කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් බඩු ගත්තොත් ලක්ෂ ගණන් තෑගි

තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් බඩු ගත්තොත් ලක්ෂ ගණන් තෑගි

ගුවන් තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගැනීමට සංචාරකයන් යොමු කරනු පිණිස සාප්පු සැණකෙළියක් පවත්වන බව සංචාරක සහ සිවිල් ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න ජේ. වික්‍රමසූරිය මහතා පවසයි.

කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ බව පැවසූ ඒ මහතා මේ සැණකෙළිය 2011 වසරේ ජනවාරි මස 15 දින දක්වා පැවැත්වෙන බවත් කීය.

මේ සැණකෙළියේ ප්‍රධාන අරමුණ අතර ශ්‍රී ලංකාව සංචාරකයන්ට මිත්‍රශීලී එමෙන් ම සංචාරකයන් පැමිණිය යුතු රටක් බවට හඳුන්වා දීමත්, ලංකාව හරහා යන මඟින් ප්‍රමාණය තවදුරටත් වැඩිකර තීරු බදු ගෙන සංකීර්ණය අලෙවිය වැඩි කිරීමත් ය.

2011 වසර ‘විසිට් ශ්‍රී ලංකා’ යනුවෙන් නම් කර ඇති බවත් ඒ තත්ත්වය වැඩි දියුණු කිරීම පිණිස මාස 12 ට ප්‍රවර්ධන වැඩසටහන් පත් හඳුන්වා දී ඇති බවත් ඒ මහතා කීය.

තීරුබදු සංකීර්ණයෙන් භාණ්ඩ මිලදී ගන්නා සංචාරකයන්ට ත්‍යාග දිනා ගැනීමේ අවස්ථා ද උදා කර ඇත. සැණකෙළි කාලය තුළ භාණ්ඩ මිලදී ගන්නන් අතුරින් ජයග්‍රාහකයන් තෝරා පළමු ත්‍යාගය ලෙසින් රුපියල් ලක්ෂ 5 ක් ද දෙවැන්න ලෙසින් 250000 ක් ද තුන්වැන්නාට රුපියල් 150000/= ක් ද පිරිනැමේ.

ඊට අමතරව සිව්වැන්නාට රුපියල් 75000/= ක මුදලක් ද පස්වැන්නාට රුපියල් 25,000/= ක් පිරිනැමේ.

EEANN විසිවැනි වසර සමරයි

අධ්‍යක්ෂ අබ්දුල් ගෆූර්, අධ්‍යක්ෂ සයිඩ් අහමඩ්, අධ්‍යක්ෂ තාබිට් සමාඩ් හා ප්‍රවීණ රෙදි කැපුම් ශිල්පී ඩබ්ලිව්.තොම්සන් සොයිසා මහත්වරුන් මාධ්‍ය හමුවට එක්වී.

’බිස්පෝක්’ ඇදුම් මැසීමේ ප්‍රමුඛයින් වන EEANN ආයතනයට වසර 20ක් සපිරෙයි.

තමන්ට අනන්‍ය වූ මෝස්තර හා නිර්මාණයන්ගෙන් යුතු නිසි අයුරින් මසන ලද උසස් තත්ත්වයේ ඇඳුම් ගනුදෙනුකරුවන්ට සැපයීමෙන් ‘බිස්පෝක්’ ඇඳුම් මසන හොඳම ඇඳුම් මසන්නන් අතරින් පෙරමුණේ වැජඹීමේ ආඩම්බරය EEANN සතු බව අධ්‍යක්ෂ සයිඩ් අහමඩ් කියයි. ‘බිස්පෝක්’ නම් යෙදුමෙහි අදහස වන්නේ එක් එක් පුද්ගලයන්ගේ අවශ්‍යතා හා විශේෂතා වෙන වෙනම සැලකිල්ලට ගනිමින් අතින් මසන ලද ඇඟලුම් යන්නයි.

ඔවුන්ගේ අභිමතය පරිදි ගනුදෙනුකරුවන්ට එතෙරින් ආනයනය කරන ලද පුළුල් පරාසයක ලෝම රෙදි වර්ග තෝරා ගැනීමට හැකි අතරම කමිස සඳහා අයිරිෂ් ලිනන් හා ඊජිප්තු කපු රෙදිවල විවිධ මාදිලි තෝරාගැනීමේ අවස්ථාව උදා වනවා. ඇඳුම් සඳහා යොදා ගන්නා සියලු අනෙකුත් උපාංග ජර්මනියෙන් ගෙන්වන ලද උසස් තත්ත්වයේ ඒවා” යැයි ද ඒ මහතා කීය.

ගනුදෙනුකරුවන්ට විශිෂ්ට සේවාවක්, උසස් මෝස්තර, නියමිත වේලාවට බාරදීම හා ඉහළ අයුරින් පාරිභෝගිකයින් තෘප්තිමත් කිරීම අපේ අරමුණයි. EEANN ඇඳුම් සඳහා යොදා ගන්නේ සුවිශේෂී මැසුම් ක්‍රමයක් වන අතර එමඟින් ඇඳුම්වල දෝෂ රහිත බව තහවුරු කරයි. ‘බිස්පෝක්’ ඇඟලුම් මැසීම සඳහා දිගු කාලයක් අවශ්‍ය වන අතර ඇඳුම සම්පූර්ණයෙන්ම නිම වෙන්නේ එකම පුද්ගලයකු අතිනි. එබැවින් සෑම ඇඳුමක්ම දැඩි වෙහෙසක ප්‍රතිඵලයක්” යැයි අහමඩ් මහතා කියයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා