![]() ![]() |
||
ප්‍රභාකරන්ගේ හා පොට්ටු අම්මාන්ගේ රුව සහිත පඹයෝ පුළුස්සමින්.... කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතාදෙමළ ජනතාව පාරට බැස කොටින්ට දොස් පවරතිකොටි ත්‍රස්තවාදීන් විසින් එංගලන්තයේදී මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට කරනු ලැබූ බාධා කිරීම් හෙළා දකිමින් වන්නියේ දෙමළ ජනතාව වීදී බැස ඊයේ දැඩි විරෝධය පළ කළහ. කිලිනොච්චිය හා මුලතිව් හි පදිංචි දෙමළ ජනතාව මෙසේ සටන් පාඨ කියමින් කොටි ත්‍රස්තවාදීන්ට එරෙහිව විරෝධය පළ කළ අතර ඔඩ්ඩුසුඩාන්, විශ්වමඩු, වල්ලිවර්පුරම්, වැනි ප්‍රදේශවල පදිංචි දෙමළ ජනතාව මේ විරෝධයට එක්ව සිටි අතර ප්‍රදේශ ගණනාවක කළු කොඩි ඔසොවා වෙළෙඳසල් පවා වසා තිබුණු බැව් වාර්තා වෙයි.
දෙමළ ජනතාව වීදි බැස කළ මේ උද්ඝෝෂණයට ව්‍යාපාරිකයෝ ද එක්ව සිටි බව ද දැනගන්නට ඇත.
|
||
ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගම
© 2010 සියලු හිමිකම් ඇවිරිණි. ඔබගේ අදහස් හා යෝජනා අපි අගයන්නෙමු [email protected] |