රට යන කසළ තේ නවත්වන්න බැරිද?

රට යන කසළ තේ
නවත්වන්න බැරිද?
ශ්‍රී ලංකා තේවලට අත් වී ඇති ඉරණම
ඛේදජනකය.
එයට ප්‍රධාන හේතු
කීපයකි. ඒ හේතුවලටම සමගාමීව කසළ තේ ප්‍රශ්නයද
ගැටලුවක් වී ඇත. කසළ තේ දේශීයවෙළෙඳපොළට මෙන්ම
විදේශීය වෙළෙඳපොළටද එක්වීම 'සිලෝන් ටී' නාමයේ
කීර්තියට හානියක් වී තිබේ. අදාළ අංශ කිපයක් ඒ
සම්බන්ධයෙන් දැක්වූ අදහස් මෙසේය. මේ පිළිබඳ රේගුවේ නිවාරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ පරාක්‍රම බස්නායක මහතා
දැක්වූයේ මෙවැනි අදහසකි.
‘‘පසුගිය වසරේ සිට මේ දක්වා කසළ තේ කන්ටේනර් 281කට වැඩි ප්‍රමාණයක් පිටරටට
ගිහිල්ලා තියෙනවා. කසළ තේ පිටරටට යවන්නේ නැව් යාත්‍රා සටහනේ වැරැදිතොරතුරු
ඇතුළත් කරලා. සමහර අවස්ථාවල කොහුබත් කියලා, නැති නම් ගම්මිරිස් කියලා, නැත්
නම් හිස් බෝතල් කියලත් සටහන් කරනවා. මේ නිසා අපට හඳුනාගැනීමට අපහසුයි.
වරායට කන්ටේනරය ආවට පස්සේ පැය දෙකක්-තුනක් ඇතුළත නැව්ගත කිරීම සිදු වෙනවා.
විදේ ශ අපනයන පහසු කිරීම සඳහා හැකි ඉක්මනින් නැව්ගත කිරීමට අපි සහාය වෙනවා.
සැක කටයුතුයි කියලා අපිට ඔත්තු ලැබෙන කන්ටේනර් තිහක් මේ දක්වා අල්ලලා තියෙනවා.
ලංකාවෙන් පිටරටට යන අතරතුර නැවත හරවා කන්ටේනර් දාහතක්ගෙන්වාගෙන තියෙනවා.
තේ පිටරට යැවීමේදී සියයට සියයක් හොඳ තේ කියලා තේ මණ්ඩලයේ නිර්දේශය අවශ්‍ය
වෙනවා. ආනයනය කරන කන්ටේනර් නම් ස්කෑන්කරලා තමයි රට තුළට භාර ගන්නේ. එහෙත්
අපනයනය කරන කන්ටේනර් මෙවැනි ස්කෑනර් කිරීමකට ලක් කරන්නේ නැහැ. මේ තත්ත්වය
අවාසි සහගතයි. මේ නිසා ඉදිරියේ දී මෙවැනි තත්ත්වයක් ක්‍රියාත්මක කරන්න
බලාපොරොත්තු වෙනවා."
කසළ තේ රට පැටවීමට වැළැක්වීමට නිසි විසඳුමක් සොයන කුඩා තේ වතුහිමියෝ
නිරන්තරයෙන් ආයාචනා කළහ. මේ පිළිබඳ කුඩා තේ වතු හිමියන්ගේ ඒකාබද්ධ
සම්මේලනයේ සභාපති හා හිටපු ධීවර ඇමැති චන්ද්‍රසේන විජේසිංහ මහතා මෙවැනි අදහස්
දැක්වූයේය.‘‘කසළ තේ කියලා කියන්නේ තේ නිෂ්පාදනයේදී බැහැර කරන කොටස්. අතීතයේදී
කසළ තේ කර්මාන්ත ශාලාවෙන් පිටතට ගෙන යන්න දුන්නේ නැහැ. තේ වතුවල පොහොර ලෙස
යොදාගන්නේ මේ කසළ තේ තමයි. ඒ කියන්නේ මේ කසළ තේ කිසිවිටකත් තේ ලෙස පරිභෝජනය
කරන්න සුදුසු නැහැ. කසළ තේ පොහොර ලෙස යොදාගන්නේ නැත් නම් වඩාත් සුදුසු වන්නේ
විනාශ කර දැමීමයි. ඒත් සමහර අය විශ්වාස කරනවා කසළ තේවලින් ඉතා සුළු
ප්‍රමාණයක් හෝ පරිභෝජනය කිරීමට සුදුසුයි කියලා. මෙය වැරැදි මතයක්.
මෑත කාලීනව කසළ තේ විනාශ කරනවා වෙනුවට ප්‍රවාහනය කරන්න අවසර දීලා තියෙනවා.
කසළ තේවලින් කිසියම් ප්‍රතිශතයක් නැවත පරිභෝජනයට ගත හැකි කියන දුර්මතය
නිසා සිදු වන්නේ විශාල විනාශයක්. වෙළෙඳපොළේ පවතින මාපියාව නිසා කසළ තේ හොඳ තේ
කොළ සමඟ කවලම් කරනවා. ඒ වගේම පැහැය වෙනස් කිරීමට ඩයි කරනවා. කසළ තේවලට
තියෙන්නේ දුඹුරු පැහැයක්. තේ කොළවල පැහැය ගැනීමට කළු පැහැති වර්ණකයක් යොදනවා.
