ඉන්දියාවට වීසා නිදහසක්

 
 

වරාය නගරය හා ගැමි දිරිය

 
 

දඹදිව හා අනුරාධපුරය අතර අසල් වැසියාගේ චාරිකාව

 
 

මීරියබැද්දේ නාය ගිය ජීවිත

 
 

අපේ කලාකරුවන් අතර මහා පුරුෂයන් නැහැ

 
 

සසර වසන තුරු ප්‍රේමය

 
 

මුල් පිටුව

 
 

ඉතිහාසය උපයෝගී කරගත්තේ වර්තමානය ගැන කියන්නයි

 
 

උපුල් නුවන් විදහා ඇය සිනාසුණා මම පිනා වුණා

 
 

නිරංගා ඇකඩමි ඔෆ් ආට්ස් ආයතනයෙන් “නීරෝගි ජීවිතයකට රෝග වැළැක්වීමේ” වැඩමුළු

 
 

ටිකිරි හමුව

 

»
»
»
»
»
»
»
»
»


‘මතට තිතෙන්’ ලොකු වැඩක් වුණේ නැහැ

‘මතට තිතෙන්’ ලොකු වැඩක් වුණේ නැහැ

වර්තමාන සමාජයේ ජාතික ගැටලුවක් වූ මත් රකුසා සමාජයම වෙලා ගෙන පවතින කාල වකවානුවක එය සමාජයෙන් තුරන් කිරීමට නම් විධිමත් වැඩපිළිවෙළක් අවශ්‍යය. පසුගිය මැතිවරණ වේදිකාව තුළ කතාබහට ලක් වූ මත්ද්‍රව්‍ය, ඇල්කොහොල්, මෙගා ඩීල්ස්, කැසිනෝ, මත්ද්‍රව්‍ය කෙරෙහි වැඩි අවධානයක් යොමු වී තිබුණි. වත්මන් රජයට නොසලකා හැරිය නොහැකි අවියෝජනීය බැඳීමක් මත්ද්‍රව්‍ය පිළිබඳ ගැටලුව සම්බන්ධයෙන් පවතී. වත්මන් රජයේ දින 100 වැඩසටහනට සමගාමීව මත්ද්‍රව්‍ය උවදුර සමාජයෙන් තුරන් කිරීම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ජාතික වගකීමකි. ඒ සම්බන්ධයෙන් එහි සභාපති වෛද්‍ය නිලංග සමරසිංහ මහතාගේ විමසීමක් කළෙමු.

* මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් මතට තිත නම් වැඩසටහනක් තිබුණා. එසේ නම් මෙතරම් මත්ද්‍රව්‍ය උවදුර තවමත් අපේ රටේ දරුණුව තිබෙන්නේ ඇයි?

පැවති ආණ්ඩුවේ ‘මතට තිත’ සංකල්පය ප්‍රශස්ත මට්ටමේ තිබුණේ නැහැ. සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සුදු වෑන් සංස්කෘතිය යටතේ අතුරුදන් වූ අතර සමහර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට රාජ්‍ය රැකවරණය ලැබුණා. මේ හේතුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේදි මත්ද්‍රව්‍ය එරෙහිව සටන් වදී යැයි යන විශ්වාසයෙන් ඡන්දදායකයා ඡන්දය භාවිත කළා. ජනතාවගේ විශ්වාසය තහවුරු කරමින් නව රජයේ මහජන සාමය, ආපදා කළමනාකරණය සහ ක්‍රිස්තියානු කටයුතු පිළිබඳ අමාත්‍ය ජෝන් අමරතුංග මහතා මත්ද්‍රව්‍ය නිවාරණ වගකීම බාර ගත්තා. එතුමා බාර ගත් වගකීම අපට දැන් පැවරී තිබෙනවා. මත්ද්‍රව්‍ය නිවාරණය සමාජීය මෙහෙවරක්. එය ක්‍රියාත්මක කිරීමට අප ආයතනය වැඩසටහන් රැසක් සංවිධානය කළා.

