කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

ආරුගම්බේ තරුණ තරුණියන්ට අත්කම් පුහුණු වැඩසටහනක්

ආරුගම්බේ තරුණ තරුණියන්ට අත්කම් පුහුණු වැඩසටහනක්

ආරුගම්බේ ටුවරිසම් ඇසෝසියේෂන් ආයතනය ආරුගම්බේහි තරුණ තරුණියන්ට අත්කම් පුහුණු වැඩසටහනක් හඳුන්වා දෙයි.

මෙහි එන සංචාරකයනට ගැටලුවක්ව පවතින සමරු තිළිණවල අඩුව පිරවීම ද එමගින් සිදුවේ. විසිතුරු භාණ්ඩ හා අනෙකුත් තෑගි භාණ්ඩ ආදී සමරු තිළිණ ආරුගම් බේ හි දිගු කාලයක සිට පවතින අවශ්‍යතාවයකි. “ඉදිරි මාසවලදී පැමිණෙන සංචාරකයින් පිරිස ඉහළ යාම අපේක්ෂිත බැවින් මෙම භාණ්ඩ ජනතාවගේ මෙන් ම සංචාරක කර්මාන්තයේද අභිවෘද්ධියට හේතු වේවි යන්න අපගේ විශ්වාසයයි” යනුවෙන් ආරුගම් බේ ටුවරිසම් ඇසෝසියේෂන් ආයතනයේ සභාපති එම්.එච්.ඒ. රහීම් මහතා කියයි.

ආරුගම් බේ ටුවරිසම් ඇසෝසියේෂන් ආයතන කාර්යාලයේ පවත්වන ලද ආරම්භක වැඩසටහන ඇග්‍රෝ මාට් පදනමේ අත්කම් පිළිබඳ වෘත්තීය විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබූ අතර ආධාර සපයනු ලැබුවේ ආසියානු සංවර්ධන බැංකුවයි. සහභාගි වූවන්ට සිප්පි කටු ආධාරයෙන් විසිතුරු භාණ්ඩ හා තෑගි භාණ්ඩ නිර්මාණය කරන ආකාරය පුහුණු කරන ලදී.

වැඩසටහනේ පළමු අදියරේ දී අවධානය යොමු කරනු ලැබුවේ සහභාගි වන්නන්ට අත්කම් පිළිබඳ න්‍යායාත්මක අවබෝධය ලබා දීමයි. දෙවන අදියරේ දී සිප්පි කටු භාවිතයෙන් ඔවුන්ගේ ම මෝස්තරවලට අනුව නිර්මාණයන් කිරීමට ඔවුන් දිරිගන්වන ලදී. වැඩසටහනේ අවසන් දිනයේ දී සාදන ලද නිර්මාණයන් ඇතුළත් ප්‍රදර්ශනයනක් පැවැත්වූ අතර සහභාගි වූවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය ද සිදුවිය.

ආරුගම් බේ ටුවරිසම් ඇසෝසියේෂන් ආයතන කාර්යාලයේ පවත්වන ලද ආරම්භක වැඩසටහන ඇග්‍රෝ මාට් පදනමේ අත්කම් පිළිබඳ වෘත්තීය විශේෂඥයින් විසින් මෙහෙයවනු ලැබූ අතර ආධාර සපයනු ලැබුවේ ආසියානු සංවර්ධන බැංකුවයි. සහභාගි වූවන්ට සිප්පි කටු ආධාරයෙන් විසිතුරු භාණ්ඩ හා තෑගි භාණ්ඩ නිර්මාණය කරන ආකාරය පුහුණු කරන ලදී. වැඩසටහනේ පළමු අදියරේ දී අවධානය යොමු කරනු ලැබුවේ සහභාගි වන්නන්ට අත්කම් පිළිබඳ න්‍යායාත්මක අවබෝධය ලබාදීමටයි.

දෙවන අදියරේදී සිප්පි කටු භාවිතයෙන් ඔවුන්ගේ ම මෝස්තරවලට අනුව නිර්මාණයක් කිරීමට ඔවුන් දිරිගන්වන ලදී. වැඩසටහනේ අවසන් දිනයේ දී සාදන ලද නිර්මාණයන් ඇතුළත් ප්‍රදර්ශනයක් පැවත්වූ අතර සහභාගි වූවන් සඳහා සහතික පත්‍ර ප්‍රදානය සිදු විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා