මහින්දට 59%ක් බුද්ධි අංශ අනාවරණය කරයි

 
 

මහින්ද රාජපක්ෂගෙන් කරගන්නට නොහැකි වූ දේ

 
 

විනය ගරුක සමාජයක් නිර්මාණය කිරීම මගේ මීළඟ අරමුණයි

 
 

ජනාධිපතිතුමාගෙ ජයග්‍රහණය ස්ථිරයි

 
 

විවාද මෙන්ම විභාගයත් අපට සුළු දෙයක්

 
 

මුල් පිටුව

 
 

ටිකිරි හමුව

 
 

විශ්වවිද්‍යාලයට ගියාට ඉගෙනගන්න දෙයක් තිබුණේ නෑ

 
 

දේවකතා හා නිර්මාණකරණය

 
 

සියැට් ‘බස් ස්පෙෂල්’ ටයර්

 
 

තේ වත්තෙන් බාගයක් ඉල්ලා කරදර කරන භූතයෙක්

 

»
»
»
»
»
»


නෙළුම්විල

වියපත් සිත

මහ වැස්සක් වැටී තරමක් පායා තිබේ. දැන් ඇත්තේ තරමක් පොදකි. ඊළඟ වැස්සට‍ පෙර දුම්රිය පොළට යා ගන්නට පය ඉක්මන් කරමි.

වැඩ ඇරෙන වෙලාවය. බස්වලින් බැස එන තරුණ තරුණියෝ මා පසු කර ඉදිරියට දුවති. කුඩය ද ඉහලා ගෙන සිටින මගේ වැඩිහිටි පා ඉදිරියට ඇදෙන්නේ පරිස්සමිනි

මරදානේ දුම්රිය පොළේ පිවිසුම් ස්ථානයේ සිට ඉදිරියට ඇත්තේ මඩ තට්ටුවකි. මඩින් පිරුණු ටයිල් පොළොව ලිස්සනසුලුය.

එය මඩ වී ඇත්තේ වැස්සට තෙමීගෙන එන දෙනෝ දාහකගේ දෙපයේ රැඳුණු මඩිනි. කැමති අයකුට පිස ගන්නට ගෝනි පඩංගුවක් හෝ නැත. මේ මඩගොඩ උඩ වියපත් අප යා යුත්තේ බොහෝ පරිස්සමිනි. ලිස්සා ඇද වැටුණෝතින් යළි ගොඩ ඒම නම් බොරු ය.

මඩ තට්ටුව උඩින් හයි හත්තිය ඇත්තෝ දුවති. කෙසේ හෝ නියමිත දුම්රියට යා යුතුය. එසේ හෙයින් දිවිය යුතුමය.

‘ලිස්සයි දුවේ’ මට ඉබේම කියැවෙයි. මගේ දූ බඳු තරුණියක ටක් ටක් ගා මඩ ගොඩ උඩින් දුවන විට මට කියැවිණි. ඇයට එය නෑසිණ. ඇය ටක් ටක් අනුකරණයෙන් ම පඩි පෙළ ද ‍බැස දිව ගියා ය.

පොල්ගහවෙල දුම්රියට තව විනාඩි කිහිපයක් තිබේ. එම වේදිකාව දිගේ ඉදිරියට යමි. වහල කෙළවර වේ. එහෙත් වේදිකාව තවත් ඉදිරියට යයි. පොද වැටුණ ද මගීහු එහි පොදි ගැසෙමින් සිටිති.

කුඩ ඉහලාගෙන සිටින්නේ කිහිප දෙනකු පමණි. වැහි කාලය වුවද බොහෝ දෙනා අත කුඩ නැත. කිසි දෙයක් ගණන් නොගන්නා සේය. වැස්සෙන් තමන් පරෙස්සම්වීම ගෙදරත් කාර්යාලයේත් සෞඛ්‍යයට හොඳය. ඒ වගකීම අපෙන් මගෑරෙන හැටි!

මා අසල තෙමෙමින් තරුණයකුට ද මම මගේ කුඩය අල්ලමි. ඔහු කුලුණු මුහුණක් පායි. මට එය සතුටකි.

දුම්රිය එයි. හයි හත්තිය ඇත්තෝ පළමුව රිංගා ගනිති. මම ඊළඟ මගී ප්‍රවාහයට අසුවී ඇතුළට තල්ලු වෙමි.

තරුණයකු පිටේ එල්ලා ගෙන සිටින බෑගයකට මා තද වී තිබේ. මම පීඩාව ඉවසා ගන්නට හිත හදා ගතිමි.

දෙමටගොඩින් නැගුණු ජන පොදියක් නිසා තෙරපුම දරුණු වෙයි. අර බෑගයට හැරුණු කොට තර පිටකට ද දැන් මා හිරවෙයි. මම අමාරුවෙන් අනිත් පැත්තට හැරෙමි. හෑරුණු තැන හිටියේ තරුණකම ඉක්මවමින් සිටි ස්ත්‍රියකි. ඇය මදෙස අපුල බැල්මක් හෙළමින් සිය අත් බෑගයෙන් ඇයත් මාත් අතර වැටක් ගසයි. බෑගය තුළ ඇති තද යමක් මගේ ළපැත්තට හිරවී මට රිදුම් දෙයි. ස්ත්‍රීන් සමඟ ගැටුම් ඇති කර නොගත යුතු ය. පරණ සිද්ධි මට මතක් වෙයි. මම ඉවසමි.

දුම්රිය රාගමට කිට්ටු වන විට මගී සමූහයක් එතැනින් බහින්නට ලෑස්ති වෙති. ප්‍රවාහය බලන බලන හැම අතින් ම එන හැඩය. හොඳම දේ ඒ ජන සමූහයා සමඟ ම දුම්රිය වේදිකාවට බැස, නගින අය හා යළි නැගීමය. මම ඔවුනට අවනත වෙමි.

ඉබේම වේදිකාව බැස්සෙන මා යළි ඉබේ ම දුම්රියට තල්ලු වෙයි.

දුම්රිය යළි ගමන අරඹන විට මා සිටියේ යොවුන් යුවළක් ළඟ ය. ඔවුනට අලුත රැකියාව ලැබී ඇති පාට ය. ඇය ඔහුගේ ඉන වටා අත යවා ගෙන සිටියි. ඔහු ඇගේ උර මතින් අතක් දමා ඇගේ නිකට මිරිකමින් සිටී. ඇය හුරතලෙන් ඔහුට තෙරපෙයි.

මට මගේ දියණිය සිහිපත් වෙයි. ඇය ද අලුත රැකියාව ලද්දියකි. මට බයක් දැනෙයි.

මගේ පිටට ඇලෙමින් සිටි තරුණයකු ගේ සෙල්ෆෝනය නද දෙයි. ඔහු ඊට පිළිතුරු දෙයි. කතා කරන්නේ තරුණියකි. ඈ කියන දේ ද මට පැහැදිලිව ඇසෙයි.

‘මං බලාගෙන හිටිය! ඇයි ඔයා ආවෙ නැත්තෙ?’

ඔහු එය විසන්ධි කරයි. ඒත් එය යළි නද දෙයි. ඔහු යළිත් එය විසන්ධි කරයි. නද දීමේත්, විසන්ධි වීමේත් ඉවරයක් නැත.

අන්තිමේ ඔහු ඇයට බණින්නට ගනියි.

‘මට තමුසෙ කෝල් දෙන්ඩ එපා! ඇයි අරූ අද නැද්ද? ඌ නැතුවටනේ තමුසෙට මං ඕනැ.’

‘අනේ එහෙම කියන්ඩ එපා අනේ.’

‘තමසෙට ගේ ළඟට යනකං තනි රකින්ඩනේ මාව ඕනෑ. තමුසෙ හරි ආත්මාර්ථකාමියි ඕයි’

‘අද වහිනවනේ. අම්මත් අසනීප හින්ද මාව එක්ක යන්ඩ කෙනෙක් නෑ. අනේ අදට මාව ඔයාගෙ බයික් එකේ ගිහින් දාන්ඩ! ප්ලීස්’

‘හරි, අදට විතරක් මං ඒක කරන්නං. හැබැයි මාව සේවකයෙක් විදිහට පාවිච්චි කරන්ඩ බෑ. හරිද? අරූට කියල ඒකත් කර ගන්නව.’

‘අනේ ප්ලීස්. මං අසරණයි අනේ’

‘හැබැයි ඔන්න අදට විතරයි.’ ඔහු ඇමතුම කට් කරයි.

ඔහුට ලජ්ජා හිතෙන බැවින් මම ඔහු දෙස හැරී නොබලමි. එහෙත් ඔහු ගේ මනුස්සකමට මම ගරු කරමි.

යෞවන යෞවනියන් වැඩිහිටියන් සේ හැසිරෙන ලෝකයක සුන්දරත්වය රැදෙනු ඇද්ද? කාලය වෙනස් වී ඇති හැටි!

පොල්ගහවෙල එස්. වනිගසූරිය මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරිනි.

නෙළුම්විල සිළුමිණ ලේක්හවුස් කොළඹ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා

ප්‍රධාන පිටුව කතුවැකිය විශේෂාංග ශාස්ත්‍රීය ව්‍යාපාරික සිත් මල් යාය සම්පත රසඳුන අභාවයන්