හරි වහර
හරි වහර
නිතර වරදවා යෙදෙන යෙදුම් කිහිපයෙක හරි වහර විමසා බලමු. මෙයින් ඇතැම් යෙදුම්
වහරෙහි කො තෙක් දුරට කා වැදී ඇත් දැයි කිව හොත් ඇතැම් ශබ්දකෝෂවල පවා ඒ දැකිය
හැක්කේ ය; වියතුන් යැ යි ගැනෙන්නවුන් ගේ වහරෙහි ද දැකිය හැක්කේ ය. එ සේ වතුදු
පද සිද්ධිය හා සම්භාව්‍ය භාෂා ව්‍යවහාරය හා අනුව බලන කල්හි එ බඳු යෙදුම්හි වරද
මැනැවින් වටහාගත හැකි වනු ඇත.
1. ආකාස්මික - මෙහි නිවැරැදි යෙදුම ආකස්මික යනු යි. ‘ආ’ යනු පෙර කොට යෙදෙන ‘ක’
අකුරට ඇල පිල්ලක් නොයෙදෙන බව වෙසෙසින් සැලැකිය යුතු ය. වදනෙහි අරුත ‘ඉබේ’ යන්න
යි.
2. ආචාර්ය - වර්තමාන සිංහලයෙහි අතිශය බහුල වැ යෙදෙන සාවද්‍ය ව්‍යවහාර අතුරින්
මුලට ම ගත හැකි යෙදුමෙකි, මේ. බොහෝ විට භාෂාඥයන් මෙහි වරද පෙන්වා දී ඇති නමුදු
තව මත් පුවත් පත් ආදියෙහි මෙය නිරතුරු වැ යෙදෙන අයුරු දක්නා ලැබීම සංවේගජනක
වේ. යට දැක්වුණු (ආචාර්්‍ය යන) ආකාරයෙන් පමණක් නො ව ආචාර, ආචාර්්‍යය ආදි නොයෙක්
අයුරිනුදු මේ වදන ලියනු බොහෝ විට දක්නා ලැබේ. මෙහි ලා සැලැකිය යුතු කරුණු
කිහිපයෙකි.
* සිංහලයෙහි කිසි දු තැනෙක ‘ර’ අකුරට පසු වැ යංශය (්‍ය) නො යෙදේ.
* යංශයට පෙර යෙදෙන අකුර ලියැවෙන්නේ ‘අ’ ස්වර සංයුක්ත රූපයෙන් හෙවත් කිසි දු
පිල්ලක් එක් නො කොට පවත්නා රූපයෙනි. එහෙත් එය කියැවෙන්නේ ස්වර වියුක්ත වැ හෙවත්
‘හල්’ අකුරෙක ශබ්දයෙනි.
(ක්‍ය = ක්ය, ස්‍ය = ස්ය ආදි වශයෙනි.)
* ‘ර්’ කාරය සමඟ යංශය යෙදිය යුතු නම් එහි ලා ‘ර්’ රූපය නො ව රේඵය ( ර්) යෙදිය යුතු
ය. එයට පෙර තව ද ‘ය’ කාරයකුදු යොදනු සම්ප්‍රදායය වේ.
*රේඵය සමඟ යංශය ම යෙදිය යුතු නො වේ. ‘ය’ රූපය වුව ද යෙදිය හැකි ය.
මේ සියලු කරුණු සැලැකිල්ලට ගත් කල්හි, යට දැක්වුණු වදන ආචාර්ය, ආචාර්‍ය යන කවර
ලෙසින් ලියැවුණ ද නිවරද යැ යි කිය හැකි ය. එහෙත් වර්තමාන සිංහලයට වඩාත්
ගැළැපෙනුයේ ‘ආචාර්ය’ යන රූපය යි. එ සේ ලියූ කල අවුලකට ඉඩක් නො ලැබේ.
ධෛර්ය (ය), වීර්ය (ය), සෞන්දර්ය (ය) ආදි රේඵ - ‘ය’ කාර සංයුක්ත අනෙක් වදන්
ලිවීමෙහි දී ද යථෝක්ත න්‍යායය ම යෙදේ.
3. ආඩ්‍ය - මෙහි යෙදිය යුත්තේ (අල්පප්‍රාණ) ‘ඩ’ නො ව (මහාප්‍රාණ) ‘ඪ’ යනු යි. එ
හෙයින් නිවැරැදි වදන වනුයේ ‘ආඪ්‍ය’ යනු යි. මෙහි අරුත ‘යමෙකින් පිරුණු’, ‘යමක්
සහිත’ යනු යි.
4. ආදී - මෙ ද අතිශය බහුල වැ යෙදෙන වැරැදි වහරෙකි. ලියන වහරෙහි මතු නො ව කියන
වහරෙහි කථා ව්‍යවහාරයෙහි ද බොහෝ විට මෙය යෙදෙනු අසන්නට ලැබේ. ස්වකීය නිවේදන
සාමර්ථ්‍යය දක්වනු පිණිස දෝ අවශ්‍ය - අනවශ්‍ය සියලු තන්හි දී වදන් බර කොට,
හ්‍රස්ව (කෙටි) ස්වර දීර්ඝ කොට උච්චාරණය කරන නිවේදක - නිවේදිකාවන් ගේ මුවෙහි
මේ වදන නිරතුරු වැ රැඳේ. මෙහි නිවැරැදි වදන (කෙටි) ‘දි’ සහිත ‘ආදි’ යන්න යි.
පුරාතන නොහොත් මූල වැනි අරුත්හි මේ යෙදේ. වදනෙහි පියෙවිය (ප්‍රකෘතිය) මෙ සේ
(කෙටි) ‘දී’ සහිත වැ යෙදුණ ද විභක්ති ප්‍රත්‍යය යන්න කල්හි ‘ආදීහු, ‘ආදීන්, ආදීනව’
ආදි වශයෙන් (දිගු) ‘දී’ සහිත වැ යෙදෙන අයුරු වෙසෙසින් සැලැකුව මනා.
ශාබ්දික
|