සිළුමිණ: ව්‍යාපාරික - ඩෙටෝල් සුවසෙත මෙහෙවරෙන් විෂබීජවලින් තොර ශ්‍රී ලංකාවක්
ඩෙටෝල් සුවසෙත මෙහෙවරෙන්
විෂබීජවලින් තොර ශ්‍රී ලංකාවක්
 රෙකිට් බෙන්කිසර් සමාගමේ සුප්‍රකට සන්නාමයක් වන ඩෙටෝල් ‘සුවසෙත මෙහෙවර’
ව්‍යාපෘතිය පසුගියදා කොළඹ දී ආරම්භ කෙළේය. සුවසෙත මෙහෙවර සමාරම්භක උත්සවය
වූ ජනතා පාගමන සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල
සිරිසේන මහතා සහභාගි වූ අතර ඩිටෝල් සුවසෙත මෙහෙවර ප්‍රතිඥා පුවරුව දියත්
කිරීමේ උත්සවය සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ලලිත් දිසානායක මහතාගේ
ප්‍රධානත්වයෙන් විහාර මහා දේවී උද්‍යානයේ එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.
ප්‍රධාන ආරාධිතයින් පෙරදැරිකරගත් පා ගමනක් කොළඹ මුත්තයියා
ක්‍රීඩාංගණයෙන් ආරම්භ වූ අතර ඊට සෞඛ්‍ය වෘත්තිකයින් හා සුප්‍රකට පුද්ගලයින්
රැසක් සමඟින් රෙකිට් බෙන්කිසර් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය හා කාර්ය මණ්ඩල
සාමාජිකයින් ද ඇතුළත් විය. විහාර මහා දේවී එළිමහන් රංග පීඨයෙන් පා ගමනේ
අවසානය සනිටුහන් වූ අතර එහිදී ‘සුවසෙත මෙහෙවර’ ව්‍යාපෘතිය එළිදැක්වීම සිදු
කෙරිණි.
|