දින 100 වැඩසටහනට සමගාමීව කෙටිකාලීන, මධ්‍යකාලීන, දිගුකාලීන වශයෙන් වැඩසටහන් ත්‍රිත්වයක් ක්‍රියාත්මකයි. මෙහිදී රටේ මත්ද්‍රව්‍ය සුලබතාව අවම කිරීමට මූලිකත්වය දෙනවා. මෙහිදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය, පොලිසිය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය සහයෝගයෙන් කටයුතු කරනවා. අප වීදි මට්ටමේ වැටලීම් සිදුකරන අතර සෑම පොලිසියකම අවධියෙන් සිටින 8 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් වැටලීම් සඳහා යොදා තියෙනවා. එහි සම්බන්ධීකරණ කටයුතු පොලිස් දෙපාර්තමේන්තුව මඟින් පොලිස්පති තුමා විසින් සිදුකරනු ලබනවා.

* රට අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය රැගෙන ඒම වැළැක්වීම සඳහා ක්‍රියාත්මක වැඩපිළිවෙළ කුමක් ද?

වරාය, ගුවන් තොටුපළ, වෙරළබඩ ප්‍රදේශයේ ජීවත්වන ධීවර ජනතාව මාර්ගයෙන් රට අභ්‍යන්තරයට මත්ද්‍රව්‍ය රැගෙන එනවා. දැනටමත් ශ්‍රී ලංකාව මත්ද්‍රව්‍ය හුවමාරු මධ්‍යස්ථානයක් වී හමාරයි. 1977 විවෘත ආර්ථිකයත් සමඟ හෙරොයින් පිටරටින් ගෙන්වීම ආරම්භ වුණා. ඒ අනුව ලාංකීය වෙළඳපොළ සකස් වුණා. ඇෆ්ගනිස්ථානයෙන් පකිස්ථානයට ගෙන්වන මත්ද්‍රව්‍ය ලංකාව හරහා ඕස්ට්‍රේලියාව, මැලේසියාව, සිංගප්පූරුව සහ මැදපෙරදිග රටවල් කරා ගලා යනවා. තේ කොළ සමඟ මත්ද්‍රව්‍ය හුවමාරු වේ. එය අපනයන ක්‍රියාදාමයට බලපෑම් කරනවා. ඒ කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමුවිය යුතුයි.

මේ පිළිබඳව ධීවර ප්‍රජාව දැනුම්වත් කොට ආකල්පමය වෙනසක් මඟින් ධීවර කර්මාන්තයට මුවාවී සිදුවෙන මත්ද්‍රව්‍ය ප්‍රවාහනය නැති කරන්නට බලාපොරොත්තු වෙනවා. ‍‍

* පාසල් දරුවන් අතර මතට ඇබ්බැහි වීම වැඩිවෙන බව පේනවා. දරුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් මුදවා ගැනීමට ඔබ ආයතනයේ දායකත්වය කෙබඳුද?

අප ළමා ආරක්ෂක අධිකාරිය හා සම්බන්ධව කටයුතු කරනවා. ඇබ්බැහි වූ ළමුන්ට පුනරුත්ථාපන වැඩසටහන් රැසක් ක්‍රියාත්මකයි. අතර මඟදී පාසල් හැර යන දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීමේ අවධානයක් තියෙනවා. මත්ද්‍රව්‍යට නැඹුරු වූ පළාත්වල පාසල් 100 ක් තෝරාගෙන මෙම මස පුරා මත්ද්‍රව්‍ය විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහිදී මත්ද්‍රව්‍ය විරෝධී ශිෂ්‍ය කමිටු පිහිටුවනු ලබයි. ඒ සඳහා අප මුල්‍ය ප්‍රතිපාදන සපයනවා.

