NORTHWOOD ආදිකර්තෘ දිනය සමරයි
NORTHWOOD
ආදිකර්තෘ දිනය සමරයි

NORTHWOOD විද්‍යාලය සිය පළමු සංවත්සරය විශිෂ්ට ලෙසින් සමරයි. එම උලෙළේ
ප්‍රධාන ආරාධිතයා ලෙසින් කොළඹ වෛද්‍ය පීඨයේ මහාචාර්ය රවින්ද්‍ර ප්‍රනාන්දු මහතා
සහභාගී වූ අතර ගෞරවනීය ආරාධිතයා ලෙසින් බිෂොප්ස් විද්‍යාලයේ හිටපු
විදුහල්පතිනිය සහ කේරි විද්‍යාලයේ වත්මන් විදුහල්පතිනිය වන හේමාලී බිබිලේ
මහත්මිය සහභාගී වූවාය.
පාසල් අධ්‍යාපනය කෙරෙහි එක හා සමාන ලැදියාවක් ඇති පුද්ගලික අංශයේ ආයතන
ප්‍රධානීන්ගේ අනුග්‍රහය ලත් ප්‍රථම අධ්‍යාපන ආයතනය ලෙසින්
NORTHWOOD
විද්‍යාලය මීට වසරකට පෙර තම සුවිශේෂී ගමනේ ආරම්භය සනිටුහන් කෙළේය.
පළමු වසර සඳහා සිසුන් ඇතුළත් කිරීෙම් උලෙළ, ආදිකර්තෘ දිනය සැමරීම මෙන්ම “Leader
in ME” වැඩසටන හඳුන්වාදීම ආදි උත්සවාකාර අංගයන් නිසා පළමු සංවත්සර
සැමරුමට වැඩි ආලෝකවත් බවක් එක් විණි.
The Leader In Me යනු ආචාර්ය ස්ටීවන් ආර්. කෝවේ විසින් රචිත වාර්තාගත අලෙවියක්
සහිත පොත මත පදනම් වූ ලොව පිළිගත් වැඩසටහනකි. මෙය පළමු වරට ශ්‍රී ලංකාවට
හඳුන්වා දෙන ලද්දේ NORTHWOOD විද්‍යාලය විසිනි. ආදිකර්තෘ දිනය සහ පළමු සංවත්සරය
සැමරීමට සහභාගී වූ මව්පියන් වෙනුවෙන් දකුණු ආසියාවේ Franklin Covey හි ශ්‍රී
ලංකා සහ මාලදිවයින් ප්‍රධාන විධායක නිලධාරි අමීර් අහමඩ් මහතා විසින්
සවිස්තරාත්මක ඉදිරිපත් කිරීමක් කරන ලදී.
|