයක්. ඒත් ඩැනියල් එම ගීය ගැයුවේ එහි ඇති වචන ඉතා නිවැරැදිව උච්චාරණය කරමින්.

රංගනය අතර ‘නර්ස්’ වැඩෙත්

මෑතකදී තවත් අලුත් හොලිවුඩ් චිත්‍රපටයක රූගත කිරීමක් ඇරැඹුණා. ‘අවර් බ්‍රෑන්ඩ් ඉස් ක්‍රයිසිස්’ නම් වූ මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ පොවන සුපිරි තරුවක් තමයි, සැන්ඩ්‍රා බුලොක්.

ඇමෙරිකාවේ නිව් ඕර්ලියන්ස් ප්‍රදේශයේ දී මේ චිත්‍රපටයේ දර්ශන කීපයක් රූගත කෙරෙද්දී සැන්ඩ්‍රාට රඟපෑමට අමතරව ප්‍රථමාධාර කටයුත්තක් ද කරන්නට සිදුවුණා. ඒ, චිත්‍රපටයේ රඟපෑමට එක්වී සිටි අතිරේක නිළියක් හදිසියේම ක්ලාන්ත වී බිම ඇද වැටෙන්නට වීම නිසයි.

මේ අති‍ෙර්ක නිළිය එක්තරා දර්ශනයක සැන්ඩ්‍රා සමඟ රඟපාමින් සිටියා. ඒ මොහොතේ දර්ශන තලය අවට පැවතුණේ දැඩි අව්රශ්මියක්. ඇය හැඳ සිටියේ ද ඝනකම් රෙදිවලින් නිර්මාණය කළ ඇඳුමක්.

පැය කීපයක්ම දර්ශන තලයේ රැඳී සිටී‍ෙම් හේතුව නිසාදෝ රූගත කිරීමකදී ඇය එක්වරම ඇදවැටෙන්නට ගියා.

ඇයව එක්වරම අල්ලා ගත්තේ සැන්ඩ්‍රායි. ඉන්පසුව ඇයව වත්තන් කරගෙන පැත්තකට ගිය සැන්ඩ්‍රා, ඇයට සාත්තු කරන්නට පටන්ගත්තේ වෙනත් කිසිවකු ක්‍රියාත්මක වන්නටත් කලින්. ඇයට බීමට වතුර වීදුරුවක් පවා ලබා දුන් සැන්ඩ්‍රා, එතැනින් ඉවත්වුණේ ගිලන් රථයක් එම ස්ථානයට ළඟා වූ පසුවයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්