කළු පැහැගැන්වීමෙන් පසු යන්ත්‍රානුසාරයෙන් තේ කොළ කුඩා කොටස්වලට කඩනවා.
කසළ තේ වැඩි ප්‍රමාණයක් මිශ්‍ර වෙන්නේ තේ වෙන්දේසි හරහා. කසළ තේ දේශීය තේ
වෙළෙඳපොළට පමණක් නොව විදේශීය වෙළෙඳපොළටද යෑමේ ප්‍රවණතාවක් තිබෙනවා.
ජාවාරම්කරුවන් විවිධාකාරවලින් පිටරටට කසළ තේ යවන්නහුරු වෙලා. මේ හැම
දෙයක්ම බලපාන්නේ අපේ 'සිලෝන් ටී' නාමයට. අද වෙනකොට තේ කර්මාන්තයට බරපතළ ලෙස
තර්ජනයක්. කසළ තේ ව්‍යපාරය වැඩිප්‍රමාණයක් සිදු වන්නේ මධ්‍යම පළාතේ
ප්‍රදේශවල."
තේ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජෙනරාල් අනුර සිරිවර්ධන: "තේ කර්මාන්තයෙන් ඉවත් කරන
සියල්ලම කසළ තේ නෙවෙයි. කොළඹ තේ වෙන්දේසියට ගන්නේ අයිඑස්ඕ 3720 තත්ත්ව
පරීක්ෂණයෙන් සමත් වන තේ විතරයි. කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන තේවල හොඳ තේ යම්
ප්‍රතිශතයක් තියෙනවා. මේ ප්‍රමාණය සුද්ද කරගන්න කර්මාන්ත ශාලාවට වෙනම වැය
කිරීමක් කරන්න අපහසුයි. සමහර අවස්ථාවල මෝරපු දලු දැම්මහමත් මේ තත්ත්වය උදා
වෙනවා. ඉවත් කරන තේවලින් හොඳ තේවෙන් කරගන්න වෙනම කර්මාන්ත ශාලා තියෙනවා. ඒ අය
ඉවත් කරන තේවලින් කළු තේ වෙන් කරගන්නවා. කර්මාන්ත ශාලාවලින් ඉවත් කරන තේ කසළ
තේකියලා වෙන් කරන්න බැහැ. අපි තේ පිටරට යවන අයගේ තේවලින් කුඩා කොටස් අරගෙන
පරීක්ෂා කරලා තමයි පිටරට යවන්න තෝරාගන්නේ. හැබැයි සමහර අයවෙනත් නාමයන්ගෙන්
පරිභෝජනයට නුසුදුසු තේ පිටරට යවනවා. අපි ඉදිරියේදී රේගුවෙත් සහාය අරගෙන
වරායේ තේ පරීක්ෂා කරන ක්‍රමවේදයක් ඇති කරනවා."
තේ කොමසාරිස් ජයන්ත එදිරිසිංහ මහතා අදහස් දක්වමින් ‘‘මේ කසළ තේ කියලා ඉවත්
කරන තේවලට දීලා තියෙන්නේ වැරැදි අර්ථකථනයක්. තේ කර්මාන්ත ශාලාවලින් ඉවත්
කරන්නේ කළු තේ හා දුඹුරු පාට නටු කවලම්කරපු තේ මිශ්‍රණයක්. කර්මාන්ත ශාලාවේදී
මේ ඉවත් කරන තේවලින් දඞු හා කළු තේ වෙන් කරගන්නවා. මේ දෙය කර්මාන්ත ශාලාවේදී
කරන්න අමාරුයි. මේ නිසාමේවා තේ සුද්ද කරන මධ්‍යස්ථානවලට දෙනවා. මේ සඳහා වැය
වන මුදල කර්මාන්තශාලාවලට දරන්න අපහසුයි. අද ලංකාවේ තේ සකසුරුවම්
මධ්‍යස්ථාන 325ක් ලංතාවේ ලියාපදිංචි වෙලා තියෙනවා. කර්මාන්ත ශාලාවෙන් ඉවත්
කරන්නේ මෝරපු නටුවල කොටස් හා කළු තේ. කළු තේ වෙන් කරගැනීම සිදු කරන්නේ තේ
සකසුරුවම්මධ්‍යස්ථානවලදී. ඉවත් කරගන්නා තේවලින් කළු තේ නිෂ්පාදනය
කරගන්න අවසර දීලා තියෙන්නේ. මේ තේ ග්රෑම් 500 පැකට් හදලා දේශීය
වෙළෙඳපොළේවිකුණනවා. කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරන තේ ප්‍රතිශතය අඩු කරන්න
නම් තේ කර්මාන්තශාලාවට මොරපු තේ දලු ගන්න ප්‍රමාණය අඩු කරන්න ඕනේ. නැත්නම්
පොහොර සහනාධාරය යොදා වගා කරන තේවලට නිසි වටිනාකමක් දෙන්න අපට බැරි වෙනවා."
රූපාන්ති බුලත්සිංහල
|