කාන්තාවන්ට ලැයිස්තුවෙන් මන්ත්‍රී පදවි

 
 

අලුත් පරපුරේ අලුත් ගමන

 
 

පළාත් පාලන ඡන්දය කල් දාන්න හේතුවක් නෑ

 
 

රට රස්සාවට ගිහින් එරට නීතියට අභියෝග කළ හැකිද ?

 
 

උඩවැඩියා මල් පිපෙන්න වන උයනේ රුක් රකින්න

 
 

මුල් පිටුව

 
 

නූතනවාදී චිත්‍ර කලාවේ ඝනිකවාදයෙන් බිහිවූ වැලපෙන ගැහැනිය

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

මං ව්‍යාපාරික ලෝකය ජයගත්තේ මගේ හිතුවක්කාරකම හින්දයි

 
 

හොස්ටල් කොලම

 
 

ඉන්දීය ලේඛකයෝ සාහිත්‍ය ඇකඩමි සම්මාන ආපසු බාර දෙති

 
 

වෙනිසියුවේලාව දකුණට!

 
 

මුල් පිටුව

 
 

ඔබේ දැනුම පොතට

 

»
»
»
»
»
»
»
»
»
»
»


දඬුලේනා

දඬුලේනා

අහස හඬා වැටෙන්නට පටන් ගත්තේ කොයි මොහොතේ දැයි සමදරාට මතක නැත. මහා වැස්සක් ඇද හැළෙන බව ඇය දැන ගත්තේ බොහෝ වේලාගතව ගිය පසු ය.

‘මං කොයි ලෝකෙද හිටියේ’ සමදරා තමාගෙන් ම ඇසුවාය.

“හිත හීලෑ නැහැ... හරි ම මුරණ්ඩුයි තැන තැන ඇවිදිනවා.... හිතුණ හිතුණ තැන නවතිනවා....”

සමදරාගේ හිත මුනු මුනු ගෑවා ය. ඇ‍ඳෙන් බැස ගොස් කේතලය ළිපට කරන්නට සිතුණ ද ඇයට ඒ සඳහා ‍හෝ වුවමනාවක් නොවීය.

දහසකුත් එකක් වැඩ සමඟ ගෙවී යන සතිය අවසානයේ එළැඹෙන ඉරිදාට ඇය කවදත් අකමැති ය. ඒ තනි ව ම නි‍වසේ ගත කරන්නට සිදුවන බැවිනි.

ගෙවී ගිය සෙනසුරාදා රාත්‍රිය ඇගේ නෙත කඳුළින් බර විය.

“හෙට ගෙදර ද? නිදියහනේ පසෙකින් පොතක් කියවමින් සිටින නාත් ගෙන් ඇය විමසුවේ සෙමිනි. ඒ අසන ප්‍රශ්නයට හැමදාමත් ලැබෙන පිළිතුර ඇය ඉවෙන් මෙන් දැන සිටියා ය. එහෙත් සමදරා සෑම සෙනසුරාදා හැන්දෑවක ම ඒ ප්‍රශ්නය ම නාත් ගෙන් ඇසුවා ය.

‘හෙටත් වැඩට යන්න ඕන. මේ අවුරුද‍්දේ අන්තිම කාලෙනේ....’

සමදරා සුපුරුදු සුසුමක් හෙළුවා ය.

‘ඔයා අම්මලගෙ ගෙදර යන්න... නැත්නම් ෂොපින් යන්න...’

සමදරා ඉවත බලා ගත්තී ය. සුපුරුදු ලෙස ම ඇය ඉරිදා උදයේ සියලු කාර්යන් ඉවර කළා ය. වැහි අඳුර ගෙට ආවේ වෙල පැත්තෙනි. දෙසැම්බරයේ සීතල ගෙට වැදී හැන්දෑවේ ‍ගේ වසාගෙන තිබිණි. සමදරා ඇඳට නැඟුණේ නින්දට ම නොවුණත් ඇයගේ දෑස් පියවුණේ ය. මහා වැස්ස මැදින් ඇසෙන ගෙරවුම් හඬටත් විදුලි කෙටිල්ලටත් ඇය අවදිවූවා ය.

පාළුව විසින් වෙළාගෙන ඇති නිවසේ ගෙවී යන ඉරිදා දවසට විටෙක ඇය හිතයටින් ප්‍රිය කළා ය. ඒ ඇගේ සිහින රාජ්ජයන් හි හිතුසේ සැරිසරන්නට හැකි නිසා ය. පාළුව තනිකම විසින් වෙළාගනු ලබන ඉරිදා දවසේ ඈ ගී රසවින්දාය. පොතක් කියෙව්වා ය. එහෙත් ඒ සියල්ල දැන් වෙනස්වී ඇත. හිත ලෙඩ වෙන්නට පටන් ගෙන වැඩි දවසක් නැත. ඒ ලෙඩ වීමට සමදරා විටෙක ප්‍රිය කළා ය. විටෙක තැවුණා ය. තවත් විටෙක බිය වූවා ය.

“වැරදියි. මං මේ කරන වැඩේ වැරදියි.” කවුරු හරි දැන ගත්තොත්.... තනිහිතින් පෙම් කිරීම. ඊටත් විවාහක ගැහැනියක්; කොතරම් නම් විඳවීමක් දැයි ඇයට සිතෙන්නට වූයේ සිත ගිලන් වීමෙන් පසු ය.

සිත ගිලන් වීමට පටන් ගත්තේ දඬුලේනා හමුවූ දා පටන් ය. “දඬුලේනා....” ඒ නම සිහිපත් වන විට සමදරාගේ මුවට සිනහවක් නැ‍ඟෙන්නේ ඉබේට ම ය.

“දඬුලේනෙක්ට කොහොම පෙම් කරන්නද?” දඬුලේනා ගැන කියූ විට ඕනෑ කෙනකුට සිතේ වී; ඒත් දඬු‍ෙල්නා දැකීමට හමුවීමට හිතේ ඇති කැමැත්ත දන්නේ තමන් ම පමණක් බව සමදරා හොඳින් ම දනී.

සමදරා ජනේලයෙන් එපිට බැලුවා ය. මහා හඬදෙමින් ගෙරවූ අහස දැන් නිසොල්මනේ ය. ඈත වෙල් යාය වතුරින් පිරී ගොසිනි. වැහි අඳුර අවට වෙළාගෙන ඇත. ඒ අඳුර අතරින් ඇයට දඬුලේනාගේ රුව මැවී පෙනුණි.

“දවසක තනිවෙන්න තියෙනවා නම්” සමදරාට එකවිටම සිතුණේ ය.

“අපෝ බැහැ මිනිස්සු මොනවා නොකියයිද?”

“එක අතකට මොනවා කියන්නද... අයිතියක් නැද්ද කෙනෙක් එක්ක කතා බහ කරන්න....” සමදරා යළිත් සිතුවාය.

“මෝඩී... පෝරුවේ නැඟලා අෂ්ටක කියලා, අත පැන් වත්කරලා... හතරවරිගෙම නෑයෝ ඉස්සරහා නාත්ගේ අත ගත්ත ඔයා කොහොමද දඬුලේනෙක් ගැන හිතන්නේ.”

හිත එහෙම කිව්වම සමදරා ගැස්සුණා.

“ඇත්ත නේන්නම්”

මුළු නිවසේ ම නිහඬතාව බිඳිමින් සමදරාගේ හඬ ගේ පුරා රැව්දුන්නා.

ඇස්වලට පිරුණ කඳුළු ඔහේ ගලාගෙන යන්න දීලා සමදරා අඹගහ දිහා බැලුවා. වැස්සට තෙමුණ කොණ්ඩ කුරුලු ජෝඩුවක් එක ළඟ අත්තක ඉඳගෙන තටු ගසනවා.

‘උන් කොච්චර සතුටින් ඉන්නවද?’

‘ඇයි මේ ගෑනියෙක් වෙච්ච මට මෙහෙම තනිකමක්.’ සමදරා ආයෙමත් හිතුවා.

