වාස්තු විද්‍යාඥයන්ගේ ජාතික සමුළුව
වාස්තු විද්‍යාඥයන්ගේ ජාතික සමුළුව
 |
ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ
ආයතනයේ උප සභාපති වරලත් වාස්තු
විද්‍යාඥ ඩී. එච්. විජේවර්ධන,
ජ්‍යෙෂ්ඨ උප සභාපති වරලත් වාස්තු
විද්‍යාඥ හර්ෂ ප්‍රනාන්දු, සභාපති
වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය
චිත්‍රා වෙඩික්කාර, ආරක්ෂක සහ
නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ
ලේකම් ගෝඨාභය රාජපක්ෂ හිටපු
සභාපති වරලත් වාස්තු විද්‍යාඥ
රංජන් නඩේසපිල්ලේ, වරලත් වාස්තු
විද්‍යාඥවරුන් මහාචාර්ය ඇලන්
පර්ට් සහ ආචාර්ය ජානක විජේසුන්දර
මහත්ම මහත්මීහු. |
Architect 2014 හි ජාතික සමුළුව බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ
සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගියදා පැවැත්වූයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් උලෙළ
වර්ණවත් කළ ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ
මහතාගේ සහභාගිත්වයෙනි.
අඛණ්ඩ 32 වන වරට පවත්වනු ලැබූ මෙම සමුළුවේ මෙවර තේමාව වූයේ ‘වාස්තු විද්‍යාව
අනාගත සංකල්පනයට’ යන්නයි. එහිදී වාස්තු විද්‍යාඥයින්ගේ භූමිකාව සහ ශ්‍රී
ලංකාවේ ශීඝ්‍ර සංවර්ධනයට ඔවුන්ගෙන් ලැබෙනා දායකත්වය පිළිබඳව ගැඹුරෙන්
සාකච්ඡාවට ලක් විය.
මෙහි දේශක මඩුල්ලට ඕස්‍ට්‍රේලියාවේ සිට පැමිණි ප්‍රධාන දේශක සුප්‍රසිද්ධ වරලත්
වාස්තු විද්‍යාඥ මහාචාර්ය ඇලන් පර්ට්, ජපානයේ වරලත් වාස්තු විද්‍යාඥ මහාචාර්ය
මසහිරෝ හරදා, ඉන්දියාවේ වරලත් වාස්තු විද්‍යාඥ රාජේෂ් රෙන්ගනාතන්, වරලත්
වාස්තු විද්‍යාඥ ඉස්මත් රහීම්, වරලත් වාස්තු විද්‍යාඥ නිහාල් බෝධිනායක සහ වරලත්
වාස්තු විද්‍යාඥ මහාචාර්ය පුලස්ති විජේකෝන් සහ වරලත් වාස්තු විද්‍යාඥ රුවනි
ධර්මසිරි ද සහභාගි වූහ. සැසිවාර තුනකින් සමුළුව සමන්විත වූ අතර ඒවායෙහි
තේමාවන් වූයේ වාස්තු විද්‍යාවේ සිද්ධාන්ත, වාස්තු විද්‍යාවේ කාව්‍යත්වය සහ වාස්තු
විද්‍යාවේ ප්‍රතිපත්ති වේ.
සහභාගිවන්නන් සඳහා වැඩි දැනුමක් සහ අගයක් ලබාදීම සඳහා වාස්තු විද්‍යාඥයින්
සහ සිසුන් විසින් ඉදිරිපත් කිරීම් ද සිදු කළ අතර ඉන්පසුව දේශක මඩුල්ල සමඟ
සාකච්ඡා කිරීමට අවස්ථාව උදා විය.
මෙම වසරේ සමුළුවේදී වාස්තු විද්‍යාඥ ප්‍රජාව විසින් සංකීර්ණ නවීන තාක්ෂණයන්,
ඩිජිටල් පරිසරයන්, වෙළෙඳපොළ මත පදනම් වූ ආර්ථිකය සහ ගෝලීය අන්තර්ඡේදනය
ආදී ප්‍රධාන කරුණු පිළිබඳව අවධාරණය කරනු ලැබුවේ වෙනස්වන වාතාවරණයන්ට අනුව
වාස්තු විද්‍යාවේ අනාගතය නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පෙන්නුම් කරමිනි.
|