කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
අවතැන්වූවන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් ළඟදීම බිහි කරනවා

අවතැන්වූවන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් ළඟදීම බිහි කරනවා

- ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ

අවතැන්වූවන්ගෙන් තොර ශ්‍රී ලංකාවක් බිහි කිරීම අතිගරු ජනාධිපතිතුමාගේ මූලික අපේක්ෂාවක් බවත්, එම අපේක්ෂාව ඉතා කෙටි කලකින් ඉටු කර ගැනීමට ඉඩ ලැබෙන බවත් ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා ගාලු මුවදොර පැවැති එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ කොමිසම් (UNHCR) විසින් උතුරු නැඟෙනහිර පරිපාලන කටයුතු සඳහා ශ්‍රී ලංකා රජයට කැබ් රථ 07 ක් ලබාදීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

වසර තිහක් පුරා පැවැති යුද්ධය නිසා අවතැන් වූ පුද්ගලයින් නැවත පදිංචි කිරීමේ ක්‍රියාවලියේදී මුලතිව් සහ කිලිනොච්චි යන දිස්ත්‍රික්කයන්ට ප්‍රවාහන පහසුකම් ලබාදීම පිළිබඳව පැවැති මූලික ගැටලුව මෙමඟින් විසඳෙන බව අමාත්‍යවරයා පැවසීය.

විවිධ හේතුන් නිසා රට හැර ගොස් සිටින ශ්‍රී ලාංකිකයින්ට ද තමන් ජීවත් වූ ප්‍රදේශයන්හි ජීවත්වීමට අවස්ථාව නුදුරේදීම උදා වන බව ප්‍රකාශ කළ අමාත්‍යවරයා යුද්ධයෙන් පසු මෙතරම් කෙටි කලක් තුළදී උතුරු නැඟෙනහිර පළාත්වල ජන ජීවිතය යථා තත්ත්වයට ගෙන ඒමට හැකි වීම පිළිබඳව තමා අතිශයින් සතුටු වන බව ද ප්‍රකාශ කළේය.

නැවත පදිංචි කිරීම, ජීවනෝපාය සංවර්ධනය, යටිතල පහසුකම් සංවර්ධනය සහ සදාචාර සංවර්ධනය යන රජයේ වැඩසටහන යටතේ මෙම ප්‍රදේශවල සංවර්ධන කටයුතු ඉතා ඉහළ මට්ටමකට පත්ව ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා