කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

කොමර්ෂල් බැංකුවේ ඊ-එක්ස්චේන්ජ් හරහා මුදල් ලබන්නන්ට තෑගි

කොමර්ෂල් බැංකුවේ ඊ-එක්ස්චේන්ජ් හරහා මුදල් ලබන්නන්ට තෑගි

කොමර්ෂල් බැංකුවේ “ඊ-එක්ස්චේන්ජ්” මුදල් එවීමේ සේවා උපයෝගී කරන ගනුදෙනුකරුවන් 100කට රුපියල් මිලියන 2.5ක් වටිනා මුදල් ත්‍යාග පිරිනැමීමට කටයුතු යොදා ඇත.

මේ ජනප්‍රිය ක්ෂණික මුදල් එවීමේ සේවාව හරහා මුදල් ලබන්නන් සියයක් දෙනා වෙත එක් අයෙකුට රුපියල් 25,000 බැගින් වටිනා මුදල් ත්‍යාග තිළිණ කරන බව බැංකුව කියයි.

2011 ජනවාරි 15 දක්වා කාලය අතරතුර ඊ-එක්ස්චේන්ජ් ඔස්සේ මුදල් ලබාගන්නා අය, ප්‍රවර්ධන කාල වකවානුව අවසානයේ දී පැවැත්වෙන මහා දිනුම් ඇදීමේ තරගයට සුදුසුකම් ලබනු ඇත.

GSK සමාගම ඩිස්කස් ඉන්හේලර් බිලියනයක් නිපදවයි

ග්ලැක්සෝස්මිත්ක්ලයින් සමාගම හඳුන්වා දුන් ඩිස්කස් ඉන්හේලර උපාංග බිලියනයක් නිපදවමින් සුවිශේෂී සංධිස්ථානයකට එළඹ ඇත.

පෙනහලු ආශ්‍රිත රෝග හා ඇදුම යන රෝගයන්ට ප්‍රතිකාර කිරීමට යොදා ගන්නා ඩිස්කයක හැඩැති, ආශ්වාසය සමඟ ක්‍රියාත්මක වන මාත්‍රා මාපකයක් සහිත මෙම උපකරණය ඇකියුහේලර් නමින් ද හැඳින්වේ. එහි අන්තර්ගත වියළි පවුඩරය මඟින් සාමාන්‍ය එයර්සෝල් ඉන්හේලරයකට වඩා නිවරැදිව හා ඵලදායී ලෙස රෝගීන්ට ප්‍රතිකාර ලබාදීමේ හැකියාව ඇත.

එහි අද්විතීය නිර්මාණ ගුණය හේතුවෙන් එක්සත් රාජධානිය මඟින් පිරිනමන රැජින සම්මානය ඇතුළු අන්තර්ජාතිත සම්මාන රැසක් ද මේ උපකරණයට හිමිවූ බව සමාගම කියයි.

සිංගර් ෆිනෑන්ස් නව ශාඛාව අනුරපුරේ

සිංගර් ෆිනෑන්ස් (ලංකා) සමාගමේ නව ශාඛාව අංක 5, මෛත්‍රිපාල සේනානායක මාවත, අනුරාධපුර ස්ථානයේ පසුගියදා විවෘත විය.

සිංගර් ශ්‍රී ලංකා වෙළෙඳ අධ්‍යක්‍ෂ කුමාර සමරසිංහ මහතා අතින් නව ශාඛාව විවෘත කෙරුණු අතර සිංගර් ෆිනෑන්ස් ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද ඊට සහභාගි විය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා