මහින්දට අගමැතිකම නෑ

 
 

17 වැනිදා ශ්‍රමදානය

 
 

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පිළිබඳ ජනතා බලාපොරොත්තුව දළු ලයි

 
 

සාමකාමී මැතිවරණයකට සියලු දෙනාගේ ම සහාය බලාපොරොත්තු වෙනවා

 
 

කෘෂිකාර්මික සංස්කෘතියේ බිඳවැටීමත් සමඟ ශ්‍රී ලංකාවට ආවේණික ‘බටුහරකා‘ වඳ වීම

 
 

මුල් පිටුව

 
 

ග්‍රේෂන් සම්මානය පිටුපස දේශපාලනයක් තියෙනවා

 
 

පුංචි පැළේ ගසවෙනා

 
 

ප්‍රෝටීන් බහුල ශක්තිජනක බිම් මල් සොසේජස් නිර්මාංශ ආහාර ව්‍යාප්තියට රුකුලක්

 
 

සරසවි සටන් හා සිසුන්ගේ ජීවිත අරමුණු

 
 

අපේ ඉතිහාසයේ සංගා

 

»
»
»
»
»
»

අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ සියල්ල දැන් නතර ‍කරලා

අපි ආරම්භ කරපු සංවර්ධන වැඩ සියල්ල දැන් නතර ‍කරලා
 

එජනිස බදුල්ල දිස්ත්‍රික් අපේක්ෂක

විපක්ෂ නායක

නිමල් සිරිපාල ද සිල්වා

ඉකුත් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ලෙස කටයුතු කළ නිමල් සිරිපාල ද සිල්වා එම කාලය පුරා සියලුදෙනාගේ අවධානයට ලක්වූයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පැවති අභ්‍යන්තර ගැටුම්කාරී තත්ත්වයට ඔහු මැදිව සිටි බැවිනි. මෙවර මැතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන නායකයා ලෙස තරග වදින ඔහු සිළුමිණ දේශපාලන සංවාදය හා එක්වූයේ මෙසේය.

ඉකුත් ජනාධිපතිවරණයේදී බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජනතා නිදහස් සන්ධානය පරාජයට පත්වුණා. වර්තමානයේදී දිස්ත්‍රික්කයේ තත්ත්වය කොහොමද?

පහුගිය ජනවාරි 8 වැනිදා සන්ධානය බදුල්ල දිස්ත්‍රික්කයෙන් පැරදුණේ ඡන්ද 300 ට අඩු ගණනකින්. ඒ අවස්ථාවේදී හංසයා ලකුණෙන් තරග කළ මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද 15,000 පමණ ප්‍රමාණයක්, සරත් ෆොන්සේකා මහතාගේ ඡන්ද 3000 ක පමණ ප්‍රමාණයක් සහ ද්‍රවිඩ ඡන්ද යම් ප්‍රමාණයක් ඒ ගොඩට එකතු වෙලා තිබුණා. නමුත් මෙවර ඒ තත්ත්වය වෙනස්වෙලා. සීනුව වෙනම, ෆොන්සේකා වෙනම. මේ තත්ත්වයත් එක්ක අපි නිකම් ම ඉදිරියට ඇවිත්. ඒ වගේ ම යහපාලන ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ගැන කලකිරුණු එදා ඔවුන්ට සහාය දුන් විශාල පිරිසකුත් මෙවර අපට සහයෝගය දීමේ අරමුණෙන් පසුවෙනවා. අපේ බදුල්ල දිස්ත්‍රික්කයේ එක් කොටසක් උස් භූමි මට්ටමක පිහිටලා තියෙනවා. අනික් කොටස උසින් අඩුයි. උස් භූමි ප්‍රදේශයේ සිටින ජනතාවගේ ප්‍රධාන ආදායම් මාර්ගය තමයි තේ වගාව. දැන් මොකද වෙලා තියෙන්නෙ.

තේ දලු කිලෝව රුපියල් හතළිහටත් අඩුයි. අපේ දිස්ත්‍රික්කයට අයිති මහියංගණය වගේ පහතරට කලාපෙ ජනතාවගේ ආදායම් මාර්ගය වී වගාව. මේ ආණ්ඩුව වී රුපියල් 50 ට ගන්නවා කිව්වට ගොවියන්ට රුපියල් 22 ටවත් දීගන්න බැරුව ඉන්නෙ. මම රනිල් වික්‍රමසිංහට අභියෝග කළා ඒ ගොල්ලො පොරොන්දු වුණු ගණන්වලට කෘෂි නිෂ්පාදන මිලදී ගන්නවා කියලා පුළුවන් නම් ඔප්පු කරන්න කියලා. එයා ඇහුණෙ නෑ වගේ සද්ද නැතුව ඉන්නවා. මොකද එයා දන්නවනෙ පොරොන්දුව ඉෂ්ට වෙන්නෙ නෑ කියලා. ඒ වගේ ම අපේ කාලෙ බදුල්ල පුරා මාර්ග, පඩිපෙල්, ඇළවේලි වගේ සංවර්ධන ව්‍යාපෘති විශාල ප්‍රමාණක් ආරම්භ කරල තිබුණා.

දැන් ඒවා ඔක්කොම අතරමග නවත්තල නටබුන් වෙලා. අපි රජමාවත නැවත වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘතියක් පටන්ගෙන තිබුණා. ඒකත් නවත්තලා මාර්ගයේ වැඩ කටයුතු සඳහා ආරම්භ කර තිබුණු කොන්ක්‍රීට්, සකස් කිරීමේ අංගණයකුත් වහල දාලා තියෙනවා මම දැක්කා. ඒ වගේ ම දිස්ත්‍රික්කය පුරා ප්‍රාදේශීය සභා ගොඩනැඟිලි ඉදිකිරීමටත් අපි පටන්ගෙන තිබුණා. දැන් ඒවත් නතර වෙලා. මේ හේතු නිසා දිස්ත්‍රික්කයේ ජනතාව තුළ යූ.එන්.පී. විරෝධයක් මතුවෙලා තියෙනවා. ඒ වගේ ම පහුගිය කාලය පුරා දිස්ත්‍රික්කයේ මෙන්ම රටේත් සංවර්ධනය සඳහා වෙහෙසවුණු කැපවුණු එක්සත් ජනතා නිදහස් සන්ධානය ගැන විශ්වාසය වැඩි වෙලා තියෙනවා.

ඉදිරි මහ මැතිවරණයේ ප්‍රතිඵල ගැන විවිධ පාර්ශ්වවලින් විවිධාකාරයේ සංඛ්‍යා ලේඛන හා අනාවැකි මේ දිනවල පළවෙනවා. මහ මැතිවරණ ප්‍රතිඵල ගැන ඔබේ තක්සේරුව කොහොම ද?

ජනවාරි 08 වැනිදා ප්‍රතිඵල අනුව ගත්තොත් අපට කරදරයක් නැතුව එකපාරට ආසන 91 ක ගොඩක් හිමිවෙනවා. ඒකට දිස්ත්‍රික් මට්ටමේ බෝනස් හා ජාතික ලැයිස්තු මන්ත්‍රිකම් එකතු වුණාම අපට සෑහෙන ශක්තියක් ලැබෙනවා. එදා හංසයා දිනු‍වේ උතුරු නැ‍ඟෙනහිරින්. දැන් ඒ පළාත්වල දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය සහ වෙනත් ප්‍රාදේශීය පක්ෂ විසිරිලා ගිහින්. ජේ.වී.පී. එකත් රට පුරාම වෙන්වෙලා ගිහින්. මේ තත්වයත් එක්ක එදා අපි ජයග්‍රහණය නොකළ දිස්ත්‍රික්ක කිහිපයකුත් දිනා ගන්න අවස්ථාව තියෙනවා. ඒ නිසා වැඩි අමාරුවක් නැතුව අපට 113 පහුකරන්න පුළුවන්. මේ තත්ත්වය තේරුම් අරන් තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයයි එක්සත් ජාතික පක්ෂයයි ජාතික ආණ්ඩුව ගැන කියවන්නෙ. හැබැයි සන්ධානයේ අපි කතා කරන්නෙ තනි බලයක් ගැන. ‍‍

කෙසේ නමුත් විවිධ ගැටුම් නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර වශයෙන් විසිරුණු තත්ත්වයක් මේ මොහොතෙ පවතින්නෙ. මේ තත්ත්වය තුළ එක් අරමුණක් වෙනුවෙන් පක්ෂය මෙහෙයවිය හැකිවේ ද?

අපේ පක්ෂය තුළ කිසිම අසමගියක් නැහැ. අපි ඒකරාශීවෙලා ඉදිරියට යනවා. මහින්ද රාජපක්ෂ මහත්තය පැහැදිලිව කියල තියෙනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් එක්ක වැඩ කරන්න එයාට කිසි ගැටලුවක් නැහැ කියලා. ඒ වගේ ම මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමත් කියල තියෙනවා සන්ධානය ජය ගත යුතු බව. අපේ අපේක්ෂකයින් දිස්ත්‍රික් මට්ටමිනුත් මනාප පොරයකට නොගිහින් පොදු අරමුණක් වෙනුවෙන් මහන්සි වෙනවා. හැබැයි එක්සත් ජාතික පක්ෂයේ තත්ත්වය අන්තිම නරකයි. දැන් එක්සත් ජාතික පක්ෂය තමන් සමඟ එකතු වෙලා ඉන්න වෙනත් කණ්ඩායම්වලට කුඩම්මාගේ සැලකිලි දක්වන්න පටන් අරන්. දැනුත් සන්ධානය තුළ ඉන්න කුඩා පක්ෂ හා කණ්ඩායම් කුඩම්මාගේ සැලකිලිවලින් තොරව තම තමන්ගේ ගෞරවය තියාගෙන ඉන්නවා.

