විස්සයි20 ක්‍රිකට් ලෝක කුසලානය ගේල්ගෙන් වාර්තා පිට වාර්තා
විස්සයි20
ක්‍රිකට්
ලෝක
කුසලානය
ගේල්ගෙන්
වාර්තා පිට වාර්තා

පළමු තරගයෙන්ම
කිවියන් ඉන්දියාව හඬවයි
මෙවර ලෝක කුසලාන කි‍්‍රකට් තරගාවලියේ ඉන්දියාව සහ නවසීලන්තය අතර නාග්පුර්හිදී 15 දා
පැවැති තරගයේදී නවසීලන්තයෙ මිචෙල් සැන්ටනර්ගේ (11 - 4) සහ ඉෂ් සෝඩිගේ (18 - 3) ක
විශිෂ්ට පන්දු යැවීම හමුවේ සමාරම්භක තරගයෙන්ම ලකුණු 47 ක පරාජයක් විඳීමට ඉන්දියාවට
සිදුවිය.
කිසිදු පිතිකරුවකුට මේ තරගයේ ලකුණු අතරට පැමිණීමට නොහැකිවිය. ඉන්දියාව මෙහිදී දැවි
ගිය ලකුණු 79 ඔස්ට්‍රේලියාවට එරෙහිව 2008 දී දැවී ගිය ලකුණු 74 ට පසු දැවී ගිය
දෙවැනි අඩුම ලකුණු සංඛ්‍යාවද වෙයි. පන්දුවෙන් විශිෂ්ට දස්කම් දැක්වූ මිචෙල්
සැන්ටර්නර් තරගයේ වීරයා විය.
නවසීලන්තය 126 - 07 (20)
ඉන්දියාව 79 - 10 (18.1)
නවසීලන්තයට ලකුණු 47 ක ජය
අෆ්රිඩිගේ නැගිටීමෙන්
පාකිස්තානයට ජය
බංග්ලාදේශය සහ පාකිස්තානය අතර කොල්කටාහි ඊඩන් ගාර්ඩන්ස් පිටියේ 16 දා පැවැති
තරගයෙන් පාකිස්තානය ලකුණු 55 කින් බංග්ලාදේශ පරාජය කළේය.
තුන් ඉරියව්වෙන් ක්‍රියාත්මක වූ පාකිස්තාන් නායක ෂහිඩ් අෆ්රිඩි පන්දු 19 කදී ලකුණු
49 ක් රැස් කළ අතර පන්දු යැවීමෙන් කඩුලු දෙකක් ද බිඳ දැමීය. මේ දක්ෂතාව තරගයේ වීරයා
වීමටද ප්‍රමාණවත් විය. පාකිස්තානය විස්සයි 20 පිටියේ ලකුණු 200 සීමා ඉක්මවු දෙවැනි
වතාව මෙය වේ. මීට පෙර වැඩිම ලකුණු සංඛ්‍යාව 2008 දී බංගලාදේශයට එරෙහිව කඩුලු 5 කට
රැස් කළ ලකුණු 203 කි.
පාකිස්තානය 203 - 5 (20)
බංග්ලාදේශය 146 - 6 (20)
පාකිස්තානයට ලකුණු 55 ක ජය
ගේල්ගෙන් වාර්තාගත
පිතිහරඹයක්
පළමු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී පන්දු 50 කදී දකුණු අප්‍රිකාවට
එරෙහිව ශතකයක් රැස් කළ බ. ඉ. කොදෙව්හි ප්‍රවේගකාරී පිතිකරු ක්‍රිස් ගේල් එකී මතකය
නැවත වරක් සිහි ගන්වමින් මෙවර මුම්බායිහිදී 16 දා එංගලන්තය සමඟ පැවැති තරගයේදී
පන්දු 47 කදී ශතකයක් රැස් කරමින් මෙකී තරගාවලියේ ශතක දෙකක් ලැබූ එකම පිතිකරුවා වීමට
ද සමත් විය.
මේ අනුව විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ වේගවත්ම ශතකලාභියා ද ගේල්ය. එමෙන්ම මෙකී
තරගාවලියේ ඉනිමක වැඩිම හයේ පහරවල් සංඛ්‍යාවේ වාර්තාව ගේල් මෙහිදී අලුත් කළේය. දකුණු
අප්‍රිකාවට එරෙහිව හයේ පහරවල් 10 ක් එල්ල කළ ගේල් එංගලන්යට එරෙහිව හයේ පහරවල් 11 ක්
එල්ල කළේය. මේ සියලුම දක්ෂතා නිසාම ගේල් තරගයේ වීරයා ද විය.
එංගලන්තය 182 - 6 (20)
බ. ඉ. කොදෙව් 183 - 4 (18.1)
බ. ඉ. කොදෙව්වන්ට කඩුලු 6 ක ජයක්
ලීගේ කියමන
ඩිල් සැබෑ කරයි
ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්තානය අතර කොල්කටාහිදී 17 දා පැවැති තරගයේ ඇෆ්ගනිස්තාන ඉනිම
අවසානයේ මෙකී තරගයේ ශ්‍රී ලංකා ඉනිම පිළිබඳ කතාබහට එක්වූ ඔස්ට්‍රේලියාවේ බ්‍රෙට් ලී
ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා ඉනිම ඩිල්ෂාන්ගේ පිතිහරඹය මත රඳා පවතින බවය.
මෙකී ප්‍රකාශයට සර්ව සාධාරණත්වය එහෙම පිටින්ම එක් කළ ඩිල්ෂාන් ශ්‍රී ලංකාවේ
ජයග්‍රහණය තෙක්ම එක් අන්තයක් වගකීම සම්පූර්ණයෙන්ම කරට ගනිමින් පන්දු 58 කදී නොදැවී
ලකුණු 83 ක් රැස් කළේ තරගයේ වීරයා සම්මානය හිමි කර ගනිමිනි.
ඇෆ්ගනිස්තානය 153 - 7 (20)
ශ්‍රී ලංකාව 155 - 4 (18.5)
ශ්‍රී ලංකාවට කඩුලු 6 ක ජයක්.
ඔස්ට්‍රේලියාවට
පළමු පරාජය
මිචෙල් මැක්ලෙනගන්ගේ සුපිරි පන්දු යැවීම ඉදිරියේ ඔස්ට්‍රේලියාවට එරෙහිව සිය ප්‍රථම
විස්සයි 20 ක්‍රිකට් තරග ජය හිමි කර ගැනීමට නවසීලන්තය සමත් වූයේ 18 දා ධරම්ශාලාහි
පැවැති තරගය්දීය.
දෙපිලේම පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණීමට නොහැකිවීම මේ තරගයේ කැපී පෙනෙන සිදුවීමක්
විය. නවසීලන්ත පළමු කඩුල්ලට ලකුණු 61 ක් එකතු වූ නමුත් ඔවුන්ගේ ඉනිම ලකුණු 142 කට
සීමා විය. ඔස්ට්‍රේලියාවට පන්දුවාර 20 දී ලබා ගැනීමට හැකි වූයේ ලකුණු 134 කි. තරගයේ
වීරයා වූයේ මිචෙල් මැක්ලෙනගන්ය.
නවසීලන්තය 142 - 8 (20)
ඔස්ට්‍රේලියාව 134 - 9 (20)
නවසීලන්තයට ලකුණු 8 ක ජයක්
ගිණිකෙලි සංදර්ශනයෙන්
එංගලන්තයට ජය
මුම්බායිහි වෙන්කඩේ ක්‍රීඩාංගණයේ 18 දා පැවැති දකුණු අප්‍රිකාව සහ එංගලන්තය අතර
පැවැති තරගය ආරම්භයේ පටන් අවසන් පන්දුව දක්වාම ගිනිකෙළි සංදර්ශණයක ස්වරූපයක් ඉසිලූ
අතර, එංගලන්තයේ ජෝ රූට්ගේ (පන්දු 44 ලකුණු 83) අතිවිශිෂ්ට පිතිහරඹය හමුවේ කඩුලු
දෙකක සුපිරි ජයක් හිමි කර ගැනීමට එංගලන්තයට හැකි විය. දකුණු අප්‍රිකානු පන්දු
යවන්නන්ගෙන් ද නොමඳ සහායක් ලැබුණේ වයිඩ් පන්දු 20 ක් සමඟ අතිරේක ලකුණු 26 ක්
එංගලන්ත ලකුණු පුවරුවට එක් කරලමිනි.