“ඔයාට විතරක් නෙමෙයි හැමෝට ම එහෙමයි. හැමෝට ම කියන්නේ පිරිමින්ටත් ඔය තනිකම තියෙනවා... කසාද බැඳලා දරුවෝ හිටියට ජීවිතේ පාළුව තනිකම කියන එක මිනිස්සුන්ට නැති වෙන්නේ නැහැ. සතුටින් ඉන්නවා. වගේ පෙන්නුවට ප්‍රශ්න තියෙනවා හැමෝට ම. ඉන්න ටික කාලේ සතුටින් ඉන්න.”

ඒ පැහැදිලි කිරීම දඬුලේනගෙන්; මීට සතිගානකට කලින් දඬුලේනා කියූ දෙය සමදරාට මේ දැන් කියුවා වගේ මතකයි.

“දවසක යමුද කොහෙ හරි”

වීදි පහන් එළියේ එක ළඟින් එක පෙළට එන ගමන් තමන් දඬුලේනාගෙන් විමසූ බව සමදරාට මතකයි.

“කොහෙ යන්නද?”

දඬුලේනා එසේ ඇසුවේ පාරට නැමී තිබූ අත්තක කොළ අහුරක් කඩා ගන්නා ගමන්.

මං ආසයි මේ හැන්දෑවට. ඉර බැහැගෙන යන හැන්දෑවට පාළු පාරවල්වල ඇවිදින්න. අඳුරු රඟහලක නාට්‍යයක් බලන්න. තව මං ආසයි....”

සමදාරට ඉතිරි ටික කියන්න ලැබුණේ නෑ.

“වෙන වෙන...........”

දඬුලේනා එහෙම ඇහුවේ පාර මැද්දේ ඉණට අත්දෙක ගසාගෙන එක්තරා ලතාවකට. සමදරා කවදත් ආසා කළේ දඬු ලේනාගේ ඒ ඉරියව්වලට. කාට ‍හෝ කොලොප්පමක් කර හැක හැක ගා හින‍ැහෙන හිනැහිල්ලට මෙන් ම ගුරුවරයකු මෙන් කරුණු පැහැදිලි කිරීමට ඇය කවදත් ප්‍රිය කළා ය.

‘මාව ගෙදර ගෙනියන්න එහෙම එපා.’ දිනෙක දඬුලේනා කියුවා සමදරාට මතක ය. දඬුලේනා ගෙදර ගෙන එන්නට සමදරාට උවමනාවක් නොතිබිණි. එහෙත් පාළුව විසින් සිත වෙළා ගන්නා ඕනෑම ඇසිල්ලක දඬුලේනාගේ මතකය ඈ වටා සැරි සැරීය. ඒ සැරිසැරිල්ලට ඇය ප්‍රිය කළා ය. තමන් තම ජීවිතයේ යම් ඉමකට පැමිණ සිටින්නී යැයි සමදරාට සිතුණි. දඬුලේනාගේ රුව මතින් ඇය හැම විට ම අතීතයේ සැරිසැරුවා ය. දඬුලේනාගේ වර්තමාන මතකය මත සිටින්නේ චන්දුල නේදැයි සමදරාට සිතුණා ය. වසර දහයකට දොළහකට පෙර මඟ හැරීගිය මංගල යෝජනාවේ සිටි චන්දුලත් දඬුලේනාත් අතර කොතරම් සමානමක් ඇද්දැයි ඇය සිතෙන් සැසඳුවා ය. චන්දුල අතහැරුණේ කාගේ වරදින්දැයි කියන්නට ඇය නොදත්තා ය. එහෙත් ඇගේ හිතේ වැඩිපුර ඉඩ වෙන් වී තිබුණේ චන්දුලට ය. ඇය සිතින් චන්දුල සමඟ ලෝකයක් ගොඩ නැඟුවා ය. ඒ ලෝකයේ බොහෝ රසබර තැන් තිබිණි. සුන්දර හමුවීම් තිබිණි. ඒ කිසිවක් සැබෑ ලෝකයේදි නම් නොවේ. චන්දුලත් සමඟ ජීවිතයක් ගොඩනඟන්නට නොහැකි වූවා සේම ඔහු දකින්නට ද දවසකට දෙකකට වඩා ඇයට ඉඩ නොලැබිණි.

ඒ නොලැබී යාම ම දඬුලේනාට සිත මෙතරම් ම ළෙන්ගතු වීමට හේතුව නොවේ දැයි සමදරාට සිතුෙණ් වරක් දෙවරක් නොවේ.

චන්දුල අමතක කර දමා නාත් හා විවාහ වී ගතවූ කාලය වසර දහයකට වැඩි ය. දඬුලේනා හමුවන තුරු ම සමදරා සිතුවේ චන්දුල අතීතයට එක්වී හමාර යැයි කියා ය. අතීත මතක මෙතරම් ම දුක්බර යැයි ඇයට කිසිවිටෙක නොසිතුණි. සමදරාට ඕනැ වූයේ ආදරය කරන්නට ය. අතින් අල්ලාගෙන ඔහේ ඇවිද යන්නට ය. පාර දිගේ මුනුමුනු ගගා එකළඟින් එකපෙළට යන්නටය. මුහුදු වෙරළක මල් උයනක තරු පිරුණ අහසයට නිදහසේ කිරිල්ලියක වී ඉගිළ යන්නට ය. අත්තටු බැඳ දැමුණේ විවාහයත් සමඟ ය. දරදඬු චරිතයක් නොවුවද සමදරා පැතූ ලෝකය නාත්ගෙන් දකින්ට නොලැබීම ම ඇයට දුකක් ගෙන ආ‍වා ය.

චන්දුල ගැන ඇත්තේ මතකයක් පමණි. ඒ මතකය අලුත් වන්නේ දඬුලේනා නිසා බව සමදරා වටහා ගත්තා ය. දැන් චන්දුලටත් වඩා දඬුලේනා තම හිතට සමීප බව සමදරා තනිවම සිතුවා ය. දඬුලේනා සමඟ තම හිත දුර ගමන් යන බව දන්නේ තමන් පමණක් බව සිතුණ නිසා සමදරාට සිනහවක් හැඟුණේ ය. තම හිතට එන හැම සිතුවිල්ලක් ම දඬුලේනා දන්නේ නම් කුමක් සිතනු ඇද්ද?

සමදරා විටෙක ගැස්සුණා ය.

වැස්ස පායා ඇත. යළිත් කුරුල්ලන් එහෙ මෙහෙ පියඹන්නට පටන් ගෙන ඇත. දෙමලිච්චන්ගේ තොර තෝංචියක් නැති සද්දය ඇසෙන්නේ අඹ ගස යටිනි. හිතේ ඇති සියලු වියවුල් අමතක කර දමා සමදරා මිදුල දෙස බලා සිටියා ය.

“දඬුලේනා” එහෙ මෙහෙ දුවන ලේනුන් දුටු සමදරාට එකවර ම කියැවුණාය.

“ඇවිල්ලද ආයෙත් ඒකා. අපේ අප්පෝ විනාසයි මේ පාරත් එක අඹ ගෙඩියක්වත් ඉතිරිකර ගන්න වෙන්නේ නැහැ. අන්තිමට පොල් ඇට්ටි ටිකත් ඉවර කරයි.” සමදරාට නාත්ගේ බෙරිහන්දීම ඇසුණේ කන ළඟිනි. කල්පනා ලෝකයේ ගිලී සිටි ඇයට නාත් ගෙට වැදුණේ කොයි මොහොතේ දැයි මතක නැත.

සියලු දුක්ඛ දෝමනස්සයන් පලවා හරින්නට මෙන් සමදරාගේ හිනාව නිවෙසේ සෑම අස්සක් මුල්ලක් නෑර ම විසිරි ගියේය.

‘දඬුලේනා අන්න අරහෙට පැන්නා.’ සිනාව නතර වූ ‍මොහොතේ ඇය කීවා ය. ජනේලයෙන් අඹ ගහටත් එපිටින් ඈත පෙනෙන තුරු වදුල දෙස නාත් බැලුවේ සමදරාගේ උරහිසට උඩිනි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය තීරු ලිපි රසඳුන අභාවයන්