කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»

ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇගලුම් අනුග්‍රාහක ලංකෙම්

ශාන්ත තෝමස් ක්‍රිකට් කණ්ඩායමේ නිල ඇගලුම් අනුග්‍රාහක ලංකෙම්

ශාන්ත තෝමස් විද්‍යාලයේ 1st XIක්‍රිකට් කණ්ඩායමේ ඇඟලුම් අනුග්‍රාහක බවට ලංකෙම් සිලෝන් සමාගම සහ ලංකෙම් රොබිලැක් පත්විය. ලංකෙම් සිලෝන් අධ්‍යක්‍ෂ රුවන් ටී. වීරසිංහ මහතා සංකේතාත්මකව ටී ෂර්ට් එකක් විද්‍යාලාධිපති ජෝන් සී. පඩ්ෆුට් හිමිපාණන් වෙත බාර දුන් අවස්ථාව.

පුහුණුකරු සජිත් ප්‍රනාන්දු, කණ්ඩායම් නායක චමෝද පතිරණ, ක්‍රිකට් සම්බන්ධීකාරක ජේ.බී. පීරිස්, එස් ඇන්ඩ් ඩී. පේන්ට්ස් ලංකෙම් සිලෝන් සහකාර සාමාන්‍යාධිකාරි රංජන් ලියනගේ, ක්‍රිකට් බාර ආචාර්ය ලක්මාල් ද සොයිසා මහත්වරුද මෙහි වෙති.

තරුණ පරපුරේ මානසික ගැටලුවලට පාක් රෝහලින් විසැඳුම්

ළමා වියේ සිට තරුණ වියට එළඹීම යනු පුද්ගල ජීවිතයේ සිදුවන විශාල පරිවර්තනයකි. මේ පරිවර්තනය දඟකාර ළමා වියේ සිට ආක්‍රමණශීලී තරුණ විය වෙත ගමන් කරන විට කායික මෙන්ම මානසික වෙනසක්ද ඔහු හෝ ඇයගෙන් අපේක්‍ෂා කළ යුතුය.

මෙය එක් පුද්ගලයකුට හෝ දෙදෙනෙකුට හෝ ඇති වන තත්ත්වයක් නොවේ. එසේ හෙයින් මෙය සාමාජීය තත්ත්වයක් ලෙස පෙන්වා දිය හැකිය.

හුදකලාව ජීවත් වීමට කැමති තාරුණ්‍යය තුළ ජීවත් වන නව යොවුන් තරුණ තරුණියෝ මෙතෙක් උනන්දුවෙන් සහ ආශාවෙන් පාසල් ගියද යොවුන් වියට එළඹීමත් සමඟ කිසිදු හේතුවකින් තොරවම එයට මැළිකමක් දක්වති. පවුලේ සාමාජිකයින් සමඟ එක මේසයක සිට ආහාර ගැනීම පවා ඔහුගේ හුදකලාවට බාධාවකි.

තවකෙකු ඔහුගේ හෝ ඇයගේ හුදකලා බවට බාධාවක් වෙයි නම් එය ඔවුන්ගේ කෝපයට කරුණක් කොට ගනී. එසේ වූ විට ඔවුන් බෙහෙවින් දැඩි බවක් දක්වයි. තමන්ගේ දරුවාගේ මේ වෙනස ඔවුනට වේදනාවක් විය හැකිය. එහෙත් පමණට වඩා ආක්‍රමණශීලීව අන් අය සමඟ (විශේෂයෙන් වැඩිහිටියන්) කෝපයෙන් කටයුතු කරයි නම් මානසික රෝගී තත්ත්වයක් විය හැකි බව වෛද්‍යවරුන්ගේ පිළිගැනීමයි.

තරුණ වියට එළඹීමත් සමඟ තරුණ තරුණියන්ගේ මානසික ඒකාග්‍රතාවය බිඳීයාමට ලක්වන්නේ ඔවුන්ගේ මනස විවිධ වූ දේ සඳහා යොමු කරන නිසයි. මේ නිසාම ඔවුන්ට ඇහෙන දැනෙන දේ විවිධාකාරයි. මේවා පිළිබඳව ඔවුන් අන් අය සමඟ කතා කරනමුත් අන් අයට ඒවා පිළිබඳව අවබෝධයක් නොමැති වූ විට ගැටුමක් ඇතිවීම මෙහි ප්‍රතිපලයයි.

තත්ත්වය මේ ආකාරයෙන් වන විට තමන්ගේ දෙමවුපියන් සහ අනෙකුත් පුද්ගලයින් තමන් පිළිබඳව වැඩි අවධානයෙන් කටයුතු කරන බව එම තරුණයාට වැටහීම ඔවුන්ගේ මානසික ආතතියට තවත් හේතුවක් බවට පත්වීම අනිවාර්යයි.

විශේෂයෙන් අධ්‍යාපනයේ උදාසීනත්වය හිටි හැටියේ ඇතිවීම, පිරිසුදුකම පිළිබඳව උනන්දුවක් නොදැක්වීම, නින්ද නොයෑම, තමාගේ ආහාරවලට වස දමා ඇතැයි සිතීම වැනි රෝග ලක්‍ෂණයන් මාසයකට වැඩි කාලයක් ඇති නම් එය වෛද්‍ය උපදෙස් පිළිපැදිය යුතු තත්ත්වයකි. 186, පාක් පාර, නාරාහේන්පිට පිහිටි පාක් පෞද්ගලික විශේෂිත මානසික රෝග ප්‍රතිකාර සහ උපදේශන රෝහල මේ ගැටලු වලට නියම විසඳුම් ලබා දෙන ස්ථානයකි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා