සිළුමිණ: ක්‍රීඩා - උෂාන් සහ ප්‍රමුඛ ‘රොදර්හැම්’ ජය ගනිති
උෂාන් සහ ප්‍රමුඛ ‘රොදර්හැම්’
ජය ගනිති

රොදර්හැම් මාණ්ඩලික තරගාවලියේ දක්ෂතම මෝටර් රථ ධාවකයා ලෙස උෂාන් පෙරේරා සමස්ත මෝටර්
රථ කාණ්ඩයේ ශූරතාව දිනා ගනිද්දී ප්‍රමුඛ සේසත් දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස යතුරු
පැදි කාණ්ඩයේ ශූරතාවට හිමිකම් කීමට සමත් විය.
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා මෝටර් ධාවකයන්ගේ සංගමය ( SLADA) සමඟ එක්ව
දසවැනි වරටත් සංවිධාන කළ රොදර්හැම් මාණ්ඩලික මෝටර් රථ හා යතුරු පැදි තරගාවලිය
පසුගියදා ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද ගුවන් ධාවන පථයේදී පැවැත්විණි.
සියැට් - ස්ලාඩා 2016 ශූරතා කුසලාන වෙනුවෙන් සංවිධාන වන සියැට් - ස්ලාඩා තරගමාලාවේ
ප්‍රථම තරගාවලිය වන රොදර්හැම් මාණ්ඩලික තරගාවලියට මෙවර මෝටර් රථ තරග ඉසව් 18 කින්
සමන්විත වූ අතර තරග කරුවන් 100 කට අධික පිරීසක් සහාභාගී වූහ. ජාතික මෝටර් රථ
තරගාවලියේ ප්‍රධාන තරගයක් වන රොදර්හැම් මාණ්ඩලික තරගාවලිය සුමට(ටාමැට්) කාණ්ඩයේ
ප්‍රධාන තරගාවලියකී.
රොදර්හැම් එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව් දෙකම උෂාන් පෙරේරා විශිෂ්ට
ලෙස ජයගත් අතර ප්‍රමුඛ සේසත් ‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 900 - 1000සී.සී.
තරගයෙන් හා ‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී. /එම්.ඕ.ඩී. 250සී.සී. (4ටී.) විවෘත තරගයෙන් යන
තරග ඉසව් දෙකෙන්ම ජයගැනීමට සමත් විය.
උෂාන් පෙරේරා එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව් දෙකම විශිෂ්ට ලෙස
ජයගනිද්දී පසිඳු පීරීස් එම තරග ඉසව්වේ ප්‍රථම තරගයෙන් දෙවැන්නාද දෙවන තරග ඉසව්වෙන්
තෙවැන්නාද වූ අතර ඉර්ෆාන් ෆුවාඩ් ප්‍රථම තරගයෙන් තෙවැන්නාද දෙවන තරගයෙන් සිව්වැන්නා
ද විය. ඩැරන් වීරසිංහ ප්‍රථම තරගයෙන් සිව්වැන්නාද දෙවන තරගයෙන් දෙවැන්නාද වූ අතර
ටිරෝන් හෙන්දවිතාරණ ප්‍රථම තරගයෙන් පස්වැන්නාද දෙවැනි තරගයෙන් ජනක ඩයස් පස්වැන්නා
විය. එස්.එල්./ජී.ටී. 3500 සී.සී. ශූරතා තරග ඉසව් දෙකේදීම තරගයේ වේගය තීව්ර කරමින්
තරගකරුවන් උනුන් පරයා යමින් නවකයන් ප්‍රවීනයන් කරට කර සටනක නියැලෙමින් තියුණු සටනක
නියැළුණු අතර රොදර්හැම් තරගාවලියේ වේගයටත් එහා ගිය තරග උණුසුමක් තරගාවලියට එක්
කිරීමට එස්.එල්./ජී.ටී. තරග ඉසව් දෙකම සමත් විය.
එස්.එල්./ජී.ටී. තරග ඉසව්වට නොදෙවෙනි ලෙස එස්.එල්./එන්. ෆෝඩ් ලේසර් මැස්ඩා 1300
මෙන්ම 1500 යන තරග ඉසව් දෙක උණුසුම් වූ අතර මෝටර් රථ තරගකරුවන්ගෙන්ද වැඩිම පිරීසක්
සහභාගී වූ තරග ඉසව් දෙකද මෙම තරග ඉසව් දෙකයි. එස්.එල්./එන්. ෆෝඩ් ලේසර් මැස්ඩා 1300
සී.සී.තරග ඉසව්වෙන් කුෂාන් පීරීස් ජයගත් අතර රෝමේෂ් ගුණවර්ධන දෙවැන්නාද රජිත උළුවිට
තෙවැන්නාද විය. එස්.එල්./එන්. ෆෝඩ් ලේසර් මැස්ඩා 1500සී.සී. තරග ඉසව්වෙන් ෂෙනාල්
ගුණවර්ධන ජයගත් අතර කුෂාන් පීරීස් දෙවැන්නාද රජිත උළුවිට තෙවැන්නාද විය. උෂාන්
මෙන්ම රජිත තරග දෙකේදීම පෑ දස්කම් අගනේය. උපුල්වන්ට, ප්‍රසන්න, චමින්ද මෙන්ම සුසන්ත
යන ප්‍රවීණයින්ට මෙම තරග ඉසව් දෙකේදීම නවකයන් අභිමුවේ හමිවූයේ පරාජයයි.
ප්‍රවීණ මෝටර් රථ ශූර පසිඳු පීරීස් 1618 සී.සී. එස්.එල්./එච්.තරග ඉසව්වෙන් විශිෂ්ට
ලෙස ජය ගත්තේය. ෂෙහාරා ජයවර්ධන දෙවැන්නාද අයේෂ් බණ්ඩාර තෙවැන්නාද විය. ෂෙහාරා මෝටර්
රථ තරග ඉසව් නියෝජනය කළ එකම කාන්තාවයි.
කේ. පරමේෂ්වරම් එස්.එල්./ඒ. 1000 සී.සී. මිනි 07 තරග ඉසව්ව ජය ගනිද්දී එස්.එල්./ඒ.
1050 සී.සී. නවීකරණය කරන ලද තරගයේ ජය හිමිවූයේ සචිත්‍ර පතිරණටයි.
ඉර්සාඩ් ෆුවාඩ් 1000 සී.සී. එස්.එල්./ඊ. (One Make) ජයගනිද්දී ටිරෝන්
හෙන්දවිතාරණ 2000 සී.සී. එස්.එල්./එච්. සුභාරු ලේගසී තරග ඉසව්වෙන් ජයගතේය. සකීර්
වහාබ් 1500 සී.සී. එස්.එල්./එස්. තරග ඉසව්වේන් ජයගත්තේය.
උෂාන්, කුෂාන්, පසිඳු, ටිරෝන්, ෂෙනාල්, පරමේෂ්වරම් හා සකීර් මෝටර් රථ තරග ඉසව්වලින්
පෙරමුණ ගනිද්දී ප්‍රමුඛ,සොයෙල්,සුරාජ්,ශෂීක මෙන්ම හංසිකා යතුරු පැදි තරග ඉසව්වලින්
පෙරමුණ ගැනීමට සමත් වූහ.
ප්‍රමුඛ සේසත් ‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 900 - 1000සී.සී. තරගයෙන් හා
‘එම්’ කාණ්ඩයේම එස්.ටී.ඩී. /එම්.ඕ.ඩී. 250සී.සී. (4ටී.) විවෘත තරගයෙන් යන තරග ඉසව්
දෙකෙන්ම ජයගනිද්දී, එම තරග ඉසව් දෙකෙන්ම නඳුන් විජේසේකර දෙවැන්නාද රීසා ඔඩයා
තෙවැන්නාද විය.
සොයෙල් ඩැනියෙල් ‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 600 සී.සී. හා ‘එම්’ කාණ්ඩයේ
එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 175 – 250 (4ටී.) තරග ඉසව් දෙකෙන්ම ජයගැනීමට සමත්විය. සොයෙල්
පසුගිය වසරේ රොදර්හැම් දක්ෂතම යතුරු පැදි ධාවකයායි.
ප්‍රවීණ යතුරු පැදි ධාවක සුරාජ් පෙරේරා සුපුරුදු ලෙස ‘එස්.එම්.’කාණ්ඩයේ සුපර්
මෝටාඩ් 250 - 750සී.සී. (4ටී.) හා 125-500සී.සී.(2ටී.) තරගවලින් ජයගත් ජයගත් අතර
උද්දික ශ්‍රීමාල් මලවිගේ දෙවැන්නාද ආනන්ද වෙඩිසිංහ තෙවැන්නාද වූහ.
‘එම්’ කාණ්ඩයේ එස්.ටී.ඩී./එම්.ඕ.ඩී. 100 – 125 සී.සී.(2ටී.) මොහොමඩ් ශෂන් ජයගත් අතර
‘ඕ’ කාණ්ඩයේ 100-125 සී.සී.(4ටී.) ශෂික අබේසිංහට ජය හිමිවිය.
චමින්ද ද අල්විස් ‘එම්.එස්.’ යතුරු පැදි 250සී.සී. තරගයෙන් ජයගත් අතර යතුරු පැදි
තරග ඉසව් නියෝජනය කළ එකම කාන්තාව මෙන්ම තරගාවලිය නියෝජනය කළ කාන්තාවන් දෙදෙනාගෙන්
කෙනෙක් වූ හංසිකා අබේසිංහ ‘ඕ’ කාණ්ඩයේ 125-160 සී.සී.(4ටී) තරග ඉසව්වෙන් විශිෂ්ට
ලෙස ජයගතේය.
පසුගිය වසර නමයක රොදර්හැම් ඉතිහාස වාර්තා පොතේ අලුත් පිටුවක් පෙරළමින් උෂාන් හා
ප්‍රමුඛ දසවන රොදර්හැම් තරගාවලියේදී නවකයන් දෙදෙනකු ලෙස පෑ දක්ෂතාවන් විශිෂ්ටය.
සමස්ථ තරගාවලියේදීම නවකයන්ගෙන් තරගාවලිය වර්ණවත් වූ වද ප්‍රවීණයන්ද නවකයන් හා කරට
කර සටනක නියැලෙමින් තරග වැදීම තරගාවලියට ගෙන දුන්නේ විශේෂත්වයකි.
දෙවන ලෝක යුද සමයේ කටුකුරුන්ද රාජකීය නාවික හමුදා කඳවුරේ ප්‍රථම අණදෙන නිලධාරියා
ලෙස කටයුතු කළ කපිතාන් හැන්ක් රොදර්හැම් අනුස්මරණය කිරීම පිණිස රොදර්හැම් සර්කිට්
මීට් නමින් 2007 දී මෙම තරගාවලිය ප්‍රථමයෙන් ආරම්භ කර ඇති අතර එතැන් පටන් පුරා වසර
නවයක් නොකඩවා මෙම තරගාවලිය පවත්වා තිබේ.
70 දශකයේ සිටම මෝටර් රථ තරග සඳහා ප්‍රධාන තැනක් ලබා දෙමින් ශ්‍රී ලංකාව තුළ මෝටර්
රථ ක්‍රීඩාවට විශාල දායකත්වයක් ලබාදෙන ශ්‍රී ලංකා ගුවන් හමුදාව ශ්‍රී ලංකා මෝටර් රථ
ධාවකයන්ගේ සංගමය සමඟ එක්ව ඉතාමත් ඉහළින් තරගාවලිය සංවිධානය කර තිබිණී. මෙවර
මුද්‍රිත මාධ්‍ය අනුග්‍රාහකයා ලෙස ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම
කටයුතු කළේය.
- ඡායාරූප හා සටහන
ගීෂා මුණසිංහ
|