දහදාහක් කැඳවූවත් 4000 ක් ඇවිත් නෑ

 
 

ජයලලිතාගේ ඊළාම් යෝජනාව ගැනයි

 
 

අසාධාරණ අතපෙවීමට එරෙහිව සැවොම පෙළගැසිය යුතුයි

 
 

පාහියන්ගලින් හමුවූ තරුණියගේ ඇටසැකිල්ල අවුරුදු 48000ක් පරණයි

 
 

වැඩිම වැස්ස වෙනුවට මාලිබොඩටත් දැන් පෑවිල්ල!

 
 

මුල් පිටුව

 
 

පෙර ආත්මයේ පගා ගත් කෙනා මේ ආත්මයේ දුක් විඳින හැටි

 
 

මලබද්ධයට හිතුමතේ බෙහෙත් ගැනීමත් අර්ශස් හැදෙන්න හේතුවක්

 
 

නිර්මාණකරුවා ඉතිහාසය විකෘති නොකළ යුතුයි

 
 

විස්සයි-20 රස්තියාදුකාර ක්‍රීඩාවක්

 
 

සුපිරි සම්මාන රාත්‍රියේ දී හොල්සිම් තරු දිදුලයි

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»
»
»
»
»
»


ඇප් නිර්මාණකරුවන් දෙදෙනෙකුට ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයක්

ඇප් නිර්මාණකරුවන් දෙදෙනෙකුට ජාත්‍යන්තර තලයේ ජයග්‍රහණයක්

ශ්‍රී ලංකාවේ තරුණ පරිගණක ඉංජිනේරුවන් දෙදෙනෙක් Windows phone 8 සඳහා වන ඇප්ලි‍ෙක්ෂන් නිර්මාණ කිරීමෙන් සුවිශේෂ ජාත්‍යන්තර ජයග්‍රහණ දිනාගැනීමට සමත්ව සිටිති. ඒ අනුව ඔවුහු මෙම මස අග ස්පාඤ්ඤයේ බාසිලෝනා නුවර පැවැත්වෙන ‘අන්තර්ජාතික මොබයිල් කොංග්‍රසය’ ට සහභාගි වී ජාත්‍යන්තර තරගකරුවන් සමඟ තරග වැදීමට අවස්ථාව උදා කරගෙන සිටිති.

එක් තරගකරුවෙකු වන්නේ 23 හැවිරිදි පරිගණක ඉංජිනේරුවෙකු වන එම්.එස්. හේෂාන් වන අතර ඔහු ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. ඔහු කොළඹ ‘ඇපිට්’ ආයතනයෙන් සිය පරිගණක උපාධිය ලබාගත් අයෙකි. අනෙක් තරගකරුවා තාරක විජේබණ්ඩාර වන අතර ඔහු මොරටුව සරසවියේ අවසන් වසරේ ඉගෙනුම ලබන පරිගණක විද්‍යා උපාධි අපේක්ෂකයෙකි.

විජේබණ්ඩාර විසින් නිර්මාණය කර ඇති මුදෘකාංගය ෆේස්බුක් වෙබ් අඩවියේ ඡායාරූප පළ කිරීමට සම්බන්ධ එකක් වන අතර හේෂාන් විසින් නිර්මාණය කර ඇති මුදෘකාංගය වින්ඩෝස් දුරකථනයේ සංගීතය වාදනය කිරීමට අදාළ එකකි. මොවුන් දෙදෙනාම දීර්ඝ කාලයක් තිස්සේ මයික්‍රොසොෆ්ට් තාක්ෂණය සමඟ කටයුතු කළ සිසුන් වීමද විශේෂත්වයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්