නිට්ටඹුව, තලංගම, නුවර, උණවටුන යන ප්‍රදේශයන්හි පුනරුත්ථාපන කඳවුරු ස්ථාපිත කර තිබේ. ප්‍රතිකාර කාලය මාස 3 කි. මේ සඳහා කිසිදු මුදලක් අය නොකෙරේ. මෙහිදී වෘත්තීය මට්ටමේ උපදේශකයන්ගේ සහය ලැබේ. මුදල් ලබාදිය හැකි අය සඳහා විශේෂ පහසුකම් යටතේ සේවය ලබා ගතහැක.

* කාන්තාවන් යම් ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබෙනවා නේද?

කොළඹ කේන්ද්‍ර කර ගනිමින් හෙරොයින් භාවිත කරන කාන්තාවන් 300 ක් 400 ක් පමණ සිටිනවා. බොහෝ කාන්තාවන් මත්ද්‍රව්‍ය භාවිතය සඳහා මුදල් උපයා ගන්නේ ගණිකා වෘත්තියේ යෙදීමෙන්. එය සමාජ රෝග පැතිර යාමටත් ප්‍රබල හේතුවක්. කාන්තා කටයුතු පිළිබඳ අමාත්‍යාංශය සමඟ සම්බන්ධ වී ඔවුන් වෙනුවෙන් ද වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබෙනවා.

* මත්ද්‍රව්‍ය නිවාරණයේදී ජනතාව දැනුම්වත් කිරීමේ ක්‍රියාවලිය සිදුවන්නේ කෙසේ ද?

මත්ද්‍රව්‍ය භාවිතයට බහුල වශයෙන් යොමු වී ඇත්තේ පහළ ආර්ථික තත්ත්වයකට හිමිකම් කියන ජනතාවයි. විශේෂයෙන් මෝදර, මට්ටක්කුලිය, කොලොන්නාව, වැල්ලම්පිටිය, ගල්කිස්ස අවදානම් කලාප බවට පත්වෙමින් පවතිනවා. බස්නාහිර පළාතේ 85% ක් මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් බව අනාවරණය වී තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිට පළාත් වෙත මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සුලබව සිදුවෙනවා. සමීක්ෂණ වාර්තා වලට අනුව අපේ රටේ හෙරොයින් භාවිතා කරන්නන් 45000 - 50000 අතර ප්‍රමාණයක් සිටිනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධව අප ජනතාවට දැනුම් දීමට දුරකතන අංක 1984 භාවිත කිරීමට උපදෙස් ලබා දී තිබේ. එහිදී රහස්‍ය භාවය සුරැකේ. මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධව වැටලීම් සිදුකර නීතිය ක්‍රියාත්මක කරන ආයතන සම්බන්ධීකරණය 1984 දුරකතන අංකය ඔස්සේ සිදුවේ.

* මේ ක්‍රියාදාමයේදී උපයෝගී කර ගන්නා ආයතන පිළිබඳ කතා කරමු?

පොලිසිය, රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව, අධ්‍යාපන අමාත්‍යාංශය, සෞඛ්‍ය අමාත්‍යාංශය, පුනරුත්ථාපන දෙපාර්තමේන්තුව, බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යාංශය, සමාජ සේවා දෙපාර්තමේන්තුව මෙම සුවිශේෂි කාර්යභාරය සඳහා අපිට සහයෝගය දක්වනවා. මේ ආයතන රජයේ වගකිව යුතු හා නීතිය ක්‍රියාත්මක කිරීමේදී හා සමාජ සුබ සාධනයේදී දායක වන ආයතනයි. එබැවින් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යය සාර්ථක කර ගැනීමට එම ආයතන ඉවහල් වන බව අවධාරණයෙන් කිව යුතුයි.


කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග සත්මඬල ව්‍යාපාරික සිත් මල් යාය පෙර සුළඟ රසඳුන අභාවයන්