දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


රජයේ වෛද්‍ය නිලධාරින්ට මෝටර් ප්ලස් විශේෂ පැකේජයක්

රජයේ වෛද්‍ය නිලධාරින්ට මෝටර් ප්ලස් විශේෂ පැකේජයක්

ශ්‍රී ලංකා රජයේ වෛද්‍ය නිලධාරින්ට උපහාර වශයෙන් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රජයේ වෛද්‍යවරුන්ගේ වාහන සඳහා මෝටර් ප්ලස් රථවාහන රක්ෂණයක් ලබා දෙයි. ඒ වෙනුවෙන් අවබෝධතා ගිවිසුමක් රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ආයතනයත් අතර පසුගියදා අස්සන් තැබිණි.

ඒ විශේෂ වරප්‍රසාද හිමිවන්නේ රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සාමාජිකත්වය ලබා ඇති වෛද්‍ය නිලධාරීන්ට පමණි. මෙම වරප්‍රසාද අතර වෛද්‍ය නිලධාරීන් පාවිච්චි කරන පුද්ගලික මෝටර් රථ හා ද්විත්ව කාර්ය වාහන සඳහා වාහනය රක්ෂණ කිරීමේදී ගෙවිය යුතු වාර මුදලට විශේෂ වට්ටමක් ලබාදීම විශේෂත්වයකි. මෙම සුවිශේෂී පැකේජයට ඇතුළත් වන්නේ නිෂ්පාදන වසර අවුරුදු 10 කට ප්‍රථම පුද්ගලික කාර් සහා ද්විත්ව කාර්ය රථ පමණකි. මෙම වරප්‍රසාද යටතේ වාහනය හිමි වෛද්‍ය නිලධාරියාට ලක්ෂ 5 ක හදිසි අනතුරු රක්ෂණයක් හිමිවන අතර ඊට අමතරව පවුලේ සාමාජිකයින් තිදෙනෙකුට ද එම පුද්ගල හදිසි අනතුරු ආවරණය හිමිවේ. එමෙන්ම වාහනය ධාවනය කිරීමේදී යම්කිසි දෝෂයකට ලක්වුව‍හොත් මෝටර් ප්ලස් රථවාහන රක්ෂණයක් යටතේ ලැබෙන කාර්මික සහායද හිමිවේ.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්