දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»

සති අන්ත මහ ක්‍රිකට් තරග ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

සති අන්ත මහ ක්‍රිකට් තරග ජය පැරදුමෙන් තොරව නිමාවෙයි

පන්දු යවන්නන්ගේ දක්ෂතාවලට සීමාවූ පසුගිය සති අන්තයේ පැවැති අන්තර් පාසල් මහ ක්‍රිකට් තරග සියල්ලම ජය පරාජයෙන් තොරව අවසන් විය. සති අන්ත මහ තරග පහේදී එක් ශතකයක් පමණක් වාර්තා විය. එය මහනුවර ත්‍රිත්ව - සා. අන්තෝනි තරගයේදී සා. අන්තෝනි කණ්ඩායමේ කණිශ්ක උග්ගල්පාය ලබාගත් ශතකයයි. සෙසු තරග සියල්ලේදීම පන්දු යවන්නෝ ඉදිරියෙන් සිටීමට සමත්වීම විශේෂ සිදුවීම විය.

කිංස්වුඩ් - ධර්මරාජ

මහනුවර ධර්මරාජ විදුහල හා කිංස්වුඩ් විදුහල අතර පැවැති 110 වැනි මහා ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී නිමාව දුටු මෙම තරගයේදී ධර්මරාජ පිලේ රුචිර පුපුලේවත්ත පළමු ඉනිමේ ලකුණු 75 ක් සහ දෙවන ඉනිමේ ලකුණු 46 ක් ලබා ගනිමින් දස්කම් දැක්විය.

ධර්මරාජ පළමු ඉනිම - 167 (ඕවර 75.2) - රුචිර පුපුලේවත්ත 75, දේශාන් ගුණසිංහ 25, විමුක්ති විජේසිරිවර්ධන 4/73, ඩිල්ෂාන් වලිසුන්දර 2/8, අවිශ්ක චන්ද්‍රසිරි 2/23, දෙවන ඉනිම - 96/3 (ඕවර 29.3) රැචිර පුපුලේවත්ත 46, බවන්ත උදන්ගමුව 28, විමුක්ති විජේසිරිවර්ධන 1/40.

කිංස්වුඩ් පළමු ඉනිම - 200/9 (ඕවර 80.8) - තරිඳු ලියනගේ 56, ඩිල්ෂාන් වලිසුන්දර 38, රුවන්ත හතුරුසිංහ 36, චතුරංග අළුදෙණිය 3/37, අශ්විත රාජපක්ෂ 2/28

වේලස්කුමර - සා. සෙබස්තියන්

මොරටුව වේල්ස් කුමර සහ සාන්ත සෙබස්තියන් විදුහල් අතර පැවැත්වූ 66 වැනි ‘මොරටු රන් හටන’ මෙවර වැඩි ගෞරව සෙබස්තියන් පිලට අත්කර දෙමින් ජය පැරදුමෙන් තොරව නිමාවට පත්විය. එහිදී සෙබස්තියන් කණ්ඩායමේ නිමේශ් බණ්ඩාර 44 ක් සහ වේල්ස් කුමර විදුහලේ සවින්ද පීරිස් නොදැවී ලකුණු 30 ක් ලබා ගනිමින් දස්කම් දැක්වුහ.

සාන්ත සෙබස්තියන් පළමු ඉනිම - 188 (ඕවර 46.5) නිමේෂ් බණ්ඩාර 44, ප්‍රවීන් පෙරේරා 29, ඩිලංක මධුරංග 3/33, තිලාන් නිමේහ් 3/24, දෙවන ඉනිම - 182/6 (ඕවර 27) අවිශ්ක ප්‍රනාන්දු 30, විෂාන් සිල්වා 63, ඩිලේෂ් නානායක්කාර 3/42, ඩිලංක මධුරංග 2/55.

වේල්ස් කුමර පළමු ඉනිම - 141 (ඕවර 76.3) සවින්ද පීරිස් නොදැවී 30, ප්‍රවීන් ජයවික්‍රම 3/33, නිමේශ් බණ්ඩාර 2/33, දෙවන ඉනිම - 149/4 (ඕවර 41) විශ්ව චතුරංග 55,

පානදුර සුමංගල - මොරටු විද්‍යාලය

මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රීඩාංගණයේ පැවැති පානදුර සුමංගල විදුහල හා මොරටු විදුහල අතර මහ තරගයේ පළමු ඉනිමේ ජය මොරටුව විදුහලට හිමිවිය. මෙහිදී මොරටු විදුහලේ සෙනිත් ඉසුරු ලකුණු 59 ක් හා සුමංගල විදුහලේ ලහිරු විමුක්ති ලකුණු 54 ක් ලබා දස්කම් දැක්වූහ.

මොරටු විදුහල පළමු ඉනිම - 218 (ඕවර 77.1) සෙනිත් ඉසුරු 59, නිශාන් මධුසංක 42, චානක මධුශාන් 40, සේවින්ද කුලක්ෂණ 4/65, ලහිරු විමුක්ති 5/57 දෙවැනි ඉනිම - 163/5 (ඕවර 35) නිශාන් මධුසංක 73, ෂෙහාද සොයිසා 39, නිපුන දේශන් 3/49, ලහිරු විමුක්ති 1/26.

සුමංගල පළමු ඉනිම - 194 (ඕවර 74.5) ලහිරු විමුක්ති 54, නිපුන දේශාන් 32, සවින්ද කුලක්ෂණ 28, සරිඳු ජයකොඩි 4/42, සසිඳු නිරේෂ් 5/52.

මහනුවර ත්‍රිත්ව – ශාන්ත අන්තෝනි

කන්ද උඩරට දෙවැනි පැරැණිතම මහ ක්‍රිකට් තරගය වන ත්‍රිත්ව - සාන්ත අන්තෝනි අතර තරගය විසඳුමකින් තොරව නිමාවට පත් වූ අතර මෙම 99 වැනි මහ තරගයේ වාර්තා වූ එකම ශතකය ශා. අන්තෝනි පිලේ කණිශ්ක උග්ගල්පාය (107) ලබාගත් අතර ත්‍රිත්ව පිල වෙනුවෙන් ඩිලාන් ජයලත් හා හසිත බෝයගොඩ අර්ධ ශතක ලබා ගන්නට සමත්වූහ.

ශා. අන්තෝනි පළමු ඉනිම - 121 (ඕවර 46.3) කණිශ්ක උග්ගල්පාය 35, රවීන් සේයර් 5/40, දුවිඳු තිලකරත්න 4/24, දෙවන ඉනිම - 184/9 (ඕවර 74) කණිශ්කත උග්ගල්පාය 107, දුවිඳු තිලකරත්න 3/52, ලහිරු කුමාර 2/15

ත්‍රිත්ව පළමු ඉනිම - 25/7 (ඕවර 50) ඩිලාන් ජයලත් 54, හසිත බෝයගොඩ නොදැවී 55, සවිඳු අමරසිංහ 41, කවිඳු යාපාබණ්ඩාර 2/45, විරාජ් ජයසිංහ 2/68, සඳරුවන් ධර්මරත්න 2/58.

ගාල්ල රිච්මන්ඩ් - මහින්ද

ගාලු පුරවරයේ ආදරවන්තයන්ගේ සටන ලෙසින් විරුදාවලිය ලත් රිච්මන්ඩ් මහින්ද විදුහල් අතර 111 වැනි මහා තරගයේ වැඩි ගෞරව පන්දු යවන්නන් අතර බෙදී යද්දී පිතිකරුවන් ලෙස මහින්දයේ ජී. ධනුක්ෂ 41 ක් සහ ආර්. කවින්ද නොදැවී ලකුණු 50 ක් ද රිච්මන්ඩ් විදුහල වෙනුවෙන් වනිඳු හසරංග (42) හා පසිඳු බිම්සර (43) ලබාගන්නට සමත් වූහ.

මහින්ද පළමු ඉනිම - 121 (ඕවර 75) විනුර දුල්සර 35, නවෝද් පරණවිතාන 32, අවිඳු තීක්ෂණ 4/44, චරිත් අසලංක 2/38, තිලංග උදීෂන 2/19, ධනංජය ලක්ෂාන් 2/6, දෙවන ඉනිම 158/6 (ඕවර 77) ජී. ධනුෂ්ක 41, ආර්. කවින්ද නොදැවී 50, පී. ඕෂාන් නොදැවී 30, වනිඳු හසරංග 2/47, චරිත් අසලංක 2/44.

රිච්මන්ඩ් පළමු ඉනිම - 221/7 (ඕවර 37) වනිඳු හසරංග 42, පසිඳු බිම්සර 43, ටී. අභිනිශ්ක නොදැවී 39, චරිත් අසලංක 25, ඒ. ලක්ෂාන් 4/53, කේ. රංගජිත් 2/26.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්