කොටි හොල්මන් සහ හොල්මන් කොටි

 
 

කොටි බාධා කිරීම්වලට එරෙහිව මුලතිව් හා කිලිනොච්චියේ විරෝධතා

 
 

ශ්‍රී ලංකාවේ සිදුවන සංවර්ධන කොටි හිතවාදීන්ට වහ කඳුරු ය

 
 

කොටි රූකඩවලට නටන්න ඉඩදීමට නොහැකියි

 
 

කවුළු දොරින්

 
 

විපක්‍ෂයේ භූමිකාව කුමක් විය යුතුද?

 
 

අලි ලැගපු වළවල අලි බෙටි අයින් කරලා අපි වතුර බීලා තියෙනවා

 
 

අපේ ගෙදර මල්වත්ත බලන්න ‘පුංචි මැතිනියත්’ ඇවිත් හිටියා

 
 

ඩයලොග් ස්ටාර් පොයින්ට් සම්මාන උළෙලේදී ෆැෂන් බග් – තිලකවර්ධන වැඩිම සම්මාන දිනයි

 
 

ටිකිරි හමුව

 
 

අනේ! මේ මොකද ඔයාගෙ මූණ ඉදිමිලා

 

»
»
»
»
»
»
»
»
»
»
වැස්ස හය ගුණයකින් වැඩිවෙලා

වැස්ස හය ගුණයකින් වැඩිවෙලා

පසුගිය මාසයේ දෙහිවල ප්‍රදේශයට ලැබිය යුතු වර්ෂාව මෙන් හය ගුණයක් ද කොළඹට ලැබිය යුතු වර්ෂාව මෙන් තුන් ගුණයක් ද ලැබුණු බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ එස්.ආර්.ජයසේකර මහතා පවසයි. නොවැම්බර් මස දෙහිවලට ලැබිය යුතුව තිබුණේ මි.මී.177ක වැස්සකි.

නමුත් පසුගිය මාසයේදී දෙහිවලට මි.මී.729ක වැස්සක් ලැබී ඇත. මේ අතර කොළඹට පසුගිය නොවැම්බර් මස ලැබිය යුතුව තිබුණේ මි.මී. 314 කි. නමුත් නොවැම්බර් මාසයේදී මි.මී.1000ක වැස්සක් කොළඹට ලැබී තිබෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සමස්තයක් ලෙස ගත් විට පසුගිය නොවැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට ලැබුණු සම්පූර්ණ වැස්ස පසුගිය මාසයේ ලැබිය යුතු වැස්ස මෙන් දෙගුණයක් බවද කාලගුණ විද්‍යා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජයසේකර මහතා පවසයි.

මේ තත්ත්වය ජගත් කාලගුණ විපර්යාසවල බලපෑමක් විය හැකි බවද විද්‍යාඥයෝ පවසති. මහනුවර ප්‍රදේශයට පසුගිය නොවැම්බර් මාසයේ ලැබුණු වැස්ස මිලි මීටර් 546.7කි. ඒ ප්‍රමාණය මහනුවරට නොවැම්බර් මාසයේ ලැබිය යුතු වැස්ස මෙන් දෙගුණයකි. විදුලි බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට ද පසුගිය මාසයේ ලැබිය යුතු වැස්ස මෙන් දෙගුණයක් වැඩි වර්ෂාපතනයක් ලැබී තිබේ.

කැනියන් ප්‍රදේශයේ මි.මී.451ක් පසුගිය මාසයේ ලැබී තිබුණු අතර සාමාන්‍යයෙන් ලැබිය යුත්තේ මි.මී.299.8කි.මීට අමතරව මන්නාරම ගාල්ල නුවරඑළිය බදුල්ල, මුලතිව් යන ප්‍රදේශවලට ද ලැබිය යුතු වැස්සට වඩා වැඩි වර්ෂාපතනයක් ලැබී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි. මේ අතර ශ්‍රී ලංකාවේ ප්‍රදේශවලින් සියයට 95කට පසුගිය නොවැම්බර් මාසයේදී ලැබිය යුතු වැස්සට වඩා වැඩි වැස්සක් ලැබී ඇති බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා