දෙසතිියකින් නොවැස්සොත් ජල විදුලිය නවතියි

 
 

'පාන් පිටි දේශපාලනය'

 
 

ජාතික සංහිඳියාවේදී මාධ්‍යවේදීන්ගේ වගකීම විශාලයි

 
 

නියං තත්ත්වය උග්‍රවෙයි

 
 

එලිනිනෝ අවදානම් කලාපයට අපේ රටත්

 
 

මුල් පිටුව

 
 

මුල් පිටුව

 
 

ක්ලබ්-පාටි කොච්චර තිබුණත් මම හැම සති අන්තයේම යන ක්ලබ් එක තමයි මහරගම ධර්මායතනය

 
 

පුරුෂ සිත්තර ආත්මයක යළි ඉපදීමක්: එල්.ටී.පී. මංජු ශ්‍රීගේ නාරි දේහය

 
 

කියුබාවත් ඇමෙරිකාවේ ‘මිත්‍රත්වයේ දෑතට’ සිරවීද?

 
 

මුල් පිටුව

 
 

රටේ අනාගතය තීන්දු කරන වචන දෙකක බලය

 
 

පුංචි පැළේ ගසවෙනා

 

»
»
»
»
»
»
»
»
»


මුනි­දාස  කුමා­ර­තුංග ළමා කව් - ගී මඟ

මුනි­දාස  කුමා­ර­තුංග ළමා කව් - ගී මඟ

සිංහ­ලයේ නිර්මා­ණ­ශීලී ලේඛ­ක­යකු හැටි­යට මුනි­දාස කුමා­ර­තුං­ග­යන්ට ලැබෙ­නුයේ සුවි­ශේෂ ස්ථාන­යකි. එයි­නුදු, කවි­යකු හැටි­යට ඔහුගේ නම වඩාත් පතළ විය. කාව්‍ය­ක­ර­ණ­යෙ­හි­දීද ඔහුගේ විශේ­ෂ­ත්වක් විය. එනම්, ඒ වන තෙක් අප දේශ­යෙහි විය­තුන්ගේ අව­ධා­න­යට ලක්ව නොති­බුණු ළමා පද්‍ය හා ගීත නිර්මා­ණය කෙරෙහි විශේෂ උන­න්දු­වක් දැක්වී­මය. ඒ හේතු කොට­ගෙන, සිංහල ළමා පද්‍ය හා ගීත නිර්මාණ රැසක්ම දායාද කරන ලද්දේ විය. සැබැවින්ම, ඒ වූකලී ප‍ුරෝ­ගාමී කාර්ය­යක් බැව්ද සල­කන විට, ඔහුගේ සාහිත්‍ය සේවාව, සුවි­ශේෂ භූමි­කා­වක ඔප් නැංවී දර්ශ­නය වෙයි.

ළම­යින් සඳහා පද්‍ය රචනා කිරී­මට බට ප්‍රථ­මයා මුනි­දාස කුමා­ර­තුං­ගය. ඔහුගේ මග ගත් ආනන්ද රාජ­ක­රු­ණාද සාර්ථක ළමා පද්‍ය රචනා කෙළේය. භාව­මය වශ­යෙන් රාජ­ක­රු­ණාගේ රචනා වඩාත් ප්‍රසා­ද­ශීලී වුවද, අද­හස් ව්‍යක්තිය අතින් කුමා­ර­තුංග ඔහු පසුබා බොහෝ ඉදි­රි­යෙන් සිටියි. මේ පද්‍ය රච­න­යේදී කුමා­ර­තුංග ජන­ක­විය වඩාත් ළඟින් ඇසුරු කෙළේය. මේ පිය­වර ගත් ප්‍රථ­මයා ද කුමා­ර­තුං­ගය. එහෙත්, ඔහුගේ බස ජන­කවි බසට වඩා ව්‍යක්ත එකක් විය.
“හාවාගේ වග” යන කෙටි රච­නය විමසා බැලී­මේදී පෙනී යනුයේ, කුමා­ර­තුංග කොත­රම් දුරට ජන­කවි බස හා එම රීතිය ළඟින් ඇසුරු කෙළේද යන වග පම­ණක්ම නොවෙයි. එම බසට විශේෂ විය­ත්බ­වක් දී එය ස්වාධීන ලෙස සැල­කී­මට තරම් නිර්මාණ ශක්ති­යක් හා ස්වාධී­න­ත්ව­යක් ඔහු තුළ වූ බවද, ඉන් ප්‍රකට වෙයි.

“හා හා හරි හාවා
කැලේ මැදින් ආවා
හිට­ගෙන ගඟ ගාවා
වට පිට ඇහැ ලෑවා

කොළ දෙක­ටක් කෑවා
පැන් උගු­රක් බීවා
‍තොල කට ලෙව කෑවා
ඉතින් ඇතැයි කීවා

තබා නිකට ගාවා
වීණා­වක් ගෑවා
මිහිරි සින්දු කීවා
නැටුම් ටිකක් පෑවා”

ඔහුගේ කවී­ත්වය අව්‍යාජ වූවකි. භාෂාව ප්‍රාණ­වත් වූවකි. එය වඩාත් දක්නා ලැබෙන්නේ, මේ ළමා පද්‍ය සංග්‍ර­හ­ය­න්හිය.
මේ රච­න­යේදී කවියා යොදා­ගන්නා වහ වහා බි‍ඳෙන විරිත, නිරූ­පිත අව­ස්ථා­වට අත්‍ය­න්ත­යෙන්ම උචිත වන්නකි. එම විරිත කවි­යා­ගේම සියත් නිමැ­වු­මකි. එය ජන­කවි රීති­යෙහි දක්නා නොලැ­බෙයි. කවියා යොදා­ගන්නා වදන් චිත්‍ර මඟින්ද, රච­නයේ ගැබ් වූ ජංග­ම­ශී­ලී­බව වඩාත් දියුණු වෙයි. කවියා අව­ස්ථාව තුළම හිඳ, එයින් දුරස්ථ නොවී, සිය රච­නය නිර්මා­ණය කරන බව පාඨ­ක­යාට හැඟී­යෙයි. මේ රච­නය විශේ­ෂ­ත්ව­යක් ලබන්නේ, එම විෂ­යා­නු­බද්ධ බව නිසාය.
ඉන් අන­තු­රුව වන අවස්ථා පෙර­ළි­යද, කවියා ඉදි­රි­පත් කරන්නේ විෂ­යා­නු­බද්ධ විලා­ස­ය­කිනි.

“එයින් වෙහෙස වූවා
ඉඳ­ගෙන හති ලෑවා
තණ බිස්සේ බාවා
ඇඟ පත සැතැපූවා
“බිරුම් හඬක් ආවා
ඉහළ වීසි වූවා”

හාවාගේ මේ වෙන­ස්වීම කවියා දක්වන්නේ, අති­ශය ජීව­මා­නා­කා­ර­යෙනි. හාවා පැන දුවයි. බල්ලාට ඌ අල්ලා ගැනී­මට බැරි වෙයි. අව­සා­න­යේදී බල්ලාගේ ස්වරූ­පය මනෝ චිත්‍ර­ය­කට නගන තාත්වික ආකා­රය, මේ බැලුව මැනවි:

“බිරීම නැවැ­තූවා
නාසය බිම ගෑවා
ඇහින් රැහැන් ලෑවා
කොයිද කොයිද හාවා”

ජන­කවි බස හා රීතිය අනු­ග­ම­නය කළද, කුමා­ර­තුංග එයට වහල් නොවෙයි. ඔහු සිය නිර්මා­ණ­ය­ටත්, වස්තු­ව­ටත් කාව්‍යා­නු­භූ­ති­ය­ටත් උචිත වන පරිදි, එය සකස් කර ගැනී­මට තරම් ස්වාධීන වෙයි. එම ස්වාධී­න­ත්වය, කුමා­ර­තුංගගෙන් බොහෝ මෑත ජන­කවි රීතිය අනු­ග­ම­නය කර­මින් පද්‍ය රචනා කළ ඇතැම් කවීන් කෙරෙහි නොදක්නා ලැබෙ­න්නකි.
කිසි­යම් අනෙක් කාව්‍ය සම්ප්‍ර­දා­ය­ය­කින් ආභා­සය ලද යුත්තේ, එය පුන­රු­ත්පා­ද­න­යට පත් කිරී­මෙන් නව නිර්මා­ණ­යක් කිරී­මට තරම් ප්‍රති­භා­වක් හා අදී­න­ත්ව­යක් ඇති­යකු විසින් පමණි. ඒ ගුණාංග දෙකම කුමා­ර­තුංග කෙරෙහි වූ බවට හොඳම සාධ­කය, ඔහු ළම­යින් සඳහා කළ මේ රචනා සමූ­හ­යයි.
“වෙරි වූ මීයා” යන රච­නයේ බස, ජන කවි බසින් ආභා­සය ලබ­න්නක් නොවේ. එහි බස “හාවාගේ වග” යන රච­නයේ භාෂා­ව­ටත් වඩා ව්‍යක්ත වූවකි.

“දව­සක් රා ටිකක්
ලැබ බී මත්ව මීයෙක්
බළලා වී මතක්
මෙසේ කීයේ උ‍ඩඟු වද­නක්

“බළ­ලකු ඉතින් මට
අසු වුණ හොතින් විග­සට
කඩා ඌ දෙකකට
දමමි ඇදලා කහළ ගොඩ­කට

“පින් සිදු වෙයි අනේ
මගේ හාමු­දු­රු­වනේ
මා නොමැ­රුව මැනේ
වඳිමි අත් දෙක තබා මුදුනේ”

කවියා මෙහි බස හසු­රු­වන්නේ කොත­රම් පහ­සු­වෙන්ද? භාෂාව නිදැල්ලේ හැසි­ර­වීමේ හැකි­යාව අතින් “කුමර ගී” කාව්‍ය­යෙහි එන ලේනා, කිරි­ල්ලි­යගේ විලා­පය, සිරි­මත්, නැළැ­විල්ල යන රච­නා­වන් වෙසෙසා දැක්විය යුතු වෙයි. මෙහිම එන “වෙළෙන්දී” යන රච­නය, ළමා සිත පිළි­බ­ඳ­වත් ඔවුන්ගේ රුචි­ක­ත්වය පිළි­බ­ඳ­වත් කවියා තුළ වූ අව­බෝ­ධය පළ කරයි.
“නැළැ­විල්ල” නම් රච­න­යේදී කවියා සිය බස හසු­රුවා ඇති ආකා­ර­යත්, එහි සියුම් අවස්ථා නිර්මා­ණ­යත් විචා­ර­ක­යන් විසින් නොයෙක් විට පෙන්වා දෙනු ලැබූ­වකි. නිහැ­ඬි­යා­වක ගැලුණු පරි­ස­රය මවන ආකා­රය සිත් ගන්නා­සු­ලුය. මෙය කවි­යාගේ නිමක් නොද­කින සංක­ල්පනා ශක්ති­යට දෙස් කියන අව­ස්ථා­වකි.


“සඳ­පානේ වැලි තලා
සුර කුම­රියො මල් සලා
නටති මෙදෙස බල බලා
ගිගිරි වළලු පයැ නොලා

“සුර කුම­රුවො පෙළ සැදී
අතින් හිසින් රඟ යෙදී
හඟ­වති තාලය බැඳී
වීණා බෙර නද නොදී”

‍මේ පද්‍ය­ය­න්ගෙන් පළ වන්නේ අස­මාන නිර්මාණ ශක්ති­යකි.
අපේ සැල­කි­ල්ලට ලක් විය යුතු අනෙක් වැද­ගත් කරු­ණක්ද ඇත. කවියා විෂ­යා­නු­බද්ධ ලෙසම, බසට නව අරුත් පිවි­ස­වන ආකා­ර­යද සැල­කුව මනාය.

“හෝරා යතු­රත් අපේ
පුරුදු පරිදි නොවැ­ලැපේ

“අහසේ තරු රැස දිලී
වෙවු­ලයි බිය ගෙන පෙළී”

කළු අකුරු යොදන ලද තැන් වෙසෙ­සින් සල­කන්න. කවියා බසට නව අරුත් - නව භාවි­කාර්ථ පිවි­ස­වන අයුරු පෙනී යනු ඇත. මුනි­දාස කුමා­ර­තුං­ගගේ කවි බසෙහි අග්‍ර­තම ඵලය මේ රචනයයි. මම කල්පනා කරමි. මෙහි භාෂා­වෙහි වන සරල ගුණ­යත්, මට­සි­ලිටි ලකු­ණුත්, ඒ සම­ඟම මනා ලෙස බැඳී ඇති ව්‍යක්ත බවක් පළ කරන රචනා, වර්ත­මාන කවීන්ගේ නිර්මාණ අත­රින් සොයා ගත හැකි නම්, ඒ අත­ළො­ස්සක් පමණි. නූතන කවි පර­පුර අති­ශ­යින් ශිථිල වූ කවි බසක් නිප­ද­වා­ගෙන නොමඟ යමින් සිටි අව­ධි­යක, කුමා­ර­තුං­ගගේ මෙම රචනා, විශේ­ෂ­ත්ව­යක් ලැබීම ගැන පුදුම විය යුතු නැත.
“කුමර ගී” හි එන අනෙක් සිත් ගන්නා රච­න­යක් නම් “උදය” යි. මෙහි යොදා­ගෙන ඇති සිලෝ විරිත අව­ස්ථා­වෝ­චි­තය.

“සෙමෙන් සෙමෙ­න්මල් කැකු­ළුත් තොසින් මෙන්”
“අහස් දෙසේ රෝස ගසත් සිනාසී”

මවි­සින් උද්ධෘත කොට ඇත්තේ, පද්‍ය දෙක­කින් ගත් පාද දෙකකි. එහි දක්නා ලැබෙන සියුම් අනු­ප්‍රා­සය සල­කන්න. භාෂාවේ සජීව ලක්ෂ­ණය සල­කන්න. කුමා­ර­තුංග පළ කරන සියුම් ශික්ෂ­ණය සල­කන්න.
මුනි­දාස කුමා­ර­තුං­ගගේ ළමා පද්‍ය රචනා අතර විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු තවත් රච­න­යක් වනුයේ, “සිරි­මත්” නමැති නිර්මා­ණ­යයි. මේ නිර්මා­ණය ‍මඟින් ආද­ර්ශ­වත් ළමා චරි­ත­යක් නිම­වන කවියා, අපූරු පැදි වැලක්ද ගොතයි.

“සිරි­මත් මගෙ සකි
යහ­පත් ළම­යෙකි
නුව­ණත් ඇත්තෙකි
වැඩ­ටත් සම­තෙකි”

එප­රිදි කවියා, සිරි­මත් නමැති ආද­ර්ශ­වත් කුඩා දරුවා හඳුන්වා දෙමින්, ඔහුගේ දින චර්යාව පිළි­වෙ­ළින් දක්වයි. සිරි­මත් පාසල් යාමට කොත­රම් ආශා කරන්නේ ද යන වගක්, ඔහු සෙසු දරු­වන් අතර කොත­රම් ප්‍රසා­ද­ශී­ලීද යන වගත්, කුමා­ර­තුංග කවියා අපූරු පද චිත්‍ර­ය­කට නඟන්නේ මෙසේය:

“පාසල් යන්නේ
දෙව්ලොව මෙන්නේ
දැක දරු­වන්නේ
මුහුණු පිපෙන්නේ”

“සෙල්ලම් පළෙ­හිද
සිරි­මත් දුටු සඳ
එනු එනු යැයි සෙද
නොකි­ය­න්නෙක් කොද”

කවි­යාගේ අභි­ප්‍රාය වී ඇත්තේ, පරි­පූර්ණ ආදර්ශ පුංජ­යක් හැටි­යට සිරි­මත් නමැති දරුවා ඉදි­රි­පත් කිරී­මය. ඒ බැව්, රච­නය අව­සන් කරන මෙම පද්‍ය­යෙන් මොන­වට පළ වෙයි.

“මා පිය සහ ගුරු
නෑදෑ ‍ සොහො­වුරු
සැම­ටම කීකරු
සැප­තෙකි මේ දැරු”

මුනි­දාස කුමා­ර­තුංග කවි­යාගේ ළමා පද්‍ය නිර්මාණ අතර උදය කාලය චිත්‍ර­ණය කරනු සඳහා ලියන ලද රච­න­යද, අති­ශ­යින්ම ප්‍රසා­ද­ජ­නක නිර්මා­ණ­යකි. පහත දැක්වෙන පැදි කඩ දෙක විමසා බැලුව මැනවි.

“ඇසෙන්නෙ කා කා හඬ සෑම­ පැ­ත්තෙන්
නැ‍ඟෙවු කියන්නා වැනි දැන්ම නින්දෙන්”
“දිසා­වෙ­නැයි මේ හිරු එන්නෙ පායා
හැරී සිටි සූරි­ය­කත් ගසේ මල්”

මෙප­රිදි ස්වභාව සෞන්ද­ර්යය තියුණු ආකා­ර­යෙන් ප්‍රති­නි­ර්මා­ණය කිරී­ම­ටද, එම­ඟින් කුඩා දරු­වන්ගේ වින්දන ශක්තිය සියුම් කිරී­මටද කවියා දරන වෑයම අගය කළ යුතුය.
මුනි­දාස කුමා­ර­තුංග කවියා විසින් දරු­වන් උදෙසා පබ­ඳින ලද කවි අත­රින් තවත් අගනා නිර්මා­ණ­යක් වනුයේ, “කිරි­ල්ලගේ විලා­පය” නමැති රච­න­යයි.

“කෝ මගෙ දරුවෝ අනේ
කෝ මගෙ කූඩුව අනේ
නෑ පෙනෙ­නට කිසි තැනේ
කාට කියමි මෙ වැසනේ

“කොල්ලෙනි මගෙ දරු­ව­නුත්
අල්ලා­ගෙන නොකැර මෙත්
සොල්ලා හැර කූඩු­වත්
දැල්ලූවෙ කිම දුක මහත්

“තොප නැති වුණ හොත් තොපේ
මව හඬ­මින් බිම හැපේ
ඇයි නැති කෙළෙ මගෙ සැපේ
සිත මගෙ තැබු වැනි ළිපේ

“මින් මතු සොඳ ළම­යිනේ
වන් මට මේ දුක දැනේ
ඉන්නට අප­ටත් වනේ
පින් ඇති අැරි­යොත් අනේ

හොඳ - නරක යනු කොත­රම් සරල අසං­කීර්ණ සංක­ල්ප­යක් වුවද, ළම­යාගේ පෞරුෂ වර්ධ­නයේ මූලික ප්‍රති­ෂ්ඨාව වනුයේ එයයි. හොඳ නරක - වරද නිව­රද පිළි­බඳ හැඟීම තුළිනි. දරු­වන්ගේ ආකල්ප සකස් කළ යුතු වන්නේ. අධ්‍යා­ප­නයේ මූලික පර­මා­ර්ථ­යක් වන එකී ආකල්ප පරි­ස­මා­ප්තිය, ළමා ගීතයේ ද මූලික අර­මු­ණක් විය යුතුය. සමාජ සත්ත්ව­යකු හැටි­යට දරුවා සිය සමාජ රටාව තුළ යුක්ති­ග­රුක පුර­වැ­සි­යකු සේ වැඩෙන්නේ එප­රි­ද්දෙනි. එමතු නොවෙයි. ඔහු උතුම් මිනිස් ගුණ පිරි­සිඳ හඳු­න­න්නට පට­න්ගන්නේ ද එම­ඟිනි.
මුනි­දාස කුමා­ර­තුං­ග­යන්ගේ එකී උත්කෘෂ්ට රච­නය, දරු­වන්ගේ ආකල්ප සම්ප­ත්ති­යට පම­ණක් නොව, ඔවුන් තුළ යහ මිනිස් ගුණ නිර්මා­ණය කිරී­ම­ටද යොදා­ගත හැකි අති­ශ­යින්ම ප්‍රබල ළමා ගීත­යකි. එහිලා, දරු­ව­නට ග්‍රහ­ණය කළ හැකි කාව්‍යා­නු­භූ­ති­යක් රස­භාව නැංවෙන පරිදි ප්‍රති­නි­ර්මා­ණය කිරීමේ අපූ­ර්ව­ත්වය නිසාද, මෙවැනි ගීත දරු­වන්ගේ චරිත නිර්මා­ණය කෙරෙහි අති­ශ­යින්ම සමීප ලෙස බැඳී පව­තියි.
ඔහුගේ තවත් බොහෝ ළමා පද්‍ය රච­නා­වල දක්නා ලද විශේෂ ගුණ­යක් විය. ඒ නම්, අප භාෂාවේ රිද්ම රටා­වන් දරු­වන් වෙත සුගම වූද සරල වූද ආකා­ර­යෙන් ඉදි­රි­පත් කිරී­මය. මේ නිද­සුන් විමසා බැලුව මැනවි.

“අපේ වැවේ වී
සොඳින් වැවේ වී
අටු කොටු බෝ වී
බඩ­ගිනි නේ වී”

“ගොඩ ඉතා
ලොකු සතා
බලව තා
බල ඇතා”

“ඉරත් අන්න
එබී බලයි
මලුත් මෙන්න
සිනා පුරයි”

සිය බසෙහි මෙම රිද්ම රටා­වන් හඳු­නා­ගැ­නීම දරු­වාගේ භාෂා අධ්‍යා­ප­නයේ මූලික කාර්ය­යක් මෙන්ම, ඔහුගේ ජාතික උරු­මයේ අන­න්‍ය­තා­වද පසක් කර­වන මාර්ග­යකි.
මුනි­දාස කුමා­ර­තුංග කවි­යාගේ ළමා කව් - ගී විම­සන විට, පැහැ­දි­ලිව පෙනී යන කාර­ණ­යක් වනුයේ, ඔහු නිර්මා­ණ­ශීලී ලේඛ­ක­ය­කුගේ මෙන්ම, ප්‍රවීණ අධ්‍යා­ප­න­ඥ­ය­කුගේ ද ශික්ෂ­ණ­යෙන් යුතුව ස්වකීය කාර්ය­යට අව­තීර්ණ වූ වගය. ඒ නිර්මා­ණ­වල අන­න්‍යතා ලක්ෂ­ණ­යද එයම වන්නේය.



ගුරු ගීය

මුනි­දස් ගුරු­දෙවි‍ඳේ
සිය­බස් ලොවැ දිනි‍ඳේ
ඔබ මැ යැ හෙළ සත්කෙතැ සක්විත්තා
අනු-යමු පිදුම ලෙසේ.....

ඔබ නූණා නම් හෙළ බස් මිහියේ
මිහිර විඳිනු කෙලෙස ද මේ දිවියේ,

මෙ‍-හෙළ රැසේ
මෙහෙ‍සුරු සේ
සුබැසි හිසේ
නිබඳ වෙසේ -

මුනි­දස් ගුරු­දෙවි‍ඳේ.....//

‘කිය­වන නුව­ණින්’ සිසු සිත් පුබුදා,
‘පැබැ­ඳුම් උව­දෙස් - සඟරා’ සුසදා,

නැඟු ‘සුබසේ’
වැදැ සුබ සේ
හැදුණු ලෙසේ
කියමු කෙසේ -

මුනි­දස් ගුරු­දෙවි‍‍ඳේ.....//

සිරිත් වැටින් එක්තැන් වුණු කිවියෝ,
‘විරිත් වැකිය’ ලැබැ පිබිදැ ඇවි­දියෝ,

කුකිවි බවේ
නොලැගැ ලොවේ
බැබැළූ, ඒ
ඔබ­ගෙන් වේ -

මුනි­දස් ගුරු­දෙවි‍ඳේ.....//


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්