මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

දියවන්නා ‘මඩගොහොරුවේ' නෙළුම් මල් පිපේවි

දියවන්නා ‘මඩගොහොරුවේ' නෙළුම් මල් පිපේවි
 

එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක

ජනාධිපති නීතිඥ

අධිකරණ ඇමැති ආචාර්ය

විජයදාස රාජපක්ෂ

මෙදා ඡන්දයෙන් එජාප ආණ්ඩුවක් බලයට පත්වීම ඉරහඳ මෙන් විශ්වාස යැයි අධිකරණ ඇමැති එජාප කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

සිළුමිණ සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් රාජපක්ෂ මහතා මේ ප්‍රකාශය කළේය.

මහින්ද රාජපක්ෂ මහතා පැරදුණේ ජනවාරි 8 වැනිදා බවත් දැන් නිකම්ම මන්ත්‍රී ධූරයකට තරග කරන මහින්ද රාජපක්ෂ මහතාට මේ ඡන්දයේදී සිදුවන්නේ විපක්ෂ පසු පෙළ මන්ත්‍රීවරයකු වීමට බවත් ඇමැතිවරයා කීය. එම සම්මුඛ සාකච්ඡාවේදී ඇසූ ප්‍රශ්න කීපයකට විජයදාස රාජපක්ෂ මහතා දුන් පිළිතුරු මෙසේ ය.

තීරණාත්මක ඡන්දයක අවසන් අදියරටයි දැන් පැමිණ සිටින්නේ?

ඔව්. මේ ඡන්දයෙන් ඉරහඳ වගේ යූඇන්පී ය ජයග්‍රහණය කරනවා. අපි මේ ඡන්දයෙන් 120 ට වැඩි ආසන සංඛ්‍යාවක් ලබා ආණ්ඩුව පිහිටුවනවා. අපි ලබාගන්නා ආසන සංඛ්‍යාව ආසන 120 - 127 අතර වීමට බොහෝ දුරට හැකියාව තිබෙනවා.

කවුද ඔය සමීක්ෂණය කෙරුවේ...?

මේක නිල වශයෙන් කරපු සමීක්ෂණයක් නොවුණත් දේශපාලනයේ යෙදිල අත්දැකීමෙන් ඡන්දදායකයාගේ හැසිරීම බලල කරපු පුරෝකථනයක්.‍ අද වමට බර පාක්ෂිකයොත් එජාපයට එකතු වෙනවා. මේ සතියේ මහජන එක්සත් පෙරමුණේ මහලේකම් පියසේන දිසානායක මහතා ඇතුළු මහරගම ආසනයේ සන්ධාන ප්‍රබලයන් දහයක් එජාපයට එකතු වුණා.

අද අපේ රැස්වීම් තියන්න නිවෙස්වලට ආරාධනා කරන අයගෙන් සීයට 50 කට වැඩිය පිරිස සන්ධානයේ හිටපු ශාඛා සභාපතිල ලේකම්ල වගේ ප්‍රබල අය‍. ඉතින් මේ තත්ත්වයෙන් ඡන්දයේ දී සන්ධානයට මේ සඳුදා අත්වෙන්න යන ඉරණම පැහැදිලියි.

හැබැයි හුඟක් අය කියන්නේ ඡන්දයට ඡන්දදායකයන්ගේ උනන්දුවක් නැතිය මේ ඡන්දය ළඟ ළඟ යන සටනක් වේවි කියලයි?

ඒක බොරු කතාවක් 120 ඉක්මවා යන මන්ත්‍රී ආසන සංඛ්‍යාවක් එක්සත් ජාතික පක්ෂය හිමිකර ගන්නවා. ඔය ළඟ ළඟ කතාව කියන්නේ මහින්ද ගත්තු ලක්ෂ 58 හෙල්ලෙන්නේ නැහැ කියල හිතන අය. ඒක හිතලුවක් විතරයි‍. දැන් එතන එහෙම ඡන්ද සංඛ්‍යාවක් නැහැ එතන දැන් ලක්ෂ 58 වෙනුවට කියන්නේ ඡන්ද ලක්ෂ 35 ක විතර සංඛ්‍යාවක් විතරයි. මොකද මේ ඡන්දයේදී ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන්ගෙන් අවම වශයෙන් සීයට 20 ක් පරාජිත මානසිකත්වය නිසා ම ඡන්ද පොළට යන්නේ නැහැ. පාවෙන ඡන්ද ඔක්කොම ලැබෙන්නේ එජාපයට.‍

‍අනිත් එක විමල්, දිනේෂ්, බන්දුල, වාසු වගේ අය තම වාසියට මහින්ද නැවත දේශපාලනයට ගෙන ඒම ගැන දූෂණයට විරුද්ධ තව ශ්‍රීලනිප විශාල පිරිසකුත් මෙදා සන්ධානයට ඡන්දෙ දෙන්නේ නැහැ.

‍මේ අනුව ලියල තියන්න මේ ඡන්දයේදී සන්ධානයට ලැබෙන්නේ මන්ත්‍රී ආසන 60 ත් 70 ත් අතර ගණනක් විතරයි.

දැන් ඡන්ද පොළට නොයන එජාප පාක්ෂිකයොත් යනවා. මතකද 2001 එජාපය බලයට ආව වෙලාවෙත් ජනාධිපති ධූරය හා පළාත් සභා සියල්ල සන්ධානයට තිබියදී එජාපය එජාප ආණ්ඩුව අත්තනගල්ල ප්‍රාදේශීය සභාවත් ඡන්ද දස දහසකින් ජයගත්තා. මේක තමයි දැන් යන රැල්ල ඒක ආපසු හරවන්න බැහැ.

එජාපය දිනල ඉවරයි කියල ද ඔබ කියන්නේ?

ඔව්. දැනටත් ආණ්ඩු බලය තියෙන්නේ එජාපයට.

දැන් වෙන්නේ ආණ්ඩු බලය තියන එජාපය තවත් ශක්තිමත් වෙලා සන්ධාන මන්ත්‍ර‍‍ීවරු වෙනුවට බහුතර එජාප මන්ත්‍ර‍ීවරු පිරිසක් පාර්ලිමේන්තුවට ඒමයි.

දැනටම මහින්ද රාජපක්ෂ මහත්තය පරාද වෙලා ඉවරයි. දැන් මහින්ද මාකට් කරන්න බැහැ කියල සන්ධානයත් පිළිගන්නවා. ඒක පිළිගන්න නිසානේ මේ සතියේ ‍ඔච්චර අවලාද නගල මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ පොටෝ දාල මෛත්‍රී පාලනය අපේ පාලනය කියල පුල්පේජ් ඇඩ් දාන්නේ. මෛත්‍රී පාලනය කියන්නේ යහපාලනය එජාප ප්‍රතිපත්ති කියල රටම දන්නවනේ.

යහපාලනයෙන් ආයෝජකයන් රට යවල පාතාලයන් ගෙනල්ල කියල‍. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා චෝදනා කරනවා?

පාතාල‍යන් පිටරට යැව්වේ මහින්ද කියල එයා පිළිගන්නවා. එයා යවපු අය දැන් එකා දෙන්න රටට ගෙන්නනවා ඇති. ඒකයි සිද්ධි එක දෙක වෙන්නේ. හු‍ෙදකලා සිද්ධියක් දෙකක් වෙන්න පුළුවන්. ආණ්ඩුවේ කිසි ම සම්බන්ධයක් නැහැ. අපෙත් බ්ලැක් සීප් කෙනෙක් දෙන්නෙක් ඉන්න පුළුවන්. මේ රටේ අද න‍‍ීතිය ක්‍රියාත්මක වෙනවා මහින්ද මහත්තයගෙ කාලේ වගේ නෙවෙයි අද කැලෑ නීතිය කොහෙවත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ.

තව එකක් ආයෝජකයෝ අපි යැව්වා කියනවා. එයාගේ කාලේ මේ රටට ආපු ආ‍යෝජකයෝ කවුද? ජේම්ස් පැකර් කියල ලෝක කැෂිනෝ කාරයෙක් නම් බදු සහනත් දීල මහින්ද ගෙනාවා. අපි එයාව ගහල පැන්නුවා‍.

දැන් තමයි ආයෝජකයෝ එකා දෙන්නා එන්න පටන් අරන් තියෙන්නේ‍. නීතියක් නැති රටකට ආයෝජකයෝ එන්නේ නැහැ. ඒක තමයි මහින්දට වුණේ.

ආණ්ඩුව වතුර විකුණන්න හදනව කියලත් චෝදනා කෙරෙනවා?

මහින්ද මේ කැබිනට් පත්‍රිකාව ගැන වචනයක් දන්නෙ නැතිව මේ චෝදනාව කරල තියෙන්නේ. පරිසර ඇමැති විදියට එයාගේ පක්ෂ නායකයා මෛත්‍රීපාල සිරිසේන මහත්තයයි ජල උල්පත් ආරක්ෂා කරන්න මේ පනත් කෙටුම්පත ඉදිරිපත් කරල තියෙන්නේ. ජලය නැතුව ජල උල්පත් නැතුව කැලෑ කපල පාරවල් හදල කොන්ක්‍රීට් වනාන්තර හදල ම රට රැකගන්න බැහැ. මිනිස් ජීවිත සාරව ජීවිත ආරක්ෂා කරගන්න ජල උල්පත් ඉදිරි පරම්පරාවටත් ආරක්ෂා කරල තියන්න ඕන. මේ පනත ගේන්න තිබුණේ මීට අවුරුදු 50කට කලින්. එහෙම තියෙද්දී මෙහෙම වැදගත් යෝජනාවක් වතුර විකුණන්න කරන යෝජනාවක් ලෙස හුවා දැක්වීමෙන් මහින්ද අගමැති නොවේ ප්‍රාදේශීය සභාවක සභාපති කෙනෙක් වෙන්නවත් නුසුදුසු බවයි පෙන්නල තියෙන්නේ.

මහ බැංකු බැඳුම්කර විකිණීමේ අච්චර මෙච්චර පාඩුවක් වුණා කියල තවත් ලොකු බොරු චෝදනාවක් මේ රජයට එල්ල කරනවා. ගිය අවුරුදු හයට වඩා පොලිය සීයට 1.76 ක් අඩුවෙන් මේ බැඳුම්කර නිකුත් කරල තියෙන්නේ කියල මම ඔප්පු කරල පෙන්නුවා.

මේ ඡන්දයේදී ඡන්දදායකයට ප්‍රබලවම බලපාන සාධකය කුමක් කියලද ඔබ විශ්වාස කරන්නේ?

ලොකුම දේ මේ ඡන්දෙදි ඡන්දදායකයා හොයන්නේ උගත් බුද්ධිමත් අවංක පිරිසක් මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුවට තෝරල එවන්නයි. දියවන්නාව කියන මඩගොහොරුව නෙළුම් මල්වලින් පුරවන්න අද ජනතාවට ඕන කරල තියනවා. මේක මහින්ද උන්නැහැ කුඩු කා‍රයෝ, එතනෝල් කාරයෝ, පාතාලයන්ගෙන් පුරෝල තිබුණේ. දැන් එතෙන්ට ව්‍යවස්ථා සම්පාදනය කරන්න පුළුවන් නීති හැදිල්ලට සම්බන්ධවෙලා ‍අදහස් දක්වන්න පුළුවන් මොළේ තියන පිරිසක් එවයි කියල කවුරුත් විශ්වාස කරනවා.

මෙදා ඡන්දෙ ලොකුම වෙනසක් වුණේ ප්‍රධාන පක්ෂ දෙක තරගෙට ඡන්ද පොරොන්දු දීම නේද?

අපි ඉදිරිපත් කරල තියන වැඩපිළිවෙළ නිකන් ඡන්ද පොරොන්දු නෙවෙයි ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළක්. හැබැයි මහින්දගේ පොරොන්දු පොරොන්දු සීට්ටුවක් විතරයි. අපි අපේ වැඩපිළිවෙළින් රක්ෂා ලක්ෂ 10 ක් දෙනවා කියල තියනවා. ඒක ඒ විදියටම කරනවා. නිවාස ලක්ෂ 5 ක් දෙනවා කියල තියනවා. ඒකත් කරනවා. අපේ වැඩපිළිවෙළ තියන හැම දෙ‍යක් ම අවුරුදු පහක් තුළ ක්‍රියාත්මක වන සැලැස්මක්.

බඩු මිල ගැනත් විපක්ෂය ප්‍රශ්න කරනවා?

මහින්ද රාජපක්ෂට ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල අඩු කරලත් ඉන්ධන මිල අඩු කරන්න බැරි වුණා. මේ ආණ්ඩුව තමයි ඉතිහාසය වැඩිම ගණනින් ඉන්ධන මිල අඩු කළේ පැට්‍රල් ලීටරය රු. 33 කින් අඩු කළා. පඩි වැඩි කළා. රුපියල් දස දහසකින් රාජ්‍ය සේවක වැටුප වැඩි කළා. විශ්‍රාම වැටුප් වැඩි කළා.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්