හැබැයි දිස්ත්‍රික් මට්ටමින් මහින්ද රාජපක්ෂගේ කණ්ඩායම හා මෛත්‍රිපාල සිරිසේන මහතාගේ කණ්ඩායම වශයෙන් විරසකයක් දකින්න තියෙනවා නේද?

ඕක විරුද්ධ පාක්ෂිකයන් ගොතන කතාවක්නෙ. සමහර මාධ්‍ය එහෙම මිථ්‍යාවක් ‍ගොතන්න හදනවා. මොකද දැන් අපි පක්ෂයක් විදිහට එකතු වෙනවට ඒගොල්ලො කැමැති නෑ. අපේ ප්‍රශ්න වගයක් තිබුණා තමයි. හැබැයි ප්‍රශ්න දැන් එළියට තල්ලු කරල තියෙන්නෙ. චම්පික රණවක, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන වගේ ප්‍රශ්න තමයි තිබුණෙ. දැන් ඒවා අපට නැහැ. මනාප ගැන හීතල යුද්දෙ තියෙන්නෙත් එක්සත් ජාතික පක්ෂයේ.

ඔබ මෛත්‍රී - මහින්ද සමගිය සහ සන්ධානයේ මැතිවරණ ව්‍යාපාරයට ජනපතිවරයාගේ සහාය ලැබෙන බව කීවත් තත්ත්වය අවිනිශ්චිතයි නේද? මොකද එක්සත් ජාතික පක්ෂයත් කියන්නේ ජනපතිගේ සහාය ඔවුන්ට බවයි. ඒ වගේ ම ඉකුත් සතියෙ අප දුටුවා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ රුව යොදල සන්ධානය වගේ ම එක්සත් ජාතික පක්ෂයත් පුවත්පත් දැන්වීම් පළ කර තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස?

එක්සත් ජාතික පක්ෂය ගිය සතියෙ අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙ නායකයාගේ ඡායාරූප සහිතව පුවත්පතේ දැන්වීම් පළ කර තිබෙනවා මමත් දැක්ක. ඒක හරි බොළඳ ප්‍රයත්නයක්. අපි පළ කළේ අපේ පක්ෂයේ නායකයාගෙ ඡායාරූපෙ. ඒකෙ වරදක් නෑනෙ. හැබැයි එක්සත් ජාතික පක්ෂය පළ කළේ අනුන්ගෙ පක්ෂෙක නායකයෙක්. එක්සත් ජාතික පක්ෂයට නායකයෙක් නැද්ද - අපේ නායකයාගෙ ෆො‍ටෝ දාන්නෙ. ඒකෙන්ම පේනවනෙ අද යූ.එන්.පී. ය වැටිල තියෙන තත්වය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා අපේ පක්ෂෙ භාරගත්තෙ ඒක දිනවන්න. කිසිම පක්ෂ නායකයෙක් තමන්ගෙ පක්ෂය පරදිනවට කැමැති නෑනෙ.

මෙවර මහ මැතිවරණයේදි සන්ධානයට මිනී මැරුම් පිළිබඳ චෝදනාවක් එල්ල වෙලා?

ජනාධිපතිවරණයේදී ඒ කට්ටිය අපට චෝදනා කළේ වංචා දූෂණ ගැන කියලනෙ. ඒ එකක්වත් ඔප්පු කළාද? මිනී වළවල් හාරනවා නම් මේ රටේ තරුණයො 60,000 ක වළවලුත් හාරන්න ඕනෙ. ඕනෑම දෙයක් සම්බන්ධයෙන් ඕනෑම පරීක්ෂණයක් කරනවට අපි විරුද්ධ නෑ. හැබැයි මේ කරන්නෙ ඡන‍්දෙ වෙනුවෙන් ෂෝ එකක් කියල හොඳට ම පැහැදිලියිනෙ.

මේ දිනවල ඔබ තමන්ව සිරිසඟබෝ රජ්ජුරුවන්ට උපමා කර ගන්නවා. ඇයි ඒ?

පහුගිය කාලෙ පක්ෂය, පක්ෂ නායකත්වය සහ පක්ෂ ජයග්‍රහණය වෙනුවෙන් මම කැපවීම් ගණනාවක් කළා. මහින්ද රාජපක්ෂ මහතාට විශාල ජනප්‍රසාදයක් තියෙනවා. ඉතින් මම පක්ෂයේ සියලු අවස්ථාවන් එතුමාට ලබා දෙන්න මූලික වුණා. කැප වුණා. හැබැයි මේ නිසා පුද්ගලයෙක් ලෙස මට ඉදිරියට යා හැකි අවස්ථාවන් වැළකුණා. ඒ ගැන මගේ කිසි කනගාටුවක් නැහැ. මම සිරිසඟබෝ උදාහරණය ගත්තෙ මේ තත්ත්වය පහසුවෙන් විග්‍රහ කරන්න විතරයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්