විස්සයි 20 ජාත්‍යන්තර තරගයක වාර්තා වූ වැඩිම ලකුණු අතර හයවැනි සහ හත්වැනි ඉනිම් ද,
තරගයක වාර්තා වූ දෙවැනි වැඩිම ලකුණු සංඛ්‍යාව ද මේ තරගයේදී වාර්තා විම විශේෂත්වයකි.
තරගයක වැඩිම ලකුණු සංඛ්‍යාව 467 ක් වන අතර මෙකී වාර්තාව හිමි වන්නේ දකුණු
අප්‍රිකාවට සහ බ. ඉ. කොදෙව්වන්ට වීම ද විශේෂත්වයකි. කෙසේ වෙතත් වැඩිම ලකුණු වාර්තා
වූ තරග දෙකෙන්ම දකුණු අප්‍රිකාව පරාජය වීම විශේෂත්වයකි. තරගයේ වීරයා වූයේ ජෝ රූට්
ය.
දකුණු අප්‍රිකාව 229 - 4 (20)
එංගලන්තය 230 - 08 (19.4)
එංගලන්තයට කඩුලු දෙකක ජය
උණ්ඩ නැති යුද්ධයේ
ජය ඉන්දියාවට
තමාගේ විශිෂ්ට ක්‍රීඩා විලාශය නැවත වතාවක් තම ප්‍රේක්ෂකයන් ඉදිරියේ මැනවින්
ප්‍රදර්ශනය කළ විරාට් කෝලි ඉන්දු - පාකිස්තාන් උණ්ඩ නැති යුද්ධයේ ජය ඉනදියාවට හිමි
කර දුන්නේ නොදැවී අගනා අර්ධ ශතකයක්ද ලබා ගනිමින්ය. මේ දක්ෂතාව නිසාම කෝලි තරගයේ
වීරයා ද විය.
කොල්කටා ඊඩන් ගාර්ඩන් පිටියට 19 දා ඇද හැලුණු වර්ෂාව නිසා මේ තරගය ප්‍රමාද වී ආරම්භ
වූ අතර, එක් ඉනිමක් පන්දු වාර 18 කට සීමා විය. මේ දෙපිල අනූව දශකයෙන් පසු ලෝක
කුසලාන ක්‍රිකට් තරගාවලියේ හා විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ මුණ ගැසුනු හැම
අවස්ථාවකදී පාකිස්තානය පරාජය කිරීමට ඉන්දියාව සමත්ව තිබේ.
පාකිස්තානය 118 - 5 (18)
ඉන්දියාව 119 - 4 (15.5)
ඉන්දයාවට කඩුලු හයක ජයක්
ඒ බී සහ මොරිස්
ද. අප්‍රිකාව ඔසවති
ඒ. බී. ඩි විලියර්ස්ගේ පන්දු 29 කින් ගලා ආ ලකුණු 64 ත්, ක්‍රිස් මොරිස් ලකුණු 27
කට බිඳ හෙලූ කඩුලු හතරත් හේතුවෙන් ඇෆ්ගනිස්තානයට එරෙහිව 20 දා මුම්බායි වෙන්කඩේ
ක්‍රීඩාංගණයේ පැවැති තරගයෙන් ලකුණු 37 ක ජයක් හිමි කර ගැනීමට දකුණු අප්‍රිකාව සමත්
විය.
පිට පිට දෙවැනි තරගයේදීත් දකුණු අප්‍රිකාව ලකුණු දෙසීයේ සීමාව ඉක්මවා යාමට සමත්
විය. විස්සයි 20 ලෝක කුසලාන ඉතිහාසයේ හතරවතාවක් ලකුණු දෙසීයේ සීමාව ඉක්මවීමට දකුණු
අප්‍රිකාව සමත්ව තිබේ. මේ තරගයේ වීරයා වූයේ පන්දුවෙන් දස්කම් දැක්වූ ක්‍රිස්
මොරිස්ය.
දකුණු අප්‍රිකාව 209 - 5 (20)
ඇෆ්ගනිස්තානය 172 - 10 (20)
ද. අප්‍රිකාවට ලකුණු 37 ක ජයක්
ගේල් පිටියට නාවත්
කොදෙව්වන්ට ජය
බැංලෝර්හි චින්නස්සාමි ක්‍රීඩාංගණයේ 20 දා පැවැති ශ්‍රී ලංකා සහ බ. ඉ. කොදෙව් අතර
තරගයේ ගේල්ගේ පිතිහරඹය දැක බලා ගැනීමට පිටියට පිවිසි ප්‍රේක්ෂකයන්ගේ බලාපොරොත්තු
ඉටු නොවුවද, එම තරගය කඩුලු 7 කින් ජය ගැනීමට කොදෙව්වන්ට හැකි විය.
සැමුවෙල් බද්රිගේ (12 - 3) විශිෂ්ට පන්දු යැවීමත්, ඇන්ඩ්‍රේ ෆ්ලෙචර්ගේ සුපිරි
පිතිහරඹයත් (පන්දු 64 නොදැවී 84) තුළින් කොදෙව්වන් පහසුවෙන් තරගය ජය ගත්තේය.
ෆ්ලෙචර් තරගයේ වීරයා විය.
ශ්‍රී ලංකාව 122 - 9 (20)
බ. ඉ. කොදෙව් 127 - 3 (18.2)
කොදෙව්වන්ට කඩුලු 7 ක ජය
ෂැම්පා
ඔස්ට්‍රේලියාවට
ජය ගෙන දෙයි
සිය පළමු විස්සයි 20 ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තයට එරෙහිව සහභාගි වූ
පළමු තරගයේ එක් පන්දුවාරයක් පමණක් යැවූ විසිතුන් වියැති ඔස්ට්‍රේලියාවේ ඇඩම් ෂැම්පා
සිය දෙවැනි තරගයේදීම බංග්ලාදේශයට එරෙහිව ලකුණු 23 කට කඩුලු 03 ක් බිඳ දමමින් තරගයේ
වීරයා විය.
බංග්ලාදේශය සහ ඔස්ට්‍රේලියාව අතර බැංග්ලෝර්හි 21 දා පැවැති තරගයෙන් ඔස්ට්‍රේලියාව
ජය ගත්තේය. ඔස්ට්‍රේලියාවේ උස්මන් කවජා අර්ධ ශතකයක් (58 ක්) ලැබීය.
බංග්ලාදේශය 156 - 5 (20)
ඔස්ට්‍රේලියාව 157 - 7 (18.3)
ඔස්ට්‍රේලියාවට කඩුලු 3 ක ජයක්
කිවියන් ඊළඟ වටයට
ඉහළින්ම තේරෙයි
මාර්ටින් ගප්ටිල්ගේ සුපිරි ලකුණු 80 න් වර්ණවත් වූ මොහාලි පිටියේ 27 දා පැවැති
නවසීලන්ත - පාකිස්තාන් තරගයෙන් නවසීලන්තය ලකුණු 22 කින් පාකිස්තානය පරාජය කරමින්
අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ බංග්ලාදේශය තරගය ද ඉතිරි කර ගනිමිනි.
නවසීලන්තයටත් වඩා හොඳ ආරම්භයක් (පළමු කඩුල්ලට පන්දුවාර 7.2 කදී ලකුණු 62)
පාකිස්තානයට ලැබුණු නමුත් (පන්දුවාර 5.3 කදී ලකුණු 65) ඔවුන්ගේ ඉනිම පන්දුවාර 20 දී
ලකුණු 158 කට සීමා විය. පිත්තෙන් දස්කම් දැක්වූ ගප්ටිල් තරගයේ වීරයා විය.
නවසීලන්තය 180 - 5 (20)
පබාකිස්තානය 158 - 5 (20)
නවසීලන්තයට ලකුණු 22 ක ජයක්
- බන්දුල ජයමාන්න
|