ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


ගුරු සේවයේ රසකතා

ගුරු සේවයේ රසකතා

ගම් උදාව

මෙය අසූවේ දශකයේ සිදුවීමකි. ඌව පළාතේ එක් දුෂ්කර මැතිවරණ කොට්ඨාසයක ‘උදා කළ ගම්මානයක්’ ඉදිකිරීමට, එවකට හිටපු නිවාස අමැතිතුමාගෙන් ප්‍රදේශයේ දේශපාලන බලවතාට නියෝග ලැබුණි. දේශපාලන බලවතා මේ ගැන සාකච්ඡා කිරීමට තම මැතිවරණ බල ප්‍රදේශයේ සියලුම විදුහල්පතිවරුන් බදුල්ලේ එක්තරා ප්‍රසිද්ධ රැස්වීම් ශාලාවකට කැඳවීය.

දේශපාලන බලවතා ශාලාවට පැමිණ, රැස්වීමේ අරමුණ පැහැදිලි කළේය. උදා ගම්මානයේ ඉදිකිරීම් කටයුතු ඉක්මනින් ආරම්භ කරන බවත්, මුලින්ම කළ යුතුව ඇත්තේ, භූමිය සුද්ද පවිත්‍ර කර, කැලය කපා අත්තිවාරම් දැමීම සඳහා ගෙපළ සකස් කිරීම බවත්, මෙම වැඩ කටයුතු ශ්‍රමදාන පදනමෙන් සිදු කෙරෙන බවත් දැනුම් දුන්නේය. මෙම ශ්‍රමදාන සතියේ සෙනසුරාදා හා ඉරිදා දිනයන්හි සිදු කෙරෙන බවත්, සෑම විද්‍යාලයකම 10 ශ්‍රේණියෙන් ඉහළ ලොකු ළමයින් මේ සඳහා සහභාගි කරවිය යුතු බවත්, එතුමා නියෝගාත්මක ස්වරයෙන් පැවසීය. එතුමාගේ ප්‍රකාශය අවසානයේ විදුහල්පතිවරුන් කසු කුසු ගාන්නට වූවත් එතන සිටි කිසිම විදුහල්පතිවරයකු නැගිට, මේ වැඩපිළිවෙළට විරෝධය පළ නොකළේ දේශපාලන බලවතාගේ බල පරාක්‍රමය පිළිබඳව හොඳින් දන්නා නිසාය.

මේ රැස්වීමට සහභාගි වූ විදුහල්පතිවරුන් අතරේ එක් සුවිශේෂ චරිතයක් විය. කිසිම නිලධාරියෙකුට හෝ දේශපාලනඥයෙකුට නොනැමුණු මෙතුමා, ‘මූලග්ගාය’ තද වූ විට, ළඟ සිටින්නේ කවුද කියා නොබලා තදින් කතා කරයි. දේශපාලක බලවතාගේ පැහැදිලි කිරීම අවසානයේ සුපුරුදු පරිදි මූලග්ගාය ‘තදවීම’ නිසා, එතුමා නැගිට මෙසේ කීය.

“..... ඇමැතිතුමා!.... මිනිස්සුන්ට ගෙවල් හදලා දෙන එක හොඳ වැඩක්. ඒත්... ගෙවල් හදන්න ගියාම ඔය වටිනා කියන රබර්, මැහොගනි, තේක්ක, ලුනු මිදෙල්ල, හල්මිල්ල වගේ ගස් කොච්චර කැපෙනවාද? ඒ ගස් ටික කපලා ලී ටිකත්, ඔය කවුරු හරි පන්දමෙක් ඉරා ගනී... මේක ජාතික අපරාධයක්... සමාව දෙන්න බැරි වරදක්... ඒ නිසා ඔය මළ ඉලව් ශ්‍රමදානෙට මගෙ ඉස්කෝලෙ ළමයි නම් එවන්නෙ නෑ... හො‍ඳෙද? ඒකට හේතු අහන්න නම් එන්න එපා...” මේ විදුහල්පති දෙස සෙසු පිරිස තුෂ්ණිම්භූතව බලා හිඳිද්දී, ලැජ්ජාවට පත් දේශපාලන බලවතා “වාඩිවෙනවා අයිසේ! වාඩිවෙනවා.” මහ හඬින් කෑ ගැසීය.

“..... නෑ මං වාඩිවෙන්නෙ... මං යනවා එළියට...” කියූ විදුහල්පතිතුමා, එළියට ගියේය. විදුහල්පතිතුමාගේ හැටි දේශපාලන බලවතා දැන සිටි නිසා ‘දඬුවම් මාරුවක්’ නම් නොලැබිණි.

බෝම්බ මල්ල

ඒ අසූවේ භීෂණ සමයයි. බස්වල දුම්රියවල බෝම්බ පිපිරුණු ‘භීම සමයයි'. සැක කටයුතු පාර්සලයක් දුටු විට එයට ළං නොවන්නටත්, වහාම පොලීසියට දැනුම් දෙන්නටත් ජනතාවට නිතර අවවාද කෙරිණ.

ඌව පළාතේ ප්‍රධාන නගරයට නුදුරු මධ්‍ය මහා විද්‍යාලයක විදුහල්පතිතුමා සුපුරුදු පරිදි පාසලට යෑම සඳහා උදෑසනම බදුල්ල බස් නැවතුමට පැමිණියේය. එතැන් සිට කිලෝ මීටර් 15 ක් පමණ ගෙවා විදුහලට යා යුතු විය. බස් නැවතුමේදී හදිසියේ හටගත් බඩේ රුජාව නිසා එතුමාට වැසිකිළි යාමේ හදිසි අවශ්‍යතාවක් ඇති විය. එතැන සිට මීටර් 50 ක් පමණ ගෙවා පොදු වැසිකිළියට යා යුතුව තිබිණ.

සිය අතේ වූ කාර්යාල බෑගය තමන් හොඳින් දන්නා මගියෙකුට භාර දුන් එතුමා කඩිනමින් වැසිකිළිය කරා පිය මැන්නේය. සැලකිය යුතු වේලාවක් වැසිකිළිය තුළ ගත කරන්නට එතුමාට සිදු වූයේ නිතර වැළ‍ඳෙන ‘මළ බද්ධය’ නිසාය. එසේ විනාඩි 20 ක් පමණ, එතුමා වැසිකිළිය තුළ ගත කරද්දී විදුහල්පතිතුමාගේ බෑගය භාර ගත් මගියා, තම බස් රථය පැමිණියෙන් බෑගය බස් නැවතුමේ බැම්ම මත තබා යන්නට ගියේය.

අයිතිකරුවෙකු නොවූ බෑගය දුටු මගීහු බියෙන් ත්‍රස්තව පොලිසියට දැනුම් දුන්හ. පොලිසියද බයෙන් බයෙන් බෑගයට ළං වී, එය එතැනින් ඉවතට ගෙන එතුළ බෝම්බ ඇතැයි සිතා, ‘නිශ්ක්‍රීය කිරීම’ සඳහා නගරයෙන් එපිට මල්වත්තට ගෙන ගොස් ඇත.

මේ කිසිවක් නොදත් අපගේ විදුහල්පතිතුමා කටයුතු නිමවා බස් නැවතුමට විත්, බෑගය සොයද්දී සිදුවී තිබූ දේ දැනගන්නට ලැබිණ. වහාම ත්‍රිරෝද රථයෙන් පොලිසිය වෙත ගිය විට නිශ්ක්‍රීය කිරීම සඳහා බෑගය මල්වත්තට ගෙන ගිය බව දැනුම් දී ඇත. ත්‍රිරෝද රථයෙන් මල්වත්ත වෙත යෑමේදී එතුමාට වෙඩි හඬක් ද ඇසුණි. ඉමහත් කලබලයෙන් මල්වත්තේ වූ පොලිස් නිලධාරීන් වෙත දිව යද්දී පොලිසියෙන් කියා ඇත්තේ බෑගයට මේ දැන් වෙඩි තැබූ බවයි. බෑගය විවෘත වී එතුළ වූ ලිපි කවර සියල්ල සිදුරු වී තිබුණි. සිදුරු වූ ලිපි ගොනු හා ලියකියවිලි පිරික්සූ එතුමාට දැක ගත හැකි වූයේ සිය ඇස් කණ්නාඩිය කොපුව තුළ සුරක්ෂිතව ඇති බවයි. පොලිස් නිලධාරීන් අසළට ගිය එතුමා ආයාසයන් සිනහවක් මුවට නඟාගෙන මෙසේ කීවේය. “මොනා වුණත් මගේ ඇස් කණ්ණාඩියට මුකුත් වෙලා නෑ. ඒ ඇති..” පොලිස් නිලධාරීන්ට ද සිනහ පහළ විය.

මැරුණු විදුහල්පති බත්කයි

ඌවේ ප්‍රධාන නගරයට තරමක් ඈතින් පිහිටි මධ්‍ය මහා විද්‍යාලයක විදුහල්පතිවරයෙක් අතපය අප්‍රාණික වීමේ රෝගයට ගොදුරු වූ බැවින් තරමක් කලින් විශ්‍රාම ගියේය. වරින්වර එතුමාගේ රෝගී තත්ත්වය උත්සන්න වූයෙන් දිනෙක රාත්‍රියේ එතුමා රෝහල්ගත කෙරිණ. එතුමා රෝහල් ගත කළ බවත්, අසනීප තත්ත්වය තරමක් බරපතළ බවත් ගුරු මණ්ඩලයේ වැඩි දෙනෙක් දැන සිටියහ.

එම සතියේ සිකුරාදා දිනෙක පාසලේ විවේක කාලයේදී වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථයක්, කාර්යාලය ඉදිරිපිට නතර කෙරිණි. ඉන් බැසගත් හිටපු විදුහල්පතිතුමාගේ ඥාති සොයුරෙක් මහ හඬින් විලාප දෙමින් විදුහල්පති කාර්යාලයට දිව ගියේය. “.... අනේ! ලොකු සර්, ආතර් මල්ලි මැරුණා. මැරුණා. මරණෙ බදුල්ලෙ ඉස්පිරිතාලේ... සර්ලා ඉස්කෝලෙන් කරන්න පුළුවන් දෙයක් කරන්න. මං යනවා, මරණෙ තියන්න ගෙදර අස්පස් කරන්නත් තියෙනවානේ.... මං මරණෙ ගැන ඉස්කෝලෙට දැනුම් දෙන්නයි ආවේ...” කී ඔහු හඬමින් පිටව ගියේය.

මේ අනපේක්ෂිත ආරංචියෙන් සැවොම කම්පා වූහ. හදිසි ගුරු සාකච්ඡාවක් කැඳවන ලදී. මළගෙදර කටයුතු පිළිබඳ කෙරුණු කෙටි සාකච්ඡාව අවසානයේ, නියෝජ්‍ය විදුහල්පතිතුමා සහ තවත් ගුරු මහත්මයෙකු පාසලට කිලෝ මීටරයක පමණ දුරින් පිහිටි ග්‍රාමීය රෝහලට ගියේ, එහි ප්‍රධාන වෛද්‍ය නිලධාරිහා හමුවීමටය. එතුමාගේ කාමරයට යා යුතු වූයේ පිරිමි වාට්ටුව මැදින්ය. මේ දෙපළ වාට්ටුව හරහා ගමන් කරද්දී දුටු දර්ශනයෙන් විස්මයට පත්වූහ. ‘මැරුණා කියූ’ හිටපු විදුහල්පතිතුමා ඇ‍ඳේ වාඩි වී සිටි අතර, ඔහුගේ පුතා එතුමාට බත් කවමින් සිටියේය. නියෝජ්‍ය විදුහල්පතිවරයා දුටු එතුමා ‘....ආ! මං බලන්න ආවද? මට දැන් ගොඩක් සනීපයි...” යනුවෙන් පවසා ඇත.

කෙසේ වෙතත් පැය භාගයකට පමණ පසුව හිටපු විදුහල්පතිතුමා ‘මිය නොගිය බව’ දැන ගත් ගුරු මණ්ඩලයේ සැවොම බඩ අල්ලාගෙන සිනාසුණහ. සිදුවී තිබුණේ මෙයයි.

හිටපු විදුහල්පතිතුමාගේ නමින්ම තවත් රෝගියෙක් එම රෝහලේ සිට ඇති අතර, රෝගය උත්සන්න වූයෙන් ගිලන් රියෙන් බදුල්ල මහ රෝහලට ගෙන යන අතරමගදී මියගොස් ඇත්තේය. ඥාති සොයුරාට ආරංචි වී ඇත්තේ එයයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්